Showing posts with label පීට්සා. Show all posts
Showing posts with label පීට්සා. Show all posts

Saturday, February 11, 2023

කාල නදිය දිගේ සුර අසුර යාමයේදී වියැකෙන කුර හඬ සොයා

       



         නෝබට් අයගමගේ නම් සූර කතන්දර කරුවාගේ නවතම ලියමන කියවා අවසන් කළා පමණය. මා විසින් 2023 වර්ෂයට කියවා අවසන් කළ ප්‍රථම ස්වතන්ත්‍ර නවකතාව ලෙස “කුර හඩෙකි වියැකෙන” සඳහන් කළ හැකිය. නවකතාවක් ලෙස බිම නොතබා කියවන්නට සිත් දෙන  “කුර හඩෙකි වියැකෙන” කෘතිය වේගවත් කියවීමක් නිරායාසයෙන් ඉල්ලා සිටින "පේජ් ටර්නිං" පන්නයේ ලා අනායාසීව තැබිය හැකි නවකතාවකි.

Sunday, December 12, 2021

ආතර් රජ්ජුරුවන්ගෙ රාජ සබාව පැත්තෙ යංද..!!

          

Warning - Minor spoiler Aleart.
 
ප
හුගිය දවසක අර  නිදිගේ පංච තන්තරේ ලියන නිදි මහත්තයා  මට පොඩි දෝස්මුරයක් දැම්ම නෙව. ඒ ජායි භීම් චිත්‍රපටය ගැන මගේ අදහස් ටික එක්කාසු කරල අවන්හලේ දිගෑරියට පස්සෙ.  එතුමා කිව්වෙ  මම ටිකක් දරදඬු විදිහට ඒ තරං සංවේදී  චිත්‍රපටයක් විවරණය කළා කියල. ඉතිං මම හිතුව එතුමාගේ අදහසටත් කන් දෙන ගමන් ටිකක් වෙනස් විදිහකට  චිත්‍රපටයක් ගැන නැතත් පොතක් ගැන හරි ලියන්න උත්සාහ කරන්න ඕන කියල. බලමුකෝ කොයි තරං සාර්ථකයි ද කියලා. 

Friday, June 24, 2016

ජීවිතය තුළින් ජීවිතය සොයා යාම...



                                                            තමන්ගෙ ජීවිතේ තමන්ට හිතෙන විදියට ගත කරන හැම අතින්ම නිදහස් කොල්ලෙක් කෙල්ලෙක් ඔයාට හමු වුණොත් ඔයාල එයා හඳුන්වන්නෙ මොන නමකින්ද.. පිස්සෙක් නැත්තං පිස්සු කෙල්ලෙක්.. ඇත්තටම අපිට ඒ වගේ අය හම්බෙලා තියෙනවද.. සමහර විට ඔව් නෑ කියන අය අතර ආපෝ එහෙම උනුත් ඉන්නවද.. හීනෙන් තමයි කියන අයත් ඉන්නව.. හැබැයි මම ඉත්තේරුවෙන්ම දන්න එක දෙයක් තියෙයි.. ඒ තමයි අපි විහින් බැඳගෙන ඉන්න මේ බැඳීම් නැත්තං අපි හුරු වෙලා ඉන්න සිතීමේ රටාව අපිට වෙනස් කරගන්න පුළුවන්නං මං හිතන්නෙ ඒ වගේ කොල්ලෙක් කෙල්ලෙක් හමුවෙන එක අරුම දෙයක් නොවෙන්න පුළුවන්.  මම කියන්න යන්නෙ ඒ වගේ කතාවක්.. (කෝමත් මම කීවොත් මොකක් හරි පිස්සු කතාවක් ගැන හිංද ඒ ගැන ඒ තරං හිතන්න දේකුත් නෑ)

Monday, June 13, 2016

“ඇය” වන්නට කැමති ඔහු සහ “ඔහු” වන්නට කැමති ඇය




"ඇය- ඇත්තටම මට දැනගන්න ඕන හැම දෙයක්ම තියෙන කෙනෙක්ට තියෙන හීන මොන වගේද කියල'..??

ඇය- කියන්න....??

ඔහු- මට මගේ අම්ම වගේ වෙන්න ඕන...

ඇය- මොකද්ද කිව්වෙ..??

