Pages
(Move to ...)
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
▼
Pages
(Move to ...)
Home
▼
Thursday, July 31, 2014
අහස සේ ඔබ අනන්තයි....
මං බයවෙයි...
ඒ දිලිසෙන ඇස් මං දිහාම බලාගෙන... මං රැව්ව... ඈ බය නැතිවම තවමත් මං දිහාම බලාගෙන..
මං බයවෙයි...
ඈ මට සත්තම දානව... මං හිනාවුණා...
මං බයයි...
ඈ ඇස් විසල් කරගෙන මගෙ ඇස් වලට එබුණ...
ඇයි... ඔයා වගේ මං නපුරු නෑ....
Monday, July 28, 2014
ස්මරණ 08- හොදම දේ දරුවන්ටයි- ii
කියන්නට දේවල් නම් එමට ඇත. නමුත් පැවසිය යුතුයි කියා සියල්ලම කියන්නට යාමෙන් කියවන්නන්ට ලියා ඇති දේ එපා විය හැක. එහෙත් පසුගිය සතියේ අදහස් සදහා ඉඩදී මා බලාපොරොත්තු වූ තරම් යහපතක් නුවූවත් කිහිප දෙනෙකුට යම් තරමක මතකය අවදි වී තිබිණ. එබැවින්
යම් සතුටක් මා එමගින් ලැබූ බව
නොකියාම බැරිය. එහෙත් බයිසිකල් රිම්, ටයර්, පොල්පිති ගොන්නුන් ට වඩා යමක් මා බලාපොරොත්තු වූ බව නම් නොකියාම බැරිය. එබැවින් එදා ඇතිවූ හිඩැස මකන්නට ඒ සටහන මදක් දීර්ඝ කිරීමට සිතුවෙමි.
Thursday, July 24, 2014
කට කහන කවි - දැන් සනීපද..?
අපි ජාති වාදී නැත අපි හෙණ පොරවල්ය
කියනා උන් ළ
ඟත්
ජාතිවාදය තිබේ
මාලිංගට ප්‍රේම කර කෝලිට වෛර කරන්නේ ඒ හින්දාය..
අමරදේවයන් ශාස්ත්‍රීය යැයි සංකීර්ණ යයි කියයි
ජෝතිපාලයන් සරල යැයි අපූර්ව යැයි කියයි
මනුෂ්‍ය සන්තානයේ ඇති සංකීර්ණත්වය හන්දාම
ඔවුන් දෙදෙනාම පුරාවෘත්ත ගතව ඇත...
Monday, July 21, 2014
ස්මරණ 07--හොදම දේ දරුවන්ටයි...
මේ දිනවල වසල මුග්ධ වෙළෙන්දන්ගේ පූජනීය ස්ලෝගන් එක බවට පත්ව ඇත්තේ හොදම දේ දරුවන්ටයි... යන වචන කිහිපය ය වේ. වර්තමානය වන විට පවත්නා නෙක නෙක අරුමෝසම්
භාණ්ඩ, නෙක නෙක වර්ණ පාසල් උපකරණ මෙන්ම
විවිධ වූ ආකාර ක්‍රීඩා භාණ්ඩ අතර අතරමං වූ ළමා වියක් අපට නොතිබුණි. ඒ පිළිබද හිත කොණකවත් දුකක් නැත්තේ නූතන ළමා ලෝකය හා සැසදීමේදී කෙතරම් දුෂ්කරතා මැද
වුවත් අප සතුටේ උපරිමය බුක්ති වින්ද බැවිනි. තරගකාරීත්වය, සෝබනය, මෙන්ම අම්මලාගේ විබාගය(ශිෂ්‍යත්වය) වෙනුවෙන් වත් ඔවුන් අපව වෙහෙස නොකළෝ ය. එබැවින් අපට හිතුවක් කරන්නට මෙන්ම අපේ තීරණ අපම ගන්නට හැකි වටපිටාවක් නිර්මාණය වී තිබිණ.. යමක් පිළිබද නිසි තේරුමක් නොවී නම් හෝ යමක් පිළිබද තීරණ ගන්නට අප මුහුකුරා නෙවී නම් හෝ පමණි අප ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තේ.. පසු කලෙක සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සදහා සූදානම් වන කාලයේ වත් ඔවුන් අපට බාධා නොකළේය.
Thursday, July 17, 2014
ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
කියූ නොකියූ කතාවක
ඉතිරිය....
