පසුගිය දින කිහිපයම ගත වූයේ පොතක් කියවීමට නොහැකි වීමේ සාංකාවකිනි. ඊට ඉසිඹුවක් නොලැබීමේ සෝතාපයෙනි. ඉදින් ලද පළමු අවස්ථාවේම අතට හසුවූ පොත කියවන්නට සිතීම අහම්බයක් නොවන බව සිතමි. පොත අතට ගත්තේ බොහෝ බලාපොරොත්තු පෙරැදිරිව බව කිව යුතුමය. හේතුව නම් ස්වර්ණ පුස්තකය සඳහා මෙන්ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා ද දෙවර්ෂයක දී කෘතීන් ද්වයක් සඳහා සුදුසුකම් ලැබීම මෙන්ම ප්‍රවීණ කතුවරයෙක් ලෙස සැලකිව හැකි වීමද විය යුතු බව සිතමි.