Pages

Pages

Wednesday, December 4, 2013

සීතලම පෙම් කදුළ

මා එක්ක
දිනෙක නුඹ
ඇවිද ගිය පාර දිග
තනිකමෙන් විඩාවී
ඇවිද ගිය එක් දිනෙක
අපි එකට ඉද උන්නු
තරහ වුණු යාළු වුණු
හසරැල්ල කදුලැල්ල
ආදරෙන් බෙදාගත්
රොබෝරෝසියා ගහ මුල
සීතල සිමෙන්ති බංකුව
හමුවුණා අද මට.........
මොහොතකට වාඩිවී
අතීතේ එක් දිනෙක
ගිලිහි ගිය සීතලම පෙම් කදුලක්
ඇහිදින්න තැත් කලා මම
හිත රිදී නුඹ හඩපු එක් දිනෙක
සැනසූව හැටි නුඹව
පපු තුරේ හොවා මම
මතක් විය ඇසිල්ලෙක.........
නුඹ ඇතැයි.. ළග ඇතැයි දැනී
බැලූ කල නුඹ උන්නු තැන
තවම හිස්වෙලා වම්පස
සීතලට ගල්වෙච්ච
මතක කදුලක් විතරක්
තනිවෙලා......

No comments:

Post a Comment