Thursday, October 22, 2015

දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..

                                                  ඩේ අංකල් හිටියේ(???) පොල්ගහවෙලය. එන් එස් බී බැංකුව ළගය. මෙයා ගැන නොදන්න කෙනෙක් පොල්ගහවෙල අහල ගං හතක වත් ඇතැයි හිතන්නට අමාරුය. ඒ තරං ෆේමස්ය. උන්නැහේගෙන් වඩයක් කෑවා හෝ නොකෑවා වෙන්නට පුලුවන. නමුත් මෙහෙම හාදයෙක් අසුවල් තැන අසුවල් වෙලාවට ඉන්නවා යැයි ඕනෑම කෙනෙක් දනී. හෙතෙම සුදුවුණ කටු රැවුලකින් ද නිතර හිනාවෙන මුත් හිනා නොවෙන මූණකින්ද , මදක් කළු සමක් ඇති, නිතරම නිල්පාට කොටු සරමක් හා සුදට  හුරු ෂර්ට් එකක් හදින මුස්ලිම් අයෙක් වුව හොදින් සිංහල කතා කල හැකි අපූරු මිනිසෙකි.

                                                     වඩේ අංකල් ය කීවාට විකුණන්නේ එක ම එක වඩේ ජාතියකි. ඒ "දෙකේ වඩේය" මං දන්න දවසේ ඉදං වඩේ අංකල් ගේ වඩයක් රුපියල් දෙකකි. එසේම බෙහෙවින් ජනප්‍රිය ය. ජනප්‍රිය ය කීවේ වඩේ වලට තිබූ ඉල්ලුම හින්දාය.   මේ වඩේ වික්කේ කරත්තයක තියාගෙනය. ඒ හැන්දෑවේ ඇදිරි වැටෙන වෙලාවේ ඉදන්ය.හවස් කරේ කරත්තයට එන ඔහු රාත්‍රි දහය පමණ වන විට වඩේ විකුණා කරත්තය අස්පස් කරගෙන යන්නට යයි. මේ වඩේ කරත්තයට එළිය දුන්නේ පැට්‍රොමැක්ස් එකකි. වඩේ බැද්දේ එතනම තියාගෙනය. වීදුරු වලින් ආවරණය කර තිබූ නිසා හොදටම කෙසේවත් දූවිල්ලෙන් යම් තරමක ආරස්සාවක් ලැබෙන්නට ඇතැයි සිතමි.  වඩයට ටේස් එකට ලැබුණේ බඳින ලද මිරිස් කරල් දෙක තුනක් පමණි. ඒකත් ඉස්සරෝම වඩේ ගන්නා අයටය.ටික ටික වෙලා යනවිට වඩේ මිස බදින ලද මිරිස් ඉතුරු නොවේ. සමහරවිට රුපියල් දෙකට ඊට වඩා දෙයක් කරන්නට බැරි වන හින්දා වෙන්නට ඕනෑය.  එසේම කියන්නට තවත් යමක් ඇත. මේ වඩේ කරත්තය බාර් එකක් හෝ  බොන අය ඉලක්ක කොට දැමුවක් නොවේ. හවසට  වැඩ ඇරී ගෙදර යන නෝනලාට මහත්තයලාටද,  ඉඳහිට දවසක ටවුමට මොකක් හෝ වැඩකට යන අයවලුන් ද  ඉලක්ක කොටගෙන පවත්වාගෙන ගිය වඩේ කරත්තයකි. එසේ වූවා කියා ඔහුගේ වඩේ ගන්නට කාටවත තහනමක් නෙවීය. නමුත් බීගත්තෙකුට නම් එතැන රැදී සිටින්නට අවකාශ නොලැබේ. සමහර විට බවලත් උදවියද ඔහුගේ ගණුදෙනු කරුවන් අතර සිටි නිසා වෙනනට ඇත.
 ඒ වඩෙත් මේ වගේමය.. ඒ වුණාට මීට වඩා අලුත් පාට බව නම් මතකය
                                                   
                                                   මේ වඩේ කරත්තයේ වඩයක් දෙකයි වූවාට දහයට පහක් නොවේ. සමහර විට එකක් නැත්තං දෙකක් වැඩියෙන් ලැබේ. වඩේ පාර්සල් කරන්නට පෙර ගන්න කෙනාගේ අතට එකක් ලැ‍බේ. ඒ රස බලන්නට දෙන වඩයක් නොවේ. එය හැමදාම එන කෙනාටත් අලුතෙන් එන කෙනාටත් පුරුද්දක් ලෙස ලැබුණකි. ගණුදෙනුකරුවා පැමිණියේ වාහනයක නම් ඩ්‍රැයිවර්ට කියා වෙනම වඩයක් දෙකක් ලැබේ. එයට අමතර මුදල් අය කිරීමක් නොවේ. ඒ ඔහුගේ හැට්ය. තාත්තා හෝ අම්මා සමඟ දැවටී කුඩාවෙක් ගියේ නම් උගෙ අතටද එකක් දෙකක් මිට මෙලවේ.

