Tuesday, February 25, 2014

සිංහ දේශයේ සිංහයන් වඳව ගොස් ඇත.....

                                                                            අප ශ්‍රී ලාංකිකයෝ වෙමු... එනයින්ම අපි ආඩම්බර වෙමු.. ඉන් නොනැවතී ඇතැම් විට හදවතින්ම ශ්‍රී ලාංකික බව පවසන්නෙමු. නමුදු ඒ ලෙසින් ක්‍රියා නොකරන්නෙමු... ඒ අපේ හැටිය... ඒ මට සිතෙනාකාරයයි. සෑම දෙයක්ම කීමෙන් පමණක් තෘප්තිමත් වන අපි ඉන් ඔබ්බට නොයා ,එනම් කතාව ක්‍රියාවට නොනගා කතාව මතම නැවතී හිදින්නෙමු... සරලවම කියනවා නම් කටින් බතල කොල හිටවන්නෙමු... මේ අපේ ජාතියේ ගතියයි... කතාව මතම නොනැවතී ක්‍රියාවට ද නගන්නෝ නැති නොවේ... නමුදු එවැන්නෝ හිගය... දුර්ලභය. උන්ට කරනා අපහාසයන්ද නිමි නැතිය... ලංකාවේ උන්ට වැඩ කරනවා නම් ඔබට බැණුම් අසන්නට පිළිවන් විය යුතුයැයි අනගාරික ධර්මපාල තුමා වරක් කීයේ එබැවිණි... මන්ද මේ ශ්‍රී ලංකාව බැවිනි...

Friday, February 21, 2014

මිනිස්සු ඇයි මේ තරං කුජීත බං ..............?

                                                                ලියන්නට සිටි සියලු දෑ ඉවත ලා මේ ලිපිය ලියන්නට සිත් වූයේ මේ කියන්නට යන සිදුවීමට කොනකින් හෝ මා ගෑවී තිබීම නිසා මා සුද්ද කර ගැනීම සදහා හෝ මාගේ නිර්දෝශී බව හගවා පොරක් වීමට නොවේ... මටද සහෝදරියක් සිටින නිසාත් ඈ හා මා අතර ඇති බැදීම නිසාත් මා සිත මේ කියන්නට යන සිදුවීම නිසා මා සසල වූ හින්දාමය... මේ ලිපිය කියවා ඔබට කියන්නට අනන්තවත් දේ සිතිය හැක...  එසේම නොකියා යන්නටද සිතිය හැක.. මගේ එකම ඉල්ලීම නම් සිතෙනා දේ සිතෙනා ආකාරයෙන් මෙහි තබායන ලෙසත් මා පිළිබදව හිතේ කහටක් තබා නොගන්නා ලෙසත්ය..(නමුදු ඒ ඔබේ කාරියක්ය...)




X-මචං....
මම-ම්ම්...
X-උඹ දන්නවද අර කෑල්ල....?
මම-කව්ද බං...?

Monday, February 17, 2014

අරුමයකි වටහා ගත නොහැකි...

පිළිස්සී
මියෙන වග
දැන දැනම
ගිනිදැල්ල
වෙතම ඇදෙනා
මෙරුවෙක්ය සිත.....
නුඹවම සොයා

Wednesday, February 12, 2014

තරු සිහින...

දේදුන්නේ සප්ත වර්ණයන් හට ඔච්චම් කරන්නට, එහි කීර්තිය උදුරා තමන් නතු කරගන්නට මෙන් ආඩම්බරයෙන්, මාන්නයෙන් පිරී ඉතිරී ගිය කෘතීම වර්ණ ධාරාවෝ සිය කාන්තිමත් ආලෝකයෙන් අදුර පලවාහරිමින් සිය නෙක වර්ණාවලියන්ගෙන් හාත්පස්ම අතුරුසිතුරු නැතිව පුරවා හරිම්න් සියල්ලටම ඉහලින් නිසොල්මනේ රැදී සිටියි.. අදුර ඒ මාන්නක්කාර රශ්මි කදම්බයන් කෙරේ පිරුණු තරහයෙන් යුතුවම මුලු ගැන්වීගෙනය... තමන්ට අභියෝග කරන මනුසත වෙත වියරු ඇස් බමවාගෙනය... ඔරවාගෙනය..  මේ කිසිත් නොතැකූ නොසිතූ සහසක් තරම් ප්‍රේක්ෂක තරලයක් නිර්වින්දන මානසිකත්වයකින් යුතුව ආලෝකයද අදුරටද අතරමැදිව පනවන ලද අසුන් මත සිහියෙන් මුත් අව සිහියෙන් වාඩිලා සිටියෝ. නැත එසේ වාඩි වීමට ඔවුන්ට බල කර තිබුණි.

