තුන් මහල් කාර්යාල සංකීර්ණයේ දෙවන මහල කරා වූ පියගැට ගැනෙමින් තිබිණ.
ක්ලැං..
කාර්යාලීය වේලාවන් හි කෙටි පණිවුඩ පැමිණිම මා හට බෙහෙවින් දුර්ලභ වූ දෙයක් නිසා මා අත දකුණත් සාක්කුවේ සිරව සිටින දුරකථනය වෙත ගියේ නිරායාසයෙනි. වට්ස්ඇප් පණිවුඩයක් ආ බව හඟවමින් කුඩා ප්‍රමාණයේ වට්ස්ඇප් ලෝගෝව තිරය මත රැඳී තිබිණ.. ආදි ශිෂ්‍ය සංගමයේ නිල වට්ස්ඇප් සමූහයේ නාමය දුටු වනම බලාපොරොත්තු කඩවීමක් සිදු වූවද අතට ගත්තු එකේ ඔන්නොහෙ බලපං යැයි අභ්‍යන්තරයේ උන් මොකෙක්දෝ එකෙක් මුර ගෑයෙන් පණිවුඩ අන්තර්ගතය දෙස නෙත් යොමු කලේ උවමනාවට එපාවටය.
2024.05.26 දින පැවත්වීමට නියමිත ආදි ශිෂ්‍ය සංගම් නිලවරණ යේ තනතුරු
අපේක්ෂිතයන්ගේ නාමාවලියයි.
බෝල්ඩ් කල සිංහල අකුරෙන් යුත් දාතමින් යුතුව එහි වූයේ
පීඩීඑෆ් ගොනුවකි.
හම්මට.. අමතකම වුණානෙ..
මයියා.. ඕල්ඩ් බෝයිස්
එකේ මහා සබාව තියේ වරෙං ඈ..
දුර බණුව හරහා ගලා ආ හඬ සනුවා ගේය.
උඹ ඉල්ලනවද..?
අලස නිදිබර ස්වරයෙන්ම විමසූයේ අහේතුකව නින්ද කඩා කප්පල්
කල අතිජාතයාට හිතෙන් බැණ වදිමිනි.
පයිත්තියන්ද බල්ලො.. තොට දෝදුද..
එහෙනං අහවල් රෙද්දටද බං මේ යක්කු ගස් යන වෙලේ ආතල්
දෙන්නෙ..
ආතල් එකක් ගන්න තමා.. හුඟ කාලෙකිං උඹ ආවෙ නෑ.. වරෙං...
මේ පාර සෙට් එකම බහිනව..
මට බෑ බං ඔය වහුකුණ අස්සෙ රිංගන්න..
මේ ................. නැතිව වරෙං.. දුරබණුව හරහා ඇදී ආවේ
සංසර්ගික ක්‍රියාවලිය සඳහා අවභාවිතා වන වචනයකි. නෙදකිං මුගෙ වක්කඩ කට.
හරි හරි.. බලමු..
“...සාමල අමරල පොත් වල තව ඇත
වෙන වෙන අය හා යාලු වෙතේ...”
හිත ඇතුලෙන් කොහෙන්දෝ ශාලිත බෙරිහන් දෙන්නට පටං ගන්නා
විට පීඩීඑෆ් ගොනුව විවෘත වී තිබිණ.
සභාපති නිතරඟයෙන් පත්වී ඇත.. ටහුඩු යකෝ.. අර ගස් ගොබිල
ආයෙත් පාරක්.. මට පෙන්නන්න බෑ ගල් මූසලය.. එකේ ඉදං පහට ආව වාසුව.. පොඩි එකා
ඉස්කෝලෙට දාගන්න ඇවිත් දැං බලකො ඉන්න තැන. ගෙම්බෙක් ගිය උඩ කිව්වලු.
ලේකම් - නාම යෝජනා දෙකක් ඉදිරිපත් වී ඇත..
1. හර්ෂ මුහන්දිරම් රත්නප්‍රිය - ඉදකිං ගල් මූසලය.. මේකත් බහිරවය වගේ මේක දාල යන්නැද්ද මංද..
