
ඵල වැල සිසිලස සුවද බෙදා දෙන
බෝසත් පාරමී දහම් නොපුරන
බෝසතුන් තරමටම කුළුණුබර..
ඇස් ඉස් මස් රුහිරු බිදු දියකර
පෙවී උන් අප හටම සිප් කිර
නොපැතීය ආපසු කිසිත් කෙලෙසක
ගෙවන්නද කෙලෙස මේ උතුම් ණයබර..
පවර වෑ දිය මෙනි දයාබර
කෙත් සාරවත් කර සිනාසෙන
කිසිත් කිසිදා කියා නොමයන
හදේ ගැඹුරෙම තබා හිනැහෙන ..
හැම දේකටම දිනයක් තියෙන හින්දද කොහද ගුරුවරුන්ටත් දිනයක් වෙන් කළේ. කෝම වුණත් එහෙම අයත් ලෝකෙ ඉන්නව කියල කට්ටියට මතක් වෙන්නත් එපැයි. ඒ හින්ද ඒකෙ වරදකුත් නැති තරම්. මොනාම හරි හේතුවක්- සමහරවිට අපිට නොතේරෙන හේතුවක් හින්ද- ඔය ගුරු දිනය අපේ ඉස්කෝලෙ අපි යන දවස වල මහා ඉහළින් සැමරුවෙ නෑ කියල මට මතකයි. . ඉද හිටල බාල්දියක් දෙකක් පෙරළ ගත්තත් අපි ඉන්න කාලවල ඉස්කෝලෙ ලොකුවට- අද අහන්න දකින්න තියෙන තරං ලොකුවට- විනය විරෝධී හැසිරීමක් නැත්නම් ගුරුවරුන්ට අපහාස වෙන විදියෙ හැසිරීමක් තිබුණෙ නෑ. සමහරවිට ඒක ඒ කාලෙ තිබ්බ විනය පිළිබද නීති රිති හින්ද වෙන්නත් පුළුවන් නැත්නම් පොඩි දවස් වල ඉදන් අපිට හරි පාර පෙන්නන්න තරං හොද මිනිස්සු ටිකක් ගුරුවරු වෙලා හිටපු හිනද වෙන්නත් පුලුවං. මොනා වුණත් අදටත් අවුරුද්දෙ දවස් තුන්සිය හැට පහම අපිට ගුරු දිනය වගේ කියල මට හිතෙනව. කොතනදි කොහොම දැක්කත් බය නැතුව අපිට උගන්නපු ගුරුවරයෙක් ළගට ගිහිං කතා කරන්නෙත් අන්න ඒ හේතුව හින්ද.
ලෝක ළමා දිනය දවසෙදි අර තරම් අසෝබන හැසිරීමක් පෙන්නපු ඔවුන්, තම ගුරුන්ටත් පාසලටත් අපහාස කළ ඔවුන්, ජාත්‍යන්තර ගුරු දිනයෙදි ගුරුවරුන් වෙනුවෙන් උත්සව සංවිධානය කරන්නෙ කොහොමද කියන එක.
ප.ලි- මේක කියවනකොට ඒකපාර්ශ්වික ගතියක් දැනෙනව කීවොත් ඒක ඇත්ත කියල මං පිළිගන්නව. මට සමස්ථය ගැන කතා කරන්න වුවමනාවක් තිබුණත් ඒ වෙලාව මේ නෙවෙයි කියල හිතුණ. ඉතින් හිතාමතාම පටු සීමාවකට කතාව ගත්තෙ ඇත්තටම අප්‍රසන්න සමහරක් සිදුවීම් කතා කලා කියල ඔබටත් මටත් ඇති සෙතක් නොවෙන හින්ද. කොටින්ම කියනව නං අපි දෙගොල්ලගෙම ලේ කෝප වෙනව පමණයි කියල ඔබට හිතෙන්නෙ නැද්ද..???
මහේෂ් ..... පෝස්ට් එක ඒක පාර්ශවිය උනාට කමක් නෑ. ගුරු දිනය අද කියල දැන ගත්තේ ඊයේ , මොකද අපේ බබා කියනවා, ටීචර් හෙට අපට එන්න එපා කිව්වා ..... අපිව බලා ගන්න බෑ කියල. ,මොකද අද වෙද්දී මේ පාසලේ, ටිචර්ස්ලගේ ලේ දන්දීමේ වැඩසටහනක්. ඉතින්... මේ කතාව ගුරු දිනයට උත්තරයක්ද ...? මේ දේවල් ... මේ කතාව ළමයි ගෙවල් වල ගිහින් කියනවනේ ......
