ප්‍රේමකීර්ති රණතුංග මහත්මයගෙ “මුක්කරු ගොඩැල්ල" කියවලා ඉවර කළේ දැං. වෘතාන්තමය සහ ඉතිහාසමය කතා වලට ප්‍රියත්වයක් දක්වන කෙනෙක් විදිහට ප්‍රේමකීර්ති රණතුංගයන්ගෙ නිර්මාණයන්ට මම සෑහෙන්න ඇල්මක් දක්වන කෙනෙක්. නොදන්නා කම නිසා මඟඇරුනු පොතක් දෙකක් තිබුනා නම් හැර ඔහුගෙ සියලුම නිර්මාණයන් හි පිටපතක් මා විසින් අත්පත් කරගෙන ඇති බවට මම විශ්වාස කරනව.
හරි එව්ව පැත්තකට කරමු. මේ කතාව මැණික් ගැන. මැණික්
කිව්වට මැණික් ගැන අසා පමණක් ඇති අයට නුහුරු නුපුරුදු කතාවක් ගැන. මුක්කරුන් ගැන. පොතේ
නමේ විදිහටම මුක්කරු ගොඩැලි ගැන. ඔවුන්ගෙ සොහොන් ගැන සහ සමස්ථ මැණික් කර්මාන්තය
ගැන. සුපුරුදු විදිහටම ප්‍රේමකීර්ති රණතුංගයන් “මුක්කරු ගොඩැල්ල” ලියන්න පෙර හොඳ
හැදෑරීමක් කරල තියෙන වග සඳහන් කළ යුතුමයි. මේ පොතෙන් අපිට කියන ඉතිහාස තොරතුරු සහ
මැණික් කර්මාන්තය හා බැදුණු වත් පිළවෙත් ගැන ඉදිරිපත් වෙන කරුණු ඊට සාක්ෂි සපයාවි
යැයි මම සිතනවා.
සුමනදාස කියන්නෙ කුම්භකාර කුලේ කොලු ගැටයෙක්. ගමේ රදළ පැළැන්තියෙ
චූටි මහත්තයෙක්ගෙන් තම පවුලට වෙන නොමනා බලපෑම් නිසා අනාගතයෙ හොඳ සල්ලිකාරයෙක් වෙලා
පළාතෙ නමක් ඇතිකරගන්න වගේම බලයත් පතුරන්න බලාගෙන ඉන්න අහිංසක වුණත් අධිෂ්ඨානශීලී කොලු
ගැටයෙක්. ඉතින් මේ කොලු ගැටය තමන්ගෙ පාරම්පරික රස්සාව වන වළං හැදීම ප්‍රතික්ෂේප
කරල ඔහුගෙ හීනය කෙටි මඟකින් ඉටු කර ගන්න පුලුවන් එකම
ක්‍රමය, රත්නපුරා පළාතෙ හැම කෙනාගෙම හීනෙ වෙන මැණිකක් ගොඩදාගන්න අදහසින් මැණික්
ගැරීමට යොමු වෙනව. සුමනදාස සාර්ථක වෙයිද නැද්ද කියල අහන එක
තේරුමක් නෑ. මොකද කතාවෙ මුලම ඒ ගැන කියනව. එතකොට
මෙතක කතාව මොකද්ද.? ඒ තමයි සුමනදාස ඒ තැනට පත් වුණේ කොහොමද කියන එක.
කුතුහලයකින් යුක්තව එක
හුස්මට කියවාගෙන යන්න පුළුවන් කතාවක්
විදිහට “මුක්කරු ගොඩැල්ල” හදුන්වන්න පුලුවන්. ඒ වගේම කියවන්නා වෙහෙසට පත් කරන
ආකාරයේ ආඛ්‍යාන රටාවකින් තොරව බොහොම සැහැල්ලු වගේම මනරම් භාෂාවකින් මුක්කරු
ගොඩැල්ල පාඨකයා හමුවට ඉදිරිපත් වෙනව. ඒ
වගේම ප්‍රේමකීති මහත්මයගෙ බොහෝ පොත් වල වගේම කතාවට පසුබිම් වන ක්ෂේත්‍රය සම්බන්ධ
තරමක දැනුමක් ලබාගන්නත් පුලුවන්.