2. දිලානි ෂෙනායා ගුණරත්න
ඇස් දෙක නිලංකාර වෙලා අවට සියළු දේ බොඳ වී ගියාක් මෙනි.
හරියටම කවුරුන් හෝ දෑත බදා ඔළුව මැද්දෑවටම පොල්ලකිං පහර දුන්නා වගේය.. දාඩියත් දාල
ඒ තත්පරේට ඇස්දෙක පිහදාල මම ආයෙ ජංගමේ තිරය දිහාවෙ බැලුව..
“...යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා..”
වරදින්න විදිහක් නෑ..කළු ඇඳුම් හැඳ සිටින ලක්ෂයක් සෙනඟ
මැද එක් රතුපාට ඇදුමක් හැඳි අයෙක් ක්ෂණිකව
කැපී පේන්නා සේ, නම් ලක්ෂයක් අතර තිබුණත් කවදාවත් නොවරදින, අමතක නොවන එකම නම.. ඒ
නමේ ජීවමාන අයිතිකාරිය.. මා දිනූ ප්‍රථම ප්‍රේමය.. ප්‍රතික්ෂේප වීම් සහ ඒක පාර්ශ්වීයව
විසඳී ගිය ආදර කතාවන්ද, පෙම්වතියක් වෙනුවට මිතුරියක් වූ ආදර කතාවන්ද කිහිපයකට පසු අහම්බයෙන්
කඩා හැලුණ මුතු වැස්සක් සේ සෞම්‍යව සහ රෝස කැකුලක් මෙන් හුරුබුහුටිව මා හදවතේ ලැගුම්
ගත් තැනැත්තිය. පාසැල හැරදා ගෙවුණ කල්පයක් තරං කාලය තුළ මා විසින් ඇරඹූ හෝ අනෙක් පාර්ශ්වයේ
බලපෑම මත ඇති වූ පෙම් සබඳතා වලට නැවතීමේ තිත තබන්නට වක්‍රවම හෝ සෘජුවම දායක වූ තැනැත්තිය,
කැකුළි..
පියගැට ගණං කෙරෙන එක නැවතිල ඉබේටම මම බිත්තියට
වාරුවුණා.. සැබැවින් ම එතැන බිත්තියක් නොතිබී නම් මා දෙපා අවසඟව ඇද වැටෙන්නට වුව ඉඩ
තිබින.
සහේන් අයිය.. මොකද අනේ මේ..
විලිලැජ්ජයි.. කැකුළි නේද.. කාල වරෙංකො.. අර ගල් මූසලයටත්
අදම ආතල් ගන්න ඕන වුණානෙ.
මම හිටියෙ පිට්ටනියෙ ඉදං අට නමය පන්ති වලට යන්න තියෙන
පඩිපෙල මැද කකුල් දෙක උඩ පඩියක තියාගෙන අත්දෙක පහලම පඩියෙ තියාගෙන. ආ... මේ.. මේ..
ඔයානෙ..
අපි මේ බොඩි ෆිට්නස් වැඩි කරගන්න එක්සසයිස් කරනව..
ඔයා තනියම..
ඒකිගෙ සිරික්කිය කං හාරගෙන පපුව හූරගෙන ගියා.
මුගෙ ආච්චිට හාල් ගරන්න.. කෝ මේ සාජමා.. මූ මගෙ සායම
යැව්ව.. මා දෙපා පහළ පඩියකට ගෙන දෑතට බර දී නැඟිටින අතර තනිවම කියාගතිමි.
කැඩෙට් ට්‍රේනිං එක අතරමැද බුලක් ගහපු නිසා සාජන් ගෙ අණට
යටත් වෙලා පනිෂ්මන්ට් එකක් මැද උන්න මට කැකුළි නිසා පුෂ්පය අසුහාරදාහට විකසිත වෙලා
තිබුණ..
සාජ...න්.. ත්..තො..ගෙ.. එක පාරටම ඇස් නිලංකාර වෙලා කැරකිල්ලක් වගේ එනව දැණුන..