ReplyDeleteහෑෑෑෑෑෑැ
Deleteමලකෙලියයි මහරඡ කිව්වලු
අන්න ඒකයි කීවෙ නිහිංසා මේ පෝස්ට් එක ඒකපාර්ශ්වියයි කියල. අපි ගුරුවරු කියල වදිද්දි එයාල ඒ අපේ හිතේ තියෙන රූපෙට නැත්තං ඒ හැදිල තියෙන හෝ හැදෙමින් පවතින රූපෙට ගහනව. ඒත් එාල හිතන්නෙ නෑ ඒකෙන් ඩැමේජ් වෙන්නෙ ඇත්තටම එයාල ගෙ ප්‍රතිරූපය මයි කියල. පස්සෙ දොස් කියනව ළමයි මේම හදල අරේම හදල කියල.
Deleteහැබැයි ළමයි කියන්නෙ සුන්දර වස්තු විදියට සලකන ඇත්තටම ගුරුවරු කියල ලෝබ නැතිව කියන්න පුලුවං අය තාම ඉන්නව...
මෙන්ඩො
කියල වැඩක් නෑ බං.. කාට කියන්නද
මේකත් තවත් එක දිනයක් විතරක් කියල හිතෙන්නෙ මේ ගුරුදින උත්සව සංවිධානය කරන්නෙත් ගුරුවරුම නිසා. ලමයි කරන්නෙ ගුරුවරු කියන විදිහට කරන එක විතරයි. ලමයින්ට හිතල බලලා මොනවහරි කරන්න අද ඉඩක් දුන්නනම් බලන්න තිබුන මොකද වෙන්නෙ කියල. එහෙනම් අද ගුරුදිනේ කියල ගානක්වත් නැති වෙන්න තිබුන.
ReplyDeleteඑකෙන්ම. අන්න එහෙම කලා නං ඒ දවසට ළමයි ඇවිල්ල ගුරුවරයට බුලත් හුරුල්ලක් දීල වැන්දත් ඒක කෝටියකටත් වඩා වටිනව..
Deleteඒත් ඉතිං මොනාත් හම්බෙන්නෙ නෑ ලු නෙ කසුන්..
නේහ්... එතකොට වැඩක් නෑලු...
වැඩක් නැ බන් කතා කරලා ..වයිෆ් වැඩ කරන ඉස්කෝලේ ගුරුවරියක් ළමයෙකුට උගන්නන වෙලාවේ නවල් කියවන්න එපා කිව නිසා තට්ටු දෙකක් උඩින් බිමට පනින්න ගිහින් ළමයි වගයක් බේරගෙන තියෙන්නේ .දැන් ඒ ගුරුවරියට ළමා හින්සනයද මොකක්ද එකක් කියලා මානව හිමිකම් එකේ නඩු දාලා .ඉතින් අනිත් ගුරුවරුත් දැන් කිසිම දෙයක් ළමයින්ට කියන්නේ නැ .මොකද හොඳ කරලා නඩු දාගන්නේ මොකටද ? (අපි ගුටි කාපු විදිහට මානව හිමිකම් ගියා නම් අපි තවම උසාවි යනවා නඩු වලට ...හැක් හැක් )
ReplyDeleteඅකුරු කරන්නට පොඩි සංදියෙ බාලේ
මතකයි මව්පියන් නුඹ මට දුන් තාලේ
දෙපතුල වටී දෑතින් වැඳ ඒ කාලේ
දුන් දුන්කොළ බුලත් වේලුණි මැද සාලේ......
පාඩම් කියා දී හඬ ගෑ උගුර තලා
රජ පෙරහැරට නුඹ වැන්නන් එකතු කළා
වේවැල් කොටු නාරං අතු ඉවත හෙළා
මම එතැනම ය ඉමි ගුරු නිවසටම වෙලා......
නුඹලෑ නමින් කැපකොට හොඳ කලවයස
කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස
නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැණැස
පසුකර පියමනිති දරුවෝ ගුරු නිවස......
