Showing posts with label රස්තියාදුව. Show all posts
Showing posts with label රස්තියාදුව. Show all posts

Friday, February 20, 2026

මඟ නොදැන - In the event of confusion, what is the next course of action?

 

මේ මම.. මම නිකං ඉන්නකොට

                  මම ලියන ලිපි වලට, අපි හැමෝටම තේරෙන විදියට කියනවනම් පෝස්ට් වලට වීව්ස් තියෙන්නේ ඉතාම අඩුවෙන්. මට ඇත්තටම ඒ ගැන මම ලියන්න පටන් ගත්ත මුල් කාලේ තිබුණේ හරි ශෝකාකූල හැඟීමක්. නැත්තං කලකිරීමක්. හරි හමන් විදිහට නොමේරපු එකෙක් විදිහට ඒ දවස්වල මම හිතන් හිටියේ මට හොඳට අනිත් අයට තරම්ම ලියන්න පුළුවන් කියලා. ඒත් කොච්චර දුක හිතුනත් නොවැටි හිටිය ඒ කාලේ මම මොන මොනවා හරි ලියන එක දිගටම කරගෙන ගියා. හැමදේම එකම විදිහට තියෙන්නේ නෑ කියනවා වගේ මටත් හති වැටුණ කාලයක් ආවා. ඉතින් මම අතින් ලියන එක මග ඇරුන. නැත්තං මම නොසලකා හැරිය කියලත් කියන්නත් පුළුවන්.

Monday, November 10, 2025

දිනන දවසක් - Whispers Of Desire


මම හිතනවා ඔයාලා තීරු ලිපි කියවලා ඇති කියලා. ඇත්තටම මගේ ප්‍රියතම සාහිත්‍යය ශානරයක් තමයි තීරු ලිපි කියන්නෙ.  රසික ජයකොඩි ගේ ඉඳන් නීල් විජේරත්න වෙනකන් නැත්නම් මහාචාර්ය ධම්මික ගංගානාත් මහත්මයා වෙනකන් මගේ තීරුලිපි කියවීමේ පරාසය සීමාවක් නැතුවම විහිදිලා යනවා. ඒ වගේම තමයි කවදාහරි දවසක මමත් තීරු ලිපියක් ලියන්න ඕන කියලා ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒත් මම වගේ  ලිවීම ගැන ලොකු හැකියාවක් නැති කෙනෙක්ට ඒක ටිකක් දුෂ්කර කාර්යයක්. පුවත්පතකට ලියන්න බැරි උනත් මුහුණු පොතේ මගෙ පේජ් එක වෙනුවෙන්  තීරු ලිපියක් වගේ ලිපියක්, අඩුම වශයෙන් ඒ ආසන්නයට එන ලිපියක් ලියන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනව. ඉතින් මගෙ මේ වෑයම ඒ වෙනුවෙන්.

Thursday, September 30, 2021

ස්ටවුට්, නට්ස් ඇන්ඩ් මෙමරීස්

         

      කට කපා පිරවූ ස්ටවුට් මග් එකක් සහ මික්ස් නට්ස් ඩිෂ් එකක් යනු මොනවාම හෝ කුරුටු ගාන වෙලාවට හොඳම උත්ප්‍රේරකයක් බව මගේ අත්දැකීමයි. ගෙදර රැදෙන වෙලාවට කෙසේවෙතත් කාර්යාලයේ රැයක් පහන් කරන්නේ නම් ස්ටවුට් එකක් සමඟ කට ගැස්මට රටකජු ඇටයක් හෝ සපනාතර මොනවාම හෝ කුරුටු ගෑම පුරුද්දකි. එහෙත් මා ලියනා සෑම දෙයම මා වියුණුවේ  හෝ මුහුණු පොත් අවකාශයේ හෝ පළ නොවන නිසා ඒවායේ එකම රසිකයා ද ව්වේචකයාද කර්තෘ වන මම ම වෙයි. අඩුම ගාණේ මා ලියනා සෑම සියලු දේම කියවීමට ප්‍රිය මාගේ ප්‍රියාදර  බිරින්දෑ හෝ මගේ නිර්මාණ බහුතරයක් කියවා ඇති එකම මිතුරිය හෝ කවදාම හෝ දකිතැයි නොසිතන ඒවා සුරැකෙන්නේ බොහෝවිට මම හෝ නැවත විවර කර නොබලන ගූගල් ඩ්‍රයිවයේ ඇති ෆෝල්ඩරයක ය.  ස්ටවුට් වල ඇති කර කෝපි රසයට දිව හුරුවී ඇති සේම ලියනා සෑම දෙයම සඟවන්නටත් හිතේ ඇත්තේ අරුම කැමැත්තකි. ඒ ස්ටවුට් රසයට ප්‍රිය අයෙක් සිටින්නේ කලාතුරකින් සේම ලියන දේ සඟවා තබා ගන්නට කැමැත්තවුන් සිටින්නේද කලාතුරකින් වන නිසා බව සිතමි.

