Friday, May 13, 2016

අවසන් කවිය ද අවසන්ය..

පිහාටුවක මුදු සැහැල්ලුව
හිතුමතේ උදුරාන
රිදෙනවැයි සිතු සිතූ තැන්
පිරිමදින විට නුඹ
නොමදැනුණ වග මුදු බවක්
නුඹට නොකීවේ මන්දැයි සිතමි..

නුඹෙන් දුර නික්ම යන්නට
අවැසි වූවද බොහොමයක් විට
නොමගියේ මන්දැයි
ආයෙ ආයෙත් සිතමි
සිත සිතා තැවෙමි
තවමත් නුඹටම ඇලී ඉන්නෙමි..

Friday, May 6, 2016

පුස්තක ප්‍රේමය හෙවත් කෙල්ල අමතක විමේ කතා වස්තුව...



...එහෙනම් අදට නියමිත දේශනය අවසානයි. ඊළඟ දවසේ අපි කව් සිළුමිණ...

                                                               මේ උඹ අර වැඩේට යනවනෙ.. දර්ශන සර් ගෙ ලෙක්චර් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල තලයා මගෙ කණට කුට කුටු ගාණව. ඇතුගල හොට් ප්ලේට් එකක් වෙලා ඒ රස්නෙ මෙහට්ටත් එනවද කොහෙද. ඔලුකට්ට උඩට බිත්තරයක් දැම්මොත් ඔම්ලට් එකක් හැදුවැකි. මම මගෙ හම්පඩ ලේන්සුවෙන් දාඩිය පිහිදන ගමන් හිතුව. එතකොටත් පන්තියෙ හිටපු අනික් උදවිය තමන්නෙ ආම්පන්න අනං මනං ටික බෑග් වලට පැක් කරගන්න පටං ඇරං තිබ්බෙ. මෙච්චරක් වෙලා ඉදිකට්ටක් වැටුණත් ඇහෙන සයිස් එකට තිබ්බ පංතිය මේ වෙද්දි  විසාල ගාලගෝට්ටියක් වෙන්න පටං ඇරං..  දර්ශන සරුත් තාම කියෝනව. මුං යන්න තදියමේ දගලනව. අම්මප මුන්ට තියෙන තදියමක්. එහෙම හිතන ගමං මං තලය දිහාට කණ දැම්ම.

Related Posts Plugin for WordPress, Blogger...