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක
මට ගහලා තියනවා බිම පෙරලගෙන
Deleteඒකාලේ මගේ නවල් එකත් උදුරාගෙන ගියා. වැදලා පොත ඉල්ලා ගත්තේ, නම මොකද්ද දන්නවද ...? මං නරක ගැනියෙක් නෙමෙයි.
Deleteදන්නවැයි සිංදුවො මෙන්ඩො
Deleteඅපි එක පාරක් භූගෝල විජ්ජා කාඩම කට් කරල බැඩ්මින්ටන් ගහන්න ගියා හැක්.. ලොක්ක හොයාං ආවෙ නැද්ද. අගලක් විතර පලල පත වේවැල් කෝට්ටක් තිබ්බෙ.. ඉස්සෝරම වැදුනෙ මගෙ බොක්කට දෙකක් නැත්තං තුනක් ගහන්න ඇත ඊළගට මම පෝලිමේ ගහපු පාර වේවැල් කෝට්ට පිපිරුව කියහංකො *ක නෑ වගේ දැනුනෙ...
ඒ වගේ ඒවට අපි පොලෝසි ගියං නං.......
වැඩක් නැ බං... ඒ හිංද වත් අපි හැදුණ කියල පොඩි කික් එකක් තියෙයි.
මං කියන්නෙ ගහනව කියනෙක හොදයි කියල නෙවේ. ඒත් හික්මව්න බැරි අපි වගේ හික් මීයන්ටත් මක හරි වෙන්න දෙන්න එපැයි..
නිහිංස
නම මොකද්ද දන්නවද ...? මං නරක ගැනියෙක් නෙමෙයි.///
මිස් ට අප්සට් ගියාද දන්නෑ නම දැකල.. මගෙත් ඔහොම කියව කියව ඉද්දි උදුරල පොතක් විසික්ක කලා. ඒ 9 දි. නම රණරාල... හැක්
//මගෙත් ඔහොම කියව කියව ඉද්දි උදුරල පොතක් විසික්ක කලා//පොතක් නෙවෙයි බොලන් පත්තරයක් ....එකක් නෙවෙයි දෙක තුනක්ම .මැද පිටුව විතරයි ඉතුරු උනේ .එකත් කෙල්ලෝ සෙට් එක ළඟ තිබුන නිසා ...පන්තියේ කොල්ලෝ සෙට් එකම බුදු මැදුර ළඟ දන හැඟෙන හිටියා ස්කොලේ අරින කල් ....වැරැද්ද විද්‍යාව අච්චු පොත් ගෙනැල්ල නැති එක ...එදා වැල පත්තර බලලා අහුවෙලා කියලා ප්‍රින්සිපල්ට කියලා තිබුනා නම් අපේ ජිවිතේ මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබුනා ...අන්න ගුරුවරු ..
Deleteඅන්න ඒ හිංදම තමයි අදට ත් අපි ඒ අයට ගරු කරන්නෙ නැද්ද කියහං.
Deleteළග නොබලා දුර බැලීම ඒ අයගෙ විනෝදාංශයක්
දැං අය දුර තියා ළග කෙසේවත් නහය උඩ වත් බලන්නෙ නෑ
සිරාවටම නැද්ද කියකො
දැන් බන් ඔක්කොටම කලින් මුන් එක මිඩියා එකට දෙයි ...ඊට පස්සේ දන්නවානේ වෙන දේවල්
Deleteමං ඕක කොටන්න ඔලුවට ඇවිල්ලත් කෙටුවෙ නෑ..
Deleteඒක තමා වෙන්නෙ වෙන මකැයි
වීඩියෝ සහිතයි කියල පබ්ලිෂ් කරයි
කමෙන්ට්/ පොස්ට් කියෙව්වා
ReplyDeleteපොඩි මෙන්ඩත් ටිචැර්ට තෑග්ගකුත් අරන් ගියා අද..හරි හෝ වැරදි ඒ දේවල් අනිවාර්්‍ය වෙලා
අනිවාර්ය කරල මෙන්ඩො..
