Wednesday, December 31, 2014

2015 සුභ නව වසරක් වේවා..!!!

ලියා තබා ගන්න 
ඔබේ හදවතේ
අලෝකවත්ම කුටීරය තුළ
ඔබේ ප්‍රියතම වර්ණයන් ගෙන
එළඹෙනා සෑම දිනයක්ම
ඔබේ ජීවිතයේ
හොදම දිනයක්
බවට....



2014 කියන්නෙ මට නං පාර අයිනෙ ඉන්න ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් දැකල හැටට හැටේ පාගපු හෙල්මට් නැති බයික් කාරයෙක් වගේ.. හිතන්නත් කලිං ගිහින් ඉවරයි.. මට මතකයි සමහර වෙලාවල් වලට මම පොඩි පොඩි සිගිති ආතල් ගත්ත... හැම කෙනාම එහෙම කරන්න ඇති. නෑ කියන්න කාටවත් පුලුවන් කියල මම හිතන්නෑ... ඒ ඇරෙන්න  මම ඇත්තටම කියපු (මඩ වත් අපහාසවත් නෙවී පෝස්ට් ගැන මට ඇත්තටම හිතුණ දේ) සමහර දේවල් හන්ද සමහර අයගෙ හිත රිදුණ.. ඇත්තටම මම කාටවත් එහෙම අදහස් කරගෙන දෙයක් කියන්නෑ... මට හිතට දැනෙණ දේ අවංකවම කියනව.. එච්චරයි... තමන් දෙයක් භාර ගන්න විදිය අනුවයි හැම දේම වෙනස් වෙන්න... 

ඉතිං ඒ පහුගිය කතා  වලට යන්න කියල සුපුරුදු පරිදි මගේ හය්යෙන් ඔයාලගෙ පෙට්‍රල් වලින් මේ ගමන යන්නයි මගෙ බලාපොරොත්තුව...  නම් වශයෙන් කියන්න බැරි වුණත් මගෙ වියුණු සටහන ආරම්භයේ ඉදලම මා එක්ක හිටපු හැමෝටම බොහොමත්ම ස්තූතියි... මාත් එක්ක මේ කෙටි කාලය පුරාවටම හිටිය වගේ ඉස්සරහටත් ඉන්න කියල මම ආරාධනා කරනව... 

2015 නව වසර ඔයාලට වගේම ඔයාලගෙ පවුල් වල අයටත් අත මිට හිග නැති කුසගිනි නොම ඇති එළවළු හාල් පොල් පෙට්‍රල් ගෑස් මදි නොකියන්න ලැබෙන 
කෙල්ලො නැති කොල්ලන්ට කෙල්ලො හම්බෙන 
කොල්ලො නැති කෙල්ලන්ට කොල්ලො හම්බෙන
ගල් ඕන උන්ට ගලුත් පොල් ඕන උන්ට පොලුත් අඩු නැතිව හම්බෙන 
ශ්‍රී සුභ නව වසරක් වේවා.............!!!!!! 

Wednesday, December 17, 2014

පාට (ඇති/නැති) වැහි


උස්ව නැගි 
තුගු රුකෙක 
ඉහළම අතු රිකිලි යට
නර්තනයක්ය 
කණමැදිරි..,
පුංචි තරු ඇස් ටිකක්
වළාකුලක් යට 
වැස්සට තෙමෙන 
වෙලාවක...

Tuesday, November 18, 2014

ස්මරණ 15- කලාබර හේරෙක්...

කිව්වට කලාබර
නො වෙයි කලාවට බර
වංස හතර ම අඳුරන
හේරත් ය උප්පැන්නෙ නම ......

කුට්ටමේ කොල පනස් දෙක
නෑයන්ටත් වඩා අඳුරන
ළඟ නැති වෙලාවට
කලාබර හේර වුන

Monday, November 10, 2014

හිණිපෙත පාමුල ට වී මොහොතක්...........

                                                                                       ද උදෑසන ම ම වෙත අපූරු පාර්සලයක් ලැබිණ. ශ්‍රී ලංකා ගොළුබෙලි තැපෑලට පිං සිදු වන්නට පසුගිය මස තිස් වෙනිදා දින තැපැල් කරල ලද එය ම අතට පත් වූයේ අද ය. එහි වූයේ කවි පොතකි. හරි අපූරු කවි පොතකි. මගේ ඉල්ලීම නිසාම නුවන්  තොටවත්ත යන් විසින් එය ම වෙත එවා තිබිණි. අතට ගත් සැණින් ම පසෙ කට වී එය කියවන්නට වූ මට දැනුණේ හරි අපූරු හැඟුම් සමුදායකි කෙදිනක හෝ පොතක් කියවූවා මිස විචාරයක් හෝ ඒ පොත ගැන සටහනක් තබන්නට උත්සුක නො වූ මට හිණිපෙත පාමුල සොඳුරු බලපෑමක් සිදු කලේ ය. මුහුණු පොතේ සැරිසරන්න වුන් නම් නුවන්තොටවත්ත කවියා ගැන නො දැන සිටින්නට අවස්ථාවක් නොමැති බව මගේ හැඟීමයි. කවියෙකු වෛද්‍යවරයෙකු ලෙස විනා මා ද ඔහු පිළිබඳ ව දන්නා අන් යමක් නැති තරම් යැයි කිව හැක. මීට පෙර කැළුම් විජේරත්න සහෘදයා විසින් සිය මිතුරා වෙනුවෙන් ඔහුගේ වියුණු අඩවියේ සටහනක් තබා තිබිණි. එපමණකි...

