Pages

Pages

Thursday, May 20, 2021

කඳුළු එන්නට දුකක් ඕනද.....


අ‍නෝරා මහ වැහි සහස් මැද

රැක්කෙ ඔක්කේ තියා නුඹලව

විඳින්නට මට ජීවිතේ ඉඩ

නොතිබුණා හෙම නොවෙයි මා පුත

ඒ වුණත් ඔය එක හිනාවට

මැකුණි දුක් පපු කන්ද ඉතිරුණ...

 

නිවන්නට මේ ජීවිතේ බර

පුතුණි ඇස් පිය වුණා නොව

සතුට විඳිනෙමි එදා වාගෙම

කඳුළු එන්නට දුකක් ඕනද....

 

එදා වාගෙම මහ වැහි වැටෙනකොට

හයිය අදටත් පුතු සෙනේහෙයි මට

නුඹල නැති මට නිවන් මොකටද

එක්ව යමු මේ සංසාර දුර....

නිසල රූ අනුග්‍රහය - රන්දිකා ඉශානි

2 comments:

  1. සිංදුවකට හොඳයි

    ReplyDelete
    Replies
    1. හී.... අපිට නෑනේ ඔය සිංදු සිහින. 😃 මේව කවුරු කියන්නද අයියා.

      Delete