එහෙමම පොළව ඇවිත් මාව ඉඹිනව වගේ මතකයකුත්.. දරාගන්න බැරි වේදනාවකුත් මුහුණ සහ පපුව
දිහාවෙන් එනව වගේ විතරයි මතක..
සුදු පාටට හැමදේම පේන්න ඇරං තිබුණ..
යකෝ මම මැරිලද..
ඒ... මයියො.. මයියො..
මාත් එක්ක මුණුත් මැරිලද..
ඔය ළමයි කෑගහන්නැතිව ඉන්න.. කොහේදෝ ඉඳල කිංකිනි වොයිස්
එකක් ඇහුණ.. මොනා වුණත් ඒ වොයිස් එක නං පට්ට.. ඔළුව උඩ තියෙන ගල අයිං වෙනව නං තවත්
පට්ට..
ඒ..හ්.. ස්...ස්...සාජො.. ඒ .. ඔලුව උඩ උ..ඹ
මො..ක....ද්..ද බං තිබ්බෙ..
මම තිබ්බ .....ක් නෑ. නැගිටින්නැතිව උඹ ඔහොම හිටපං..
$කනවනෙ ඉතිං.. මූ.. දෝදු කියනවනව.. සාජමා කුණුහරුප පිරිත් කරනවද පිරිත් කුණුහරුප කරනවද
කියල හිතාගන්න බැරි තත්පර දෙක තුනක් ගෙවෙන්නට ඇත.
මිසී..මිසී.. සාජගෙ සද්දෙ ඈතට වගේ ඇහුණ.. ටිකකකිං අර
කිංකිණි වොයිස් එක..
ඒ ළමයට මොනවත් වෙලා නෑ.. වැටෙනකොට ඔළුව වැදිල නේ. ඒත්
හයියෙන් වැදිල නෑ.. ඒ නිසා බය වෙන්නැතිව ඉන්න.. අර කිංකිණි වොයිස් එක ඈතින් වගේ
ඇහෙනව.
මම.. වැටිල...
ඔළුව උඩ අරූ මොනවත් තියල නෑ..
ස..ස..න්..ත
කියපං.. මොනවද බං මේ කියන්නෙ..
කතා නැතිව හිටපං.. පස්සෙ කතා කරමු..
ඒ.. ටකයො .. ඇච්ච කැඩෙට් රූම් එකේ නේද.. කෝල් එකක් දීපං
අර පෙත්තිට කියන්න කියල මූ මැරුණෙ නෑ කියල.. ඒකිත් මොනව හරි කරගත්තොත් මට ඒකටත් වග
කියන්න වෙනව..
ක..ට..ද..
කැකුළිට.. තොගෙ කැකුළිට.. ඒකි එතන ඩෙඟා නටල රටටම අඬබෙර ගැහැව්ව.
උඹ ආපහු ඉස්කෝලෙ එද්දි කට්ටිය වෙඩින් එක ගන්න බලං ඉන්නෙ දැං.
මේකා රෙද්දක් කියෝනව.. දෝදුද හැදිලද මංද..
“...දඟකාර ඔය දෑස දුටුවා එදා - දුර ඈත පාසැල් වියේ
නොදැනීම අපගේ සිත් යා වුණා - දසුනින් ම හසුනක් මවා...”
දවස් කිහිපයක් ගෙවෙන තෙක් මා හට රෝහල් ගතව සිටීමට
සිදුවිය. දණ්ඩණයේ සැර වැඩිවීම නිසා හෝ වෙන යම් හේතුවක් නිසා හෝ නැගිට ගත් මා සිහි
විසඥව ඇද වැටී තිබුණි. සහෝදර මිතුරු ගණයා එක්ව
මා වහාම රෝහල් ගත කර තිබුණි. මා ඇද වැටෙනවා දුටු කැකුළි යම යුද්ධයක් නටා තිබුණි.
මා ක්ලාන්ත්ව ඇද වැටෙනවා දුටුවාට වඩා සාජන් සහෝදරයා කැකුළිගේ ශ්‍රී මුඛයට බියවී
තිබිණි. මා රෝහල් ගත කෙරිණ. ඒ දින කිහිපයේම උදේටත් හවසටත් කැකුළි මා බලන්නට ආවාය.
