![]() |
| මේ මම.. මම නිකං ඉන්නකොට |
මම ලියන ලිපි වලට, අපි හැමෝටම තේරෙන විදියට කියනවනම් පෝස්ට් වලට වීව්ස් තියෙන්නේ ඉතාම අඩුවෙන්. මට ඇත්තටම ඒ ගැන මම ලියන්න පටන් ගත්ත මුල් කාලේ තිබුණේ හරි ශෝකාකූල හැඟීමක්. නැත්තං කලකිරීමක්. හරි හමන් විදිහට නොමේරපු එකෙක් විදිහට ඒ දවස්වල මම හිතන් හිටියේ මට හොඳට අනිත් අයට තරම්ම ලියන්න පුළුවන් කියලා. ඒත් කොච්චර දුක හිතුනත් නොවැටි හිටිය ඒ කාලේ මම මොන මොනවා හරි ලියන එක දිගටම කරගෙන ගියා. හැමදේම එකම විදිහට තියෙන්නේ නෑ කියනවා වගේ මටත් හති වැටුණ කාලයක් ආවා. ඉතින් මම අතින් ලියන එක මග ඇරුන. නැත්තං මම නොසලකා හැරිය කියලත් කියන්නත් පුළුවන්.
ඉස්සර තරං නැති උනත් මම ඉඳ හිටලා තවම ලියනවා. ලියන සමහර එවුවා ඔයාලා කියවනවා. නමුත් බහුතරයක් මම ලියන දේවල් මට විතරයි. අර ප්‍රශ්නේ එහෙමම තියන හින්දා වෙන්න ඇති කියලා මට හිතෙනවා. සමහර මම ලියන පෝස්ට් වලට ප්‍රතිචාර තියෙන්නේ අඩුවෙන් වගේම නැරඹුම් වාර තියෙන්නෙත් ඉතාම අඩුවෙන්.
දැන් මම දන්නවා මට හොඳට ලියන්න බෑ කියලා. අර නොමේරූ ළදරු ජීවියා දැන් යම් තරමකට පරිණත වෙලා තමයි. ඒත් මම ඉඳ හිට තාම ලියනවා. මට ලියන්න බෑ කියලා දන්නවා උනත් මම තවම ලියනවා. ඇයි කියලා මට හිතාගන්න නම් අමාරුයි.
ලිවීම සහ කියවීම කියන්නේ මගේ ජීවිතේ passion එක වෙලා තිබුන කාලයක් තිබුණා. පසුගිය සමහර කාලවල මම කාර්යබහුල වීම නිසා සහ ඉඳහිටක අර නොමේරූ ජීවියාගේ ගති ලක්ෂණ මතුවීම නිසා නොලිය හිටියත් දැන් පුළුවන් විදිහට ලියනවා. ඒ මං පරිණත වීම හින්දම නොවේ. ලිවීමෙන් මාව තෘප්තිමත් කරන්න පුළුවන් කියල මට හිතෙන හින්දා සහ මම ලියන සමහර දේවල් කීපදෙනෙක් හරි කියවනවනේ කියලා හිතන හින්දා.
