Saturday, August 17, 2024

පා ගමන් වන්දනාව, දන්සැල්, ඇබ්බැහිකම් සහ නොහොබිනාකම්.

        

ඉටිපහන් දැල්වීම පිණිස

ඒ.
. මගේසා.. මගේසා.. අංගේ.. අංගේ .. අර.. අර නඩන්ද වාර ආකල්.. (පයින් එන අය) අපේ රියදුරා පෙන්නුවෙ අපහසුවෙන් වගේ ඇවිදන් එන කිහිප දෙනෙක්. පාවහන් නැතිව රිටක වාරුවක් විතරක් අතේ තියාගෙන, සියලු බඩු බර බැක් පැකයකට භාර දීල ඒ බරිනුත් හෙම්බත් වෙලා කොරගහමින් වගේ බොහොම වෙහෙසට පත් වුණ මුහුණින්, ඒත් සිනහවෙමින් හරියට රටක් රාජ්ජයක් දිනුව වගේ, සතුටින් සුරුවම දිහාට ඇදෙන අය දිහාවෙ බලපු මට ඒ මිනිස්සු ගැන ඇතිවුණේ ගෞරවයක්.

        තමන් අදහන යම් ආගමක් වෙනුවෙන් හිතේ තියන භක්තියට සිද්ධ වෙන භාරයක් ඔප්පු කිරීමක් වෙන මේ පයින් ඇවිදීම කැමති කෙනෙකුට කැමති විදිහකට නිර්වචනය කරන්න පුලුවන් වුණත් ඒක ඒ මිනිසුන්ගෙ තියන අප්‍රතිහත ධෛර්යය කියා පාන සාධකයක්. මඩු වලට ළඟම මන්නාරම ඉඳල වගේම, යාපනය පේදුරුතුඩුව, මුලතිව්, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශ වල ඉඳලත් පා ගමනින් එන අය කිහිප විටක් අපට හමුවුණා. මේ විදිහට එන හුඟ දෙනෙක් දමිළ ජාතිකයින්. සිංහල ජාතිකයින් මේ පාගමනේ යෙදෙන අවස්ථාවක් අපට හමු නොවුණ තරම්. බොහෝ විට පැමිණෙනව විය හැකියි. නමුත් හමු නොවූ බව පමණයි මම ලියුවේ.  නැවතිලා කතා බහක් කරන්න අවශ්‍යතාවක් තිබුණත් තියෙන රාජකාරි මැද එහෙම දේකට නිස්කාංසුවක් නොවීම හිතට බරක් එකතු කරන්නක් වුණා.

        භාරයක් ගැන කියවුණ නිසා තවත් දුටු දෙයක් ලියා තබන්න සිතුවා. ඒ අවස්ථා කිහිපයකදි දුටු දන්සල් ගැන. ඇත්තටම වෙසක් එකට පොසොන් එකට දෙන දන්සල් වගේ නෙවෙයි මෙව්ව. ඒ වගේම එන නඩ වලට පාර අතර මැදදි දෙන දන්සලුත් නෙවෙයි. මඩු සිද්ධස්ථානයේ සිටින බැතුමතුන් ඉලක්ක කොට දුන් දන්සල් කිහිපයක්.