හැමදාම වගේ ප්‍රේමකීර්ති රණතුංග මහත්මයගෙ පොත් වල තියෙන සුපුරුදු
ගැටලුව මම මේ පොත තුළත් දකිනව. සුපුරුදු විදිහටම කතාවෙ වීරයා සහ දුෂ්ටයා සුදු සහ
කලු පාටින් නිරූපණය වෙනව. අළු චරිතයක් සෙවීමේ පාඨක අදහස බිඳ වැටෙන්නෙ කතාවෙ පළවෙනි
පරිච්ඡේද දෙක තුන අවසන් වන විටමයි. ඉදිරිපත් වන චරිත වල පැතලි ස්වභාවය නිසා
කතාවෙන් වඩාත් කුතුහලයක් ලබාගැනීමේ සහ වඩා රසයක් ලබා ගැනීමේ පාඨක බලාපොරොත්තුව බිඳ
වැටෙනව කියල කියන්න පුළුවන්. කතාවේ වස්තු විෂය වෙනස් වුණත්, උදාහරණයක් විදිහට මීට
පෙර මම කියවල තියෙන “මුතු වසන්යෙ” අරිප්පුවෙ මුතු සංස්කෘතියේ නැඟීම හා බිඳ වැටීම
පාදක වෙලා තියේ. ඒ වගේම “කුණ්ඩලිය” තුලින් පුස්කොල පොත් සැකසීමේ පාරම්පරික පවුලක්
මුහුණ දෙන බිඳ වැටුම් සහ නව පරම්පරාවේ නැඟිම් ගැන කියනව. පොල් මට්ටා තුලින්ද ඊට වෙනස්
කතාවක් අප හමුවට ඉදිරිපත් නොවේ. මේ සියළුව කෘතීන් සඳහා පාදක වන පසුබිම් විස්තර
හැරුණු විට සියලුම ගොඩනැඟීම් ඒකාකාරී ස්වරූපයක් ගනී. ඔබ ප්‍රේමකීර්ති රණතුංග
මහතාගේ නවකතා කියවා ඇත්නම් මා කියන්නකට බොහෝ දුරට එකඟ වනවා ඇත. මගෙ වචන වලින් කියනව
නං වෙනස් මුට්ටි වල එකම අච්චාරුව.
සෝදුපත් කියවීම නිසි ආකාරව සිද්ධ නොවීම ඔහුගේ පොත් වලට
ආවේණික දෝෂයක්ද කියල හිතෙන තරමටම ඔහුගෙ පොත් වල මුද්‍රණ දෝෂ හමුවෙනව. ඔහුගෙ “කුණ්ඩලිය”
පොතෙන් පසු ආව නවකතා වල පිටකවරේ ගැටළුව නම් විසඳී ඇති එකට සතුටු විය හැකියි. මා
දුටු ලේඛකයන් අතුරින් පිටකවරය ගැන අඩුවෙන්ම තැකීමක් කර ඇති ලේඛකයා ඔහු බව කියන්න
පුලුවන්. නමුත් “මුතු වසන්තය” පොතේ පිට කවරයත් එතරම් සාර්ථක එකක් නොවේ. කෙනෙකුට
තර්ක කරන්න පුලුවන් පිටකවරෙන් ඇති පලේ මොකක්ද කියල. ඒත් ලංකාවෙ අපි,
“...පොතට කලින් හැමදාමත් පිටකවරෙන බැලුවේ...”
සමස්ථයක් විදිහට කියනව නං සරල නවකතාවක් විදිහට බොහොම
සැහැල්ලුවෙන් කියවල අවසන් කරන්න පුලුවන් වගේම හිතේ ප්‍රශ්න මොහොතකට හරි අමතක වෙන්න
කියල පොතක් කියවනනව නං කියවන්න කියල බයක් නැතිව කියන්න පුලුවන් පොතක් විදිහට “මුක්කරු
ගොඩැල්ල” හඳුන්වන්න පුලුවන්.