කාලයක් තිබුණා කවද හරි පොතක් ලියනවා කියලා හීන දැකපු. ඒ හීනවල කවි පොතක්, කෙටිකතා පොතක් වගේම නවකතා පොතකුත් තිබුණ කියල මතකයි. නමුත්ඉඳලා හිටලා මම ලියන දේවල් වල උනත් ප්‍රකාශයට පත් කරන්න තරම් කොලිටියක් නැත්නම් ගුණාත්මක බවක් තව කෙනෙක්ගෙ හිත් ඇදගන්න තරම් ගතියක් නැති බව මට තේරුණා. ඉතින් කවදා හරි දවසක මම ලියන දෙයක් පොතක් වෙලා එළියට එන්න තරම් මම හොඳ වෙනකං, මගේ ලිවීම හොඳ වෙනකන්, මගේ කන්ටෙන්ට් කොලිටි වෙනකන් මම ලියනවා
මගේ සමහර අතීත ලියවිලි දැක්කහම මට හිනා යනව. මේ මොන ළාමක ළද බොලඳ කවිද කතාද කියලා. ඒ තරමටම මම ලියපු සමහර ලියවිලි දැක්කාම මා ගැනම දුක හිතෙන වෙලාවලුත් තියෙනවා මේ තරම් හොඳටත් මම ලියලා තියෙයි නේද කියලා. දැං මට හිතෙනවා හැමදේම සාපේක්ෂයි කියලා. මම හොඳට ලියන්න ඕන කියල හිතනවා වගේම මම අනිත් අයගෙනුත් බලාපොරොත්තු වෙලා තියෙන්නේ එයාල අපි කියවන දේවල් හොඳට ලියන්න ඕනෙ කියල. දැන් මම දන්නවා එහෙම කියන එකවත්, බලාපොරොත්තු වෙන එකවත් වැරදියි කියලා අපි හැමෝම එක හා සමාන නෑ වගේම අපේ සිතුම් පැතුම් වෙනස් සහ විවිධාකාර හින්දා. ඉතින් මං සමහර අවස්ථාවල ඔයාලව බොහොම නිර්දය විදිහට විවේචන කරලා තියෙනවා. මගේ ඒ ළඳ බොළඳ ළාමක හැසිරීම සම්බන්ධව ඔයාලා සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලනවා
මම හිතන්නේ, මට තියෙන්නේ මම යන්න ඕන පාර මොකක්ද කියලා මට තේරෙන්නේ නැති ප්‍රශ්නයක්. මං එහෙම කියනකොට මට මතක් වෙනවා ඉම් පෙදෙස් පොතේ එන කවියක්.
මඟ
ගමන දිග
යන අතරතුර
මැද
පාර තොට
මඟ නොදැන
නො ම දැක
ඈත මෑත ද
බලන විට
හිඳ
පිදුරු පඹයෙකු
අතක්
දිගුකර
පාර
පෙන්වයි
යම් ද ?
නො යමිද ?
(ඉම් පෙදෙස් - ආරියවංශ රණවීර)
මම ඇත්තටම පාර පටලවගෙන, එහෙමත් නැත්නම් පාර දැනන් ඉඳලා නෑ. එහෙමත් නැත්නම් යන පාර තවම දන්නේ නෑ කියලා මට තේරෙනවා. අර අහනවා කියලා හිතාගෙන අහලා තියෙන්නේ තේරුමක් නැති පඹයෙක් ගෙන්.
ඉතින් මම උත්සාහ කරනවා. හරි පාර හොයාගෙන මගේ ගමන පුළුවන් විදිහට යන්න. මම ලියන ඒවා කියවල විවේචන යෝජනා අදහස් දෙන්න කියලා මම ඉල්ලනවා.
ඔයාලට මම කිව්ව දේ ගැන හිතෙන්නෙ මොනවද කියල කමෙන්ට් එකක් දාගෙනම යන්න.
![]() |
| මේ මම.. ඒත් නිකං ඉද්දි තමා. මොකෝ කොට අදින්නයැ |


Mahesh, the number of readers always doesn’t reflect the quality of your work. Don’t take it as a criticism. Views, clicks, likes, these are just trends. Just because someone has million readers doesn’t mean that they are the best writers or presenters. They just know how to market themselves. It’s okay to focus on improving your own work, but no feedback doesn’t mean that your work isn’t good. These days people don’t read, they are attracted to gossip or short clips, which just gives them the dopamine hype. People keep scrolling from one clip to another, there is not intellectual reading or comprehension. The few who reads your blog, they can still read and comprehend a full page article. This is AI era, AI is here make everyone mentally incapable if we don’t use it wisely. So keep writing, I always like to read your articles, but I admit I don’t comment on the posts. I’ll give you a tip, artists don’t always need an audience. Art is self satisfaction, if you feel your work, then you’ve certainly done a great job. You know when your work is not good by heart, you don’t need a judge. But if you want to be popular then you have to be good at selling yourself to the audience. You need to select hot topics, hot titles, click baits that attract the crowd. Quality and publicity don’t always overlap unfortunately. Sorry for typing in English, in a bit of a rush. Looking forward for your next article.
