Wednesday, March 25, 2015

එන්න කවුළුවෙන් පිටතට පියඹන්න

                           
 පුෂ්ප මකරන්ද යෝ අඳුරු ගුහා වන් හි ම සැඟව මිය යා යුතු නොවේ... නිතරම රොන් උරනා බඹරුන්ට පාවාඩ පිණිස එළිය යුතු ද නොවේ... ඒ තුළින් අළුත් ජීවිතයක් දැකිය යුතු ය යන්න මගේ අදහසයි... අනේක වූ අකුරු මැද සරණ සිය ගණනක් වූ වියුණු සටහන් කරුවන් අතර අති විශිෂ්ටයන් අතිමහත් ය... ලියන්නන්ට වඩා කියවන්නන් ද එසේම ය. නමුත් ඔවුන් බ්ලොග් අවකාශයෙන් එහාට සිය අත්තටු විහිදා පියඹා යන්නේ කලාතුරකිනි... ඉදින් අලසකම පසෙ කලා ඔබේ නිර්මාණ වැඩි පිරිසක් අතර බෙදා හරින්න සුදානම් වන්න යැයි යැයි මම ඔබෙන් ඉල්ලමි...

                                                          මා මේ කියන්න ක් පිළිබ ව ඔබ මේ වන විට දන්නවා විය හැක... නො දන්නවාද විය හැක... එහෙත් මේ සටහන කියවීමෙන් ඔබට ප්‍රයෝජනයක් වේ නම් මගේ සතුට එය යි..

                                                          ඊ සංකලණි යනු අන්තර්ජාලය හරහා සිය නිර්මාණ අත්දැකීම් බෙදාහදාගන්නා ලේඛකයන් ගේ අදහස් ප්‍රකාශනයේ අළුත් මුහුණුවරකි.. සංකල්පයකින් ඔබ්බට ගොස් ලංකාවේ ප්‍රථම ඊ සඟරාව බිහි වන්නේ ඊ ලේඛකයන් ගේ අවකාශයේ සාමාජිකයන් කීප දෙනෙකුගේ අදහසකට අනුවය... එහෙත් එය යථා වක් බවට පත් වන්නේ අනිල් හේරත්, ප්‍රභාත් විතානගේ, සුනෙත් අනුරුද්ධ , දයා දිසානායක වැන්න වුන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසා බැව් මම සිතමි... (නම් වශයෙන් සියල්ලන් ගේම නම් මෙහි ලිවිය නො හැකි වීම පිළිබඳ සමා වන්න)

                                                              මෙම මස දී ඊ සංකලණියේ මංගල කලාපය නිකුත් වූ අතර එය ඊ සංකලණි වෙබ් අඩවියෙන් බාගත කර ගත හැක... එසේම මීළඟ කලාපය සදහා මේ වන විට නිර්මාණ භාර ගන්නා බැවින් ඔබගේ නිර්මාණ ඊට යොමු කල හැකි අතර වාරණයකින් තොර ව (අසභ්‍ය ප්‍රකාශන හැර) සියල්ල පළ කෙරේ...

                                                              පහත දක්වා ඇති සබැදියන්ගෙන් ඔබට ඊ සංකලණී මංගල කලාපය ද නව නිර්මාණ යොමු කිරීම සදහා වන උපදෙස් හා ඊ ලිපිනද දක්වා ඇත....


ඊ සංකලණී වෙබ් අඩවිය

ඊ සංකලණි බ්ලොග් අඩවිය

ඊ සංකලණි මංගල කලාපය මෙතනින් ගොස් බාගත කරගන්න

නව නිර්මාණ ලබා දීමේදී පිළිපැදිය යුතු උපදෙස්

ඔබේ නිර්මාණ යැවිය යුතු ලිපිනයන්...


1. esankalani@read.lk 

(කැමැත්තේ නම්) ඊ ලේඛකයන්ගේ සමූහයට මෙතනින් ගොස් සම්බන්ධ වන්න...

පිංතූරය-- ඊ සංකලණි මංගල කලාපයේ පිට කවරය

37 comments:

  1. Replies
    1. 'ෂා...' ලංකාවටම එකයි..

      Delete
    2. හෙහ් හෙහ් හේ............
      ලංකාවටම එකයි ෂා..............
      හිහි

      Delete
  2. මමත් ඕක ෂෙයා කරා..