වෙලාව උදේ නමයත් පහුවෙලා... මම මහ වීදිය දිගේ ඇවිත් මුස්ලිම් පල්ලිය ගාවින් වැව රවුමට හැරුණ.. සතියෙ දවසක්
වුණත් වැව රවුමෙ
ඉදගන්න ඉඩක් හොයාගන්න එක ලේසි නෑ.. අමතර පංති වලට සහභාගි වෙන කොල්ලන්ට කෙල්ලන්ට පංති යන එකට වඩා වැඩ තියෙයි කියල මට හිතුණ. සමහර විට අපිටත් අපි පංති යන දවස් වල වැඩ තියෙන්න නැතෑ ..
Monday, July 14, 2014
ස්මරණ-06 ජීවන සටන (රබර් ඇට කොකෝ ඇට හා ඔට්ටපාලු)
මේ කතාව ඕනෑවට වඩා දිග්ගැස්සෙන්නට පටන් ගත්තේ දෝ සිතෙයි. නමුත් කියන්නට ආ දේ අවසන් කල යුතුය. පසුගිය සතියේ කීවා සේ පොල් යන වචනයෙන් තොර ජීවිතයක් මෙහි නොතිබිණ. සෑම සියල්ලක් හාම බද්ධ වී තිබූ යේ පොල්ය. පසුගිය සතියේ පොල් ඉරටුව ගැන කීවත් පොල් අත්ත ඉවරයක් කරන්නට නොහැක විය. මේ වෑයම එයටයි.
වත්තේ දිවි ගෙවූ සෑම කෙනෙකුටම පාහේ තිබූ දක්ෂතාවයක් ලෙස පොල්ලතු විවීම අවිවාදයෙන් නම් කළ හැක.
එහෙත් තරගයකට ඉදිරිපත්ව නිරවුල්වත්, පරිපූර්ණවත්, වේගයෙනුත් , පොල්ලත්තක් වියන්නට හැකියාව තුබූයේ අල්ප දෙනෙකුටය.
එබැවින් සැම වසරකම පැවැත්වෙන අවුරුදු උළෙළ වල පැවැත්වූ පොල්ලතු විවීමේ තරග වලින් ජයග්‍රහණය කලේ තුන් දෙනෙක් නැතිනම් හතර දෙනෙකි. පහුගිය වසර කීපය පුරාවටම අවුරුදු උළෙල කිහිපයකම පොල්ලතු විවීමේ ශූරතාවය අඛණ්ඩව ජයගන්නට හැකිවූයේ මගේ පුංචිටය. එනම් අම්මාගේ බාල නැගණියටය.
Thursday, July 10, 2014
නුඹ නැතිදා.......
මා එක්ක
දිනෙක නුඹ
ඇවිද ගිය පාර දිග
තනිකමෙන් විඩාවී
ඇවිද ගිය එක් දිනෙක
අපි එකට ඉද උන්නු
තරහ වුණු යාළු වුණු
හසරැල්ල කදුලැල්ල
ආදරෙන් බෙදාගත්
රොබෝරෝසියා ගහ මුල
සීතල සිමෙන්ති බංකුව
හමුවුණා අද මට.........
Monday, July 7, 2014
ස්මරණ 05- ජීවන සටන ii
තිබු නොයෙකුත් රාජකාරීන් සහ බාරගත් වැඩ නිසා ස්මරණ සටහන් තැබීම සති දෙකකින් කල් ගියේ නොසිතූ විලසිනි. ඒ දෙසතිය තුළ ස්මරණ කෝ යැයි අසා කමෙන්ට් කල අය මෙන්ම මූණූ පොතට පණිවිඩ එවූ අයද බොහෝ ගණනකි. ඔවුන්ට තුති පුදන්නට මෙය අවස්තාවක් කරගනිමි. නැතහොත් මේ සතියද වෙනත් දෙයක් ඔබ්බවා නිකන් සිටීමට මා සිතා සිටි බැවිනි. පසුගිය කොටසේ දිගුවක් ලෙස මේ කොටස ඉදිරියට ගෙනයාමට සිදුවන නිසා රබර් ගැන කතා එතකින් තාවකාලිකව නවතමි. එහෙත් ඒ සම්බන්ධව බොහෝ අය දැක් වූ කැමැත්ත මෙන්ම ඉල්ලීම් නිසා මෙම කොටසින් පසු රබර් ගැන රබර් කතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජීවන සටන හා බද්ධව සිටීම යෙහෙකි.
Thursday, July 3, 2014
කවි ටොක්ක- කෙලෙස්
1. සුභ නැකත් බැඳ
පහන් පැළ වැඳ
බුදු වදන් කොදුළ
රැඩිකල් උපාසක
බුදුන් අමතකව
මදු ඔඩම් ගෙන මත්ව
පුළුටු හපමින්
චිරත් කල් වැජඹෙවැයි
අසිරි ඇසුවේය....
‹
›
Home
View web version