                                                   තාත්තා සමඟ ඉදහිට හවසක කුමක් හෝ වැඩකට ටවුන් ගිය විට අනිවාර්යෙන් මේ වඩේ කරත්තය ළඟට තාත්තා යනවාමය. එසේ ගිය විට හොඳින් කතා බහ කරමින් මගේ අතටද වඩයක් දෙකක් මිට මොලවන ඔහු එතනදීම මා වඩයට වග කියන්නේ නම් යන්න හැරෙද්දී තවත් එකක් දෙන්නට අමතක නොකරයි. ඒ දිනවල මා සිතා සිටියේ වඩේ අංකල් තාත්තාගේ හොඳම යාළුවෙක් ලෙසටය. නැතිනම් අර වගේ හොඳින් කතා කරන්නේ මට නිකං  වඩේ දෙන්නේ මොකටද යන්න මගෙ හිතේ පැන නැගී තිබූ සරලම තර්කයයි. එසේම වයසින් මෝරන විට වුව ඔහු කාටත් එලෙස සලකනු දකින විට වුව එය ඔහුගේ ව්‍යාපාරික ඥාණය බව පිළිගන්නට සිත  අකමැති වූයේ මන්දැයි සිතාගත නොහැක.

                                                     ඊටත් ඒ වඩේ කරත්තයේ කස්ටමර්ලා කඩන්නට තරම් අලුතෙන් වඩේ කරත්ත දැමූ කාටවත් නොහැකි විය. මට මතක ඇති කාලයේ හොඳින් මහතට සාර සුබාවට තිබූ දෙකේ වඩය කාලයක් යන විට කෘෂ වන්නට පටන් ගත්තේය. ඒ කාලයත් සමඟ ඉහළ ගිය අමුද්‍රව්‍ය මිළට සාපේක්ෂව ඔහු සිය නිෂ්පාදනයේ වටිනාකම ඉහළ නොදැමූ නිසා වෙන්නට ඇත. එසේ වූවා කියා වඩයේ මාකට් එක බැස්සේ නැත. දෙකේ වඩය වඩයක් යැයි කිව නොහැකි ලෙස පොත්තට පමණක් සීමා වූ කුඩා කර වූ පරිප්පු ගුලියක් බවට පත්විය. ඒවායේ මැද කොටසක් කියා දෙයක් නැති තරම්ය. එහෙත් ඉඳ හිට වෙලාවක කෙට්ටු වඩෙ මැද යම් තරමකට යහමින් හැදුණ වඩයක්  දෙකක් නොතිබ්බා නොවේ. එවන් වඩයක වුව අර පරණ පුරුදු රසය අඩු නොවී පැවතීම ද,  හැමදාම එතනින් වඩේ ගත් අය එතනින් තවමත් වඩේ ගැනීමද පුදුමයක් යැයි සිතමි.

                                                       ලියන්න ට මෙච්චර දේ තියෙද්දිත් වඩයක් ගැන ලියන්නේ ලබ්බටදැයි හිතෙන එක පුදුමයක් නැත. ඒ දන්න දවසේ ඉදන් රුපියල් දෙකට තියෙන වඩය තාමත් රුපියල් දෙක හින්දා නම් නොවේ. එයත් එක් කාරණාවක් විය හැක. එහෙත් මෙය ලියන්නට හිතුණ කාරණාව වූයේ අර දන්න කියන වඩේ අංකල් දැං වඩේ විකුණන්නට නොඒමය. දින කීපයක් තිස්සේ ඔහුව නොදුටුවෙමි.  දැං වෙළදාම් කරන්නේ වෙන කෙනෙකි. එසේම වඩේ පාර අයිනේ බඳින්න එපා යැයි ද ගෙදරින් බැඳලා ගෙනත් විකුණන්න යැයි ද නගර සභාවෙන් කියූ  බව ත් අලුත් අංකල යා කීවේ අන්තිම වරට ගිය වෙලාවක මා ඇසූ විටය.  ගෙදරින් බැදලා ගේන හින්දාද වෙන හේතුවක්ද දන්නේ නැතත් දෙකේ වඩේ දැං ඉස්සර තරං රස නැත. එතන බදින්නට නොහැකි නිසා වඩේ වල ඇත්තේ ද ඇල් මැරුණ ගතියකි. දැං පොඩි උංට නිකං වඩේ හම්බෙන්නේද නැත. සුහද කතා බතා නැත. ඩ්‍රයිවර්ට හම්බෙන වඩයත් නැත.  එහෙත් බැදපු මිරිස් නම් කරලක් දෙකක් සමගින් ලූූණු පොත්තක් දෙකක් වඩේ කවරයකට වැටේ. එපමණකි. ඒ මා එතෙන්ට ගිය අවසාන වතාවය. ඉන් පසුවත් දින කීපයක් ටවුන් ගියද පරණ පුරුදු අංකල් නැති නිසා යන්නට හිතුණේ නැත. මේ යන විදියට වඩේ අංකල්ගේ වඩේ කරත්තයද ඉතිහාසයට එක් වන දිනය වැඩි ඈතක නොවන බව සිතෙද්දී දැනෙන්නේ හිතවතෙක් සදහටම සමුගත් විට දැනෙනවා හා සමාන හැඟීමකි. සමහර විට අපි අතීතයට කැමති හින්දා වෙන්නට බැරිද..???

