Pages
(Move to ...)
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
▼
Pages
(Move to ...)
Home
▼
Wednesday, February 17, 2016
සමාවෙනු මැනවි සොඳුරිය.. මුදුව හිමිවූවේ ඇයට...
සෑම හිතකම සියුම් රිදුමක් ඇත
කිසිම දවසක නිමාවක් නොදකින
මහම මහ සතුටකට පසුවත්
එකම එක මොහොතක නැගී ආ හැකි...
Wednesday, February 3, 2016
නෙල්ලි 09 - ඈනුං යන නයිට් කඩ, මහ බඩගින්න සහ පොල්ලතු නයිට් කඩේ කෝපි එක...
සු
දු පාට නිදිබර නියෝන් එළි වේගෙන් වේගෙන් පහු වෙමින් තිබ්බ. අතරින් පතර නයිට් කඩයක කොළපාට නිල් පාට දිග එළිය පොලු වල එළිය මහ පාරෙ සලකුණු වෙලා තිබ්බෙ මහ පාරෙ කළු පාටයි නිල් කොළ එකතු වුණු අපූරු පාටකුයි හදන ගමන්. වෙලාව රෑ එකත් පහුවෙලා හින්දමද කොහෙද ඉ
ඳ
හිටල වේගෙන් පියාඹන දුර ගමන් සේවා බස් ඇර පාරම නිස්සද්දයි. හෙඩ් ලයිට් එක වත් ඩිම් කරන්නෙ නැතිව පැයට කිලෝ මීටර් සීයටත් එයා යන බස් වල හුළං පාර බයික් එක පාරෙන් එළියට විසි වෙන්න තරම් තදයි. රෑ මැද දැනෙන සීතල මකන්න ටී ෂර්ට් එකයි ෂෝටයි කොහෙත්ම ප්‍රමාණවත් නොවුණ හින්දමද කොහෙද විටින් විට අත් දෙකයි කකුල් දෙකයි වෙව්ලුම් කනව. ඊට සමාන්තරව දත් ඇදි දෙකත් කට කට ගාල වදින්නෙ සීතලේ තරම මේ තරං කියල කියන්න වගේ.
‹
›
Home
View web version