ඔහු- මට.... මගේ... අම්ම වගේ වෙන්න ඕන..!! "

Friday, June 19, 2015

ඔබේ ද රෝඩ් රූල්ස් :D :D

හම්මේ ඉතිම් නේ
අවුරුදු කීයකට පස්සෙ ද මංද... ලීව ලීව කියල හිතං හිටියට අන්තිමේ බලද්දි කොල මැල්ලුමක් වත් ලියල නැ... සෙක් නේ... එපා වෙනව....
පහුගිය දවස් වල තිබ්බ එක එක වැඩ අස්සෙ පොඩ්ඩක් බුසී බුසී ගාගෙන හිටියට ඇත්තටම තිබ්බෙ පශ්චාත් බාගෙ ඉදං තිබ්බ කම්මැලි කමක්... ඒ අවුවස්සෙ ඉදල හිටල බ්ලොග් එක්කට දෙක්කට ගොඩවෙලා පොඩ්ඩක් කියෝල කොමෙන්ටුවකුත් කුරුටු ගෑව... එච්චරම තමා...මේක දාන්නෙ නිකං ආසාවට වගේ... මීට අවුරුද්දකට දෙක්කට කලිං මට හම්බුණ එකක් මේ ගැන නොදන්න කෙනෙක් ඉන්නව නං වැදගත් වෙයිද කියල හිතල...
හැමදාම අපි පාරෙ යනව නෙව... ඒ අවුවස්සෙ කොහෙ හරි පදුරක් අය්නෙ ඉදල ටැපික් අංකල් කෙනෙකුත් අර කැමරාවක්ද මොකද්ද එකක් අල්ලං පාරට පයිනව...
සමහර වෙලාවට නං නිකං අතදාල හිටං..., පුතේ තේ එකක් බීල යන්න කීයක් හරි දීල පලයං... කියල අපෙන් දතක් ගලෝන යන වෙලාවලුත් තියේ.... ඉතිං ඔය ඕන දෙයක් නීතියට අනුකූලයි කියල හිතං ඉන්න අයත් ඉන්නව නෙව.. මේ ලියන්නෙ ඒ වගේ අය වෙනුවෙන්.. කියවල බලන්න කවදා හරි කොහෙදි හරි වැදගත් වෙන්න පුලුවං....


  1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

    2.
    තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

    3.
    ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

    4.
    තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

    5.
    පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම්, ඔබට යාමට අවසර ඇත.

    6.
    මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

    7.
    පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

    8.
    ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

    9.
    රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

    10.
    කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

    11.
    පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

    12.
    ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

    13.
    ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

    ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.

          මේ කියපු කාරණා කොයි තරං නං  ප්‍රායෝගික භාවිතයේදී වලංගු වෙයිද                කියන එක ගැන සැකයක්  තිබුණත් දැනුමට හරි වටීවි කියල හිතෙනව...

         මේක මට දුන්නෙ මුහුණු පොත හරහා මිතුරෙක් බවට පත්වූ අයෙක්... ඒ              මේ සම්බන්ධ කාරනයකදී මම    යම් නීතිමය ගැටළුවකට   මැදිවූ                             වෙලාවක... මේක කාට හරි වැදගත් වේවි නම් එපමණයි..

පොලිස් පොලිස් කියද්දි පොලිසිය ගැනත් නොකිය බෑ නෙව... මේ තියෙන්නෙ අළුත් බ්ලොග් එකක්.. ලියන්නෙ පොලිසියෙ සේවය කරන කෙනෙක් ම තමා... ගිහිං බලල අඩුපාඩු කියල දිරිමත් කරල ආව නං...

ප.ලි- මං මෙහෙ නාපු දවස් වල හුගක් දෙනෙක් මාව හොයල බලල තිබ්බ. ඒ විතරක්යැ. සමහරු මාව හොඳට අමතලත් තිබ්බ.මගෙ බ්ලොග් එක අලුත් සින්ඩි ය කට ත් එකතු කරල තිබ්බ අපේ කුරුට්ටො ටික.
ඉතිං මාව මතක් වුණ අමතක වුණ බැණපු කතා කරපු මේ ඔක්කමලටම ස්තූතියි... දිගටම රැදෙන්න බලාපොරොත්තු වෙන හන්ද අඩපාඩු හදාගෙන ලියන්ට තමා ඉන්නෙ.  
ඔක්කමටම ජයෙන් ජයම වේවා