Deleteඕව නැත්තං පොඩ්ඩන්ට තැනක් දෙන්නෑ කපල කොන්කරලම දානව
උං මෙන්ටලි ඩවුන් කරනවට වඩා අර ඉල්ලන දොළපිදේනි දීල දානෙක හොදයි
වෙන මක්ක කරන්ද කියකො
සදුගේ යාලුවෙකුගේ පුතෙකුට ටිචර්ට දෙන්න ස්මාර්ට් ෆෝන් එකක් යැව්වලු...
Deleteතව ටික දවසක් යනකොට කාර් එකක් අරගෙන දෙන්න වෙයි.
එක්තරා ආකාරයකින් ඕව දෙමාපියන්ගෙත් වැරදි. කොහෙන් හරි කවුරු හරි පටං ගත්තම අනික් හැම කෙනෙක්ම කරනව
Deleteඅනික ඔය තෑගි දීමේ විසේසත්වයක් තියෙයි ඔය තෑගි හම්බෙන ඔක්කම ස්ත්‍රී පාර්ශ්වයෙ
නැද්ද කියන්නෙ
මට හිතෙන හැටියට ආදරවන්තයින්ගේ දිනය ඇර අනෙක් දින සැමරීමේ කිසිම තේරුමක් නෑ.
ReplyDeleteඔව් තමයි පොඩී කුමාරිහාමියෝ
Deleteආදරවන්තයින්ගේ දිනයත් එදාට විතරක් සමරුවම හොඳටම ඇති.. :p
Delete@ පොඩ්ඩි අක්ක ඒකට දිනයක් කෙසේවත් තැනක් වත් හදල දුන්නොත් අඩු ගාණෙ බාප්පල ගෙන් බේරිල නිදහසේ ලවක් කරන් පාඩුවෙ ඉන්න තිබ්බ
Deleteසාරිකා
වෙන මොන කතාද නේ... හැක්
කමී...
අර ජේ පී දාල තිබ්බ පෝස්ට් එක දැක්කද.. මේ යන විදියට ඒකත් එදාටම සීමා වෙයි තමා
හැක්
එතකොට ආදරය කරන්න අවුරුද්දටම එක දවසයි.:D
Deleteහිහි ආදරේ හරි ගණන් ලු
Delete:D :D :D:D :D
අපේ කෙල්ලගේ ඉස්කෝලේ ඊයෙම ගුරු දිනේ තියල.. හැක.
ReplyDeleteසා සෝයි නෙ... ටීචස් ලට කලිං තෑගි ඇර බලන්න ඕන වෙන්න ඇති
Deleteහිහි
මට තියෙන ගැටළුව නම් ඇයි මේ වෙනම දිනයක් වෙන් කරන්නෙ කියලා. ඇයි හැමදාම ගුරුදින විදිහට හිතලා දෙපාර්ශවයම තමන්ගෙ යුතුකම් වගකීම් ඉටු කරන්න බැරිද...?
ReplyDeleteබැරි කමක් නෑ ඇත්තම කතාව ගුරු දිනය සංවිධානය කරන්නෙ දෙමාපියන් හෝ දරුවන් නොවීම
Deleteයමක් වැටහෙනව ඇති කියල හිතෙනව
ගුරු ගෝල බැඳීම් වැඩි කරන වැඩ සටහන් තියෙන එක වරදක් නෑ කියලත් හිතෙනවා. ඒත් ගුරු දිනයේදී ගුරුවරුන්ට නොයෙක් මාදිලියේ තෑගී දීමේ පුරුද්ද සමහර දෙමවුපියන්ට බරක් වෙමින් යනවා. ගුරුවරුන් විසින්ම නිහතමානීව ඉදිරිපත්වෙලා මේ ට්‍රෙන්ඩ් එක නතර කරන්න ඕනි කියල මට හිතෙනවා
ReplyDeleteඇත්ත බැදීම් වැඩි කරන් ප්‍රෝග්‍රෑම් තියනෙක වැරැද්දක් නෙවී තිලකෙ අය්යෙ. ඒත් අවුල මොකද්ද දන්නවද නිකංම බුලත් හුරුල්ලක් දීල වදින කෙනාට වැඩිය සෑහෙන පිළිගැනීමක් අර දොළපිදේනි දෙ එකාට ලැබෙනව කියනෙක
Deleteතේරෙනව ඇති නෙ වෙනස.
