Pages

Pages

Wednesday, November 5, 2025

මහා ගින්නක වියරුවට එරෙහිව : The Lost Bus



2025 අවුරුද්දේ නිකුත් උන තවත්  චිත්‍රපටයක් තමයි The Lost Bus කියන්නේ.  චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ The bourne series, United 93, Captain Philips, Bloody Sunday වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Paul green grass විසින්. මේ චිත්‍රපටයට පසුබිම් වෙන්නේ 2018 අවුරුද්දේ කැලිෆෝනියාවේ සිද්ධ උන "Camp Fire"  කියන නමින් ප්‍රසිද්ධ ලැව් ගින්න පාදක කරගෙන. මේ චිත්‍රපටය නිකුත් වෙන්නේ Apple TV ඔස්සේ. ඒ වගේම සීමිත දර්ශන වාර කිහිපයක් සිනමාශාලාවලටත් ලැබුණා. මේ චිත්‍රපටයට ජාත්‍යන්තර  සිනමා දත්ත දර්ශකයෙන් වගේම රොට්න් ටොමැටෝස් විචාරක අඩවියෙනුත් ඉහළ පැසසුම් හිමිවෙලා තියෙනවා.

චිත්‍රපටය ගැන කතා කරනවනම් ගින්න අවස්ථාවේ පාසල් බස් රථ රියදුරෙක් වන කෙවින් මැකේ සහ පාසල් ගුරුවරියක් වුන  මේරි ලුඩ්විග් කියන ගුරුවරිය විසින් පාසල් ළමුන් 22 ක් ගින්න හරහා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට දරන උත්සාහය තමයි මේ චිත්‍රපටය පුරාම අපිට දැකගන්න පුළුවන් වෙන්නේ. චිත්‍රපටය තුළ කෙවින් මැකේ චරිතයට රඟපාන්නේ Matthew McConaghey විසින් වන අතර ගුරුවරියගේ චරිතයට America Ferrara විසින් රංගන දායකත්වය ලබා දෙනු ලබනවා.

මේ චිත්‍රපටය සාමාන්‍ය ව්‍යසන අවස්ථාවක් නිරූපණය කරන චිත්‍රපටයක් නොවී අප වැනි සාමාන්‍ය මිනිසුන් අසාමාන්‍ය මාරාන්තික තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය ග්‍රහණය කර ගන්නා මානුෂීය හරයක් සහිත survival drama එකක් විදිහට මම දකිනවා. මෙම චිත්‍රපටය නරඹන විට ප්‍රේක්ෂකයාට දැනෙන අධික ආතති සහගත ස්වභාවය සහ තිරයේ ඉදිරිපත් වන සිදුවීම පිළිබඳව හදවතට දැනෙන නිර්වාජත්වය ට හේතුවක් විදිහට අධ්‍යක්ෂකවරයාගේ අධ්‍යක්ෂණ  ශෛලියට ගැලපෙන විශිෂ්ට කැමරා මෙහෙයවීම සහ රූප රාමු සංස්කරණය කර තිබෙන තීව්‍ර සංස්කරණ විලාශය දක්වන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටය තුළ වැඩි කොටසක් අයිතිකරගන්න ගින්න සහ දුමාරය  ප්‍රේක්ෂකයාට අතිශයින්ම බියකරු අයුරින් දෘශ්‍යමාන කරන්න සංස්කරණ ශිල්පීන් වගේම දෘෂ්‍ය  ප්‍රයෝග ශිල්පීන් සෑහෙන උත්සාහයක් දරලා තියෙන බව පේනවා. උදාහරණයක් විදිහට කතා කරනවා නම් ඔබ මේ වන විටත් මෙම සිනමා නිර්මාණය නරඹා තිබෙන අයෙක් නම් ගින්න අවස්ථාවේ සහ ගින්නෙන් පසු බස් රථය තුළ  සහ එහි බාහිර ස්වභාවය නිරූපණය කරන ආකාරය, බස් රථයේ වීදුරු මත  දුමාරය තැවරී තිබෙන ආකාරය, රියදුරාගේ ශරීරයේ බාහිර ස්වරූපය වෙනස් වී ඇති ආකාරය හා කුඩා දරුවන්ගේ හැසිරීම ආදී දෘශ්‍ය විස්තර ඉතා සියුම්ව නිරූපණය කරන්න ඔවුන් උත්සාහ ගෙන තියෙනවා 

ඒ වගේම Matthew McConaghey ගේ රංගන විලාශය ගැන කතා නොකරම බැහැ කියලා මම හිතනවා. මොකද ඔහුගේ චරිතය තුළින් ඉදිරිපත් වෙන රළු, ඒ වගේම වෙහෙසට පත් නමුත් අනිත් අය වෙනුවෙන් සටන් වදින්න පුළුවන් කියන වීරයෙකු සතු ලක්ෂණ  සියුම් විදිහට ඉදිරිපත් කරන්න ඔහු සමත් වෙලා තියෙනවා. 

