Monday, June 30, 2014

ගුණාත්මක උපසිරැසි කරණයට යම් මග පෙන්වීමක්.

                                                            පහුගිය සතියෙ Revolver Rani චිත්‍රපටයට උපසිරැසි දීපු වෙලාවෙ කීප දෙනෙක්ම ඇහුව කොහොමද උපසිරැසියක් සිංහලට පරිවර්තනය කරන්න කියල. ඒ පිළිබදව ලිපියක් ලියන්නම් කියල පොරොන්දු වුණ හින්දයි අද මේ ලිපිය ලියන්නෙ.. ඉස්සරෝම කියන්න ඕන දෙයක් තියනව. ඒ තමයි මම මේ සම්බන්ධව ඉගන ගත් දෙයක් පමනයි ඔබට ඉදිරිපත් කරන්නෙ.. ඒ කියන්නෙ අන්තර්ජාලය තුල මට සොයාගත  හැකිවූ සහ මා විසින් ඉගන ගත් දේ පමණයි. එබැවින් මෙහි  යම් ගැටළුවක් ඇතිවුනොත් ඒ ගැන සැකයකින් තොරව මගෙන් අහන්න. මා දන්නා පරිදි කියා දීමට සූදානම්..

Friday, June 27, 2014

හැඩකාර යක්ෂණී...

                                                                     
කතාවට වගේ කියනව නෙ අපි ආදරේ අය අපිට ආදරේ නෑ කියල.. ඒ වගෙම තමා අපි ආදරේ කරන අය වුණත් වෙලාවකට අපිව තේරුම් ගන්නෙ නෑ. ඉතිං කොච්චර ආදරේ උනත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් කේන්ති යනව නේද.. ඉතිං මං මේ කියන්න යන කතාව ඒ වගේ කතාවක්.. ආදරය වෛරය වගේම පළිගැනීම අපූරුවට දෘශ්‍යමාන වුණ කතාවක් . ඒ වගෙම තමා බල ලෝබය හිංද මිනිස්සු කොයි තරං ආත්මාර්ත කාමී වෙනවද තමන්ගෙ වාසියට මොනවද නොකරන්නෙ කියල හොදටම පෙන්වන කතාවක්.. ඒ වගෙම ධෛර්ය වන්ත ගැහැණියක් ගැන කතාවක්.

Thursday, June 19, 2014

After






බුදු පුදට පැමිණි දන
සුදු වතින් සැරහි ගෙන
මලුත් පඬුරුත් අතින් ගෙන
පිං පාට පුරවගෙන

Monday, June 16, 2014

ස්මරණ-04 ජීවන සටන

                                                                                  මා දන්නා කාලයක සිට මා අවට සාගරයක්  මෙන් පැතිර ඇති වත්තේ ආධිපත්‍ය යෙන් මිදෙන්නට සමත් වූ මිනිසුන් නැති තරම් ය. ඔවුන් ඒ තරමටම ඊට බද්ධව දිවි ගෙවති. ඉදහිට පවුලක පිරිමි දරුවෙක් යුද්ධ හමුදාවට බැදී රැකියාවක් කළා විනා වත්තෙන් එහා ගිය වෙනත් රැකියාවක් කළ අයෙකු සොයාගැනීමට වඩා කළු නික සෙවීම පහසු විය හැක. උපන් දා සිට ඔවුන්ගේ ආකර්ෂණය අවධානය තදින්ම ඇ බැ ගත්  වතු යායට එහා ලොවක් ඔවුන්ට දකින්නට උවමනා නොවූ බව මගේ අදහසයි. ඊටත් වඩා වතු යාය ඔවුන්ගේ ජීවිත වල පසුබිමෙන් ඇදුණු කළු හෙවණැල්ලක් මෙන් ඝණ විය. කිසි විටෙකත් එය ඔවුන් අත නාරිනවා සේ ඔවුන්ටද එය අතහැර ඉන් මිදෙන්නට හැකියාවක් නොවීය.