ReplyDeleteHi! Thanks for your comment. It is a real pleasure to see you after all this time. Why aren't you writing lately?
DeleteI agree with you, but we are also human beings, right? We are always seeking attention or a little motivation. I think that is the case for me. I sincerely accept your opinion; as you said, my intention is to improve the quality of my work. When it comes to marketing myself, I know I'm not very good at it. I will try to write some good articles in the future. Thanks again for your comment; it really gives me a positive vibe!
පොකුරුවැහි තවම ලියනවයි , මම බ්ලොග් රෝල් අයින් කළා මම හිතනෙන් ලියන්නේ නැහැ කියල හාහ්
Delete//Art is self satisfaction, if you feel your work, then you’ve certainly done a great job// ඉයස්
Deleteඅජිත් අයියගෙ මේ කමෙන්ට් එක.දැක්කට පස්සෙ මම මගෙ රෝල බැලුව.. මේ වෙද්දි බ්ලොග් 333 ක් තියේ ෆලෝ කරපු. මම අන්ෆලෝ කරල නෑ එකක් වත්. ඒත් සමහර ඒව ප්‍රයිවෙසි සෙටිංස් වෙනස් කරගෙන, සමහර එව්ව රිමූව් කරගෙන තියේ. ඒව පෙන්නන්නෑ. මං හිතන්නෙ මම 350 කට එහා ෆලෝ කරන්න ඇති.
Deleteඒකත් ආතල් වැඩක් 😃😃😃
කලාතුරකින් තමයි ලියන්නේ. දවස තිස්සෙම කම්පියුටර් ස්ක්‍රීන් එක එක්ක ඉඳල ඇස් වලටයි මොලේටයි දෙකටම වෙහෙසයි ආයිමත් ලියන්න. මට ඕනේ රහට ලියන්න බෑ. ඒක තමයි නොලියන්න හේතුව. හැබැයි ඔයාල ලියන ඒවා කියවනවා.
Deleteඅවුරුදු දෙකකින් ලියල නැති ඒවා අයින් කරා . පොකුරුවහි අයින් කලේ මොකෝ දන්නේ නැහැ . මමත් දවස තිස්සේ කම්පියුටර් ස්ක්‍රීන් එකේ වැඩ . හැබැයි වෙල්නස් උපදෙස් අකුරට ක්‍රියාත්මක අක්රන්ව . හැම විනාඩි 45 සැරයක්වත් අනිවාර්යයයෙන් නැගිටලා විවේක ගන්නවා . හැබැයි වෙහෙස කතාව ඇත්ත .
Deleteඇයි එහෙම අයින් කරන්නෙ. ඕක උස්සගෙන ඉන්න එකක් නෙමෙයි නෙ? මම නොදන්න මොකක් හරි වාසියක් තියනවද?
Deleteනැත්නම්, "ආ ලියන් නැහ්ද? හිටපියව් තොපිට කෙලවන්න" වගේ සීන් එකක්ද?🤔😋
😂😂😂😂😂
Deleteනෑ දැන් මුල් දහය විතරනේ පෙන්වන්නේ . ඔක්කොම බලන්න නම් අර show all එක ක්ලික් කරන්න ඕනේ . ඉතින් ලියන්නේ නැති ඒවා තිබ්බහම ලයින් එක දික්වෙනවනේ
Delete//දැන් මම දන්නවා මට හොඳට ලියන්න බෑ කියලා//
ReplyDeleteගල් පැලෙන බොරු.😜
//මම ලියන සමහර දේවල් කීපදෙනෙක් හරි කියවනවනේ//
බස්සෙකුත් කියවන්න එනවා.😋
එකක් මේ ලිපි ඔබගේම අතීත සමරු සටහන්. ඒ නිසා "මම ලියන්නෙ මට" කියන කතාවෙ යම් ඇත්තක් තියනවා. ඒත් "දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි" වගේ හිට් වෙච්ච ලිපි බැලුවාම, පාථක රුචිය යන්නෙ කොයි පැත්තටද කියල හිතා ගත්තෑකි නේද? සමහර වෙලාවට, අපට නොවැදගත් කියල හිතෙන, එදිනෙදා පොඩි සිදුවීම්, දැක්ක-නිරීක්ෂ්ණය කරපු දෙයක් වුනත් ජනප්‍රිය ලිපියකට මූලයක් සපයන්න ඉඩ තියනවා.