ප.ලි. අංකල් නැති හංද පිංතූරයක් ගහගන්න විදියක් නෑ. ඒ හිංදයි ගූගල් දෙයියගෙන් ඉස්සුව පරණ වඩයක පිංතූරයක් අතෑරියෙ.

76 comments:

  1. අංකල් අසනිපද බලහං. මතකද නලියගේ ලේක්හවුස් එක ලග බත් අංකල්ට උන දේ..

    ReplyDelete
    Replies
    1. අංකල් අසනීපෙන් නම් නෙවේලු. ඒත් අර වෙනද විදියට නැතුව මනුස්සයට හිත් දෙන්නෙ නෑලු.. එහෙම තමා කීවෙ.. කෝමත් ඒ වඩේ කරත්තෙ ගැන සීතල යුද්ධයක් තියෙන් ඇති.. මොකද අනිත් කරත්ත ආව ටික දවසයි ගැලවුනා මේක එහෙම නෙවීනෙ.. මොන මොනා හරි වේනත් ඇති දේශො...
      බත් අංකල් ගෙ කතාව මාත් කියෙව්ව... මටත් මතකයි...
      ඒකයි මම පාට නැති ජීවිත කියල ටැග් කලේ...

      Delete
    2. මටත් මතක් වුණේ නලියාගේ බත් අංකල්ව තමා.....

      Delete
    3. සමාන්තර සිතුවිලි
      නැද්ද කුරුටු.. ඒකනෙ සමාන අදහස් දැනෙන්නෙ

      Delete
    4. Same birds are fuck to together කියන්නේ ඔකට වෙන්න ඇති

      Delete
    5. අනේ බං මෙන්ඩො... හැක්...

      Delete
  2. අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා දෙකට වඩයක් දෙන්නට බැරි තත්වයක් ඇතිවන්නට ඇත.
    ඒ නිසා වඩේ අංකල්ට වඩේ එපා වෙන්නට ඇත.

    මාත් ඔය වගේ වඩ කාරයෙක් දැකල තියෙනව හපුතලේ ටවුන් එකේදි.

    ReplyDelete
    Replies
    1. සමහර විට වෙන්නත් පුලුවන්. ඒත් එයා කඩේ නොවහ අනුප්‍රාප්තිකයෙක්ට දුන්න එකෙන් වුණේ වඩෙ කරත්තෙ ළමේක්ට දුන්න වගෙ වැඩක්...
      මේ තරං කල් අල්ලල හිටින වඩේ කාරයෙක් ද... එහෙනං එයැයි වඩත් සෑහෙන්න ගති ඇති

      Delete
  3. වෙනරටක හිටියා නම් ෆ්‍රැන්චයිස් කරල ලෝකෙ වටේම වඩේ කඩ.

    ReplyDelete
    Replies
    1. යෙස් වෙන්නට පුලුවන්.. ඒත් මෙයා වෙන දෙයක් කරන්න උත්සහ කලෙත් නෑ දන්න තරමින්. සරල විදියට දැක්කෙ ඒ විදියටම තමා හ්ටියෙ.