ඒ අතර සාජමාගේ සාජන් පට්ටම බේරා දෙන්නටද සිදුවී තිබුණි. ඉදින් රෝහලෙන් පසුව මා හට
බතලෙගොඩ හතර වන ජා.ශි.භ යට යන්නට සිදුවිය. ඒ සඳහා කැකුළි ඇගේ පියාගේ නිල රථයෙන්
පහසුකම් සැලැස් වූ අතර යන එන ගමන පුරාවට ඇගේ සියුමැලි උකුල් තලාව ම හිසට පහසුකම්
සැලසීය..
“...මගේ ළමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
භවෙන් භවේ පෙරුම් පුරා බලා ඉන්නවා
ඒ යහනේ ඔබ සතපා බිගු ගී වැල් මුමුනනවා
සොදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා..”
මා සෙමෙන් සෙමෙන් තරප්පු පෙල තරණය කලෙමි..
උඹට පල්ලහ තට්ටුවෙ ඉදං උඩට එන්න
විනාඩි කීයක් යනවද බං.. කොහෙ මකබෑ වුණාද මංද..
සහය කළමනාකාර වරයා මා අත වූ ලිපි ගොනුව ඩැහැ ගත්තේ කුණු
මාලු කෑල්ලක් දෙස බලන්නාක් මෙන් මා දෙස බලා ය.
බොස්.. මට 26 නිවාඩු ඕන..
උඹට ට්‍රැකද මට ට්‍රැකද සහේන්... උඹ හොඳින් නේද..
මේකට සෙවණගල ගුලි දුන්නෙ කවුද යකෝ.. නැත්තං නුහුගුනේ
වත් ගහලද..? නිවාඩුවක් ඉල්ලුවම උඹ හොඳින්ද කියල අහන්නෙ..
මම සහය කළමණාකාර අසන්ත දෙස අනාථ වූ බැල්මෙන් බලා
උන්නෙමි.. සැබැවින්ම හිත තවම තාන්තුවාවෙනි..
26 ඉරිද යකෝ..තෝ හිතුවද ඉරිද ඇවිත් වැඩ කරන්න මටත් තොට වගේ
උණ්ඩුක පුච්ඡෙ ඉදං දෝදු කියල..
අම්මට උඩු.. වරද මාගේය.. බොසාට පැරදිය යුතු නැත.
නෑ නෑ බොස් මට පැටලුණා.. මමත් දන්නව 26 නිවාඩු කියල.. මට
27 ඕන.. බොස්ට ඒක තේරෙන්නෑනෙ..
තේරෙන්ත.. තෝ හිතුවද මම තේ කනව කියල..
පයිත්තියං **කන්න
ශානිකා මා දෙස කට ඇරං වගේ බලාගෙනය..
දැං ඉතිං මේකිටත් කියපංකො ඇයි මම 27 නිවාඩු කියල..
26 ආදි ශිෂ්‍ය සංගමේ නිලවරණය.. අපේ එකෙක් ඉල්ලනව..
යන්නෝන.. මා ඈට කිට්ටු වී පැවසුවෙමි..
ඉතිං 27 නිවාඩු ඇයි..
ගිහිං පිත් පැන් බීල
සිල් ගන්න යන හිංද
කොහේදෝ සිට ආ අමනාප වර්ෂාවක් ශානිකා මතින් ඇද හැලුණි. ඈ මා
දෙස බලා උන්නේ යකෙක් දුටුවා ක් වෙන් බිය වී ය. මා සිත ඈ කෙරේ අනුකම්පාවෙන් බර විය.
මා පසින් වූ මොන යම් ම හෝ වැරැද්දක් වුව නිහඬව සිටින්නට හෝ ඒ අමතක කරන්නටඈ පුරුදුව
සිටියා ය. ඒ සැබැවින්ම ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අහිංසකාවියක් නිසා මිස ඔතෑනි නිසා
හෝ යම් වෙන හෝ හේතුවක් නිසා නොවීය.