නමුත් කිව යුතුම දෙයක් විදිහට මෙහි ඇතැම් දෙබස් සහ සමහර අවස්ථාවල් අනවශ්‍ය ලෙස දිග්ගස්සන්නට යෑමෙන් ප්‍රධාන සිදුවීම් වලට දිය යුතු බර අඩුවෙලා තියෙනව කියලා මම දකිනවා. උදාහරණයක් විදිහට කෙවින්ගේ පවුල් පසුබිම එහෙම නැත්නම් එයාගේ පවුලේ ප්‍රශ්න  චිත්‍රපටිය තුළ ඕනෑවට වැඩිය කතා කරනවාදෝ කියලා මට හිතෙනවා. 

Angelina Jolie රංගනයෙන් දායක වුණ Those Who Wish Me Dead චිත්‍රපටය ඔබට මතක ඇති කියලා මම හිතනවා. එම චිත්‍රපටයේ ත් ලැව් ගින්නක් ඇතිවෙන බව ඔබට මතක ඇති. ක්‍රියාදාම චිත්‍රපටයක් වුණ එහි වැඩි අවධානයක් ක්‍රියාදාම කෙරෙහි යොමු කර තිබුන නිසා ඇති කරන ලද ගින්න පිළිබඳ ප්‍රේක්ෂකයාට දනවන ලද භීතිය අල්පයි. නමුත් මෙම චිත්‍රපටය තුළින් ඔබට ලැව් ගින්නක සැබෑම බිය කුමක්ද කියලා අත්විඳින්න පුළුවන් වෙන බව නම් නිසැකයි.

මට අනුව The lost bus කියන්නේ තාක්ෂණික වශයෙන් වගේම චිත්තවේගීය වශයෙනුත් ඉහළ චිත්‍රපටියක්.  Paul greengrass ගෙ අධ්‍යක්ෂණ ස්වභාවය සහ යථාර්ථවාදී විදිහට දෘෂ්‍ය ප්‍රයෝග එක් කරන්න ගෙන තිබෙන උත්සාහය ප්‍රේක්ෂකයාට අමතක නොවෙන ත්‍රාසජනක අත්දැකීමක් ලබා දෙන බව නම් නිසැකයි. ඒ වගේම තත්‍ය සමාජයේ ගෞරවය ලබන සත්‍ය සිදුවීමකට ලබා දී ඇති උපරිම ගෞරවයත් වීරත්වය පිළිබඳව ප්‍රේක්ෂකයාට දැනවීමට ගෙන ඇති උත්සාහයත් විශිෂ්ට බව මා සිතනවා. 


ඔබට pyrophobia හෝ claustrophobia ඇත්නම් මෙම නිර්මාණය නැරඹීමේදී සැලකිලිමත් විය යුතුයි කියලා මං යෝජනා කරනවා. 😀😀

12 comments:

  1. රෙජිස්ටරේ මාක් කරල යන්න ආවෙ. ආයෙ එන්නං සාකච්චාවට කස්ටිය ආවාම.👌😁

    ReplyDelete

  2. ඩ්‍රැකී, ඉවාන් දෙන්නම ආයෙ ලියලා.

    //මම ලිව්ව දිගටම.පබ්ලිෂ් කලේ නෑ. නිකං බලං හිටිය.
    වීව්ස් නැති වුණාම එපා වෙනව//

    ඇයි උලමො, ටෝ වැස්සකටවත් අනිත් එවුන්ගෙ බ්ලොග් වලට (අන්තිමට) ගොඩ වුනේ කවදද බලාපං.🤣😜
    ආයෙ ලියන එකට ස්තූතියි. ඒත් ඔහොම කැලේ රිංගලා ඉන්නෙම නැතුව, ටිකක් බ්ලොග් සමාජෙට බැහැපං.🙏 මේ චිත්‍රපටි හරියටම මගේ ටේස්ට් එක නෙමෙයි වුනත්, අපි එන්නෙ තර්කාණුකූලව ලියල තියෙන විචාරෙ කියවන්නයි.

    ReplyDelete
    Replies
    1. බසූ
      ෆිල්ම් එකක් හරි පොතක් හරි බලල ඒ හිතුණ දේ ලියනව ඒක දානව. ඒක එච්චරයි.
      ඇත්තටම මට වෙලාව අඩුයි. ⁣වැඩ වෙලාවෙ විවේකයක් තිබුනොත් මොනා හරි ලිව්වොත් බැලුවොත් කියෙව්වොත් ඇර ඇත්තටම සමහර දවස් වලට එක දිගටෆිල්ම් එකක් බලන්න වත් වෙලාවක් නෑ මම බ්ලොග් වලට නොයන්නෙ ලොකුකමකට නෙවෙයි. මට ඇත්තටම මේ දවස් වල ඒකට කියල වෙනම ඔට්ටු වෙන්න වෙලාවක් නැති නිසා.
      නැත්තං ඉස්සර හයිපර් ඇක්ටිව්ලි වගේ හිටියනෙ බ්ලොග් වල. දැං ටික ටික පොඩි දෙන්න නිසා ගෙදර ගියාම නිදහස සීමා වෙලා අනං මනං. පොත්.කියවෙන්නෙ ලිවෙන්නෙත් නැති තරං.

