Pages
නිවහන
කවි මී මදු
නෙල්ලි
කතා සූකිරි
පීට්සා
ස්මරණ
අත-හිත
Thursday, August 14, 2014
කවියක් නැති කවි හිතක්...
උඹට කියන්නට බැරිව
ඉතුරු වුණ කවියක්
තියනවා තවම හිත කොණක
අකුරක් උඩ වැතිරෙන දිනය හිත හිත...
Read more »
Monday, August 11, 2014
ස්මරණ-09- රබර් ගලවා සරුංගල් යැවීම.
හැම කෙනාටම අනෙක් අයට කියන්නට කතාවක් තිබේ. සමහරුන් එය අන්‍යන්ට කියනා අතර සමහරුන් නිහඩව සිටී. මේ දෙවර්ගයේම අය තවත් කෙනෙක් කතාවක් කියද්දී අසා සිටිති. නැතහොත් තමන්නේ වාරය එනතෙක් ඉවසිලිමත් ව ද නොයිවසිලිමත් ව ද බලා හිදිති. එහෙත් කිසිවෙක්ට වත් තමන්නේ කතාව පිළිවෙලකට ගලපා පැවසිය නොහැක. එසේ හැකි වුවද අවකාශයක් නැත. එකිනෙකට එකක් සම්බන්ධ සිද්ධි දාමයන් ඔවුන්ව පටලවති. ඉවසීම මනා සේ පුරුදු පුහුණු කළ තැනැත්තාට වුව මේ දුෂ්කර කාර්යයක් විය හැක. ජීවිතය පැටළුණ නූල් බෝලයකි. එහි එක් කෙළවරක් කිසිවකුගේ හස්තයේ ඇත. අනෙක් කෙළවර ඉන්නේ ඔබය මමය. පාලනය වන්නා හා පාලනය කරන්නා අතර සබදතාව රැකෙන්නේ ඒ අතර ඇති නූලෙනි. එය බිදී ගියහොත්...????? හරියට සරුංගලයක් මෙනි.
Read more »
Friday, August 8, 2014
කන්‍යාවිය මමයි රීකන්ඩිෂන් කළ
බැලුවා පත්තරේ අම්මා තාත්තා
තෝරා බැලුවේ නම් ලොකු තාත්තා
කරකාරයට මා සරණට දෙන්න සිතා
ජයට මගුල් මම හිටියේ නොකර කතා
..
Read more »
Tuesday, August 5, 2014
ඔබේ ජංගම දුරකථනය සදහා හොදම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් කීපයක්... The Best Android apps for your Mobile
හප්පේ...... ෆෝන් කට්ටක් එක්ක ඔට්ටු වෙවී ඉදල මම වින්ද දුකක්.. රූට්(Root) කරනව කියනෙක මෙච්චර අවුල්ද අය්යෝ... ඒත් තාම රූට් කරගන්නත් බැරි වුණා. කොච්චර ෂෝක්ද නේ... මේ පාර ස්මරණ නොලිය ඒකට ඔට්ටු වෙවී හිටිය. මොනා කරන්නද නේද... ඒ අව්වස්සෙ කොහොම හරි පෝස්ටුවක් කොටන්න කියල තමා මේ ට්‍රයි එක... අද නං අවන්හලෙන් දෙන්නෙ කතාවක් වත් කවියක් වත් වෙන දෙයක් වත් නෙවෙයි.. හුදී ජන හිතසුව තකා ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන රසික සහෘද ජනතාවට වැදගත්ම වෙන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් (Android app)කීපයක්... ඒ වගේම මේ සියළුම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් මම පාවිච්චි කරල සහ දැනටත් මම පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්. ඒ හන්ද මේ එකක් වත් වෛරස් හෝ නුවුමනා යෙදුම්(Unwanted Apps) නොවන බව කියන්න ඕන.
Read more »
Thursday, July 31, 2014
අහස සේ ඔබ අනන්තයි....
මං බයවෙයි...
ඒ දිලිසෙන ඇස් මං දිහාම බලාගෙන... මං රැව්ව... ඈ බය නැතිවම තවමත් මං දිහාම බලාගෙන..
මං බයවෙයි...
ඈ මට සත්තම දානව... මං හිනාවුණා...
මං බයයි...
ඈ ඇස් විසල් කරගෙන මගෙ ඇස් වලට එබුණ...
ඇයි... ඔයා වගේ මං නපුරු නෑ....
Read more »
Monday, July 28, 2014
ස්මරණ 08- හොදම දේ දරුවන්ටයි- ii
කියන්නට දේවල් නම් එමට ඇත. නමුත් පැවසිය යුතුයි කියා සියල්ලම කියන්නට යාමෙන් කියවන්නන්ට ලියා ඇති දේ එපා විය හැක. එහෙත් පසුගිය සතියේ අදහස් සදහා ඉඩදී මා බලාපොරොත්තු වූ තරම් යහපතක් නුවූවත් කිහිප දෙනෙකුට යම් තරමක මතකය අවදි වී තිබිණ. එබැවින්
යම් සතුටක් මා එමගින් ලැබූ බව
නොකියාම බැරිය. එහෙත් බයිසිකල් රිම්, ටයර්, පොල්පිති ගොන්නුන් ට වඩා යමක් මා බලාපොරොත්තු වූ බව නම් නොකියාම බැරිය. එබැවින් එදා ඇතිවූ හිඩැස මකන්නට ඒ සටහන මදක් දීර්ඝ කිරීමට සිතුවෙමි.