    ReplyDelete
    Replies
    1. දේශක තුමා බුකියෙ නෙව මම බොලොග්ගුවෙ හිහි

      Delete
  3. අත්‍යවශ්‍යව තිබූ බොහොම වටිනා වැඩක්

    ReplyDelete
    Replies
    1. එයින් ප්‍රයෝජන ගැනීම ඔබලා සතු වැඩකි
      හිහි

      Delete
  4. හොඳ වැඩක්.. නීති රීති ටිකක් වැඩියි වගේ ඒත්.. ඔව්ව ටිකක් ලිහිල් කරල අපේ ලින්ක් එකක් මේල් කරාම කොපි කරල දාන්න වගේ හදා ගන්න බැරිද දන්නෑ. :) බ්ලොග් ලියන් උන් කම්මැලියෝ කියල උන් දන්නේ නැද්ද මංද.. දැනුවත් කිරීමට ස්තූතියි මයියා.. හෙට හම්බෙමු. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඒකනෙව උඩිංම ලියල තියෙන්නෙ අලස නොවී ලියල බලන්ට කියල හිහි
      මං නොදන්නවැයි මොකෝ මාත් ඒ බෝට් එකේමනෙ

      Delete
  5. හොද වැඩක් කලින්ම වෙන්න තිබුණ

    ReplyDelete
    Replies
    1. දැං හරි වුණ ඒ දෙයිං ප්‍රයෝජං ගනිං කම්මැලිය හිහි

      Delete
  6. සෑහෙන්න වටින වැඩක්..

    ReplyDelete
    Replies
    1. දිනේස් අය්යලට තමා ඒ වටින කම වැඩි කරන්ට පුලුවං

      Delete
  7. //අසභ්‍ය,අපහාසාත්මකහෝ සදාචාර විරෝධී අන්තර්ගතයන්සහිත නිර්මාණ ප්‍රතික්ෂේපකරනු ලැබේ.//
    අපිට බඩු!
    වැඩේ නියමයි!

    ReplyDelete
    Replies
    1. සදාචාර විරෝදි තෝරන ලයින් එක මොකක්ද කියල හොයපං

      Delete
    2. හෙහ් හෙහ්
      මදාවිය මක්ක හරි දොඩයි කියල මං හිතුව...
      උම අර ලියල තියෙන වෙන ජාතියෙ කවි ලියල යවාන්කො
      මොකෝ බෑය කියල ලියනව්ට

      හිහි දේශක තුමාට වෙන හොයන්ට දෙයකු නැතිවා

      Delete
  8. Replies
    1. ඒකනෙ ඒකනෙ
      ඒකෙන් ප්‍රයෝජන ගන්ට එහෙනං ඈ

      Delete
  9. ජය වේවා...! දිගුකල් පවතීවා..!!

    ReplyDelete
    Replies
    1. ඔයට අවශය එබලාගේ ශක්තිය නොවද

      Delete
  10. යකෝ පට්ට වටිනවනේ. මෙහෙම දෙයක් ගැන දැනං උන්නෙම නෑ. ස්තූතියි මචෝ. ඉඳින් , ලින්ක් ටිකට ගිහින් බලනකල්.

    ReplyDelete
    Replies
    1. උදව්වක් වුණා නං සතුටුයි
      ඊට සතුටුයි ඉන් ප්‍රයෝජනයක් ගත්ත නං

      Delete
  11. මෙන්න වටින වැඩක්... මං බුකියෙන් දැක්කා..ලියමු ලියමු..ජය!!

    ReplyDelete
    Replies
    1. එළ ලියමු ලියමු
      එච්චරයි වෙන්ට ඕන

      Delete
  12. බෝම වටිනවා....බෝම වටිනවා...

    ReplyDelete
    Replies
    1. ඒ වටින කම තවත් වැඩි කරන්නට කියල මං ආරාධනා කරනව

      Delete
  13. වැඩේ නැගලා යයි වගේ...අගය කල යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඒකෙන් ප්‍රයෝජං ගත්තොත් ඊට වඩා නැගල යයි නෙ නැද්ද මං අහන්නෙ

      Delete
  14. හොද උත්සාහයක්.... වටේ ම පොඩි රවුමක් ගැහුවා... මහේෂ් සින්ඩිවල පේන්න නැති නිසා මේ පැත්තට අැවිත් බලද්දියි මේ පෝස්ටුව දැක්කේ... අපිට මගහැරිලා.... අැයි ලියන්න පරක්කු

    ReplyDelete
    Replies
    1. ලියවුනේ නෑ කුරුටු... පේනව නෙව මේකට රිප්ලයි කරන්නෙ කවද්ද කියල ස්තූතියි හොයල බැලුවට

      Delete
  15. මහේෂ්....................

    මෙන්න මහේෂ්ගේ පළවෙනි පෝස්ටුව අපි අායෙමත් පෝස්ට් කරා... අැවිත් බලන්න

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොදේ මාව අමතක නොකරට
      ජයෙන් ජයම වේවා අලුත් වැඩේට

      Delete
  16. අලුත් පෝස්ට් එකක් ලියමු

    ReplyDelete