        පළමු දන්සල දුටුවෙ ගිය ජූනි මාසෙ මඩු මංගල්‍ය වෙලාවෙ. අප තාවකාලික  කාර්යාලය ඉදිරිපිට යුද හමුදාවෙන් දුන්නා බත් දන්සලක්. ලොකු බත් පැකට් ප්‍රමාණයක් බොහොම පිළිවෙලට වගේම රසටත්(අප කාර්යාලයටම ගෙනත් දුන් නිසා) සකසල තිබුණඊළඟ එක බනිස් දන්සලක්. අර තරම් ලොකුවට නොවුණත් යම් ප්‍රමාණයක බනිස් ලබා දෙනු මා බලා සිටියාෆ්‍රයිඩ් රයිස් පාර්සල් දන්සලක් වගේම නෙස්කැෆේ (වියයුතුයි) දන්සලකුත් දුටුවානමුත් මම දැකපු එක දෙයක් නම් මේ දන්සල් වලින් ආහාර ලබා ගන්නට ආවෙ බොහොම සුළු පිරිසක් වීම. අප ගම් ප්‍රදේශ වල මොන ආකාරයේ දන්සලක් වුණත් ක්ෂණිකව අවසන් වෙන්න පුලුවන් වුණත් සුලු පරිමාණයෙන් දුන්න එම දන්සල් අවසන් වෙන්න සෑහෙන වෙලාවක් ගිය බව මම දුටුවා. හුඟ දෙනෙක් එම ස්ථාන වලින් ආහාර ලබා ගන්න උත්සුක නොවූ බව මම නිරීක්ෂණය කලා. බොහෝ දුරට අත්‍යාවශ්‍යම අයෙක් ට එම ආහාර ලබා ගැනීම සඳහා ඉඩ ලබා දීමක් විය හැකි බව මට සිතෙනවා. මොකද මඩු වන්දනාවේ එන සෑම දෙනාම පාහේ ඒ ස්ථානයේ සිටීමට අවශ්‍ය සියලුම බඩු භාහිරාදිය රැගෙන ඒමත් ඒ ස්ථාන වල දී  උයා පිහා ගැනීමත් අනිවාර්යයෙන් ම සිදු වන්නක් නිසා. ඉතින් ඒ අවස්ථාව මඩු භූමියට අලුතින් පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය ආහාර වේලක් ලබා ගැනීමට අවස්ථාවක් දීමක් ලෙස සැලකිය හැකියි.

        කතෝලික ප්‍රජාව සාමාන්‍යයෙන් විනෝදයට බර පිරිසක්. නමුත් වර්තමාන මඩු පාලනාධිකාරිය මත්පැන් සහ දුම්පානය සඳහා දැඩි විරෝධාකල්පයක් දකවන බව කිව යුතුයි. එලෙස මත්පැන් සහ දුම්පානය සීමා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබුණා. විශේෂයෙන්ම ආරක්ෂක අංශ වලට තද බල ලෙස මේ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට උපදෙස් ලැබි තිබුණා. ඒත් ඉතිං දන්නවනෙ. මොන තරම් බාධක සීමා තිබුණත්  මත්පැන් සහ දුම්වැටි මඩු භූමිය තුළට ගෙන  ඒමට බොහෝ දෙනෙක් සමත් වී තිබුණා. ඒ වගේම රැගෙන ආ ආන පාන භාවිතා කල අයටත් නීතිමය දඬුවම් ලැබුණ බව කිව යුතුමයි. නමුත් පැමිණ සිටි ලක්ෂ දෙකකට පමණ ආසන්න බැතිමතුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි එම සීමාවන් උල්ලංඝනය කරන්නට උත්සුක වි තිබුණේ. (රසවත් සිදුවීම් කිහිපයක් කියන්නට ඇති නමුත් රැකියාවේ ස්වභාවය නිසා පැනවෙන වාරණයන් නිසා කිව නොහැකි බව කණගාටුවෙන් වුණත් කිව යුතුමයි)

 

අවසන් පූජාවට පෙරදින රාත්‍රී පූජාවෙන් පසු

මඩු භුමියේදී ලියන්නට පටන් ගත් මේ සටහන මඩු සමය අවසන් වී කාර්යාලයට පැමිණි පසු ලියා අවසන් කරන්නට සිදුවීම කණගාටු දායක බව මම සිතනවා. එම දින කිහිපය පිළිබඳව ලිවිය හැකි මට්ටමේ සිට, ලිවිය හැකි ප්‍රමාණයක් ලියා මඩු සිරිස් එක අවසන් කරන්නටද බ්ලොග් ලිවීම ගැන සලකා බලන්නටද කල්පනා කරමින් සිටිනවා. බොහෝ විට ලියා අවසන් කර  ඇති ලිපි කිහිපයක් පළ කිරීම හැරුණු විට නැවත බ්ලොගය යථාවත් නොවේවි.  පටන් ගත් සෑම දෙයකටම අවසානය ක් තිබිය යුතු වුණත් මෙපමණ ඉක්මණින් අවසන් කරන්නට වේ යැයි මා සිතා නොසිටි බවත් කිව යුතුම බව ලියා තබමි.