Saturday, June 29, 2019

හෙමිංවේ, හිරු උදාවෙයි සහ අපේ මාලු බෑම

මට මතක විදියට හය වසරෙ විතර වෙන්න ඇති.. අර්නස්ට් මිලර් හෙමින්වේ ගෙ ද සන් ඕල්සෝ රයිසස් කියන කතාවෙ පරිවර්තනය “හිරු උදාවෙයි” හම්බෙලා කියෙව්ව. මගේ වයසෙ හැටියට ඒ පොත දිරවා ගන්නට ශක්තියක් නැති වෙන්න ඇති කියල දැන් මට හිතෙනව. මොකද වැඩි දුරක් නොකියවාම මම එය පැත්තකට දාපු බව හොදටම මතක හින්ද. ඒකාකාරී නීරස පරිවර්තනයක් විදියටයි මට ඒක දැනුණෙ. නමුත් මේ යන්නෙ ඒ ගැන කතා කරන්න නෙවෙයි. ඒ කතාවෙ තිබ්බ හිත තදින්ම ඇදුණ සිදුවීමක් වෙච්ච ට්‍රවුට් මත්ස්‍යය යන් බිලී බෑමේ කොටස නිසා ගුටි කාපු සිදුවීමක් ගැන.

Friday, May 6, 2016

පුස්තක ප්‍රේමය හෙවත් කෙල්ල අමතක විමේ කතා වස්තුව...



...එහෙනම් අදට නියමිත දේශනය අවසානයි. ඊළඟ දවසේ අපි කව් සිළුමිණ...

                                                               මේ උඹ අර වැඩේට යනවනෙ.. දර්ශන සර් ගෙ ලෙක්චර් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල තලයා මගෙ කණට කුට කුටු ගාණව. ඇතුගල හොට් ප්ලේට් එකක් වෙලා ඒ රස්නෙ මෙහට්ටත් එනවද කොහෙද. ඔලුකට්ට උඩට බිත්තරයක් දැම්මොත් ඔම්ලට් එකක් හැදුවැකි. මම මගෙ හම්පඩ ලේන්සුවෙන් දාඩිය පිහිදන ගමන් හිතුව. එතකොටත් පන්තියෙ හිටපු අනික් උදවිය තමන්නෙ ආම්පන්න අනං මනං ටික බෑග් වලට පැක් කරගන්න පටං ඇරං තිබ්බෙ. මෙච්චරක් වෙලා ඉදිකට්ටක් වැටුණත් ඇහෙන සයිස් එකට තිබ්බ පංතිය මේ වෙද්දි  විසාල ගාලගෝට්ටියක් වෙන්න පටං ඇරං..  දර්ශන සරුත් තාම කියෝනව. මුං යන්න තදියමේ දගලනව. අම්මප මුන්ට තියෙන තදියමක්. එහෙම හිතන ගමං මං තලය දිහාට කණ දැම්ම.

Friday, January 1, 2016

එන්න මල් පිපී දැයි බලන්න..