මුක්කරු ගොඩැල්ල
කර්තෘ - ප්‍රේමකීර්ති රණතුංග
ප්‍රකාශනය -
දයාවංශ ජයකොඩි සහ සමාගම
පිටු - 228
මිල - රු. 850.00
ඇගයීම - 3.5/5
මං පොඩි කාලේ ඉදන්ම පට්ට පොත් තොගයක් කියවලා තියෙනව කියල ගැම්මෙන් හිටියට මෙහෙම ලේඛකයෙක් ගැන ඇහුවෙත් අදනෙ.මේ කියපු එකම නමක්වත් අහල දැකල තිබුන මතකයක්වත් නෑනේ.ඒකටනම් මං ගැනම දුකත් හිතුනා අප්පා😪 සැලෙන්න නාකයි හොයාගෙන කියවන්න ඕනේ.
ReplyDeleteමෙයාගෙ පොත් හොඳයි. එක එක ක්ෂේත්‍ර ගැන හොඳ අධ්‍යනයක් කරල ලියන කෙනෙක්.
Deleteවරදක් නෑ. ඒත් ඉතිං මට නං මදි.
කියෙව්වට පාඩු නෑ.
පුලුවන්වුනොත් මෙයා ගැන පෝස්ට් එකක් දාන්නංකො
කියෙව්වා. +++++++++++💐👌
ReplyDelete"මාත් අදමයි ඇහැව්වෙ" කියන එක තේරුමක් නෑ, මම කියවන පොත් ගාණත් එක්ක බැලුවාම.😁
උඹ වස කම්මැලි බස්සෙක්. පොතක් වත් කියවන්නැති. දවල්ට නිදියන්නැතිව ටිකක් ඇහැරන් ඉදල පොතක් කියවන්නකො 😁
Deleteබෂ්ෂට බයිනවට මං විරැද්ධයි හිටං. මාත් වෂ කම්මැලියෙක් කියවන්ට!
Deleteරිවිව් කියවන්ටෙ නෑ... පොත් නොකියවන හන්ද. පොතක් කියෝල තමයි හටං රිවිව් එකක් කියවන්නෙ 🙈
ආන්න බොට තේරුනා නමියො. මේ ඉන්ටනෙට් යුගේ පොත් කියවන්නෙ මොකටෑ, රිවීව්, රීකැප් තියෙන කොට.😋
Deleteඉතා අඟනා විචාරයක්...ගොඩක් පැති වලින් බලලා කරපු විචාරයක්..සාහිත්‍ය විචාරය විශයක් ලෙස ඉගෙන ගෙන තියෙනවා ද?
ReplyDeleteහිතෙන දෙවල් තමා
Deleteස්තූතියි මයියා
මෙම ලේඛකයා ගැන මාත් අහල තිබුනේ නෑ. ඒත් ඔබ පෙන්නුම් කරන ආකාරයට ඉතා වෙහෙස ගෙන ලේඛන කලාවේ යෙදෙන කෙනෙක්. ඒ වෙහෙස අපතේ යාම අපරාධයක්. නිසි විචාර කලාවක් නොතිබීමේ හා සීමිත කුලකයක් අත ගැවසෙන ප්‍රචාර විචාරවල විපාක.
ReplyDeleteඒක නං ඇත්ත. මෙයාගෙ පොත් නරකයි කියන්න නෑ. හුගක් හොඳ පොත් තියේ. ඒත් ප්‍රචාරයක් නං නෑ තමයි කටිං කට ප්‍රචාරෙ විතරය්
Deleteපොත් කිහිපයක් තියෙනවා කියවන්න හිටං
ReplyDeleteමුක්කරු ගොඩැල්ලත් එතන්ට දැම්ම බොලං
ඉස්සර වගේ නෙවෙයිනෙ දැන් ආයුබොවන්
හිත තිබ්බට වැඩ කෙරෙන්නෙ අඩු වේගෙන්
හ්ම්ම්.. හ්ම්ම්ම්...