ගුරුවරු ඉදිරිපත් වුනොත් පිරිමි පාර්ශ්වය විතරයි. ගෑනු ටික රෙද්ද අතට ගනී
ඕකයි මං කීවෙ මේ පෝස්ටුව ඒකපාර්ශ්වික වෙන එක හොදයි කියල
අපේ මයි ලේ පිච්චෙන්නෙ
ReplyDeleteළමයා කියන්නේ, පොඩි ප්‍රමාණයේ මිනිහෙක් නෙවෙයි, කියලා තේරුම් නොගන්න ගුරුවරු තමයි, ළමයින්ට එපාවෙන්නේ. ඉගැන්වීමේ ක්‍රම නොදන්නා, එහෙත් විෂයය දැනුම ඇති ගුරුවරයාගෙන් අති වැඩක් නැහැ.
ළමයින්ව දමනය කරගත යුත්තේ ආදර්ශයෙන්. ළමුන්ට මිත්රශීලීවව එහෙත් ස්ථාවරව friendly & firm සිටීමෙන්.
විචාරක කියන දේ ගැන එකෙන්ම එකගයි. මේ කමෙන්ටුවට දීර්ඝ පිළිතුරක් නොදී මං මේකට කතාවකුත් එක්කම උත්තරයක් දෙන්නං ඉවසන්ටකො ටිකක්
Deleteමහේෂ් අය්යෙ ගුරු දිනේට කඩේට විකුනන්න ගෙනාපු කෘතීම රෝස මල් ඔක්කොම ඉවරවෙලා අනේමන්ද සුවඳ නැති රෝසමල් වලට වඩා අතින් ලියල හදන පොඩි කාඩ් එකත් වටිනවා කියලයි මට හිතුනේ මේවා ඉතින් මට කියන්න බෑනෙ.ඔය අතරේ ළමයි වගයක් සල්ලි එකතු කරගෙන ඇවිත් සර් ට දෙන තෑග්ග හිතනවලු අන්තිමට හිතල හිතල කිව්වලු අන්කල් කමක් නැහැ අපිට මාකර් පෙන් දෙකක් දෙන්න සර්ට ඒකෙන් අපිට උගන්නන්න හරි පුළුවන්නේ කියල. මම කියන්න හැදුවෙ තේරුමක් නැති දේවලට සල්ලි වියදම් කරලා තනි තනිව ගුරුවරු සතුටු කරන්නේ නැතිව පන්තියේ ළමයි හැමෝම මහන්සියෙන් එකතු කරලා තමන්ගෙ හදන සිහිවටනපතක් හරි දෙන පොඩි තෑග්ගක් හරි වටිනවා කියල .මේ ඔක්කොටම වඩා එයාලව සතුටු කරන්න පුළුවන් වෙන්නෙ හොඳ තැනකට ගියපු දවසට එදාට ලඟට ගිහින් කතා කරද්දි එයාලට දැනෙන සතුට සදාකාලික තෑග්ගක් වේවි :) තෑගි බලන්නේ නැතිව ළමයින්ට වෙනසක් නොකර උගන්නපු හැම ගුරුවරයෙක්ටම අය්ය ලිව්ව කවිය උපහාරයක් ..මේක කියවද්දී මේ සින්දුවත් මතක් උනා ...
ReplyDeleteපැන මඩ කඩිති -සුනිල් එදිරිසිංහ :)
හංසියෙ තෑගි ඕන නෑ ගුරුවරයෙක්ට ළමයෙක් බුලත් අතක් දීල වැන්දත්, වදින්නෙ භක්තියෙන් නං ඒ ඇති. ඔය තෑගි දෙන අය කි දෙනෙක් හිතිං බැන බැන තෑගි දෙනවද කියල කෝම කියන්නද. ඒත් ඒ තෑග්ග වටිනවලු අර බොක්කෙන්ම වදින එකාගෙ බුලත් හුරුල්ලට වඩා...
Deleteසිංදු කියද්දි මතක් වුනේ. අන්න සිංදුව ගුරු දිනේට සිංදු සෙට් එකක්ම දාල තිබ්බ
මේ එක එක දේවල් වලට දවස් වෙන් කරන එකනං බොරු වැඩක්. හැම දවසක්ම ලෝකෙ ලස්සන කරන්න පුළුවන් දවසක්. ඉතින් හැම දවසක්ම ළමා දිනයක්, වැඩිහිටි දිවයක්, ගුරු දිනයක් වගේම පරිසර දිනයක් කරගන්න පුළුවන්.