                                      හිස් පිටුවක කවියක් කතාවක් ලියනවට වඩා අමාරුයි ජීවිතේ ලියන එක.. මේ මේ විදියට වෙන්න ඕන කියල සැලසුමක් නැතිඅනාගතය අපට ඕන ව්දියට අතීතයෙ දවසකදි කපල කොටල අපි විසින්ම හදාගෙන පස්සෙ අමතක කරල දාල අනාගතයෙ දවසක ඒකෙ ප්‍රතිඵල ලැබෙන කොට අපි ඒකට දෛවය කියල බොරු නමක් කියනව.

Friday, September 25, 2015

මතක රසයකි ...

අහුකොනක් අල්ලගෙන
ඕමියක් ගහනකොට
මාරියක් හැපෙයි
වැඩි සීනි ප්ලේන්ටියකුත් පෙවෙයි..

 ගිරෙන් පුවකේ රහිනකොට
මටත් පුවක් ජුංඩක් කියනකොට
ගෙඩියට දෙක තුනක් රහිනකොට
මොනතරං සැපයක්ද විටකුත් හපන එක..

අන්තිම දවස වෙනකං
මාළු පිණි හට්ටිය කිරි හොද්දටම බහිනකං
තනි රැක්ක මළ ගෙදර මිනියක් නැති වුණත්...

හත් දොහේ දානෙට කරල හැම වැඩත් අන්තිමට
යන්න යනකොට හට් එකත් ගලවන් ඉවරෙට
ඇහෙයි මිමිණුමක් නතුවුණ සෝබර ස්වරයකට
"බොහොම පිං මල්ලියෙ"
හිත පිරෙයි හීන්සීරුවට.....
 

Thursday, September 25, 2014

වැහි බිංදු

වැහි නැති දවසක
අව්ව මුවා කල
උඹෙ කුඩය
එක අනෝරාවක
වෙන කාගෙද අතක
මං ගැන ගානක් වත් නැතිව
තෙමුණ අපූරුව....



ප.ලි- ජංගම සටහන්

Friday, September 5, 2014

06 09 13 - 06 09 14

හුස්ම වැටෙනා වසක් ගෙවුණා
සතුටු කවි කතා අතරේ
මොහොතකට ජීවිතය රැදුණා...

එදා වගෙමයි
ළිහිණි කැල අදත් සරණා
අදත් නොවෙනස්
පහන් කන්දත් එහෙම තිබුණා...

Monday, May 5, 2014

MINI කවි


ශ්‍රද්ධාව
බෝ ගහක්..
පිළිමයක්
පංසලක්
දුටු සැණෙක
බාගෙට ඉස්සෙන
පස්ස....

Tuesday, January 28, 2014

අහම්බය

එ දහවල
බොදුන් හලේදී
බත් පතත් වතුරෙකත්
ළං කරදී
විස්සෙ ටිප් එක
ගත්තු ඈ
හමුවුණා
එක සවසෙක
වීදි කොණෙක

Friday, January 3, 2014

ඇගෙ ෂොපිං

ඇවිද ඇවිද
හතර අත
පෙරල පෙරල
හැම තැන
සොයන් සොයන්
පුර හැම අත
මිලදී ගත්තීය
ඈ අවසන

Sunday, December 22, 2013

මස් වැද්දා....

නිදිවරව ස
අහස මස්තකව හි
වලාකුල් අස්සෙන්
මිහිතලය සිප
නුරාකම් පාන සද
සඳ නුරා රැගුම් දැක
කෝළයෙන් විළිබරව
සැගව ගිය මල්පොට්ටු
නිදිවරව හුන්
සඳ කුමරියකට
ආලකම් කීවා.........
උන් ආලකම් දැක