“...යළි යළි බැඳුණද නොසැලෙන විලසින්
ඔබ මා සිතට සිතින්
කුමටද නැති කළ සෙවණට මොහොතක්
ඔබ ළඟ රැඳෙන වරම්...”
පැසැලේ ප්‍රධාන ගේට්ටුවේ සිට සියල්ල වෙනස් වී තිබුණි.
හුරු පුරුදු ප්‍රධාන දොරටුව සම්පූර්ණයෙන්ම වසා දමා කොළඹ කුරුණෑල ප්‍රධාන මාර්ගය
දෙසට නව ප්‍රධාන දොරටුවක් සකසා පාසල් වත්ත තුළටම වාහන ධාවනය කළ හැකි අයුරින් නිමවා
තිබුණි. ඒදවස පාසැල් නිමවී මෙම ස්ථානයේ වූ කුඩා දොරටුවකින් පිටතට පැමිණ, පිය ගැට
කිහිපයකින් යුත් තරප්පුව බැස, කොළඹ කුරුණෑගල මහා මාර්ගය තරණය කර අනෙක් පසට පැමිණ,
දෙදෙනා බැගින් සැදූ පේලියකින් බස් නැවතුම දෙසට ගියා පමණි. අද එම කුඩා ගේට්ටුව
ඉවත්වී තවත් පුළුල් වී ප්‍රධාන ගේට්ටුවක් බවට පත්ව තිබේ. මම පිට්ටනියට රථය ඇතුල්
කර නවතා ඉන් බැස අවට සිසාරා බැල්මක් ලූයෙමි. පිට්ටනිය ඉදිරිපස වූ කර්තකොලොම්බන්
ගස් පෙළ හැර අන් බොහෝ පුරුදු ලක්ෂණ විකෘත වී කොන්ක්‍රීට්මය පැහැයක් ගෙන තිබුණි.
පෙර වූ හරිතමය පැහැය ක්‍රමයෙන් වියැකී යමින් නව යුගයක සිමෙන්තිමය පැහැයක් ඇතිරෙමින්
තිබුණි.
“...ඉරමල පිපිලා දොඹ ගහ මුදුනේ
නෙළුම් රටාවකි තණ ගොල්ලේ
නීල කොබෙයි රැළ පේළි සැදි හිද
මුතු ඇහිඳියි මදටිය ගාලේ
ගිනි මද්දහනේ කුසගිනි නොදැනි
තාමත් ඔහු මේ වන නිල්ලේ...”
ආදි සිසු සංගම් රැස්වීම පැවැත්වෙන්නේ ප්‍රධාන ශ්‍රවනාගාරයේය.
ඒ වෙත යාමට මා ශිෂ්‍ය භට මානවකයෙක් ලෙස දඬුවම් විදි ඒ පඩිපෙල, කැකුළිය මා වෙත
බැදුණ ඒ පඩිපෙළ මතින් යා යුතු විය. හිස ඔසවා ඉන් එහා මදක් බැලූ විට හදුනාගත නොහකි
හිස් සමූහයක් දිස් වෙයි. ගිණියම් වෙමින් පවතින උදා අව් රශ්මියෙන් බැටකන දුඹුරු
දුහුවිල්ලෙන් පිරී ගිය ක්‍රීඩා පිටිය මත්තෙහි බරැති සුසුමක් තබා මා ඒ දෙසට පා
නගන්නට වීමි.
රක්තවර්ණයෙන් පැහැ ගන්වා ඇති පියගැට පෙල එකින් එක මා
තරණය කරන්නට වීමි. හදිසියේම, බොහෝ දුරක නොව ළඟක සිට ආවාක් මෙන් දැනී ගිය හුරු
පුරුදු සුවඳකින් මා නොසන්සුන්ව වන්නට වූයෙමි. මා පියගැට එකින් එක තරණය කරමින් විත්
පියගැට පෙළෙහි වූ ඉහලම පඩියේ සිට ඇති දෙවන පඩියට පා තැබුවා පමණි.. කවුරුන් හෝ
ඡායාවක් සේ මා පසු කර පහතට බසිනවා මෙන් දැනී ගියේය..
