Pages

Pages

Monday, November 25, 2013

ඔයා නිසා

සදට තරුව සේ සැමදා ළග ඉන්න
දෑතට තුරුළු වී ඔබෙ උණුහුම ගන්න
මතු සසරේ වත් ඔබ හා එක් වන්න
උතුරන සෙනෙහසින් දෝතක් මට දෙන්න......
ඔබ හා ගෙවුණ ඒ කාලය සිහි වෙනවා
ආගිය ගමන් සග තොට මට හමුවෙනවා
පෙරදා වගෙ අදත් සැමදේ සිදු වෙනවා
ඔබ නැති අඩුව විතරක් හද හඩවනවා.......
  
                ----සුදු ටීච----

No comments:

Post a Comment