Pages

Pages

Friday, September 25, 2015

මතක රසයකි ...

අහුකොනක් අල්ලගෙන
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..

 ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..

අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...

හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....