මොහාන් රාජ් මඩවලගේ නවතම ප්‍රබන්ධය වන අයි ඩී කියවා හමාර කළෙමි. සිය සුපුරුදු භාෂා විලාසයෙන්ම නවතම ප්‍රබන්ධය ද රචනා කරන මඩවලයන් එක් සුවිශේෂී වෙනසක් සිදු කොට තිබේ. හැටේ දශකයේ අග භාගයෙන් ආරම්භ වේ යැයි සිතිය හැකි අයි ඩී වර්තමානය දක්වාම විසුරුණු කාල පරාසයක පුද්ගලයන් කිහිප දෙනෙකුගේ චරිත සහ ඔවුන් මුහුණ දෙන සිදුවීම් ආශ්‍රිතව කතාවක් අපිට කියයි.