Saturday, June 29, 2024

තොරතුරු අවශ්‍යතාවය සහ ජනයා ගොනාට ඇඳගැනීම හෙවත් බොම්බිලි මාකට් වීම.

       
 
හුඟක් අයට අනුව මේ වෙද්දි ලංකාව ඇතුලෙ එක එක  විපරීත දේවල් සිද්ධ වෙනවනේ. ඒත් ඇත්තටම ඒ දේවල් අඩු හෝ වැඩි වශයෙන් අතීතයෙත් සිද්ධ වුණා. නමුත් ඒ ගැන දැනගත්තෙ සීමිත පිරිසක්. හේතුව තමයි කට කතා වලට හෝ කවි කොල වලට යන්න පුළුවන් සීමා සහිත දුර. ඊටත් වඩා අනූව දශකය සහ ඊට පෙර, ඇත්තටම බැලුවොත් දෙදාහ දශකයේ මුල කොටස සහ ඊට පෙර කිව්වත් ලොකු වරදක් නෑ. පත්තර හෝ ගුවල් විදුලියෙන් හෝ රූපවාහිනිය මාධ්‍ය කොට ගෙන ගොසිප් වර්ගයේ පුවත් වල ප්‍රචාරණයේ අවම භාවය. සහ යම් මායිම් ඇතිකරගත්ත සදාචාරාත්මක සලකුණු.

Tuesday, June 18, 2024

ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් … - ii

 "පසුගිය සතියෙන්…"

….මා වෙත පුරුදු සුවඳ දැඩිවම දැනෙමිනි. ආපසු හැරී බැලුවෙමි.. එකෙණෙහිම ඒ මා පසු කර ගිය ඒ සුවඳ හිමි තැනැත්තියද මා දෙස බැලූවාය..

ඒක තත්පරව.. ඒ ඇස් මා ඇස් සම්මුඛ වූයේ විමතිය මුසු විසල් දෙනෙතක් මා දෙස බලා උන්නීය..

දි..ලූ..

ස‌..හේන් අයියා..


    මා දෑස ආවරණය කර මෙතෙක් වේලා විරාජමානව රැඳී උන් අව් කණ්ණාඩිය මා අතට ආයේ කෙසේ දැයි නිනව්වක් නැතිය..මා ඒ රන් සියපතක් මෙන් ස්වර්ණීකෘත මුහුණ දෙස බලා උන්නේ සිහි සන් නොමැතිව සේය..

Saturday, June 15, 2024

ලියාගන්නට බැරිව ලතැවුණු එකම එක දිග පුංචි කවියක් ...


තු
න් මහල් කාර්යාල සංකීර්ණයේ දෙවන මහල කරා වූ පියගැට ගැනෙමින් තිබිණ.

ක්ලැං..

කාර්යාලීය වේලාවන් හි කෙටි පණිවුඩ පැමිණිම මා හට බෙහෙවින් දුර්ලභ වූ දෙයක් නිසා මා අත දකුණත් සාක්කුවේ සිරව සිටින දුරකථනය වෙත ගියේ නිරායාසයෙනි. වට්ස්ඇප් පණිවුඩයක් ආ බව හඟවමින් කුඩා ප්‍රමාණයේ වට්ස්ඇප් ලෝගෝව තිරය මත රැඳී තිබිණ.. ආදි ශිෂ්‍ය සංගමයේ නිල වට්ස්ඇප් සමූහයේ නාමය දුටු වනම බලාපොරොත්තු කඩවීමක් සිදු වූවද අතට ගත්තු එකේ ඔන්නොහෙ බලපං යැයි අභ්‍යන්තරයේ උන් මොකෙක්දෝ එකෙක් මුර ගෑයෙන් පණිවුඩ අන්තර්ගතය දෙස නෙත් යොමු කලේ උවමනාවට එපාවටය.

Wednesday, June 12, 2024

වෙන්ව යන්නම ඕනද අප


හුඟ දවසකිනුයි  මම මේ       ලියන්නෙ

ඒකත් ඔබ  නිසාමයි ලිය          වෙන්නෙ

මේ තරම් කල් නිස්කලංකෙයි    උන්නෙ

ඔයා ඇවිදිනුයි මේ හැමදේම   වෙන්නෙ