      Delete
  4. වඩේ අංකලුත් අනෙක් අංකල්ලා මෙන්ම අතීතයට එකතු විය යුතුය. කිසිවක් නිශ්චිත නැත

    ReplyDelete
    Replies
    1. හැක්.... නියම කතාව

      Delete
    2. රාජ් අය්ය හරි. ඒතඓහෙම නොවුළණ නං කියල හිතෙන දවසුත් එනව නෙහ්.. හිහි
      ප්‍රසන්න අය්ය.. :-B :-B :-B

      Delete
    3. අංකල් අතීතයට ගියද රුපියල් දෙකෙ වඩේනම් අතීතයට යාමට දිය කොහැක..
      ටේස්ට් එකාට කියාපු වඩේ දෙකේ ඒවාය..ඒවා අනාගතයටත් අවශ්‍යය...

      Delete
    4. ටේස් එකට ගන්න එකෙන් තමා දෙකේ වඩේට කෙලවුනෙත් බං.. උඹ නෑ කියලද කියන්නෙ මනෝ.. හොදට බලහං බාර් අයිනෙ තිනේනෙම ඕවනෙ
      හිහි

      Delete
    5. ඒක තමයි ඇත්ත මචං..ඉස්සර බාර් ඉලක්ක කරලා නෙ‍වෙයි වඩේ කරත්ත තිබුනේ..හැමෝම වගේ ගත්තෙත් ඒකයි..දැන් තියෙන්නේම බාර් එකක් ලග..දැන් බාර් එකයි දෙකේ වඩේ එකයි අතරේ තියෙන්නේ වෙන් කරන්න බැරි බැදීමක්..ඒකෙන් දෙකේ වඩේ කන්න කැමති බොහෝ දෙනෙකුට බූට් එක වැදුනා වගේ තමයි වුනේ...

      Delete
    6. ඒකෙන් දෙකේ වඩේ කන්න කැමති බොහෝ දෙනෙකුට බූට් එක වැදුනා වගේ තමයි වුනේ///
      එකෙන්ම... බාර් කාරයෝ බංග වේවා

      Delete
  5. .
    හිත හොඳ එකාටයි හැමතැනම බාල්දි..
    රහයි මේ ලියමන...
    ජය!

    ReplyDelete
    Replies
    1. හිත හොඳ එකාට කොතනත් කවදත් බාල්දි ම නෙ. ස්තූතියි කසුන්...

      Delete
  6. ෆීලිං නොස්ටෑල්ජික් වගේ... හෙහේ... :P

    ReplyDelete
    Replies
    1. ටෝටලි නොස්ටැල්ජික්... :-D :-D :-D :-P

      Delete
  7. ඇත්තටම මමත් ගොඩක් තැන්වල දැකල තියෙනව, වඩේ කරත්ත, පොප්කෝන්/ බොම්බයි මොටයි කරත්ත වගේදේවල් බොහොම ඉක්මණින් අතීතෙට එකතු වීගෙන යනව. අපේ පැත්තෙත් ටික කාලෙකට කලින් අඩියෙන් අඩිය ඕවා තිබ්බා හැබැයි බලන් ඉද්දි එකින් එක අඩුවෙලා ගියා. දැන් මුළු ටවුන් එකටම දෙකයි නැත්තන් තුනයි තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හැම තැනම හතු පිපෙන්නහෙ බෝ වෙන්න ගතතම මාකටින් බහිනව. අනික හැම තැනම තියෙද්දි මිනිස්සුන්ටත් එපා වෙනව. සුවිශේෂි නෑනෙ අශාන්.. අපේ අයගෙ දැක්මෙ වැරැද්දක් තියෙන්නෙ. බිස්නස් මයින්ඩ් එක අඩුයි. කැමැත්ත වැඩී. ටවුමට එක ජාතියෙන් එකක් දෙකක් තිබ්බ නං ඇති. අනික්ව වෙනස් වෙනස් ඒව වුණා නං අන්න අර වඳ වීමේ ලක්ෂණය අඩු වෙන්න තිබ්බ...
      බොම්බයි මොටයි නං ඉඳල හිටල මිසක් දැං හැම තැනම ත්යෙන්නෙ අර කෝට්ටෙ ගහල දෙන ඉංගිරිස් කොටන් කැන්ඩි නෙව හිහි

      Delete
  8. දැන් ඔය වඩේ රු.3,4ක් වුනත් අපි තාම ඉල්ලන්නෙ දෙකේ වඩේ කියලනෙ. එහෙම බිස්නස් කරපු මිනිහෙකුට දැන් තියෙන විදිහට බිස්නස් කරන්න එපා වෙන්නැති. ඒකනෙ ලෙඩ නොවීත් කරත්තෙ අතෑරියෙ.