      ඕකයි පස්නෙ.

      Delete
    2. මම හිතෙන්නෙ, සිංහල බ්ලොග් ස්වර්ණමය යුගයෙ හිටි බ්ලොග් තාරකා මිලින වෙලා ගියේ ඔය වගේ ඒව නිසා වෙන්නත් ඇහැකි. හ්ම්....සර්කල් ඔෆ් ලයිෆ්....මට තේරෙනවා.

      Delete
  3. නෙට්ෆ්ලික්ස් එකේ යනවා ෆිල්ම් එක බලන්න හිතුවේ නම් නැහැ . බලන්න ඕනේ . බස්සා කියන එකම තමා කියන්න තියෙන්නේ . අපේ බ්ලොග් වලටත් එන්න . මමත් දැන් මගේ බ්ලොග් එකට එන්නේ නැති අයගේ ඒවාට යන්නේ නැහැ . මොකටද කියල හිතුන

    ReplyDelete
    Replies
    1. ට්‍රේලර් එක බලන්න අරං තත්පර 30 කින් බලන්න ඕනෙ කියල හිතුනා. මම නං කොහොමත් මෙහේ එනවා, ආවොත් කියවන්න දෙයක් තියෙන බව දන්න නිසා. ඒත් බ්ලොග් වලට එන්න කියන්නෙ, සමාජ බජනෙට, පොඩි චැට් එකක් දාන්න, අත්දැකීම් බෙදා ගන්න, අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න මිසක් වෙන පෞද්ගලික වාසියක් ගන්න නෙමෙයි. ඉතුරු වෙලා ඉන්න බ්ලොග් ලියන අය රැකගන්න ඒක බ්ලොග් කික්-ස්ටාරට් කරන වෑයමට වඩා සාර්ථක වේවි කියන එකයි මගේ අදහස.

      Delete
    2. පුලුවන් කාලෙ ආව අජිත් අයියා. ඒක ඔයාල දන්නවනෙ. ඒ දවස් වල සමහර අය හිටිය ලියනව විතරයි. අපි දාන.කමෙන්ට් වලට වත් රිප්ලයි නොකරපු. අපේ ඒවට ආවෙම නැති අය. අපි කවදාවත් පුලුවන් දවස් වල ඒම කරල නෑ. දැං ඇත්තටම අමාරුයි. තිය වෙලාවෙ මොනා හරි ආසාවට ලියන එකයි කරන්නෙ

      ආවෙ නෑ කියල තරහක් නෑ ඉතිං. මට කෝමත් එදත් ලොකු ඕඩියන්ස් එකක් හිටියෙ නැති නිසා මම තරහ වෙන්නෑ ඉතිං 😃

      Delete
    3. @බසූ ඩ්‍රැකා අර මාවත් ටැග් කරල දැම්ම එකෙන් ටිකක් කිචි කැවුණ. ඒ හින්ද දැම්ම. බලමු. උන්නු විදිහත් හොදයි වගේ කියල හිතෙනව

      Delete
    4. ඒ දවස්වල වගේම දැනුත් ඉන්නවා එහෙම අය, කමෙන්ට් වලට වත් රිප්ලයි නොකරන. උඹ එහෙම නෑ කියල දන්නවා. මමත් ගිහින් කියවල කමෙන්ට් නොකර යන බ්ලොග් තියනවා. ඒත් උඹ ඊට වෙනස්. අඩුම ගානෙ දිගටම ලියන්න බලන්න, අපි එන්නං කියවන්න.

      හුඟ කාලයක් නොලියා ඉන්න එපා. එතකොට මිනිසුන්ට අමතක වෙනවා. පස්සෙ ලිව්වත් එතකොට එන අය අඩුයි. ඕක හරිම විශම චක්‍රයක්. එතකොට ලියන්න ආපු එකාට එපා වෙනවා.

      Delete
  4. https://en.wikipedia.org/wiki/Rubber_(2010_film)

    :) :-) :D :-D

    ReplyDelete
    Replies
    1. ආතල් එකක් වගේ. ටයර් එක්කට පණ ඇවිත් මිනිස්සු මරනව.
      ඒකඅලුත්
      බෝනික්කන්ට පණ එනව වගෙ නෙවී 😃

      Delete
  5. අර ෆෝබියා දෙකෙන් එකක් තියේනං ෆිල්ම් එක බලන්න ඉස්සර බොන්න හොඳ ගල් ද නැත්තං විස්කි, බ්‍රැන්ඩි වගේ දෙයක්ද?

    ReplyDelete