Saturday, January 1, 2022

විශිෂ්ටයෙකු ගේ ආරම්භය - Pele Birth Of A Legend



Minor Spoiler Aleart

            පේලේ කිව්වම කවුද නොදන්නෙ.. නේද. පාපන්දු පුරාවෘතයක් වන ඔහු හෝ ඔහු සම්බන්ද සිද්ධීන් අලා නිර්මාණය වී ඇති චිත්‍රපට බොහොමයක් තියෙනව. වර්තමාන බ්‍රසීල ඇමතිවරයෙක් වන ඔහු 1958 දි, ඒ කියන්නෙ පේලේට අවුරුදු 16 ක් වෙද්දි, බ්‍රසීලය දිනාගත් ප්‍රථම පාපන්දු ලෝක ශූරතාවය බ්‍රසීලය වෙනුවෙන් දිනා දීමට ප්‍රබල කාර්යය භාරයක් සිදු කළ ක්‍රීඩකයා යි. 1958 බ්‍රසීලයට සුවිශේෂ වෙන්නෙ පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය විසින් ස්වීඩනය පරදවා ලබා ගැනීම විතරක් නොවෙයි. 1958 ලෝක ශූරතාවය තමයි යුරෝපියානු භූමියකදී යුරෝපීය නොවන රටක් පාපන්දු ලෝක ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව වෙන්නෙ.

                            ඉතින් මේ කියන්න යන්නෙ තුන් වරක් ලෝක ශූරතා තුනක් ජයග්‍රහණය කරන්න දායක වුණ එකම ක්‍රීඩකයාගෙ ජීවිත කතාවේ මුල් අර්ධය. Pele Birth Of A Legend සිනමා පටයට පාදක වෙන්නෙ 1958 ලෝක ශූරතාවය දිනන දවස දක්වා වන පේලේ ගෙ ජීවිත කතාවේ සැලකිය යුතු සිද්ධීන්.

                     1940 ඔක්තෝබර් 23 වෙනි දා එඩ්සන් අරන්ටේස් ඩො නසිමෙන්ටෝ එහෙමත් නැත්තං ලෝකෙම දන්න විදිහට පේලේ ඉපදෙනව. ඒ ජුවොම් හර්මොස් ඩො නසිමෙන්ටෝ සහ සෙලෙස්ටේ අරන්ටේස් දෙපලට දාව. වයසින් ලොකු වෙද්දි අනික් දරුවන්ට, සමස්ථ බ්‍රසීලියානුවන්ට හැදෙන ලෙඩේ නසිමෙන්ටෝ ටත් හැදෙනව. ඒ පාපන්දු පිස්සුව. නමුත් දරිද්‍රතාවයත්, පැටිවියේ මිත්‍රයෙකුගේ අහඹු වියෝවත් හේතුවෙන් පාපන්දු වලින් යම් තරමකට ඈත් වුණත් රබර් බෝලයක් දිය යට ඔබ්බවා තියන්න බෑ වගේ  නසිමෙන්ටෝගෙ පාපන්දු උණ නිසාම අවුරුදු 15 දි ඔහුව සැන්ටෝස් ක්‍රීඩා සමාජය වෙත යැවෙන්නෙ ඔහුගේ දක්ෂතාවයට තැනක් ලබා දිය යුතුය කියන අපේක්ෂාවෙන්. ඔහු සැන්ටෝස් සමාජය හා එක්ව මාස 18 ක් ගෙවෙන තැන බ්‍රසීල ජාතික තණ්ඩායමට සුදුසුකම් ලැබෙන්නෙ ලාබාලම ක්‍රීඩකයා විදිහට. ඒක‍ට බොහෝ දුරට හේතුවෙන්නෙ ඔහු දක්වන අසාමාන්‍ය ක්‍රීඩා කෞෂල්‍ය වගේම ඔහුගේ සුවිශේෂී ක්‍රීඩා ඉරියව්.