    ReplyDelete
    Replies
    1. හුගක්ම එපා වීම තමා. මං හිතන්නෙ. එයා හම්බුණා නං අහනව. මේ සටහන ලියන්න දවස් දෙක තුනක් ඉඳල බැලුව මනුස්සය හොයාගන්න ඒත් හම්බුන් නැ.

      Delete
  9. මට මේක කියවද්දී වඩේ කඩ දෙකක් මතක් උනා .එකක් මහරගම 138 බස් නවත්තන බස් හෝල්ට් එකට පොඩ්ඩක් මෙහා තියන වඩේ කඩේ.පුදුම සෙනගක් ඒ කඩේට එන්නෙ ඒවානම් රුපියල් 10 හැබැයි බලන සුනංගුවෙන් වඩේ ඉවරයි . අනෙක් කඩේ තියෙන්නෙ හෝමාගම හීලාන් හොස්පිටල් එක ළඟ .පොඩි වෑන් එකක් නවත්තල තියනව.ඒ කඩේ තියන උළුඳු වඩේ වල රහ වෙන කොහෙවත් දැනුනේ නැහැ .හෝමාගම ගියොත් කොච්චර දුර උනත් ගෙදර අය ඔතනින් උළුඳු වඩේ ගේන එකනම් අමතක කරන්නේ නැහැ . මහේෂ් අය්ය කිව්වා වගේ තමා ඉස්සර වගේ දැන් තියන දෙකේ වඩේ එච්චර රහ නැහැ ඒ නිසා හැමදාම පුරුදු තැනින් 10 වඩේ ගන්නව :)

    ReplyDelete
    Replies
    1. දහයෙ කඩ කීපයක් මෙහෙත් තියනව. එවැය්හැම අයිටම් එකක්ම දහයයි. ඒ ගැනත් දවසක කියන්නංකො.
      උදු වඩේ කීවට උඳු නෑ නෙද ඒවැයි. හිහි. අප් නං කියන්නෙ මැද හිල වඩේ කියල. දැං හැදෙන වඩේ වල මැද හිලත් නෑ... නිකංම යීස්ට් දාල අජිනමොටෝ වලිං කලවං කරල පාම් ඔයිල් වල බැදල දෙන්නෙ .. හිහි...
      දෙකේ වඩෙ රහ නැතිවෙන්න හේතු වුණේ හුගක්ම බාර් ළග වඩෙ කරත්ත අරින්න පටං ගත්තට පස්සෙ හංසියෙ.

      Delete
    2. මගෙත් පළවෙනි ම තේරීම උදු වඩේ.............

      Delete
    3. හැබැයි එකම කොන්දේසිය උදු තියෙන්න ඕන හිහි

      Delete
  10. වඩේ මනුස්සයගෙ මාකටිං තියරි එකෙන් මාකටිං කරන අපේ අලුත් අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද බං.

    ReplyDelete
    Replies
    1. අනිවා හැලපයියෙ.. මනුස්සයෙක්ට දෙයක් ඉගෙන ගන්නව නං මෙන්න මිනිස්සු... මනුස්සය දැනං හිටිය කෝමද බිස්නස් එක කරන්නෙ කියල

      Delete
  11. මේ ජීවිත ගැන හිතද්දි දුකක් දැනෙනවා තමා... ඒත් ඒ මිනිස්සු කාටවත් බරක් නොවී ජීවත් වෙනවා.... දරු මල්ලෝ ඉන්නවානම් ඒ අයත් රටට බරක් නැතුව ගොඩනගනවා.... ජීවත් වෙනවා.... සමාජය තුළ ගැවසෙනවා... අැත්තට ම ජීවත් වෙනවා.... පොළවේ පය ගහලා ජීවත් වෙනවා..... ඒ නිසා මට මෙහෙම ජීවිත දකිද්දි දුක තුනී වුණ සතුටක් දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. කාටවත් බරක් නැති අරුම ජීවිත මචං සැහැල්ලුයි මහ ගොඩක් දේ හොයන්නෙත් නැ
      ස්තූතියි අදහසට කුරුටු

      Delete
  12. වඩේ එකක් කන්ට හිතුනා මේක දැක්කාම. ඒ දවස්වල රුපියල් දෙකේ වඩේ එකක් තාමත් රුපියල් දෙක වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඒක තමා ටැක්ටික් කියන්නෙ වඩේ එක තාම රුපියල් දෙකයි.. ඇත්තමයි... කෝමද වෙන්නෙ කියල නං කියන්න දන්නැ

      Delete
  13. මම අසා උළුදු වඩේ වලට විතරයි.මේ වඩේ දත් අස්සේ හිර වුනාම හරි වදේ.

