උණු කදුළු වැටුණාවේ
නෙතු දෑල තෙමුණාවේ
නුඹ නැතිව මගේ ළග
සිනහ නොම රැදුණාවේ....
Pages
▼
Pages
▼
Saturday, November 30, 2013
නික්මන
සිනා මලක් වී
නුඹ පිපුණත්
සුවද දැනෙන්නෑ
පෙර වාගේ.....
කදුළු ගගක් දී
නුඹ ගිය දවසේ
සුවද දියවුණා
ආදරයේ.......
හීන ගෙනත් දී
ලොවම මගෙ කියා
Friday, November 29, 2013
අසමි නුඹ..
නුඹ ලියපු කව
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්
හිතම හඩවපු තරම්
අපෙ මතකයන් මැද
මාව තනි කරන්
මගෙ ළගින් උන්නු නුඹ
දුර සැගව ගිහින්
නෙතු කදුළු පිසලාන
එන්න නුඹ සොයන්
Wednesday, November 27, 2013
නෙල්ලි-01
දර්ශන සර්ගෙ සිංහල
පංතිය ඉවර උනා විතරයි. සර් පංතිය ඉස්සරහ කෙටි වේදිකාව උඩට වෙලා ළමයි පංතියෙන්
එළියට යන හැටි හිනා වෙවී බලං ඉන්නව. සර් හිනා වෙන කොටත් මාර ගතියක් තියෙනව කියල මට
හිතුන. මෙච්චර වෙලා සර් දිහා බලං හිටපු මාත් නැගිට්ට. ගෑණු ළමයි පිරිමි ළමයි කළවමට
තමං නැගිටල හිටපු බංකු වලින් නැගිටල අපිළිවෙලට හරි කළබලයකින් වගේ ඉස්සරහ දොරකොඩින්
පිටවෙනව. ඉක්මනට එළියට ගියපු අය හිනාවෙවී තමන්නෙ සගය එනකං ඉන්නෙ “ අපෝ ඔයා හරි
ස්ලෝ නෙ” කියන්න වගේ.
තවත් හිටපු තැන හිටං ඉන්නෙ මොකටද කියල මාත් තෙරපි තෙරපි පංතිය ඉස්සරහ සිමෙන්ති
බැම්ම පහු කරගෙන එළියට ආවා. තෙරපෙන එකත් නරකම නෑ කියල හිතුනෙ මං ඉස්සරහයි
පිටිපස්සෙයි හිටපු ගෑණු ළමයි දෙන්න හිංදද කොහෙද... එළියට ආපු ගමන් ඇතුගල්පුර ගිනියමට මුළු
ඇගම පිච්චුණා වගේ. ඇතුගල රත් වෙන කොට මුළු ටවුමම රත්වෙනව. ඇතුගල්පුරටම ආවේණික ඒ
රස්නය අපට කොයිතරං හුරු වුණත් එක පාරටම මුළු කුරුණැගලම පුච්චගෙන වගේ හමන හුළං
රැල්ල නං ඕනම නෑ කියල ඒ වෙලාවෙ මට හිතුණ.
නෙල්ලි-00
කෝ බං
නෙල්ලි......
මොකද්දෑ මේ
නෙල්ලි කතාව මචං....
කවද්ද දැං ඕක
දාන්න හිතං ඉන්නෙ අපි වල කජ්ජ ගැහුවමද...?
පහුගිය ටිකේම
කට්ටියම මගෙන් අහන්නෙ මේ නෙල්ලි කතාව මොකද්ද කියලම තමයි... බැනුං කෝටියයි. අහන
එව්වට උත්තර දුන්නාම කිසි ගතියක් නෑනෙ බං.... ටිකක් ඉවසපත්තලා කීවට කොහෙදෑ මුංට ඕනම මාව භක්ෂනය කරන්නමයි. ඉතිං අද මේ
නෙල්ලි කතාව පටං ගන්නයි යන්නෙ. නෙල්ලි කියන්නෙ මොකද්ද කියලා විස්තර කරන්න ගියොත්
තව කුණු කතා ටිකක් නං ෂුවර්...(හි..හි..) මොකද
ඒක කියන්න ගියොත් කට්ටියට මගෙ බ්ලොග ට කලිං මාව තමා එපා වෙන්නෙ. ඉතිං වැඩි
අටුවා ටීකා නැතිව මං වැඩේ පටං ගන්නම්. හැබැයි අද මං දෙන්නෙ පොඩි කමිං කෑල්ලක්
විතරයි... හොදම හරිය තව ඉස්සරහට... ඉතිං ඉවසගෙන මාත් එක්ක ඉන්න කියල ඔයාල හැම
කෙනාටම කියන ගමං අපි පටං ගමු එහෙනං..........