මායාත්මක ප්‍රීතියකින් හා අවට සකල සිදුවීමිහි සැබෑප්‍රතිරූපය නොපෙනෙනා ලෙස නිර්මාණය කරන ලද නාඩගමකින් ඔවුන්ව නිර්වින්දනය කර තිබිණි. උහු සැබැවින්ම ඊට හසුවී ඊට අනුගතව තිබිණි.. උහු ඉදිරියේ රගදක්වන්නා වූ සංගීතමය මායාව දෙස ප්‍රීතියෙන් මුත් ඊර්ෂ්‍යෙවන් පෙලෙමින් ඒ බවක් නොපෙන්නා ජයඝෝෂා නගමින් හුන්නේය.. තරු පිරි අහසේ තවත් තරුවක් වෙන්නට කැස කවන්නන් පිරිසක් ඔවුන් ඉදිරියේ නගා තිබූ වේදිකාව මස්තකයේ මවාගන්නා ලද සිනහවකින් අනෙකා කෙරේ වූ බොරු හිතවත් කමකින් මුත් අනෙකාව දවා හල හැකි තරමි වියරුවකින් වුව මවා පෙන්නන ලද සාන්ත භාවයකින් සිටගෙන සිටියෝය...

Thursday, February 6, 2014

''බො'' යන්න සහ බොන්නන්....

මට මේ ලිපිය ලියන්න හිත දුන්නේ සෑම් කොල්ලාගේ මේ පෝස්ටුව දැකීමෙන් පසුවය. පහුගිය කීප දොහේම වැඩ රාජකාරි අධික වීමත් මගේ බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂනය විසන්ධි කර තිබීමත් නිසා මේ පැත්ත පළාතක එන්න බැරිවිය. ඒකටත් එක්ක හරියන්න අද පෝස්ටුවක් දානවා කියා හිතාගෙනම වාඩිවුණාට මොකද බ්ලොග් කියවන්න සෑහෙන වෙලාවක් ගතවීම හින්දා ඒකත් පරක්කු විය. (පදුරු වටේ තැලුවා වැඩිද මංද.)

මේ දවස්වල කොල්ලන්ගේ ප්‍රියතම අකුරු වලින් 1කි බො යන්න. ඉස්සර නං කොල්ලන් වැඩිපුරම කලේ බොයන්නක් බැස්සීමය. කාට හරි බොයන්නක් බස්සන උං තමංගේ වැඩේ අපූරුවට කරගනී. නැතිනම් මොකක් හෝ මරාලයකින් ලස්සනට ගැලවී යති. ඒ වැඩේටම උපන් හපනුන් අනන්තවත් ඇත උන් හදුන්වන්න වෙනම නාම පදයක්ද ඇත. උන්ට කියන්නේ ඇම්ඩලාය. ඇම්ඩලාද කොටස් කීපයකි. ඒ අතරින් ගල් ඇම්ඩලා රජ ඇම්ඩලා හා පකිං ඇම්ඩලා ප්‍රධානය. කෝමත් මේ කතාව උං ගැන නෙමේය.

බොයන්නෙන් පටං ගන්නා තවත් පදයක් නම් බොනවා යන්නය. එය ක්‍රියා පදයකි. බොන්නේ වතුර හෝ පැණි බීම හෝ නොවේය. බීපුවාම කට්ටියකට දිවිය ලෝකේ පේන කට්ටියකට අපාය පේන කට්ටියකට මිනිස් ලොව සියලු සිදුවීම් සැකෙවින් පේන බීමකි. එහෙම බැලුවාම දිවිය ලෝකේ අමෘතය පරාදය. සමහරුන් බොන්නේ ආතල් එකටය. සමහරුන් බොන්නේ දුකටය. තවත් සමහරුන් සතුටට ආතල් එකට බොති. එතනත් අමුතු වර්ග කිරීමක් ඇත. සමහරුන් මද පවනේය. තවත් අය නාග සලංය. තවත් අය නයි නෑවා වගේය. ඔය අතරේ කට්ටියක් ප්ලැටේ ප්ලැට්ය. මේ අතරේ හීං සීරුවේ දෙකක් දමාගෙන මද පවනට මත සංකල්පය ක්‍රියාත්මක කරන්නෝද සිටී.