දි..ලූ..
මා හිතා මතා නොපැවසූ බවට අවැසි ඕනෑම තැනක දිවුරා
කියන්නට මට හැකිය. මා ඒ ආමන්ත්‍රණය කවරෙකු හෝ අරඹයා සිදු කළා නොව.. නොහිතාම,
නොදැනුවත්වම, අනිච්ඡානුගතවම මා මුවින් පිටවූවා විතරය.. මා පසු කළ තරප්පු පෙළ බැස
ගිය අය නැවතුණ වග දැණුනි. ඒ පියවර හඬ හිටි තත්පරවම නැවති තිබිණ. මා වෙත පුරුදු
සුවඳ දැඩිවම දැනෙමිනි. ආපසු හැරී බැලුවෙමි.. ඒකෙණෙහිම ඒ මා පසු කර ගිය ඒ සුගන්ධය
හිමි තැනැත්තියද මා දෙස බැලූවාය..
ඒක තත්පරව.. ඒ ඇස් මා ඇස් සම්මුඛ වූයේ විමතිය මුසු විසල්
දෙනෙතක් මා දෙස බලා උන්නීය..
දි..ලූ..
ස..හේන් අයියා..
මේ පළව ඇත්තේ වචන තුන්දහස් හයසියයකට වඩා ලියැවුණු කෙටිකතාවක පළමු අර්ධයයි. එක් පෝස්ටුවකට ඔබන්නට තරම් වෙහෙස වීමට වේලා මඳ කමත්, ඉතිරි අර්ධයෙහි තවත් සංස්කරණයන් සිදුවීමට ඇති නිසාත් දෙකොටසක් ලෙස පළ කිරීමට තීරණය කළෙමි.
ReplyDeleteමේ කොටසේ පවා යම් අඬු ලුහුඬුකම් ඔබට පෙනී යා හැක.
සියලු අඩු පාඩු ගැන සමා අයැද සිටිමි.
කියවන ඔබට ස්තූතියි 🙏 ❤
පාසල් ප්‍රේමයෙ ඇලී ගැලී ඉන්න නාකි වැඩි නැතෙයු
ReplyDeleteසමහර එව්ව කොලයක් උඩට අතෑරල දාපුවම පුදුම සැහැල්ලුවක් දැනෙන හින්ද.
Deleteසමහර මතක තියාගෙන ඉස්සරහට යන්න බැරි තරං බර වැඩි හින්ද.
ලියවෙන සමහර එව්ව කතාවක් විදිහට ගලාගෙන යන්න ඕන නිසාත් ඇත්ත ජීවිතේ සමහරු තාම මට පේන නොපෙනෙන දුරින් ඉන්න නිසාත් වෙනස්කම් ගොඩකිං වුණත් ඇත්ත සිද්ධිය ලියවෙන අවස්තා වැඩියි.
අපි නාකියි. ඒත් හිතින් තාම එක තැනක නැවතිල
ඇත්තම කතාවක් කියලයි හිතුණෙ මට
ReplyDeleteලිව්වට පස්සෙ සනීපයිද ඔබෙ හිතට
සමහර දේවල් විසුරුවල හැරියම මාර සැහැල්ලුවක් දැනෙන්නෙ
Deleteප්‍රථම ප්‍රේමයේ මතක අවදි වේ
Deleteඅතරමගදී ජීවන යාත්‍රාවේ
කඳුළු මතු වේ මිහිරි වේදනාවේ
❤❤❤ ලව් යූ සිංදු.. ❤❤
Deleteමීට කලින් දාපු පෝස්ට් එකට කමෙන්ට් කරන්න බැරිවිදිහට දාල තිබුනෙ ඒ කාට ලියපු කවි නිසාද?
ReplyDeleteඒ කවි පෙල ගැන කිිසිම පැහැදීමක් නැති හන්ද.
