Pages

Pages

Friday, October 18, 2013

හිච්චි පුතා වෙතටයි.....



ඉර ගලත් වැටී
තව දිනක් ගෙවී
උඹ අදත් නැතී
ඇයි උඹ නාවෙ අදත්
මගෙ හිච්ච් පුතේ...
උඹ පොඩි දවස් වල
මගෙ සුළගිල්ලෙ පැටලිලා
වෙලේ ඕවිටේ දෙනිවල
ඇවිදං ගියපු දවස් වල
මතකයි උඹ කිව්ව මට
හුරතලෙන් කට උල් කරාන
තාත්තත මේ..මේං මෙත්තලක් ආදලෙයි...
බලල යන්නවත් උඹෙ තාත්තව
කවද්ද එන්නෙ උඹ
හිච්චි එකෝ.....
පණ කෙන්ද මියැදෙන්න කළියෙන්
උඹෙ මූණ පොඩිත්තක්
පෙන්නලා පලයන් මට
ඒ ඇති මගෙ හිච්චි එකෝ....
මං තාම දැක්කෙ නැති
උඹෙ පුංචි එකා
උඹ වගේම ඇති පුංචි එකා
හුරතලෙන් කට උල් කරන්
සීය තාතත..... සීය තාතත.....
මේ... මේ..මේං මෙත්තලක් ආදලෙයි....
කියනව අහන්න
ඇවිදින් පලයන් මගෙ හිච්චි එකෝ.....

                                                         
                                                             මීට
                                                             උඹෙ තාත්ත
                                                             පොඩි මහත්තය
                                               

                                                             

 

No comments:

Post a Comment