ReplyDeleteඑකෙන්ම
Deleteඒත් අපි සුළුතරයක ගෙ අදහසට වඩා රැල්ලට ය හුතරයක ගෙ අදහස ප්‍රබල වෙලා තියෙන්නෙ ඕව කතා කර්නත් බෑ අපිව නොමර මරයි...
දිනයක් වෙන් කරනවට වඩා හිත ලස්සන වෙන එකයි වැදගත්
නැද්ද හා
ඔව් මහේෂ් ... ඒකපාර්ශ්වික ගතියක් දැනුනත් සමස්ථය ගැන කතා කරන එක කලකිරීමක් විතරයි කියලා මමත් හිතනවා.
ReplyDeleteඇත්තෙන්ම තුශානි. ඒකයි මම හිතා මතා මග ඇරියෙ
Deleteකුණු ගොඩවල් ඇවිස්සුවම ගද ගහන්නේ අපිත් එක්කම නෙ
උඹ කියනවා වගේ මහේෂ් අපි ස්කෝලේ යන දවස්වල ඔය ගුරු දින කියලා එව්වා තිබ්බෙත් නැතිද කොහේද?දැන් ගුරුදිනේ එනකම් බලන් ඉනට ගුරුවරුත් ඉන්නවා ළමයි,අම්මලා තෑගි දෙයි කියලා එව්වා ගන්ට බලාගෙන.ගුරු ගවුරවය තිබ්බේ අපේ හිත්වල.ඔය දැන් වගේ අපි ගුරුවරුන්ට මල් දුන්නෙත් නැහැ.දවස තිස්සෙම දනගගහා වැන්දෙත් නැහැ.
ReplyDeleteගුරුදිනේ එනකම් බලන් ඉනට ගුරුවරුත් ඉන්නවා ළමයි,අම්මලා තෑගි දෙයි කියලා එව්වා ගන්ට බලාගෙන///
Deleteඑදාටලු පඩි ගත්තට වඩා ලාභ..
එකෙන්ම මචෝ ගුරු ගෞරවය කියන්නෙ හැගීමක්. භෞතික වස්තුවකින් ඒක කෝම මයිනවද කියල නං දන්නෑ
ඔය කියන සීන් එක මොකක්ද කියලා මටනම් මතක් නෑ. මොකක්ද කියලා බලන්න ඕන. කොහොම වුනත් අදවෙනකොට හැම දිනයකටම තියෙන්නේ වචනාර්ථය විතරයි .
ReplyDeleteවචනාර්ථය සහ වාණිජ පරමාර්ථය..
Deleteවෙන කිසි දෙයක් නෑ..
ඔක්තෝබර් දෙක මව්බිම බලන්න
කොහොම උනත් ගුරු දිනයක් තියෙන එකත් හොදයි එක අතකට. ගුරුවරයා කියන්නෙ කවුද? ඔවුන්ට සැලකිය යුත්තේ කොයි ආකාරයෙන්ද? කියලා දැනගන්නත් එක්ක. අද ගොඩක් ළමයි දන්නෑ ගුරුවරයට දිය යුතු තැන. ඒ විතරක් නෙවේ සමහරක් ගුරුවරුම දන්නෙ නෑ තමන්ගෙ භූමිකාව මොකක්ද කියලා..........
ReplyDeleteඒ විතරක් නෙවේ සමහරක් ගුරුවරුම දන්නෙ නෑ තමන්ගෙ භූමිකාව මොකක්ද කියලා....../// මෙන්න මේ කාරණාව නිසා තමයි ආරි ගුරුවරුන්ට තමන්නෙ තැන ආරස්සා කරගන්න බැරි වෙලා තියෙන්නෙ ඒ හිංද තමා ඔවුන්ට ඒ තැන නොලැබෙන්නෙ
Deleteස්තූතියි මෙහෙආවට
සාදරයෙන් පිිලීගන්නව අවන්හලට
මහේෂ් සහෝ..........................
ReplyDeleteගුරුවරුන් අතරත් හොද සහ නොහොද කියන දෙවර්ගයම හිටියා.... හොද ගුරුවරු නිසා අපි අද මෙතැන ඉන්නවා.....