Deleteඊටත් වඩා සමහර දේවල් ඉතුරු කරන්නෙ ලොකු පසුතැවීම් විතරක හින්ද වෙන්නත් පුලුවන් 😏😏
එදා ඔළුව වැදිච්ච පාර තාමත් හරියටම හරි ගිහිල්ල නෑ වගෙයි. හැක්..
ReplyDeleteහැක් හැක්...
Deleteමේ මේ... කොල්ලන්ට මඩ ගහන්ටෙපා හරිය... 😂😂😂
ලියාගන්නට බැරිව ලතැවුණු? මඟුලක් කියනවා, මට කමෙන්ට් එකක් කොටා ගන්න බැරුව හිටියෙ, කලින් එකේ.💢😠
ReplyDeleteකලිං එකේ කමෙන්ට් ඕෆ් කරල තිබුණෙ.
Deleteඒ කවිය ගැන එච්චර පැහැදීමක් තිබුණෙ නෑ.
පෝස්ට් කළ යුතුම නිසා පෝස්ට් කලා.
හිතන්න එපා.
මේක ගැන මොකද හිතෙන්නෙ කියල නොකිව්ව එකයි දැං පස්නෙ. 😁
හ්ම්... ආදර කතාවක්. ලස්සනයි.
Deleteඅපිට මොටද, දැන් දසසිල් උපාසක
පැල් බැඳගෙන කියෙව්වෙ ඒ දවස්වල ....😋😁
https://www.youtube.com/watch?v=9NVyUm_bXC8
Deleteහා ඉතින් මම වැරදි නැහැනේ තෝ කමෙන්ට් ඕෆ් කරලා
Delete@ බසූ අවසානය අඟහරුවාද පෝස්ට් කරනව. එතකොටම බලමුකෝ..
Deleteලිංකුවට ස්තූතියි බට් පොර අමුවෙන්නෙ මල් ගහන්නෙ. එච්චර මනාපයක් නෑ. මම තාම ක්ලැසික් ටයිප්.
ඔය මම හැම සිංදුවකම ලිංක් දාල තියෙන්නෙ. මම ටිකක් ඒ ටයිප්.
😁😁😁😁
@අජිත් අයියා. කෙමන්ට් ඔ්ෆ් කෙල් ෙමෙක ෙනෙවයි ෙන් කලිං ෙපා්ස්ටුෙව.
ආව්ස්..පාසල් ප්‍රේමය...සැබෑ කතාවකුත් වගේ...
ReplyDeleteපාසැල් ප්‍රේමය තමා හෙහ්..
Deleteටිකක් ඇත්ත ඉතිරිය නිර්මාණයට අවශ්‍ය විදිහට නිර්මාණය කලා. නැත්තං මෙලව රහක් නැති වෙනව නේ
මරු
ReplyDeleteඉතුරු ටිකත් ියවපුවම මොනව හරි කියන්නකො
Deleteහරි කමෙන්ට් පුළුවන්
ReplyDeleteඅන්නේකනේ මා පුතා 😁😁
Deleteඊ ගමන රෝලේ අප්ඩේට් වෙන්නේ නෑ
ReplyDeleteඒ පාර තවේකක්..
Deleteඔබට මා විහිළුවක්ද මිතුර 😂😂😂
රහසේ හඬනා අප හැඟුම්
ReplyDeleteලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
පිණි සේ තරු සේ
තනි වී තැවෙනා පෙම් සුසුම්
හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරු වේදනා
රහසේ හඬනා අප හැඟුම්...
සඳ රෑ සිහිනේ සෙවණැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරුදු ලෙසින් බැඳී
ආදරයේ රස මියුරු වේදනා
රහසේ හඬනා අප හැඟුම්...
රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්... //
ගායනය - නීලා වික්‍රමසිංහ / ක්ලැරන්ස් විජේවර්ධන
අම්මට උඩූ.. සින්දු සබං..
Deleteසෑහෙන දවසකිං.. උම්ම කැටේ.. සම්ම කොටේ..
එප්පඩි සුගම්.
නල්ලායි ඉරික්කිරීංගලා..
නල්ලම් නල්ලම්..
නන්රි නන්රි..