Tuesday, December 17, 2013

උඹයි මමයි

උඹට මම
තවත් එක
මතකයක්
විතරක්ම වෙන්නැති.........
ඒ උණත්
මට උඹව
පරණ සිංහල

Wednesday, November 27, 2013

නෙල්ලි-01

දර්ශන සර්ගෙ සිංහල පංතිය ඉවර උනා විතරයි. සර් පංතිය ඉස්සරහ කෙටි වේදිකාව උඩට වෙලා ළමයි පංතියෙන් එළියට යන හැටි හිනා වෙවී බලං ඉන්නව. සර් හිනා වෙන කොටත් මාර ගතියක් තියෙනව කියල මට හිතුන. මෙච්චර වෙලා සර් දිහා බලං හිටපු මාත් නැගිට්ට. ගෑණු ළමයි පිරිමි ළමයි කළවමට තමං නැගිටල හිටපු බංකු වලින් නැගිටල අපිළිවෙලට හරි කළබලයකින් වගේ ඉස්සරහ දොරකොඩින් පිටවෙනව. ඉක්මනට එළියට ගියපු අය හිනාවෙවී තමන්නෙ සගය එනකං ඉන්නෙ අපෝ ඔයා හරි ස්ලෝ නෙ කියන්න වගේ. තවත් හිටපු තැන හිටං ඉන්නෙ මොකටද කියල මාත් තෙරපි තෙරපි පංතිය ඉස්සරහ සිමෙන්ති බැම්ම පහු කරගෙන එළියට ආවා. තෙරපෙන එකත් නරකම නෑ කියල හිතුනෙ මං ඉස්සරහයි පිටිපස්සෙයි හිටපු ගෑණු ළමයි දෙන්න හිංදද  කොහෙද... එළියට ආපු ගමන් ඇතුගල්පුර ගිනියමට මුළු ඇගම පිච්චුණා වගේ. ඇතුගල රත් වෙන කොට මුළු ටවුමම රත්වෙනව. ඇතුගල්පුරටම ආවේණික ඒ රස්නය අපට කොයිතරං හුරු වුණත් එක පාරටම මුළු කුරුණැගලම පුච්චගෙන වගේ හමන හුළං රැල්ල නං ඕනම නෑ කියල ඒ වෙලාවෙ මට හිතුණ.

Tuesday, October 15, 2013

මායම්කාරී නුඹ

සකිය නුඹ වැරදි නැත
වැරදිකරු මා නිසා
නුඹ මැවූ සෙනෙහස
මහමෙරකැයි මම රැවටුන නිසා....
සකිය නුඹ වැරදි නැත
මිරිගුවක මන බදන රූ දැක
පෙම් කැර තුබූයේ
මා පමනක් නිසා....
සකිය නුඹ වැරදි නැත

Monday, October 14, 2013

නොවෙන අමතක නුඹේ මතකය

සිහින පොදි බැදන් ඉන්නට
බෑ ඉතින් තවත් දුකයි හිතට
නුඹ නොඑන වග දැනෙන විට
නෙතු පිරෙයි කඳුළු මුතු ඇට
නුඹට මම පෙම් කළ තරමට
පෙම් නොකළ බව නුඹ මට
සිතෙන විට ඉකි ගැසෙයි නොදැනිම

Friday, October 11, 2013

නැට්ටුක්කාරී

කෝලිත්තං  ඔය ගෙත්තං
ඇස් අස්සෙං හිත අස්සට
හැංගි හැංගි එබිකං පා
සුරංගනා  හීන අරන්
නුඹ ඇවිදින්
ටික කලකට
මගෙත් එක්ක
කුලී මාළිගා හදන්න
නැකත් බලනවා
සමාවෙයං අනංගනා

Saturday, September 14, 2013

සසර සහ මනුසත


එක දිගට සීරුවට
පේළියට කඩිසරව
දුර ඇදෙන කුහුඹු රැළ
යනු කොයිද නොදැනගෙන
දුර ඇදෙයි දුර ඇදෙයි

Friday, September 6, 2013

අවන්හල.....

ළිහිණියෝ අහස් කුස සරනාතරේ
ලයිට් හවුසිය මළානිකව
සැදෑ අඳුරෙහි ගිලෙනා වෙලේ
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම
සයුර දෙස...
රැළි නගන-රැළි බි‍දෙන
පෙන පිපෙන-පෙණ බිදෙන
එහිම අනන්තයෙන් හිත බිය වදින