24 comments:

  1. //මඩු සිරිස් එක අවසන් කරන්නටද බ්ලොග් ලිවීම ගැන සලකා බලන්නටද ........නැවත බ්ලොගය යථාවත් නොවේවි//

    Hmm.....another one bites the dust??
    සංසාරේ හැටි ඔහොම තමයි උක්කුං පුතේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ටැබ් එක නැති වුණාට පස්සෙ ලියවීම ඇල් මැරුණ කියල හිතන් හිටියට ඇත්තටම ලියන එව්ව කියවන්න අය නැති වීම නිසා ලිවීමට උත්තේජනයක් නැතිවීම හේතුවක් වෙන්න ඇති කියල හිතනව.

      Delete
    2. උඹටම හිතිල නවත්තනවා නං ඒක වෙනත් කතාවක්. ඒත් "ලියන එව්ව කියවන්න අය නැති වීම නිසා ලිවීමට උත්තේජනයක් නැතිවීම" නං අනුමත කරන්න අමාරුයි. ලිවීමට උත්තේජනය දෙන්නෙ හැමදාම එන අපේම කස්ටිය විතරයි.

      නිදියා, කොළඹ ගමයා සහ තවත් අය, "ලියන එව්ව කියවන්න අය" වැඩි කරගන්න මූණුපොතේ ප්‍රොමෝටින් කරන එක සාර්ථකව කරනවා. උන් එනවා, බලනවා, බැලුවා නොබැලුවා වගේ බලනවා යනවා. ඉඳලා හිටලා එකෙක් දෙන්නෙන් ඇනෝ කමෙන්ට් එක දෙකක් කොටනවා. ඒකෙන් "ලිවීමට උත්තේජනයක්" එනවද කියන එක නං ප්‍රශ්ණයක්.

      සාම්ප්‍රදායික ලෙස මුද්‍රිත පොත්, පත්තර සහ සඟරා විතරක් තිබුණ අපේ
      අපේ ලිඛිත සාහිත්‍යයේ, මෑත ඉහිහාසයේදී "පැරඩයිම් ෂිෆ්ට්" එකකට බඳුන් වුනා ඉන්ටර්නෙට්, මොබයිල් සහ සමාජ මාධ්‍ය නිසා. ඒකෙනුත් සාම්ප්‍රදායික ලිඛිත කලාවට වඩාම සමීප වුනේ සිංහල බ්ලොග්. සිංහල බ්ලොග් අභාවයට යන එක නවත්තන්න අමාරු වුනාට සිංහල බ්ලොග් වලට විකල්පයක් නෑ. මූණුපොත ඒකට විකල්පයකට වඩා ලිඳලඟ සංගමය වාගෙ කියලයි මට හිතෙන්නෙ. යූටියුබ් කලාව සිංහල පාඨකයො සාර්ථකව ප්‍රගුණ කරපු බවක් පේන්න නෑ.

      හිට්ස් ගාණට වඩා වටින්නෙ සාකච්චාව බව, කකා වරක් කිව්වා.බ්ලොග්වල හොඳම කාලෙ වගේ කමෙට්ස් 100-200 නැති බව ඇත්ත. කාලෙ වෙනස් වෙනකොට නීති වෙනස් වෙනවා. බුරා කිව්වා දැන් මිනිස්සු දිග ලිපි කියවන්න කැමති නෑ, යූටියුබ් ෂෝර්ට්ස් වගේ ඒව ඇවිත් තියෙන්නෙ ඒකයි කියලා. හිට්ස් තියා දාන කමෙන්ට් පවා ගණන් නොගන්න , අන්සතු දිනපොත ලියන අමිල ඒක සාර්ථකව කරගෙන යනවා කියල හිතෙනවා.

