Wednesday, January 26, 2022

අලුත් ස්ටවුට් එකයි මගේ ඉරිදාවයි..


            තීරු ලිපි එකතු කියන්නෙ මම සාමාන්‍යයෙන් කියවන ජාතියෙ පොත් නෙවෙයි. ඒකෙ තේරුම මම තීරු ලිපි වත්, තීරු ලිපි එකතු වත් නොකියවන කෙනෙක් කියල නෙවෙයි. කියෙවෙන්නෙ කලාතුරකින් වගේ තමයි. හරියට යාලුවෙක් එක්ක  හවසකට පොඩියක් චිල් වෙන්න හිතුනම යාලුවගෙ බ්‍රෑන්ඩ් එකට මාරු වෙන්න ඉඩක් දෙනව වගේ.  සාමාන්‍යයෙන් පත්තරයක් ගත්තම දේශපාලන ලිපි හැරුණාම අතේ රෝල් ආටිකල්ස් පවා කියවන මට තීරු ලිපි මඟ නොඇරීම තවත් හේතුවක්. විශේෂයෙන්ම මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ගෙ පැණි වළලු, මහාචාර්ය සුන්දර නිහතමානිද මැල් මහතාගෙ මානිගෙ තීරුව වගේම වෛද්‍ය බෝධිනී සමරතුංගගෙ සායනික සටහන් නොවේ කියන්නෙ එහෙම කියවපු තීරු ලිපි. ඒ අතරිනුත් පොත් හැටියට පළවුණ පැණි වළලු, සායනික සටහන් නොවේ වගේම ගයාන් අබේසිංහ ගෙ ඇස් තෙත් කළ මතක, රංජිත් කුමාර සමරකෝන්ගෙ හුස්ම ගන්න අකුරු වගේ තීරු ලිපි එකතුත් මගෙ පොත් එකතුව අතරෙ ඉන්නව. 

Saturday, January 1, 2022

විශිෂ්ටයෙකු ගේ ආරම්භය - Pele Birth Of A Legend



Minor Spoiler Aleart

            පේලේ කිව්වම කවුද නොදන්නෙ.. නේද. පාපන්දු පුරාවෘතයක් වන ඔහු හෝ ඔහු සම්බන්ද සිද්ධීන් අලා නිර්මාණය වී ඇති චිත්‍රපට බොහොමයක් තියෙනව. වර්තමාන බ්‍රසීල ඇමතිවරයෙක් වන ඔහු 1958 දි, ඒ කියන්නෙ පේලේට අවුරුදු 16 ක් වෙද්දි, බ්‍රසීලය දිනාගත් ප්‍රථම පාපන්දු ලෝක ශූරතාවය බ්‍රසීලය වෙනුවෙන් දිනා දීමට ප්‍රබල කාර්යය භාරයක් සිදු කළ ක්‍රීඩකයා යි. 1958 බ්‍රසීලයට සුවිශේෂ වෙන්නෙ පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය විසින් ස්වීඩනය පරදවා ලබා ගැනීම විතරක් නොවෙයි. 1958 ලෝක ශූරතාවය තමයි යුරෝපියානු භූමියකදී යුරෝපීය නොවන රටක් පාපන්දු ලෝක ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව වෙන්නෙ.