Thursday, June 12, 2014

නෙල්ලි 07- බස් එකක්- සීට් එකක්- අම්මෙක්


                                                                       වෙලාව දහයාමාරට විතර ඇති... මං  පිං පාරට යන්න බලා‍ගෙන පොල්ගහවෙල  බස් ටෑන්ඩ් එක ගාව තියෙන කුරුණෑගල හෝල්ට් එක ළග හිටගෙන... ඒක පිරෙන්න සෙනග.. අවුවෙන් බේරෙන්න වෙන්නැති.. දවල් වෙන්න වෙන්න රත් වෙන ඉරත් එක්ක දාඩිය දාන්නෙ තරගෙට වගේ... මං ආයෙමත් බස් කිවු එක දිහා බැළුවෙ යන්තමට හරි රිංග ගන්න පුළුවන් තැනක් හොයාගන්න හිතං.. ඒ එක්කම වගේ බස් එකත් පල්ලිය පැත්තෙන් මතු වුණේ හිතට පොඩි සැනසිල්ලකුත් එක්කම වගේ කියල මට දැණුන. කොළඹින් ගමන පටන් ඇරන් මැදිරිගිරියෙන් ඉවර කරන්න බලාගෙන යන ලක්මාල් බස් එක පිඹගෙන ඇවිත් කීස් ගාගෙන  දුටුගැමුණු හන්දියෙ නැවැත්තුවා... කළු පාට  බැක් පැක් එකත් දකුණු උරිස්සෙන් එල්ලගන, පිටිපස්ස දොරෙන් බස් එකට නැග්ගෙ අමතර පංති වලට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් යන නංගිල තුන් දෙනෙක්ට නගින්න ඉඩ දීල. බස් එකේ ගමනාන්තයට මදක් මෙහාට වෙන්න යන මට කොහොමත් සීට් එකක් ලැබෙනව කියල මම අත්දැකීමෙන් දැනගෙන හිටිය. බස් එකේ ආසන පේලී කීපයක්ම හිස්. දොරළගම සීට් එකේ වාඩි නොවී ඊට ආසන පේළි තුනක් විතර ඉස්සරහින්  තිබුණ සීට් එක්ක වාඩි වුණේ පස්සෙන්ම ඉදගන්නවට වඩා මැද හරියෙන් ඉදගන්න කොට ගමනාන්තයට යනකම්ම ඉදගෙන යන්න පුළුවන් හින්ද . මගින් නගින ආබාධිත, වයොවෘද්ධ හෝ ගැබිණි මාතාවන් වගේ පාර්ශ්වයන් ගෙන් ගැටළුවක් නොවී අපහසුවක් නැතිවම ගමන අවසන් කරන්න පුළුවන්.

Monday, June 9, 2014

ස්මරණ-03

                                                                           පසුගිය සතියේ පුංචි පුංචි චෝදනා කිහිපයක්ම තිබුණේය.. ඒවා දෙස බැලීමේදී මට පෙනුනේ මා පටන්ගත් ආකාරය වැරදි වගය. නමුත් දැන් ප්‍රමාද වැඩිය. කියන්න ආදේ අහවර කළ යුතුය. නැතහොත් මේ යන ක්‍රමය කැඩීමෙන් ඉදිරියට ලිවීමේ ගැටළු ඇති විය හැකි යැයි මට සිතෙන නිසාය. එබැවින් ඉදිරියේදී යම් වෙනස් කමක් කරන තුරු ඉවසා මා හා රැදෙන මෙන් ඉල්ලමි.පසුගිය සතියේ කියන්නට ගිය දේ අවසන් කර මේ ලිවිල්ල හමාර කරමි එවිට මට යම් වෙනස් කමක් කළ හැකි යැයි හැගේ.
                                                                        ***********
                                                                           අප නිවසේ සිට බෝධිය කන්ද පසු කර මද දුරක් ගිය පසු කිරියම්මලා වෙසෙන ලැයිමට යා හැකි බව පළවෙනි කොටසින් කීවා ඔබට මතක ඇතැයි මා සිතමි. එබැවින් පසුගිය සතියේ පටන් ගත්  චරිත හදුන්වා දීම මේ ලැයිමෙන් අවසන් කරමි.

Thursday, June 5, 2014

ස්මරණ-02


                                                                       මතකය සෙමෙන්  වියපත් වෙයි...  ඊට සාපේක්ෂව අප ලබන අත්දැකීම් තුළින් පන්නරයක් නොලබන්නෙමු. උපතින්ම සමාජයේ හා  සංස්කෘතියේ කොටසක් වන අපට ඉන් මිදී ජීවත් විය නොහැක... මිනිසුන් මෙන්ම නොමිනිසුන් ද අප ගෙවන මේ සුළු කාලයේදී මුණ ගැසෙන්නේ අපට අවැසි නිසාම නොවේ.. අපට ඉන් මිදිය නොහැකි නිසාය...
Related Posts Plugin for WordPress, Blogger...