Pages

Pages

Monday, October 14, 2013

නොවෙන අමතක නුඹේ මතකය

සිහින පොදි බැදන් ඉන්නට
බෑ ඉතින් තවත් දුකයි හිතට
නුඹ නොඑන වග දැනෙන විට
නෙතු පිරෙයි කඳුළු මුතු ඇට
නුඹට මම පෙම් කළ තරමට
පෙම් නොකළ බව නුඹ මට
සිතෙන විට ඉකි ගැසෙයි නොදැනිම
හඩමි මම නුඹට නොඇසෙන්නට
මැයි මල් වැටුණ පාර ඉම
මනෙත් වෙත එබී නුඹ කියපු කව
තවම ඇසෙනවා වගෙයි මට
නුඹෙන් තොර මතකයක් නෑ මගෙ ළග

No comments:

Post a Comment