Saturday, June 1, 2019

යාත්‍රා - කිසිත් සදහටම නොපවතී

ඔවුන් මිතුරියන්ය. රටේ විවිධ පෙදෙස් වලින් පැමිණ එක් ප්‍රාන්ත රෝහලක නේවාසික වෛද්‍ය පුහුණුව ලබන ආධුනික වෛද්‍යවරියන් ය. වසර හතරක් වන නේවාසික පුහුණුවෙහි අවසාන වසර තුල සිදුවන සිදුවීමක් කතාවට පාදක වේ. රෝගියෙකු ගේ මරණයක්...

පේජ්,කැට්, හනී තිදෙනා අතර දෝලනය වන කතාවේ ප්‍රමුඛ චරිතය පේජ් ටේලර් ය. ඈ විසින් සානුකම්පිත හේතූන් මත සිදුකරන ලද මරණයක් (Euthanasia) අරඹයා සිදුවන නඩු විභාගයකින් ඇරඹෙන කතාව එම අවස්ථාව දක්වා සිදුවීම් පෙළගැසෙන ආකාරය කියමින් ගලා යයි. ඇය සදොස් ද නිදොස් ද යන සිතුවිල්ලම පාඨකයා අවසානය තෙක්ම කුතුහලය ඇති කරමින් කතාවට රදවා ගැනීමට සමත්ය.
සිඩ්නි ෂෙල්ඩන් ගේ මා කියවූ තුන් වන ප්‍රබන්ධ ය යි. පරිවර්තිකාව ගේ මා කියවූ පළමු පරිවර්තනයයි. මෙය කියවීමට මා ආසක්ත වූයේ සිඩ්නි ෂෙල්ඩන් යන නාමය බව නොකියාම බැරිය. පරිවර්තන කාර්යයෙහි ලා පරිවර්තිකාවද සුහුරු බව කිව යුතුමය. මින් පෙර ඇගේ ස්වතන්ත්‍ර නවකතා කියවා තිබුණද මෙය අලුත් අත්දැකීමක් විය. වර්තමානයේ දකින බොහෝ පරිවර්තකයන්ට වඩා ඇය සාර්ථක බව සිතමි.
නමුත් මෙම පරිවර්තන කාර්යය යෙ හි දී සිදු කර ඇතැයි සිතෙන (මට හැඟුණ ආකාරයට) අඩුපාඩුවක් දුටිමි. සාමාන්‍යයෙන් තාක්ෂණික ව්‍යවහාරයන් හැරෙන්නට කථන ව්‍යවහාරයන් පරිවර්තනයක සිංග්ලිෂ් වලින් නොයොදනා තරම්ය. පරිවර්තනයේදී මෙම කථන ව්‍යවහාරයන් කිහිප අවස්ථාවකදීම සිංග්ලිෂ් මඟින් ඉදිරිපත් කර තිබිණි. එසේම යම් යම් අවස්ථාවන් හි දී වෛද්‍ය වෘත්තීය තුළ භාවිත වන, රෝගී තත්වයන් හැදින්වීමේ පාරිභාෂික පද ඉංග්‍රීසි භාෂාවෙන් එලෙසම ඉදිරිපත් කර තිබිණ. අන්තර්ජාලය පිරික්සීමෙන් ඒ කුමක්දැයි යන්න පාඨකයා හට දැනගත හැකි බව සබෑවකි. නමුත් පරිවර්තනය සිදුකිරීමේදී පරිවර්තිකාව ඒ පිළිබඳ තවත් සැලකිලිමත් වී නම් එය ඇගේ කාර්යයේ වටිනාකම තවත් වැඩි කරනු ඇති බව මගේ විශ්වාසය යි.
කෘතිය - Nothing Lasts Forever - යාත්‍රා
කර්තෘ - සිඩ්නි ෂෙල්ඩන්
පරිවර්තනය - දිල්හානි වික්‍රමරත්න
ප්‍රකාශනය - සුසර
මිල - රු.650.00
පිටු - 512
ඇගයීම - 4/5

2 comments:

  1. මේක අලුත් පොතක්ද මහේෂ්. යාත්‍රා කියලා තව පොතක් තියෙනවා (මං ලියපු පොතකටත් යාත්‍රා කියලා නම දාලා පස්සෙ ඒ නමින් වෙන පොතක් තියෙන නිසා ඒ නම අයින් කරා. හැබැයි මට මේක අහු වුණේ නෑ )

    ReplyDelete
    Replies
    1. සඳ වියමන්
      සමාවෙන්න ප්‍රතිචාර ප්‍රමාදයට
      මා අන් පොතක් ගැන දැනුවත් නැහැ.. මෙය පරිවර්තනය ක්.. එක් නමකින් පොත් කිහිපයක් තිබීම නං ගැටළු ඇතිකරවන්නක් තමයි.
      මෙය මෙම පොතෙහි දෙවන මුද්‍රණය පළමු මුද්‍රණය ගැන සඳහනක් නැහැ. පිළිතුරක් දීමට නොහැකි වීම පිළිබඳ සමාවන්න :-)

      Delete