            නමුත් සැන්ටෝස්ලගෙන් මිදිල ජාතික කණ්ඩායමට එකතු වෙන නසිමෙන්ටෝට මුල් කාලය සුබ වෙන්නෙ නැහැ. ඒ  එක දිගට දෙවරක් පාපන්දු ලෝක ශූරතාව දිනාගන්න අපොහොසත් වුණ බ්‍රසීලය නසිමෙන්ටෝ විසින් භාවිතා කරන ජින්ගා ඉරියව් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්. ඔහුට ඔහු නොවෙන කෙනෙක් බට පත් වීමට සිදුවීමත් ඒ හේතුවෙන් අසාර්ථක වීමත් නිසා නසිමෙන්ටෝ හට ස්ථාවර ස්ථානයක් ලැබෙන්නේ නැහැ. නමුත් එක දිගට පිටියේ දී ක්‍රීඩකයන් ආබාදයට ලක්වීම නිසා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබුණත් මුල් වටයන් තුළ ඔහුට සුපුරුදු දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් නොලැබෙන්නේ ජින්ගා ඉරියව් භාවිතය සම්බන්ධයෙන් බලධාරීන් පෙන්වන දැඩි අකමැත්ත. ඒත් ඉතිං කන්න ඕන වුණාම කබරයත් තල ගොයා කරගන්නව කියන කතාව අහල තියේනෙ.

                සිනමා පටයේ වර්ණ සංයෝජනය භාවිතය නම් අපූරුයි. ඒ වගේම සංගීතයත්. මෙහි සංගීතය සැපයීම සිදු කරන්නේ ඒ.ආර් රෙහ්මාන් විසින්. ඉතින් බ්‍රසීල සාම්ප්‍රදායික සංගීතයට ඉන්දීය සංගීතය මික්ස් වෙලා ඇහෙන අපූරු සංගීත ඛණ්ඩයන් චිත්‍රපටය පුරාම ඔබට විඳින්න ලැබේවි.

                ඉතින් වෙනද වගේ සිනමා පටය ගැන අද කතා නොකල තරම්. තත්පරයක් වත් මිස් නොකර බලන්න හිතෙන මේ වගේ චිත්‍රපටයක් ස්පොයිල් කරල විනාස කරන්ට ඕන නෑ කියල හිතනව. මට ඕන වුණේ යම් තරමක උත්තේජනයක් ලබා දෙන්න පමණයි. ඔබ මින් පෙර නරඹලා නැතිනම් පේලේ ගෙ මේ කතාව ඔබට අපූරු අත්දැකීමක් වෙනවා සිකුරුයි.

Pele Birth Of A Legend සිනමා පටය මෙතැනින් බාගත කරගන්න පුලුවන්.

ඒ වගේම මෙතැනින් ඔබ‍ට එහි Sound Tracks ටික අසන්නට පුලුවන්.


ඉතින් මේ අලුත් අවුරුද්දක්. තවත් දවස් තුන්සිය හැටපහක කැලැන්ඩරයක්. ඉතින් මේ නව වසරෙ ගෙවෙන දවසක් දවසක් ගාණෙ සුබ ආරංචිම අහන්න ලැබෙන, සාක්කු පසුම්බි පිරී ඉතිරෙන,  සුබ නව වසරක් කියල සියලු බ්ලොග් රසකාමීන්ට  ප්‍රාර්ථනා කරනව. 

7 comments:

  1. ලැබුවාවූ 2022 වසර,නිරෝගීමත්, වාසනාවන්ත වසරක් වේවා.

    ReplyDelete
  2. එළඹෙන වසර නිකම්ම සුබ වෙන්නෙ නැත
    අපි- අපි විසින් එය කරගත යුතුව ඇත
    සුපැතුම් පතන අතරේ මම කියමි මිත
    ෆිලුම අගෙයි; මං නං නරඹලා ඇත

    ReplyDelete
  3. බලන්න ඔනී. අපේ දිල්රුක් ඇවිද්ද පයේ ලිව්වා නේද පෙලේ ගැන .

    ReplyDelete
  4. නීරෝගිමත් සුභ නව වසරක් මහේෂ්. වැඩියෙන් බ්ලොග් පැත්තෙ එන්ට ලැබෙන වසරක් වේවා! ඇවිල්ල අවන්හලට වෙලා හිටු

    ReplyDelete
  5. දියෙගෝ මැරඩෝනල වගේ පහුකාලේ නම කැත කරගත්තෙ නෑ පෙලේ. බලන්න වටින චිත්‍රපටයක් වගේ

    ReplyDelete
  6. Merkur 9c Merkur 9c with Extra Thick Handle
    Merkur 9c - German Merkur Heavy Duty Chrome Safety Razor with choegocasino Extra Thick Handle. The Merkur 9c 바카라 사이트 is a classic and easy-to-have Merkur razor  Rating: 4.8 · deccasino ‎2 reviews

    ReplyDelete