Pages
▼
මම ඔබට කියන්න යන්නෙ අපූරු කතාවක් ගැන. කෙනෙක්ට මොන තරම් ස්වරූප වලට හැරෙන්න
පුලුවන්ද මොන විදියෙ කෙනෙක් බවට පත් වෙන්න පුලුවන්ද කියල පෙන්නන අපූරු කතාවක් ගැන. ගුරුවරයෙක් විදියට ඉස්සරෝම පත්වීමක්
ලැබෙන්නෙ දුෂ්කර සේවයට කියල කාටවත් කියන්න ඕන ඇති කියල මම හිතන්නෙ නෑ. ඒත් තමන්ට ලැබුණ දුෂ්කර පත්වීමත් දේශපාලන
පළිගැනීම් නිසා අන්ත දුෂ්කර තත්වයේ පවතින පාසලකට යන්න වුණොත් ඒකත් තමන්ගෙ බිරිඳ ගෙ
කුළුදුල් දරු ප්‍රසූතිය සිද්ද වෙන්න ඔන්න මෙන්න කියල වුණොත් කෙනෙක්ට මොනව හිතෙයි ද
? ඒත් කිසිම දේකින්
නොසැලී හැම දේම මැදිහත්ව දරාගත්ත මනුස්සයෙක් ඒ හැම දේම විඳදරාගෙන පාසලක විතරක්
නෙමෙයි ගමකම ජීවිතේ වෙනස් කරනව. තේරෙන විදියට කියනව නං
හැම දේම උඩු යටිකුරු කරනව.