ඔව්.. ඔයා වගේ එන පිරිස තමා මේක මේ තරමින් හරි ඇදෙන්න හේතුව. එහෙම නොවුණා නං පාළු ගෙයි වළං බිඳිල්ලක් වෙන නිසා එපා වෙන්න ඉඩ කඩ වැඩියි. නැතිද. 😃😃
Deleteඇත්තටම මේ රස්සාව එක්ක සමහර දේවල් ලියන්න බෑ වගේම, එකාකාරී ගතිය නිසා අලුත් දේවලි අත්විඳින්න නොලැබෙන තරං. ඉතිං රසවත් සිදුවීම් ලියන්නට ඉඩ කඩ අඩු තරං.
බලන්නං අපි මොන මොනව හරි කරමු
ස්තූතියි බසූ.. ☺️☺️☺️🥰🥰🥰
දැන හෝ නොදැන යන ගමනෙදි ඉදිරියට
Deleteඋපදියි හැඟුම් නෙක නෙක ඒවා හිතට
ඒවා ගණන් නොගෙනම වගෙ පයිසෙකට
ලියමු රත්නෙ, නොනවත්වා එක දිගට
ලියන එකෙන් ඔබ සතුටක් ලබනව නම්
ටික දෙනෙකුන් වුවත් ඒවා කියවයි නම්
තවත් මොටද පසුබෑමක්, ඇයි විපරම්
නොනවත්වා ලියනු මැන, ඔබෙ ලිපි මනරම්!
ස්තූතියි නිදි. හැමදාම එනවට සහ ලියන අබුංගාත කියවනවට. 🥰🥰🥰
Deleteආදරෙයි 😃😃🥰
මං හිතන්නේ බ්ලොග් එකක් කරනකොට ඒක ලිවීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියලා අරමුණක් හදාගත්ත නම් ප්‍රතිචාර අඩු උනත් ලිවීමට උත්තේජනයක් ලැබෙනවා. මට උනත් කියවන අය හැටහැත්තෑවට වැඩිවෙන්නේ කලාතුරකින්. දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි. මේ දවස් වල මගෙත් වීව්ස් නෑ. ඉස්සර නං ටිකක් හරි තිබ්බ. ඕව ඕම තමා. පුලුවන් දෙයක් කරමු නේ..
Deleteජය වේවා 🥰🥰🥰
බ්ලොග් වල ලදබොලඳ කියල දෙයක් නෑ පුතා... ඒක සෙලවෙන අහවල් එක. හැක්...
ReplyDeleteබ්ලොග් ගැන අදහස් ගන්න හොඳ ආදර්ශමත් බ්ලොග් එකක් තියෙනව ‘ලටපට‘ කියල ඒක කියෝපං.
+++++++++++++++👌
Deleteඅදහස නං මසුරං. ඒත් කමෙන්ට් විතරක් සීය, දෙසීය පනින බොලා නං කියයි, දුක්පත් අපේ නෙව රිස්ස යන්නෙ. හා, නැහ්ද?
කොමෙන්ට් නං කාටත් අඩුයි නෙව. කියවන අය ඔක්කම කමෙන්ට් කරන්නෑ නෙව ප්‍රසා අයියා. ඔයාල වගේ එවර්ග්‍රීන් පොරවල් හරි අඩුයි.
Deleteමේ දවස් වල ප්‍රා තුමා පේන්නත් නෑ. 😃😃😃
කෝම හරි අල්ලං ඉමු බසූ.. නැතිද 😃😃😃
පහුගිය අවුරුදු දහය තිස්සෙම අපි අල්ලන් හිටිය දැක්කේ නැත්ද බොල
Delete🤭🤭🤭🤭🤭
Delete+++++++++++++++++++++++++++++++++++++++
Deleteවැටමාර මස්සිනා දවසක බුදු වෙනවා
Deleteගමයයි, නිදියි සැරියුත්-මුගලන් වෙනවා
නමිනං උන්නැහේ හිටියට චුත වෙනවා
ගස් බෙනවලට අපිටත් ඉර පායනවා
- රී කන්ඩිෂන් කැමපස් කවි-
ගස් බෙන වලට???