      මෙච්චර දිගට ලිව්වෙ, උඹට ලියන්න කතන්දර ගොඩක් තියෙන බවත්, නැත්තෙ ලියන්න උනන්දුව විතරයි කියල හිතුන නිසයි

      Delete
    3. නිදියා තමන්ගෙ "පේමන්ට් එකේ සිට තට්ටු ගෙදරට ජීවිත කතාව සාර්ථකව කියාගෙන යනවා. නිදියා දුටු ලන්ඩනය වගේම කොළඹ ගමරාළ දුටු ලන්ඩනයත් එක වගේම වැදගත් වෙන්නෙ, මේවා කාලයේ වැලි තලාවෙන් වැහිලා යන්න නියමිත තිබුන, සමාජයේ සැබෑ මිනිසුන් ගෙ කතන්දර නිසයි. තල්ගස් යට කතන්දර, කර්කෂ මන්නාරම් පිටි වැල්ලෙන් වැහිලා යන්න නොදී, හැකි විදිහට ලියලා දාපං.🙏

      Delete
    4. මෙන්න මල් මිටක් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බසු තුමාට 💐

      Delete
    5. ලියන්න ආස නම් කීපදෙනෙක් කියෙව්වත් ලියන්න.
      හුඟදෙනෙක් කියෙව්වත් ලියන්න ආස නැත්නම් නොලියන්න.
      //මේවා කාලයේ වැලි තලාවෙන් වැහිලා යන්න නියමිත තිබුන// වගේ ඒවනම් ලියන එක වැදගත්.

      ඒත් මං මේ කියන එකත් කැමති නම් පිලිගන්න , නැත්නම් නොපිලිගන්න.

      Life is too short, to be too serious, Mr. MR

      Delete
    6. එන්න පරක්කු වුණා.
      ඒත් කලින්ම ආව ගොඩක් හිතවතුන් කියනවා වගේ ලියන්න මහේෂ්!
      අපි අද ලියන ඒවා කියවන්නේ අද විතරක් නෙවෙයිනෙ- මතුවටත්...
      දන්නවද? මේ post එක කියවලා මට හිතුණා සීසන් එකටම මඩු ඇවිත් බලන්න.

      Delete
    7. @බසූ මන්නාරම් පිටිවැල්ල ලියන එකට දැනට කචල් ටිකක් වැටිල තියේ. මම සමහර ලිපි වලට බුකියෙ ලිංක් කලා නෙ. ඒ නිසා අබ්බියන්තර කචල් ඇති වුණා. අවුලක් නෑ. බට් වාරණ වැඩියි.

      ලියවිල තියෙන ටික පුලු පුලුවන් විදිහට පබ්ලිෂ් කරන්නං කෝ දැනට. ඉස්සරහ ගැන පොරොන්දු වෙන්න අමාරුයි.

      සියලු අදහස් යෝජනා ⁣සහ මේ දක්වන ලෙංගතු කමට බොහොම ස්තූතියි.
      මම ලිවීම ගැන සලකා බලන්නං. දැනට ඒ ඇති කියල හිතෙනවා.

      (කමෙන්ට් තුනටම උත්තර එකට දුන්නට අමනාප නොවන්)

      @අජි අයියා 💐
      @ප්‍රා.. LIFE IS SHORT PLAY MORE කිව්වට බෑ. හරි අමාරුයි දැං 🙈🙈

      @සීසන් එකට මඩු එනව කියන්නෙ නියම අත්දැකීමක් ඇවිත් බලන්න. ආස හිතෙයි

      Delete
  2. තවත් කෙනෙකු කියවීම වටිනවා යයි සිතෙන දෙයක් හිතට නැගුන විට නැවත ලියවේ යයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ලියා අවසන් කොට ඇති, එහෙත් අප්‍රකාශිත ලිපි කිහිපය පළ කොට අවසන් කළාට පසුව බොහෝ විට ලියන එකක් නැති වේවි. නැතහොත් නැවත ලියනවාද යන්න ගැන සලකා බලාවි.

      කියවන්න රීඩර්ස්ල නැතිව ලියනව කියන්නෙ පාලු ගේක වළ බිඳිනව වගේ තමා

      Delete
    2. ඉතින් අපි එනවනේ . ඔයා එතකොට ෆේස්බුක් එකෙනුත් යනවද කියවන්න කවුරුත් නැහැ කියල

      Delete
    3. ෆේස්බුකිය නං යූස් නොවෙන තරං නේ. ඇදුනුම් කම් යවෙත්කාලීනව තයාගන්න විතරයි මම යූස් කරන්නෙ. බුකියට ලොකු මනාපයක් නෑ.