අන්න ඒ හොද අය ගැන විතරයි නෙව මාත් කතා කලේ කුරුට්ටො
Deleteමොකටද නිකං ලේ කුණු කරගන්නෙ නැද්ද
දිනයකට සීමා නොවී සෑම දිනයකම ගුරුවරුන් පිළිබඳ ගරුත්වයක් සිසු සිත් තුළට ඇතුළත් කළ යුතුයි කියලයි මගේ අදහස. ඒ වගේම ගුරු ගෞරවට සිඳින සිසු/ ගුරු ඇතමුන් ගැන දැඩි විය යුතුයි කියලත් මම හිතනවා..
ReplyDeleteඅදහසට එකඟයි
ජයවේ මහේෂයා!
ඒ වගේම ගුරු ගෞරවට සිඳින සිසු/ ගුරු ඇතමුන් ගැන දැඩි විය යුතුයි කියලත් මම හිතනවා..///
Deleteවෙනව නං සංතෝසයි වර්ණෙ
ඒත් කෝමද.. දන්නවනෙ අපේ අම්මණ්ඩිලගෙ හැටි.. උන්දැලම රෙද්ද උස්සං යයි
හැගීම් වලිං ඔබ්බට හිතන්න පුලුවංනං කරන්න පුලුවං සහෝ
ස්තූතියි වර්ණෙ
මොකක්ද උඹ මේ සිදුවුනයි කියන අශෝභන සිද්ධිය?
ReplyDeleteමම ඒ ගැන දැනුවත් නෑනේ.
මං බුකියට ලිංක් කරන්නං හෙන්රි අය්යෙ
Deleteමට නම් මේවා විකාරයි අප්පා..ගුරු දිනය.. මව්වරුන්ගෛ් දිනය. පියවරුන්ගේ දිනය ලමයින්ගේ දිනය. වැඩිහිටියන්ගේ දිනය. ආ. එතනින් ගියාම පෙම්වතුන්ගේ දිනය. කෙලවරක් නෑ. මෑත කාලීනව බටහිරින් එන වසංගත තමා මේ.. මේ ටික ඔක්කෝම එකට දාලා වෙළෙන්දා අපි අන්දනද දිනය කීවොත් නරක ද.පෝස්ට් එක හොඳයි. වැදගත්.
ReplyDeleteමේ ටික ඔක්කෝම එකට දාලා වෙළෙන්දා අපි අන්දනද දිනය කීවොත් නරක ද///
Deleteඑකෙන්ම ඒක තමයි මං උඩ කමෙන්ටුවක කීවෙ
මේ දිනවල තියෙන වැදගත්කම ඉක්මවා ගිය වාණිජ පරමාර්තයක් විතරයි අද තියෙන්නෙ කියල
යන්නං වාලෙ දුවන අම්මලත්
තමන්නෙ බට ගැන හිතන ටීචලත් ඉන්නකං මේව වෙනස් කරන්න බැ සුජීවා
අද වෙනකොට හැම දේකටම දවසක්නම් වෙන්කරලා තිබෙනවා.නමුත් අපේ අතීතයේ එහෙම දින වෙන් කිරිමක් තිබුනේ නැනේ.ඒක දිනයක් විතරක් තෝරාගෙන විශේෂයෙන් එදාට විතරක් අමුතු සැලකිමක් කරනවා කියලා කරන්නේ අමු විකාරයක් විතරයි.
ReplyDeleteමනෝ එකෙන්ම එකගයි
Deleteමේව මේ වෙළෙන්දන්නෙ ගොං ආතල් අම්මල ගැනීම හිංද තමා මෙහෙම වෙන්නෙ
ගුරුවරයෙකුට ළමයෙක් හදන්නත් පුළුවන්... මකන්නත් පුළුවන් .. අපි අද මෙහෙම ඉන්නේ අපට වැඩිපුර හම්බ වුනේ පලවෙනි වර්ගයේ "ගුරුතරු" නිසා..