Deleteකෙසෙල් ගස් වල ද???
බකුසු නිවස
Deleteකවියයි , ගෙදර පින්තුරෙයි දෙකම මරු ඈ
Delete😂😂😂😂 ඒක මරු.
Deleteමම නම් ඉතිං මේ ඊයේ පෙරේදා බ්ලොග් අටවගත්තු කෙනෙක්. උපදෙස් දෙන්න දැනුමක් නැහැ. ලියන්නත් බැහැ.දැනුමැති ප්‍රවීනයන්ගේ උපදෙස් ඉහ මුදුනෙන් පිළිගන්නවා .හැබැයි ඉතින් හිතනදේ ලියනවා. සංවාදයට තමයි කැමති. වැරදි දේවල් නිවැරිදි වෙන්නේ එතකොට. බලන එක්කෙනෙක් හරි වෙනස් විදිහටක හිතයිනේ කියලා හැමදේම ලියනවා. ඔය ලියන අපි වගේ අයට බස්සා මහත්මයත් අජිත් මහත්මයත් නොවරදවා දායක වෙන එක ලොකු දෙයක්.විවිධ අදහස් ගැටෙන්න ඕනේ.ඕනෙම දෙයක් කියවනවා.
ReplyDeleteඇත්තම කියනව නං, මම වැඩියෙන්ම රස විඳින්නෙ Praසන්ன, ප්‍රාජේ, අජිත්, මහේෂ් වගේ අය දාන goofy කමෙන්ට් තමයි. මට යාලුවො කස්ටියක්, හොර පොට් එකක බොන්න සෙට් වුනා වගේ හැඟීමක් එන්නෙ, සබ්ජෙක්ට් එකට අදාල නොවෙන කමෙන්ට් වලින්.
Deleteඔබතුමා, නිදි , Litseeker, Lotus, Litseeker වගේ අය දාන සබ්ජෙක්ට් එකට අදාල සිරා කමෙන්ට් වලින් ගන්නෙ වෙනමම කික් එකක්.
Litseeker 1 ඇන්ඩ් Litseeker2 ත් ඉන්නවද
Deleteයකෝ අපි දාන්නේ goofy කමෙන්ට් එතකොට මෙච්චර මහන්සි වෙලා සිරා ලියන ඒවා . Praසන්ன යමුද කැනඩා ගිහින් ටොක්කක් ඇනල එන්න
Delete😃😃😃😃😃😂😂😂
Deleteනෑ, නෑ ගමතුමා නං සිරා ඒවත් දානවා. මම වර්ග දෙකටම කැමතියි.🙏💐😋
Deleteසිරා කියන්නෙ මොකක්ද බැස්ටියංතුමා, මං දන්න හිටපු සිරාතුමානං දැං සිංදු කියනවා
Deleteබයි ද වේ බැස්ටියංතුමා මොකක්ද සබ්ජෙක්ට් එක? මගෙ නම කමෙන්ට් එකක තිබුනා ඉතිං කමෙන්ට් කලා. කමෙන්ට් එකක් හරි කියවල කමෙන්ට් එකක් දාන්නෙ කලාතුරකින් තමයි.