    ReplyDelete
    Replies
    1. උදු වඩේ කන්න ආසයි ඒත් එක්කො ගෙදර හදන්න ඕන නැත්තං සයිවර් කඩේකට යන්න ඕන
      එහෙම නැත්තං වෙන්නෙ උදු වඩේ කියල වෙන මොනව හරි කන්න බං බලහං තනිකර යීස්ට් ගොඩවල්නෙ තියෙන්නෙ

      Delete
  14. මට නිකං මොකද්දෝ වගේ දැණුනා.......... කාලයක් තිස්සෙ හුරු පුරුදු වෙච්ච චරිත එකපාර අතුරුදහන් උනාම නිකං මොකද්දා් මොක්ද්දෝ වගේ නේද අයියා.................

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මචං ඒ මනුස්සයන්ට හැදිච්ච ඉඩ පිරෙන්න සෑහෙන කාලයක් යනව

      Delete
  15. වඩේ කරත්තයක් හොයාගෙන යන්න හිතුනා රස මතක් වෙලා...
    මටත් වඩේ කරත්තයකින් වඩේ ගන්න පුරුදු හිටියා.දැන් ඒක නැ.මම එතනින් යනකොට හැමදාම බලනවා අදවත් ඒ මනුෂ්‍යා ඉදිවීද කියලා....

    ReplyDelete
    Replies
    1. අපිටත් කියන්න වෙන්නෙ අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ කියල
      මොකද ඇත්තටම අපි හොයන දේවල් තියෙන්නෙ අතීතයෙ විතරක් හින්ද

      Delete
  16. Replies
    1. දන්නවනම් කියහං අටමයියෙ.

      Delete
    2. අටං අය්යෙ කතාව කියෙව්ව හරි රහට ලියල තියෙයි.
      ඒ වගේ තෙල් හිටින්නෙ ැතිව වඩේ බදින් පුලුවං පොල් තෙල් වලිං බදිනව නං විතරයි පාම් තෙල් වලිං බදින වඩේ වල විතරකි නෙවි මොන කෑමෙත් තෙල් වකාරෙ... ඒ මනුස්සය සෑහෙන්න බොක්කෙන් බිස්නස් එක කොරල තියෙයි... කෝමත් දෙමළ මනුස්සයො හදන වඩේ රහයි...

      කසුන.. වැඩි දෙයක් නැ අටං දන්නව ඔක්කම හිහි

      Delete
  17. ඔය ගමන් යනකොට ඔය වගේ පාර අයිනේ තියාගෙන විකුණන කඩචෝරු කන එක හරි භයානකයි. නමුත් කට පරිස්සම් කරගන්න බැරි නිසා ඉතිං කාල විඳෝනවා බඩ ගුරුගුරු ගාද්දි.

    ReplyDelete
    Replies
    1. මට නං තාම එහෙම වෙලා නෑ කියන්නකො දැං කොත්තු කන්නෙ ැති වුණත් කොත්තු වලට වත් මගෙ බඩ අවුට් ගිහිං නෑ.. ඒව ඇවිත් දේව වරප්‍රසාද.. හැක්..
      ඕකන කුණක් බේරුවල් බොක්කටය කියනව නෙ ඒ හිංද හිහි
      බඩ නං ගුරු ගුරු ගෑවත් මොකෝ ටික වෙලාවනෙ ඒ වගේද වඩේ

      Delete
  18. වඩේ අංකල් එක්ක ගනු දෙනු කලේ සල්ලි නිසා මනුස්සකම වෙන්න ඇති කියලා මහේෂ්ට හිතෙන පාටයි .

    වඩේ අංකල් ජීවනෝපායට ම වඩේ වැඩේ කළා කියල හිතන් අමාරුයි මේ කතාව බලද්දී නම්

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සය බිස්නස් එකයි සල්ලිය් මනුස්සකමයි තුනම මික්ස් කලා කියල හිතුණ මොකද තුනම බැලන්ස් අඩුත් නෑ වැඩිත් නැ... නැද්ද
      වෙන්න පුලුවං ඉවාන් අය්ය.. මොකද එයැයි මායියට වඩේ හදන්න අඩුම කුඩුම හදන්න කියල වෙන රස්සාවකට යන්න පුලුවං නෙ නෙහ්

      Delete
  19. අපේ මිනිස්සුන්ට මයිසූර් පරිප්පු එපා වෙන්නෙ නෑ වගේ, වඩෙත් එපා වෙන්නෙ නෑ. වඩේ හරියටම හරියන්නෙ වැඩි සීනි ප්ලේන්ටියක් එක්ක. සමහර වඩේ තියෙනවා උම්බලකඩ කෑල්ලක් ඇතුලේ නිධන් කරපු. තව ඉස්සෙක්ව එම්බොස් කරපු මොඩල් එකත් රහයි. උඹේ පෝස්ට් එකත් වඩයක් වගේ රහයි. අංකල්ගෙ මාකටිං පාර කෝමද?

