Tuesday, October 28, 2014
Monday, October 20, 2014
ස්මරණ 13- වධකයෝ...
කුඩා වන් නිතරම සිටින්නේ කුතුහලයෙනි. තමන් දකින
තමන්ට පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ හාර හාරාවුස්සා බලන්නට දැනගන්නට උන් කැමතිය. අප ඒ
කුතුහලාත්මක කාලය පසුකර තිබුණද ඒ කාලයේ පුරුදු
වූ යම් යම් පුරුදු වලින් අත් මිදෙන්නට හැකි වූයේ අල්ප වශයෙනි. මින් කිසිවකුට හෝ
කරදර නො වී යැයි කියන්නට මට නො හැක... අද ද පාරේ යන විට පොඩි උං දකී නම් උං කරන
කුමක් හෝ විකාරයක් දෙස නතර වී බලා සිටීමේ පුරුද්දක් මට ඇත. සමහර විට ඒ අපේ ළමා
කාලය අප ගෙවූ ආකාරය නිසා වන්නට ඇත.
Tuesday, October 14, 2014
ස්මරණ 12- බඩජාරියෝ ii...
තාත්තා වත්තේ
වැඩ කරන ගමන් ඊට අමතරව අඳයට ලබාගත්
ලාස් අටක කුඹුරක් ද දෙකන්නයටම වගා කළ නිසා
අපට හාල් හිඟ නොවීය.
එබැවින් අම්මලා පෞද්ගලික වතුයායක අඩු පඩියට වැඩ කලද අපට තුන් වේලටම බත් කන්නට තරම්
හාල් තිබිණි. ඉදහිට කාළගුණය හරස් වූ විටක කන්නයක දෙකක අස්වැන්න අඩුවුවද සම්පූර්නයෙන් නොලැබි ගියා නොවේ. එහෙව් කාලයට
කඩේ හාල් වලට මාසයක කාලයක් පමණ මුදල් වියදම් කරන්නට සිදුවුව ද වත්තේ පොල් වලට
පිංසිදු වන්නටත් අම්මාගේ පිරිමැස්ම නිසාත් එය එතරම් බරට නොදැනුන බව මට මතකය. එහෙත් කුඩාවුන් වූ අපට
තුන් වේලටම බත් කෑම රිස්සුම් නොදෙන්නක් විය. එහෙත් එලෙස වූවා කියා ඉදහිට ගෙදර
තම්බන ඉඳියාප්පයක්
වණ්ඩුවක් හැලපයක් හෝ රොටියක් පුච්චා ගත්තා හැරෙන්නට අප ආහාරයට ගත් වෙනත් ආහාර
වර්ගයක් තිබුණා නම් ඒ අහම්බයෙනි. උදේට කවදා හෝ දිනෙක පාන් ආහාරයට ගත්තා නම් ඒ කාගේ
හෝ මළ ගෙදරක නැතහොත් නිවසින් බැහැරව ඉන්නා වෙලාවක පමණි. (පසු කාලයක අම්මා
රැකියාවෙන් ඉවත්ව අප කුඩා කල වාසය කල නිවෙසද
කඩා වැටුණ පසු පාර අයිනෙන්ම තිබූ අප කුඹුරට- ඒ වන විට අප අඳයට කළ කුඹුර
සින්නක්කර මිළදී ගෙන තිබුණි- නිවෙසක් තනා පැමිනෙන තුරු මේ පුරුද්ද මෙලෙසම තිබිණ.)
Subscribe to:
Posts (Atom)