Monday, November 25, 2013
ඔයා නිසා
සදට තරුව සේ
සැමදා ළග ඉන්න
දෑතට තුරුළු වී ඔබෙ උණුහුම ගන්න
මතු සසරේ වත් ඔබ හා එක් වන්න
උතුරන සෙනෙහසින් දෝතක් මට දෙන්න......
ඔබ හා ගෙවුණ ඒ කාලය සිහි වෙනවා
හීන සමනලී
අපෙ මතක මුණ ගැහෙන
අතීතේ වෙලී මම
දග කරන නුඹෙ කෙහෙරැල්ල
පිරිමදිනවා එක සීරුවට
පුංචි ඇස් තව හීනි කරන්
බලන හැටි අමනාපයෙන්
රතුවෙලා තරහවෙන්
සුදු මූණ හරි දුකින්.....
ඒ දවස් ආයෙමත්
Tuesday, November 19, 2013
පැතුම
වසන්තයේ සීතල
දෑතට මිටි කරන්
අදුරු බර
ගුවනට රිදී රේඛා අරන්
කුණාටු සයුරට
නිසසල වැසි අරන්
නුඹ ආවේ මගේ
ලොවට සිහින දොරගුළු ඇරන්.....
Sunday, November 17, 2013
Wednesday, November 13, 2013
Tuesday, November 12, 2013
කදුළු අහුර
කදුලක ගිලී මියැදෙන්න නොදී
නුඹ
නමින් වන මතක
හිත් කොනක පණ ගැන විට
වැලලි
ගිය අපෙ පෙම
සොහොන්
කළ මතක බිම
සොයාගත නොහැකිව වෙහස වී
සොය සොයා පීරමින් හැම අත
කිසිත්,
කිසිවක් නොලැබ ගිය කල
Monday, November 11, 2013
යාදින්න
හඬ නගා තෙපලපන්
ගුගුරවා
වැලපියන්
විඩාබර
වූ නෙතට
කර්කෂව
දැවි මිහිමතට
ජීවිතය
යළිත් ගෙන
පිබිදියන්......
වැස්ස
නුඹ වහී නම්
සරු
බවත්
දඬුවමත්
ගෙන
Friday, November 8, 2013
පුංචි සමනලියේ...
මට ඔයාව මතක් වෙනව... හරි හරියට මතක් වෙනව.... ඒත් ඔයාට මාව මතකයිද මට හිතෙනව.. දන්නවද එක දවසට සිය පාරකට වැඩිය මට ඔයාව මතක් වෙනව කියල...ඒ අපේ ලස්සන දවස් වලට ලෝබ කමින් මං හූල්ලනව කියල... ඔයා දුර ගියපු තරම.... ආයෙමත් හම්බවුනෙත් නෑ මට..... ඔයා මට හම්බවෙනකොටත් මම කවි ලියනව... අදත් ලියනව... මං එදත් ලිව්වෙ ඔයාට..... අදත් මං ලියන්නෙ ඔයාට... ඔයාට කියවන්න ලැබෙන්නෑ කියල මං දන්නව..... එදා වගෙම අදත් මං ලියන්නෙ ඔයාට.... ඒත් අද වෙනසක් තියෙනව.... ඉස්සර මං ලියපුව මුලින්ම කියෙව්වෙ ඔයා.... ඒවගෙ වැරදි කියල හරිගැස්සුවෙත් ඔයා... ඒගෙ කැත ලස්සන කිව්වෙ ඔයා...මං තවත් ලියනව... ඔයා ගැන.. ඔයාට නෙමේ.. මට.. හිතේ දුක අඩුවෙයි කියල හිතාන ලියනව....
Wednesday, November 6, 2013
මතකයන්
බලන බලන අත
නුඹවම පේනවා
දකින දකින රුව
නුඹදැයි හිතෙනවා
ඇසෙන ඇසෙන හඩ
නුඹගෙයි හිතෙනවා
නුඹෙ සුවද පාවෙලා ඇවිදින්
මගෙ හිත රිදෙනවා........
නෙතු පියා හිදින්න සිතුවත්
මතකයෙන් එබී ඇවිදින්
නින්ද නෑ රැයේ තුන්යම
සිහිනයක් වෙලා ඇවිදින්
සැනසුම උදුරා අරගෙන
කදුලැල්ලම බෙදනවා........
සැගව ඉන්න සිතුවත්
නුඹවම පේනවා
දකින දකින රුව
නුඹදැයි හිතෙනවා
ඇසෙන ඇසෙන හඩ
නුඹගෙයි හිතෙනවා
නුඹෙ සුවද පාවෙලා ඇවිදින්
මගෙ හිත රිදෙනවා........
නෙතු පියා හිදින්න සිතුවත්
මතකයෙන් එබී ඇවිදින්
නින්ද නෑ රැයේ තුන්යම
සිහිනයක් වෙලා ඇවිදින්
සැනසුම උදුරා අරගෙන
කදුලැල්ලම බෙදනවා........
සැගව ඉන්න සිතුවත්