Deleteපොතක් කියවන්න වෙලාවක් හොයාගන්නත් ටිකක් අමාරුයි. මේක තනිකරම රේස් එකක්.
නැද්ද නි.දි අයියා
මං සිංහල නවකතාවලින් දැන් කියවන්නේ අයිතිහාසික හෝ අතීත මතක පොත් විතරයිනෙ. පිටරට ඉංග්‍රීසි සහ ලංකාවෙ සිංහල නවකතාවල ලොකුම වෙනස මට පේන්නෙ රිසර්ච් සහ එඩිටිං වල වෙනස. ප්‍රේම කීර්ති රණතුංග වගේ අය රිසර්ච්වල අඩුපාඩු අවම කරගන්න හුඟක් වෙහෙසෙන අය. ඒත් එඩිටිං වල අඩුපාඩු එහෙමමයි. වචන මුද්‍රණ් දෝෂ නෙමෙයි මං කියන්නෙ. ප්ලොට් එකේ වරදින තැන්, නම් වරදින තැන්, රිපීට් වෙන තැන් වගේ ඒවා.
ReplyDeleteහැබැයි පිටරට හොඳ ඉන්ග්‍රීසි නවකතා කතෘවරුන්ට තමන්ගෙ රිසර්ච් කණ්ඩායමක් ඉන්න නිසා ( හුඟක් වෙලාවට එක පොතේම වෙනස් විෂයයන්ට වෙනමම රිසර්චර්ස්ලා ඉන්නව) සහ ප්‍රකාශකයින්ගෙන් එඩිටර්ස්ල කණ්ඩායමක් ලැබෙන නිසා ලංකාවෙ නවකතා පොත් එක්ක සංසන්දනය අසාධාරණයි.
ඒත් කියවන අපිට ඒ වෙනස හොඳින් දැනෙනවා
ඉංග්‍රීසි නවකතා එක්ක මේව සසදන එක තේරුමක් නෑ. ඒක හරි. සාමාන්‍යයෙන් මම ලේසියකට එහෙම කම්පෙයා කරන්නෙ නෑ. නමුත් අනිත් අයට එහෙම වෙන්න පුලුවන් නෙ. ඒක හරි.
Deleteප්‍රේමකීර්ති මහත්මයගෙ පොත් වල රිසර්ච්චපැ ත්ත හොඳයි. එඩිටිං අවුල්. ඔයා කියන ප්‍රශ්නෙ නිතරම මම දකිනව.
ලංකාව වගේ රටක ලොකු කෘ එකක් තියාගෙන පොතක් කරනව කියන්නෙ බැරි වැඩක් නෙවෙයි. කරන්නම බැරි වැඩක්.
ඒකට කාටවත් දොස් කියල හරියන්නෑ.
පොත් කියන ජාතිය එක කුලකයකට හිරකරගන්න දගලන විදග්ධ විදිහට පෙනී හිටිය ඔලමොට්ටලයො තමා මෙවට වග කියන්න ඔින.
මොකද ලංකාව කියන්නෙ ග්‍රන්ථ සාහිත්‍යට ආගන්තුක රටක් නෙවෙයි නෙ
https://www.writersdigest.com/be-inspired/arrr-is-for-research-adventures-in-writing-a-pirate-novel
Deleteගොඩක් ස්තූතියි ඔත්තුවට. පුරාවිද්‍යාව යටතේ, ඔය මුක්කරුන්ගෙ මැණික් ගැරිල්ල ගැන අහලා කියවලා තිබුණා. ප්‍රේමකීර්ති මහතා ගැන දැනං උන්නෙ නෑ.
ReplyDeleteඅනික, වෙරි සොරි මේ පෝස්ට් එක මග ඇරුණට.
මහේෂය එක්ක වෙරි වෙනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වැඩක්. හැක්..
Deleteකාලෙකින් පොතක් කියෙවුවෙ නෑ.
ReplyDeleteඒ උනාට බ්ලොග් කියවනවනෙ.