Read more »
Thursday, July 24, 2014
කට කහන කවි - දැන් සනීපද..?
අපි ජාති වාදී නැත අපි හෙණ පොරවල්ය
කියනා උන් ළ
ඟත්
ජාතිවාදය තිබේ
මාලිංගට ප්‍රේම කර කෝලිට වෛර කරන්නේ ඒ හින්දාය..
අමරදේවයන් ශාස්ත්‍රීය යැයි සංකීර්ණ යයි කියයි
ජෝතිපාලයන් සරල යැයි අපූර්ව යැයි කියයි
මනුෂ්‍ය සන්තානයේ ඇති සංකීර්ණත්වය හන්දාම
ඔවුන් දෙදෙනාම පුරාවෘත්ත ගතව ඇත...
Read more »
Monday, July 21, 2014
ස්මරණ 07--හොදම දේ දරුවන්ටයි...
මේ දිනවල වසල මුග්ධ වෙළෙන්දන්ගේ පූජනීය ස්ලෝගන් එක බවට පත්ව ඇත්තේ හොදම දේ දරුවන්ටයි... යන වචන කිහිපය ය වේ. වර්තමානය වන විට පවත්නා නෙක නෙක අරුමෝසම්
භාණ්ඩ, නෙක නෙක වර්ණ පාසල් උපකරණ මෙන්ම
විවිධ වූ ආකාර ක්‍රීඩා භාණ්ඩ අතර අතරමං වූ ළමා වියක් අපට නොතිබුණි. ඒ පිළිබද හිත කොණකවත් දුකක් නැත්තේ නූතන ළමා ලෝකය හා සැසදීමේදී කෙතරම් දුෂ්කරතා මැද
වුවත් අප සතුටේ උපරිමය බුක්ති වින්ද බැවිනි. තරගකාරීත්වය, සෝබනය, මෙන්ම අම්මලාගේ විබාගය(ශිෂ්‍යත්වය) වෙනුවෙන් වත් ඔවුන් අපව වෙහෙස නොකළෝ ය. එබැවින් අපට හිතුවක් කරන්නට මෙන්ම අපේ තීරණ අපම ගන්නට හැකි වටපිටාවක් නිර්මාණය වී තිබිණ.. යමක් පිළිබද නිසි තේරුමක් නොවී නම් හෝ යමක් පිළිබද තීරණ ගන්නට අප මුහුකුරා නෙවී නම් හෝ පමණි අප ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තේ.. පසු කලෙක සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සදහා සූදානම් වන කාලයේ වත් ඔවුන් අපට බාධා නොකළේය.
Read more »
Thursday, July 17, 2014
ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා
කියූ නොකියූ කතාවක
ඉතිරිය....
වෙලාව උදේ නමයත් පහුවෙලා... මම මහ වීදිය දිගේ ඇවිත් මුස්ලිම් පල්ලිය ගාවින් වැව රවුමට හැරුණ.. සතියෙ දවසක්
වුණත් වැව රවුමෙ
ඉදගන්න ඉඩක් හොයාගන්න එක ලේසි නෑ.. අමතර පංති වලට සහභාගි වෙන කොල්ලන්ට කෙල්ලන්ට පංති යන එකට වඩා වැඩ තියෙයි කියල මට හිතුණ. සමහර විට අපිටත් අපි පංති යන දවස් වල වැඩ තියෙන්න නැතෑ ..
Read more »
Monday, July 14, 2014
ස්මරණ-06 ජීවන සටන (රබර් ඇට කොකෝ ඇට හා ඔට්ටපාලු)
මේ කතාව ඕනෑවට වඩා දිග්ගැස්සෙන්නට පටන් ගත්තේ දෝ සිතෙයි. නමුත් කියන්නට ආ දේ අවසන් කල යුතුය. පසුගිය සතියේ කීවා සේ පොල් යන වචනයෙන් තොර ජීවිතයක් මෙහි නොතිබිණ. සෑම සියල්ලක් හාම බද්ධ වී තිබූ යේ පොල්ය. පසුගිය සතියේ පොල් ඉරටුව ගැන කීවත් පොල් අත්ත ඉවරයක් කරන්නට නොහැක විය. මේ වෑයම එයටයි.
වත්තේ දිවි ගෙවූ සෑම කෙනෙකුටම පාහේ තිබූ දක්ෂතාවයක් ලෙස පොල්ලතු විවීම අවිවාදයෙන් නම් කළ හැක.
එහෙත් තරගයකට ඉදිරිපත්ව නිරවුල්වත්, පරිපූර්ණවත්, වේගයෙනුත් , පොල්ලත්තක් වියන්නට හැකියාව තුබූයේ අල්ප දෙනෙකුටය.
එබැවින් සැම වසරකම පැවැත්වෙන අවුරුදු උළෙළ වල පැවැත්වූ පොල්ලතු විවීමේ තරග වලින් ජයග්‍රහණය කලේ තුන් දෙනෙක් නැතිනම් හතර දෙනෙකි. පහුගිය වසර කීපය පුරාවටම අවුරුදු උළෙල කිහිපයකම පොල්ලතු විවීමේ ශූරතාවය අඛණ්ඩව ජයගන්නට හැකිවූයේ මගේ පුංචිටය. එනම් අම්මාගේ බාල නැගණියටය.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)