Pages
▼
Pages
▼
Saturday, March 29, 2014
මගෙ සුසුමක් වැදී වෙන්නැති දුවේ කළුගල හෙලවුණා...
Monday, March 24, 2014
සීමාවන්ට අභියෝග කළ දඟකාරිය......
Wednesday, March 19, 2014
නෙල්ලි-05 අමුතු කතා(i) - පේෂල්
ලෙක්චර් එක
ඉවර වෙන වෙලාවත් පැනල... ඒත් සර්ට ඒ ගැන වගේ වගක් නැති පාටයි... ඉර අව්ව වැටිල
ක්ලාස් එකේ වහලෙ රත් වෙලා ඒ රස්නෙ ඉස් මුදුනටම වදිනව... මට එහායින් හිටිය නිසංසලා නිදිමතේම පත සයිස් ඈනුමක්
ඇරිය... ඒක දැකපු තරිදුව නිසංසලාගෙ පිට
මැද්දට දේයි ගාල අත් පාරක් අතෑරිය... මූණ පරණ ටාට බස් එකකට අහුවුණ දෙහි ලෙල්ලක් වගේ කරගත්තු නිසංසලා තරිදුව දිහ බැලුව....ඒ පාර
ඌ මොකුත් දන්නෑ වගේ ඩෙස් එකට ඔළුව තියං නිදි... ඒ දිහා හිනා වෙවී බලං හිටපු මට තමා
බැස්ටිය හම්බුනේ....’’මහේෂ් තමුසෙට
ලැජ්ජ නැද්ද කෙල්ලන්ට ගහන්න.... ‘’’මේ මෙන
මරාලයක්ද අප්පා... එහෙමෙයි කියල මොනව කරන්නද කියල හිතාගත්තු මම කරබාගත්ත... එහා
පැත්තෙන් ඉදගෙන නාමලයයි ඉන්දිකයයි ඩෙස් එකේ ඔළුව ගහන් හිනා වෙනව... නෙද්දකිං මුං
වගේ අපත යාළුවො සෙට් එකක්...
Friday, March 14, 2014
Tuesday, March 11, 2014
ලාභ මිනිසුන්ගෙන් වටිනාකම් අපේක්ෂා නොකරන්න....
මා බ්ලොග් ලොවට පිවිස මාස ගණනාවක් ගතවී ඇති මුත් මා හට අමතක නොවුණ මුත් අතපසු වූ යමක් ගැන තිරන්තරයෙන්ම මසිත පෙලුවේය... එහි ප්‍රතිඵලයක් ලෙස සටහන් වන මේ සිංහල අකුරු කීපය කුඩා කල පටන් මා සිතේ ජීවමාන සිතුවමක් ලෙසින් සිටින්නාවූ ඒ මිත්‍ර රත්නයට උපහාර පිණිස සටහන් කරන්නට සිතුවේ බැරි වීමකින් හෝ ඔහු මේ සටහන කියවන්න යැයි වූ ප්‍රාර්ථනාවද පෙරදැරිවය..
Friday, March 7, 2014
Tuesday, March 4, 2014
මහත්වරුනි.... මා නෙළු මල මට සිඹින්න දෙන්න.....
අහස ඉරත්
එක්කං සෙල්ලමකය.... ඉර බෝලය මැද්දෙං තියාගෙන වලාකුළු පිහාටුවකටවල් වැද්ද නොදී එළවා
දමා තම හයිකාරකම පෙන්නන්නේය.. ඒ හයිකාරකමේ
රශ්ණියෙන් දැවෙන්නේ අපය... පොළෝ වාසී ප්‍රේමවන්තන්ය...රත්වූ හුළං ඇබිත්තක් හීං
කෙදිරියක් නගාගෙන ඈතකට යන්න ගියේ චණ්ඩිකම් පාන හිරුගේ තේජසින් පීඩිතව උන් අපව තවත්
පීඩාවට පත්කරමිනි. ගිනි අව්වෙන් දැවෙන ගසක, ඒ ගසේ හෙවණ යට ඈත් මාත් වාඩිවී
හුන්නෙමු... මම ගසේම මුලක් උඩ හිදගෙන ගසට පිටදී හිදගෙන හුන්නෙමි... ඈ මදක් ඔබින්
වූ කුඩා ගල් කුලක වාඩි ලා ගෙනය... දුර, ළගක සේ පෙනුණත් ඈ දුරය... අහසට පොළව සේය...
හෝරා භාගයකටත් වඩා වෙලාවක් ම තිස්සේ ඈ නිසොල්මනේය... බර කල්පනාවකය... පුරා පැතිරී
ඇති නිහඩතාවය බිද මන්නට රිස්සක් නැත්තා සේය... මම පොළව මස්තකයේ හිද, ළග මුත්
දුරින් පේන සඳ දෙස බලාගෙනමය... ජීවන පියගැටපෙළේ මට පිය ගැට තුනක් පමණ ඔබින්
හුන් සඳ දෙව්දූ දෙස
ලොබින් නෙත් අහකට යා නොදීම මා ඈ දෙස බලාගෙනය...
අවසන සඳවත පුරා
පැතිරි නිහඬතාව බිද
දැම්මාය....