Deleteඅපි පරණතාලෙ. Nokiaවා තමයි දාන්නෙ
සිරා කිව්වෙ මරු-සිරා කියන එකනෙ? වන් ෂොට්- වෙඩි වගේ කමෙන්ට්.😁
Delete"කමෙන්ට් දාන්න පෝස්ට් එක කියවන්න ඕනෑ නැත"
- මසුරං වටින නීති උපදෙස්-🤣
//Litseeker 1 ඇන්ඩ් Litseeker2 ත් ඉන්නවද//
Deleteඔව් Litseeker2 කියන්නෙ උන්දැගෙ බාප්පොච්චා. පොඩි ප්‍රින්ටින් බිස්ටේක් එකක් වෙන්න බෑ, බලාගෙන ඉන්නෙ කොටන්න...😋
පොත් ගැන ලියන්න කියවනං ඕනේ නැහැ කියල මහාචාරිය තුමෙක් කියල තිබ්බ . මට දැන් මහාචාරිය නම තියන උන් අරහං
Deleteබලාගෙන ඉන්නෙ කොටන්න--- අපි එහෙමයි 🪓
Delete😂😂😂😂😂
Deleteමහාචාරි ලා එහෙම්මයි වෙන්නැති 🙈🙈🙈
මචං මේ,
ReplyDeleteමම යන පාර හරිද කියලා හිතන්ඩ දෙයක් මෙතන නෑ. එහෙම උඹ යා යුතු මේ පාරය කියලා නිශ්චිත එකක් මේ මිහිපිට නෑ. බොට ඉස්සරහට එන පාරෙ ගමන් කරහං. ඊට වඩා මේ පාර හරියයි කියල පෙනුනොත් ඒකෙත් ගිහින් බලහං.
මට තව අවුරුදු විස්සක් විතර වයස උන තැන මේක මට ආපහු මතක් කරහං. එතකොට මගෙ අදහස ඊටත් වඩා වෙනස් වෙලා තියෙයි.
තෑන්ක්ස් 🥰🥰🥰
Deleteමම කියල තියෙනව වගේ මම ඉදල.තියෙන්නෙ මංමුලා වෙලා. ඔයාල ඔක්කගෙම කමෙන්ට් ටික නිසා සිරා ෆිට් එකක් දැනෙනව. තෑන්ක්ස්. 🥰🥰🥰
මට නම් මේ ලිපියේ කවි ටික ඇරෙන්න අනිත් විලාපය ටිකක් අරහං . කෙලින් හිත රිදෙන්න කැඩෙන්න ලියන එක මගේ පුරුද්ද නිසා මම නම් කියන්නේ ලියන්න ඕනේ නම් ලියපන් යකෝ . ඕනේ නැති දවසට ගිහින් බුදිය ගනින් අඩියක් ගහල . නැහ්නම් හොඳ ෆිල්ම් එකක් බලපන් . අනික බ්ලොග් එක ෆේස්බුක් එකේ ෂෙයාර් කරපං . බලන අය බලයි . මම ලියන්නේ මගේ සොමියට . ඒක නැතිවෙච්ච දවසට මම මාරු
ReplyDeleteකවියට ක්‍රෙඩිට් එක රණවීර මහත්තැංට 😃😃 මම ආස කරන කවියා. අනික් කෙනා නන්දන වීරසිංහ මහත්මයා.
Deleteකුඩු සංසාර වෙන්න කමෙන්ට් බුකියෙ දානව. බ්ලොග් වලත්දැ ම්ම. එක්කෙනෙක් දෙන්නෙක් සදහටම තරහ වුණා. මේ ළඟදි තමා ආසන්නම සිදුවීම වුණේ. ඉතිං මම ඒ ප්‍රතිපත්තිය ටික ටික වෙනස් කරන් යනව. මොකද ඉන්න ටිකෙත් දන්න අදුනන අය ටික තරහ කරන් බැරි නිසා.
බ්ලොග බුකියෙ ෂෙයා කරන්න බෑ. මාකා වාරණ දාල තියෙන්නෙ.
මම ලියන ලිපි බුකියෙ ෂෙයා නොකරන නිසා ලිංක් විතරයි ෂෙයා කලේ. වැඩේ අල වෙලා තියෙන්නෙ.
ස්තූතියි අජිත් අයියා 🥰🥰🥰
ඔව් ඉතින් උඹ අර අච්චර හොඳට කමෙන්ට් දැම්ම ඉවනයා ට වලිය ඇද්දනේ. හේ හේ මමත් හිතුව ඒක කියවල තියෙන කතාවක් කියල . ගණන් ගත්තේ නැහැ . ඉවානය බ්ලොග් වල හිටපු අහිංසකම පොර නේ . බ්ලොග බුකියෙ ෂෙයා කරන්න බෑ මොන බොරුද ඔය අපි දාන්නේ . ඔයාගේ බ්ලොග් එකේ මොකක් හරි පොප් අප් මගුලක් ඇති . ඒවා අයින් කරන්න .