      Delete
  3. ඔන්න ඔන්න ඉතිං. ඔහේ මඩු වලිගෙන් ගුටිකන වැඩ කරන්නනං ලෑස්ති වෙන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඇති වෙන දවසක් තියෙන්නත් එපැයි නේද ප්‍රසන්න අයියා.
      හැම දාම කියවන කීප දෙනා හැර දැං මේ බ්ලොග.කියවෙන්නෙ නැති තරං. පහුණු පෝස්ටුව 130 වත් කියවල නෑ. මේක ඒ තරං වත් නෑ.

      බහින කලාව එද්දි අපි අතාරින්න දැනගන්න එපැයි නේද.

      බලමු. ඉතුරු ලිපි ටිකත් පළ කරලම.

      ස්තූතියි 🥰

      Delete
    2. මම සිංහල බ්ලොග් වලට පට්ට මනාපයි. ඇඳුනුම්කම්, ඩ්‍රාමා, ඇල්කොහොල් නැතුව එකවගේ හිතන අය එකතු වෙලා මෙහෙම සාකච්චා කරන්න පුළුවන් තැනක් පෙන්නපං. බ්ලොග් එක මගේ ජීවිතයේ එක පරිච්චේදයක දිනපොතක් වගේ. අදටත් මම ආයෙ ගිගින් පරණ පෝස්ට් සහ කමෙන්ට් කියවනවා.

      සකරබුරුගයා කොහොම හරි ලොගින් කරවලා, අපිව විකුණගෙන කන මූණුපොත් ගැන මට තියෙන්නෙ ආගන්තුක හැඟීමක්. ටිකක් හරි කිට්ටුවෙන් යන්නෙ Reddit විතරයි. ඒත් ඒකෙ සිංහල කමියුනිටි එකක් නෑ.

      //බහින කලාව එද්දි අපි අතාරින්න දැනගන්න එපැයි නේද?//
      මේක නම් සර්වකාලීන සනාතන ධර්මයක් තමයි. ඒත් උඹට එහෙම අත්හරින යුගයට එන්න තරම් තව කල් තියනවා නේද?

      Delete
    3. //මම සිංහල බ්ලොග් වලට පට්ට මනාපයි// මමත් එහෙම තමයි.
      මේකෙ තියෙන ආතල් එක බුකියෙන් ගන්න බෑ.

      Delete
    4. blog අඩවිවල ලියවෙන දේවල් දිග කාලයක් පවතිනවා වුණත්- fb එකේ එහෙම නෑ නේද?

      Delete
    5. ප්‍රසා අයිය හරි. ඒක ඇත්ත. අපි බලමු. ලියල තියෙන ටික ඉවර වෙනකං.

      නිදි මැතිදු ඔබත් හරි. බුකිය ඒ අතිං වාතයි. ක්ෂණිකව වාෂ්ප වෙනව. හොයන්න අමාරුයි.

      මේක.නං අවුලක් නෑ. බලමු

      Delete
  4. මමත් නවත්වනවා . තවම ඒ දවස් ඇවිත් නැහැ

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට අනික් අයට කලිං නවතින එකත්.හොඳයි. තනියක් නෑ

      Delete
  5. /කතෝලික අය විනෝදෙට බර පිරිසක්/ ශිංගල අපෙ උනුත් විනෝදෙට බරයි බන්. කොච්චරද කියනවනං... වැඩියෙම පිස්සු කෙලින එකාවත් ජනපටි කරන්න තරං අපි විනෝදකෙමියො බමි 🤭

    ReplyDelete
  6. හුම්. හිස් පුටුපෙළකට කතා කරන්න හිතෙන්නෙ නැති බව හැබෑව. ඒත් ටික දෙනෙක් දිගටම මේ සාවියෙ ඉන්ටව... මාද ඇතුලුව.

    බස්සාතුමා කියල තියෙන දේවලට සෑහෙන එකඟයි මාත්. හිතුන වෙලාවක හරි ලියන්නකො. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ලියපු ටික ඉවර වෙනකං බලමු.
      තෑන්ක්ස් නමී. ❤

      Delete