    ReplyDelete
    Replies
    1. අනිවා අපේ අයට පරිප්පු තියේ නං තුන් වේලම වුණත් නිකං කයි ඒ තරං.. මයිසූර් පරිප්පුව නැත්තං වඩේ ඔහොම නැගල යන්නෙත් නෑ නෙහ් හිහි.. වැඩි සීනි ප්ලේන්ට් එක්ක රහයි කීව බීල බලන්න ඕන එහෙනං... ඔය කියපු අනෙක් මොඩල් කන්නෙ නෑනෙ මං.. අපි ඉතිං උපාසක ල නෙ හිහි
      ස්තූතියි ඈ මධුවො...
      අංකල් වෙන බිසිනොස් එකක් කලා නං හොද තැනකට එනව නෙහ්

      Delete
  20. මඟතොට සුන්දර චරිත..

    උබ වඩේ ගැන ලිව්ව එක, අංකල් ගැන ලිව්ව එක අවුලක් වෙන්න පුලුවන් කාට හරි..
    ඒත් මඟතොට සුපුරුදු, ඒත් අපිත් එක්ක කිසිස සම්බන්ධයක් නැති චරිත එක්ක අපි නොදකින සම්බන්ධයක් තියෙනවා බං..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් සෑමො එහෙම සම්බන්ධයක් නොතිබුණා නං මෙහෙම පෝස්ට් එකක් නොලියවෙන්නත් තිබුණ... සෑම හරි සෑමො..
      මේ වගේ තව කතාවක් දෙකක් තියෙයි හිමීට දාන්නංකො

      Delete
  21. වඩේ ගැන කියවපු දිගම කතාව. දුකම කතාව.

    අපේ හන්දියේ ආප්ප සහ එළවලු රොටි කරත්තෙ පෙරේදා වෙන ආප්ප වෙලෙන්දෙක් කුඩු කරලා. :(

    ReplyDelete
    Replies
    1. ඒක නං ඉරිසියාවටත් වඩා කුප්ප ගතිය
      අර මිනිහ කියක් හරි හම්බුකොරගි කියල වෙන්ටැ
      අපේ සම හරක් ට හරියන්නෙ නැත්තෙ ඕකයි බස්සියෙ

      Delete
  22. අන්න ෆුඩ් සිටි එකේ එවෙලේම බැදලා වැඩේ දෙනවා. අන්කලුත් එතනද දන්නේ නෑ . රස මතකයක් මහේෂ්

    ReplyDelete
    Replies
    1. ෆුඩ් සිටියෙ... මෙහෙ නං නෑ කෑගල්ලෙ එකෙත් පොල්ගහවෙල එකෙත් කුරුණෑගල දෙකෙන් එක්කවත් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් නෑ...
      හැබැයි ඒ අංකල්ට ඒම දෙයක්තු බැරි නෑ.. ස්තූතියි තිලකෙ අය්ය

      Delete
  23. මම නම් ඔය කියන වඩේ මෑන් ව දන්නේ නෑ. හැබැයි කියන්න හදලා තියෙන්නේ වඩේ ගැනම නෙවෙයි කියලා හිතෙන්නේ මට විතරද?

    ReplyDelete
    Replies
    1. විමුක්ති මේ අහල පහළ නොවෙයි නේද.. පොල්ගහවෙල සාවියෙ නං නොදැන ඉන්න ඉඩ බෝම අඩුයි...
      ඇත්ත මේ වඩේ ගැනම කතාවක් නෙවෙයි... වඩේ තියෙන්නෙ 10% ක විතර.. ඒත් කතාව එක එක අයට අහුවෙන තැන් වෙනස් නෙව
      බොහොම ස්තූතියි මේ අහ ගොඩ වැදුනට... ජයම වේවා

      Delete
  24. වඩේ...වඩේ... කියලම කෙල උනනවා බං....අපේ හන්දියේ ඉස්සර කඩල කරත්තයක් තිබ්බා අංකල්ගේ ඇහැක් පෙන්නේ නෑ... මුහුදු කොල්ලකරැවන්ගේ ඇහැ සයිඩ් එකෙන් වහන රවුම් කෑල්ලක් දාලා තිබ්බා..අපි හරි බයයි ඒ අංකල්ට හන්දියට ගියොත් කඩල වරදින්නේ නෑ...අංකල්ගේ ළමයි ලොකුවට ඉගෙනගෙන රටවල් වල....අංකලුයි එයාගේ නෝනයි දෙන්නම කඩල විකුණලම අන්තීම කාලේ දුක් විදලා ජීවිතෙන් සමු දීලා....අතීතය මතක් කලාට ස්තූතී මහී