Deleteඔව් ඉතින් උඹ අර අච්චර හොඳට කමෙන්ට් දැම්ම ඉවනයා ට වලිය ඇද්දනේ///
Deleteනෑ... මම වලියක් ඇද්දෙ නෑ. මම ඇහුවෙ එක දෙයයි. අච්චර හොඳට ලියන්න පුලුවන් කම තියෙද්දි ඇයි පරණ ජෝක් රී ක්‍රියේට් කරන්නෙ කියල විතරයි. ඒකට පොරට මළ පැන්න. ඒක ඒම එකක් නෙවී එයාම ලිව්ව ඔරිජිනල් එකක් කියල. ඒ ඇරෙන්න මම කිසිම දේක හොඳක් දකින්නෙ නැති පෙත්තෙක් කිව්ව. (තව වචන කීපයක් තිබුණ මතක නෑ.)
ඒ කරල එයා කිව්වනේ ඔරිජිනල් එකක් තියේ නං අලවපං කියල.
මම සද්ද නැතිව ඉන්න තිබුණ. ඒත් අර කිව්ව දේවල් වලට සිරාවටම මට අවුල් ගියා. ( මම නොදන්න දන්නැතිම උංට හොඳද නරකද අරකද මේකද කියල කවදාවත් කියල නෑ. හොදට දන්න උංට තමා බොක්කෙන්ම කමෙන්ට් දාන්නෙ. හොඳනං ඒකත් නැත්තං ඒකත්.)
ඒකයි ඒකෙ ඔරිජිනල් එක හොයල එතන ඇලෙව්වෙ.
අන්තිමට අපිට වීරයො වෙලා හිටිය උං නිකං පුහු වෙලා ගියා. මගෙ තරහක් නෑ. හැබැයි ඒ මනුස්සයව මං ආයෙ අදුනන්නෙත් නෑ.
හරි හරි . මම හිතුවේ බොලා දෙනන් යාලුවෝ කියල . ප්‍රා එකක් ඒ පැත්තේ ආවත් එක්ක නේද ? ඕවගේ දේ වෙනවා . හැබැයි ඉවානයා දැන් කොහෙවත් නෑ . ෆේස්බුක් එකෙත් නැහැ . මමත් ඔරිජිනල් එක කියවලා තියනව . සමහර වෙලාවට අපේ මොලේම අපට විහිළු කරනවා . අමතක වෙනවා ඉතින් .
Deleteනැහැ අයියා එතන එහෙම ගැටළුවක් වුනේ නැහැ. මම ඒක ඒ තරම් සීරියස් කිව්වෙත් නෑ. මම කිව්වේ මුට හොඳට ලියාගන්න පුළුවන්කම තියෙද්දි පරණ ජෝක් රී ක්‍රියේට් කරනවා වගේ අදහසක්. එච්චරයි. ඒකට එයාට තරහ ගියා.
Deleteඇත්තටම මගේ හිතේ නම් අමනාපයක් අහිතක් එයාව අපහසුතාවයට පත් කිරීමේ වුවමනාවක් තිබ්බේ නෑ. නමුත් එයා කියපු එකෙන් කාලයක් තිස්සේ එයා මං ගැන අවුලෙන් ඉඳලා තියෙනවා කියලා තේරුණා. සමහරවිට මම විහිළුවට වගේ දාන කමෙන්ට් එකකින් හිත රිදිලා හරි වෙන්න ඇති කියලා හිතනවා ඉතින් ඒක තමා එදා අර උපරිම තත්ත්වයට ඇවිල්ලා පුපුරලා ගියෙ කියල හිතනව. එහෙම ඇත්තටම එයා ගැන අහිතක්වත් කිසිම දෙයක් තිබ්බේ නෑ මං හරි ගරු කරපු මනුස්සයෙක් ඉතින් මට කුණුහරප කීවටත් වැඩිය මට අවුල් ඒ කියපු දේට. මොකද මං ආස්‍රය කරේ බොහොම කීප දෙනයි අනිත් එක මං කවදාවත් කාගෙවත් inbox එකට ගිහිල්ලා අන් මනං කියලවත් අහලවත් අනවශ්‍ය දෙයක් කියලවත් නෑ කවදාවත්.