ReplyDeleteපි අද මෙහෙම ඉන්නේ අපට වැඩිපුර හම්බ වුනේ පලවෙනි වර්ගයේ "ගුරුතරු" නිසා..///
Deleteෆස්ට් ක්ලාස් කියන්නෙ ෆස්ට් එකෙත් හොදම ෆස්ට් ක්ලාස් ගුරුතරු කවිදු
දැන් ලොකු ඉස්කෝලවල ගුරුවරු ගුරු දිනේ එනකල් බලාගෙන ඉන්නේ තෑගි ගෙනියන්න. දෙමව්පියොත් දරුවට ප්‍රශ්නයක් වේවි කියලා හොඳම දෙයක් දෙන්න බලනවා... මම ඇස් දෙකෙන්ම දැකලා තියනවා නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකාවක ටීචර් කෙනෙක් වාහනයක් හොයලා දෙන්න කියනවා තාත්තා කෙනෙකුට බඩුටික ගෙදර ගෙනිහින් දාගන්න.........
ReplyDeleteඅපේ කාලේ අපි ගුරුවරුන්ට කිසිම දෙයක් දුන්නා කියලා මටනම් මතක නැහැ. එදා හිටියේ ගුරුවරු අද ගොඩක් ඉන්නේ ගුරුහොරු
Deleteබණ්ඩෙ අන්න ඕකයි මචං මම මේ පෝස්ට් එක ඒකපාර්ශ්වීයයි කියල කීවෙ..
Deleteමම කතා කලේ අපේ කාලෙ අපිට උගන්නපු ගුරුවරු ගැන. දැං ඉන්න ගුරුහොරු ගැන නෙවී...
ඕක හුගක්ම වෙන්නෙ පිරිමි ගුරුවරු මදි කමෙන්.. ගෑණූ උගන්නන්නෙත් නෑ.. ඒත් මොකක් හරි උණාම ළමයිට කෙලින්න බලං ඉන්නව
ඉතිං අම්මලත් උංදැලව සේප් කරගන්න තෑගි බෝග කියල දොළ පිදේනි දෙනව
ඔන්න ඕකයි වෙන්නෙ
අද කාලෙ ඔය පවත්වන හැම දිනේම ෆුල් මාකට් කරන එකනෙ මහේෂ් අයියෙ වෙන්නෙ. පාරෙ යන මිනිහව ඇතුළට ඇදගෙන ගිහින් හෙට ගුරුදිනේ මහත්තයො කියල බුලත් අතක්, රෝස මලක් ඇඟේ ගහන වෙළෙන්දො දැන් ඉන්නෙ.
ReplyDeleteසමහර ගුරුවරු ගුරුදිනේට තෑගි හම්බවෙනකන් බලන් ඉන්නව, හම්බ නොවුණම පුම්බනව කියපු එක මමත් අත්විඳපු දෙයක්. හැබැයි ඒ අතරෙ ගුරු දෙවිවරුත් ඉන්නව අදටත්.
මේ ජාත්‍යන්තර පාසල් කතාව මමත් අදයි ඇහුවේ.
දෙය්යො නැ බං බයියො විතරයි
Deleteමව්බිම දෙවනිද පත්තරේ බලහං උඩරට කෑල්ලෙ තියෙයි
අපි ඉස්කෝලේ යන කාලේ ඔය එක එක දින තිබ්බේ නැහැ බං...
ReplyDeleteඅවුරුද්ද ඉවරවෙලා අලුත් පන්තියට යද්දී පරණ පන්තියේ ගුරුවරුන්ට වඳිනවා බුලත් දීලා...
ඊට පස්සේ අලුත් අයටත් වඳිනවා...
ආපහු සිංහල අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඇවිත් ගුරුවරුන්ට බුලත් දීල වඳිනවා...
අපිනම් කවදාවත් ඊට අමතර කිසි දෙයක් කරලා නැහැ, නමුත් සමහර ඇම්ම තිබ්බ කොල්ලෝ කෙල්ලෝ බිස්කට් කේක් එහෙම ගෙනත් දෙනවා අපි දැකල තියෙනවා...
අපි බැලුවේ ගුරුවරුන්ගෙන් එයින් එකක් දෙකක් කඩා වඩා ගන්න විදිහක් ගැන... හෙහ් හෙහ්...
ගුරු දිනය කියලා ඉස්කෝලේ දී එක එක දේවල් කෙරුවා වගේ නම් මතකයි. අන්තිමටම ඒ ලෙවල් පන්තියේ දී සර්ට ෂර්ට් එකක් අරන් දුන්නා.
ReplyDelete