    ReplyDelete
    Replies
    1. ඒ වගේ දුක් විදිද්දි ඒ දුකෙන් කොටහක් අර පොඩි උංට දුන්න නං ශානු අක්ක උං කවදාවත් මුල අමතක කරන්නෙ.. ඇත්තටම මුල අමතක වෙන්නෙ නෑ.. එහෙම වුනා නං ඒ දෙන්නට තනියෙන් යන්න වෙන්නෙ නැ.. නෙහ්.. යමක් දැනුන නං සන්තෝසයි ශානු අක්කා

      Delete
  25. පෝස්ටුව කියවද්දී දෙකේ වඩේ රස දැනුනා දැනුනා වගේ..... අපිට කොහෙන්ද අප්පා වඩේ. ගණන් වැඩිකරන්න බැරි හින්දා වඩේ පුංචි කරන්න ගිහින් අන්කල් අතේ අමාරුවක් හදාගෙනද දන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඔහෙ වඩේ නැතෙයි... මොකද්ද යකෝ වඩේ නැති ගම ඕක දියං ළමේට්ට...
      නෑ නෑ.. එහෙම දෙයක් නෙවී... හිහි.
      බණ්ඩත් හොඳ හොඳ කතා ක්යනව වගේ නෙහ් හැක්

      Delete
  26. උඔලාගේ පැත්තේ රැපියල් දෙකේ වඩේ එකක් කියද?

    ReplyDelete
    Replies
    1. >_< ටූ මේක කියෙව්වෙ නැටෙයි... දෙකයි යකෝ... හැක්.. හැබැයි මෙයාගෙ විතරයි..
      අනික අයගෙ ඒ සයිස් එක 4ක් නැත්තං 5 ක් විතර වෙනව...
      පහේ ටොපියක් කීයද ඇහුව වගේ...

      Delete
    2. දැං දැක්කෙ මෙන්ඩො අයිං කලා ඕං
      සොරි හොදේ

      Delete
  27. වඩේ වල දැනුන රසය කොච්චරද කියනව නම් මේ මහ රෑ වඩේ හදන් කන්න තරම් හිතුණා.
    ලස්සනට ලියල මල්ලි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනිති අක්කා...
      සතුටක් අගය කරනකොට මට

      Delete
  28. samahra minissu business krnne salli labena nisama newi.

    ReplyDelete
    Replies
    1. ඇත්ත දුලංජලි... ඒක සල්ලි වලට එහා දෙයක්... අපි ට ටච් නොවෙන තැනක්
      ස්තූතියි අවන්හල ට ගොඩවැදුණට
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  29. samahra minissu business krnne salli labena nisama newi.

    ReplyDelete
  30. වඩේ වගේම රසවත් කතාවක් . ආසාවෙන් රස වින්දා . හරිම අපූරුවට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතූ...
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  31. මම න ම් දෙකට වඩේ අරන් තියෙනවා එවට අපි කිව්වෙ බොල වඩේ කියලා එකත් බාර් එක ලගින් 😀 ලිවිල්ල සම්පුර්ණ නෑ වගෙ,හැබැයි කියවලා ඉවරවෙනකොට වඩේ ක්න්න හිතුනා ....
    ජය ...

    ReplyDelete
    Replies
    1. වඩේ ගැනම නොවෙන හින්ද ලිවිල්ල ගැන එහෙම හිතෙනවද දන්නෑ... සමහර විට හිහි...
      එකපාරම ලීව එක පාරම පබ්ලිෂ් කළා.. ඒකයි...
      ස්තූතියි සහෝ...
      උඹත් ලියපංකො දැං...
      නිකං හිටිය ඇති බොල

      Delete
  32. මුස්ලිම් අය බිස්නස් වලට දක්ෂයි, මම ලංකාවේදී රෙදි ගන්නේ මුස්ලිම් කඩවලින්.පැහැදිලිවම මිලේ ,ලෙන්ගතුකමේ වෙනසක් තියනවා, මෙහෙදිනම් ඉන්දියන් අයගෙන් බදු ගන්නේ අරාබි කාරයෝ ඉන්න කඩයක් පැත්තේ යන්නෑ ,උන්ගේ ලොකුකම.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...