දැන් ඒවා ඉවරයි. මේවා කතා කරන්න ඕන දේවල් නෙවෙයි එව්වා ඔක්කොම ඉවරෙටම ඉවරයි. කියල හිතනවා.
සමහර විට බිසී හින්දා social media use කරනවා අඩු වෙලා වෙන්න ඇති නැත්නම් වෙන එකවුන්ට් එකක් ඇති අජිත් අයියට නිතරම ඔහේ ඉද්දි හම්බවෙනවා නේද
This comment has been removed by the author.
Delete+++++++++++++++++👌
Deleteබසූ රිප්ලයි කරන්න පරක්කු වුණාම කමෙන්ට් මකන එක හරි නෑ ඔන්න 🙈🙈🙈🙈
Deleteතරහලු 🤭🤭🤭
Keep on writing. We r reading whatever articles. Definitely give comments next time.
ReplyDeleteThank you.. 🥰🥰🥰🥰
DeleteIt's not necessary to comment all the time. If I see my audience growing, that's all I want 🥰🥰🥰
Thank you again 🥰🥰🥰
//මගේ සමහර අතීත ලියවිලි දැක්කහම මට හිනා යනව. මේ මොන ළාමක ළද බොලඳ කවිද කතාද කියලා. ඒ තරමටම මම ලියපු සමහර ලියවිලි දැක්කාම මා ගැනම දුක හිතෙන වෙලාවලුත් තියෙනවා මේ තරම් හොඳටත් මම ලියලා තියෙයි නේද කියලා.//
ReplyDeleteමේ දෙකම ඒ විදියටම අත්විඳින කෙනෙක් මම.. හැම වචනයක්ම ඇත්ත..
සිරාවට... අපි මොට්ට වෙලාද නැත්තං උවමනාවක් නැතිවද..? හිතාගන්න බෑ.
Deleteකෝම වෙතත් ස්තූතියි සමී ඇවිත් ගියාට 🥰🥰🥰
This comment has been removed by the author.
ReplyDelete2015 පාසල් දැරියක්ව ලියද්දි තරංවත් දැන් ලියන එව්ව කියවෙන්නෙ නෑ කියල දන්නව. ඒත් තාම පුරුද්දට ලියවෙනව. කියවන අය කියවාවි - නැත්තං ඔහේ ලියන එව්වා එකතු වේවි කියලා හිතාන!
ReplyDeleteවැසි ලියන ඒව ලස්සනයි. මම ඉස්සරෝම කියවපු දවසෙ ඉදං අද වෙනකං (හැම වෙලේම කමෙන්ටු නොවැටුණත්) ඔබ ලියන එව්ව කියවන කෙනෙක්. 🥰
Deleteලියන්න බෑ කියලා කියුවාට ලස්සනයි ලියලා තියෙන ටික. කට්ටියගේ කමෙන්ට් මම දක්කා. ඔයාල ඔහොම කියද්දී මේ යාන්තම් followers 20 ඉන්න ඉඳ හිට කමෙන්ට් එකක් දෙකක් ලැබෙන අසරණ මම ගැන මොන කතාද කියලා මට හිතුනා. දුකයි කැතයි ලැජ්ජයි බයයි. ඕන් හැම එකම දැනුනා මට. අර නිසදැසත් මාරු. මම ඒක ගන්නම් අපේ සඟරාවට ඈ... හ් .. ඔබේ නමින්ම
ReplyDeleteමේ සටහනේ නිසඳසක් නැති නිසා කොතනින් ගත් නිසදසක් ද කියල කියන්න පුලුවන් නං සතුටුයි 🥰
Delete