Pages

Pages

Friday, September 6, 2013

අවන්හල.....

ළිහිණියෝ අහස් කුස සරනාතරේ
ලයිට් හවුසිය මළානිකව
සැදෑ අඳුරෙහි ගිලෙනා වෙලේ
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම
සයුර දෙස...
රැළි නගන-රැළි බි‍දෙන
පෙන පිපෙන-පෙණ බිදෙන
එහිම අනන්තයෙන් හිත බිය වදින
සයුර දෙස....
දවස ගෙවීමේ පාපයෙන්
විඩා වැටී හෙම්බත්ව
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම...
මතකයට නොනගිනා තරම්
දෝමනස්සයෝ
මධු බදුනක පිහිටෙන්
දියකරන්නට යත් දරමි මම...
නැගිටිමි පිටවෙමි
අනේක ජීවයෝ
යළි යළිදු පැමිනෙති පිටවෙති
ජීවිතය දිය කර හරිති
රළ නැගෙයි-බිදෙයි
පෙණ පිපෙයි-මියැදෙයි
ළිහිණියෝ තවම නුබ ගැබ සරති....

 

2 comments:

  1. ‍නොහඩන් සැළලිහිණි
    බි‍දෙන ‍පෙණ පිඩු මත..!

    ReplyDelete
    Replies
    1. හිහි... එහෙමද... මේ මගේ ඇරඹුම නෙව...
      සකල සියල්ල හැඩීමක් නෙව

      Delete