Monday, March 14, 2016

ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී....

ඇඟිලි තුඩු අගිස්සෙන් නළල මිරිකා
ඉතිරි වී තිබු එකම හීනෙත්
තුට්ටුවක් ගෙන විකිණුවා
ඒ වුණත් අදටයි හෙටටයි මිසක්
ඇතිද අඩු ගාණෙ සතියකටවත්
ඇහෙන නෑහෙන තරමින්
යසෝදරාවිය මොනවද  කියන්නී....

Wednesday, March 9, 2016

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන...

                                                                            පි දෙන්න වාඩි වෙලා හිටියෙ මූණෙන් මූණ බලාගෙන. බොහොම පටු ඉඩක් තියෙන අවන්හල් මේසෙ උඩින් අත තියාගෙන. ඈ මගෙ මුදුගිල්ලයි සුළැගිල්ලයි පටල පටල මොකක් හරි කරනව. ඇත්තටම මොනවත් නැති වුණත් මොනා හරි කරනව කියල හිතන්න මම කැමති වුණා. ඈ උන්නෙ මොන මොනවද කියව කියව. ඒ කියවන ගමන් මගෙ ඇඟිලි දෙක අල්ලගෙන නටවන්නෙ අනිච්ඡානුගත හැගීමකින් වග ඒ මූණෙ පැහැදිලිවම ලියවිල තිබුණ. ඈ කියවන්නෙ මොනවද කියල මට පැහැදිලි හැගීමක් තිබුනෙම නැති තරං. ඇත්තටම ඈ කතා කරන්න පටං ඇරං විනාඩියක් යන්නත් කලිනුයි ඒ කියන දේවල් නෑහෙන්න ගත්තෙ. ඇත්තටම ඒ මං ඈට ආදරේ නැති හංද නෙමෙයි මම උන්නෙ ඇයට වශී වෙලා. හැමදාම නැතත් පුලු පුලුවං දවසක කොහෙ හරි ගිහිං රෑ කෑම ගන්න අපි දෙන්න පුරුදු වෙලා හිටිය. අද ආවෙත් එහෙම ගමනක්. අපි ඉස්සරෝම එහෙම ඇවිත් ඉස්සරෝම වාඩි වෙලා හිටිය තැන, ඒ අවන්හල් මේසෙ, ඒ විදියටම අදත් වාඩි වෙලා. ඒත් එදාට වඩා ඈ ගැන මගෙ හිතේ තිබ්බ හැගීම වෙනස් වෙලා. මං ඈට ආදරේ කරන්න පටං ඇරං. ඒක මහ පිස්සු කතාවක් වගේ දැනෙන්න පුලුවං බව මං පිළිගන්නව. ඒත් විස්වාස කරන්න ඈ ව විවාහ කරගනිද්දි මේ ලෝකෙ වඩාත්ම මගෙ වෛරයට පාත්‍ර වුණ කාන්තාව වුණේ ඇය. මං දන්නව ඒක ටිකක් දරුණුයි වගේ කියල ඒත් ඒක ඇත්ත. එහෙම කෙනෙක්ට අද වෙද්දි තමන්ටත් වඩා ආදරේ කරනව කියන්නෙ, ඒක ටිකක් ඕනවට වැඩී වගේ නේ. විස්වාස කරන්න මාව. ඇයට පුලුවන් වුණා සම්පූර්ණයෙන්ම ඈ තුල මාව අතරමං කරවන්න. කොටිංම කියනව නං එදා එක්ක අද බලද්දි අද වෙද්දි මාත් ඇයත් දෙනේනෙක් නෙවෙයි එක්කෙනෙක් කියල මට හිතෙන්න පටං ඇරං.          
Related Posts Plugin for WordPress, Blogger...