Tuesday, October 28, 2014

කවිකාරියක සිත......

හිරු පායා බැස ගියාට
නැඟිලා සැඟවුණාට
අපි ඒ වගෙ නෑ..........

නිල් ගුවනත කළු වුනාට
එහි විහඟුන් සැඟ වුනාට
මං දන්නව ඔබ කවදත්

Monday, October 20, 2014

ස්මරණ 13- වධකයෝ...

                                                                      කුඩා වන් නිතරම සිටින්නේ කුතුහලයෙනි. තමන් දකින තමන්ට පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ හාර හාරාවුස්සා බලන්නට දැනගන්නට උන් කැමතිය. අප ඒ කුතුහලාත්මක කාලය පසුකර  තිබුණද ඒ කාලයේ පුරුදු වූ යම් යම් පුරුදු වලින් අත් මිදෙන්නට හැකි වූයේ අල්ප වශයෙනි. මින් කිසිවකුට හෝ කරදර නො වී යැයි කියන්නට මට නො හැක... අද ද පාරේ යන විට පොඩි උං දකී නම් උං කරන කුමක් හෝ විකාරයක් දෙස නතර වී බලා සිටීමේ පුරුද්දක් මට ඇත. සමහර විට ඒ අපේ ළමා කාලය අප ගෙවූ ආකාරය නිසා වන්නට ඇත.

Tuesday, October 14, 2014

ස්මරණ 12- බඩජාරියෝ ii...

                                                                         තාත්තා වත්තේ වැඩ කරන ගමන් ඊට අමතරව අයට ලබාගත් ලාස් අටක කුඹුරක් ද  දෙකන්නයටම වගා කළ නිසා අපට හාල් හි නොවීය. එබැවින් අම්මලා පෞද්ගලික වතුයායක අඩු පඩියට වැඩ කලද අපට තුන් වේලටම බත් කන්නට තරම් හාල් තිබිණි. ඉදහිට කාළගුණය හරස් වූ විටක කන්නයක දෙකක අස්වැන්න අඩුවුවද  සම්පූර්නයෙන් නොලැබි ගියා නොවේ. එහෙව් කාලයට කඩේ හාල් වලට මාසයක කාලයක් පමණ මුදල් වියදම් කරන්නට සිදුවුව ද වත්තේ පොල් වලට පිංසිදු වන්නටත් අම්මාගේ පිරිමැස්ම නිසාත් එය එතරම් බරට  නොදැනුන බව මට මතකය. එහෙත් කුඩාවුන් වූ අපට තුන් වේලටම බත් කෑම රිස්සුම් නොදෙන්නක් විය. එහෙත් එලෙස වූවා කියා ඉදහිට ගෙදර තම්බන ඉියාප්පයක් වණ්ඩුවක් හැලපයක් හෝ රොටියක් පුච්චා ගත්තා හැරෙන්නට අප ආහාරයට ගත් වෙනත් ආහාර වර්ගයක් තිබුණා නම් ඒ අහම්බයෙනි. උදේට කවදා හෝ දිනෙක පාන් ආහාරයට ගත්තා නම් ඒ කාගේ හෝ මළ ගෙදරක නැතහොත් නිවසින් බැහැරව ඉන්නා වෙලාවක පමණි. (පසු කාලයක අම්මා රැකියාවෙන් ඉවත්ව අප කුඩා කල වාසය කල නිවෙසද  කඩා වැටුණ පසු පාර අයිනෙන්ම තිබූ අප කුඹුරට- ඒ වන විට අප අයට කළ කුඹුර සින්නක්කර මිළදී ගෙන තිබුණි- නිවෙසක් තනා පැමිනෙන තුරු මේ පුරුද්ද මෙලෙසම තිබිණ.)

Thursday, September 25, 2014

වැහි බිංදු

වැහි නැති දවසක
අව්ව මුවා කල
උඹෙ කුඩය
එක අනෝරාවක
වෙන කාගෙද අතක
මං ගැන ගානක් වත් නැතිව
තෙමුණ අපූරුව....



ප.ලි- ජංගම සටහන්

Monday, September 15, 2014

ස්මරණ 12- බඩජාරියෝ

                                                              ලින්ටයි ළමයින්ටයි දගලන්නමයි හිත යනුවෙන් කියමනක් ඇත. එලෙසින්ම අතට අහුවෙන අහුවෙන දේ කටේ දමාගෙන එහි රස හෝ සවි ශක්තිය බැලීමද මේ අයගේ පුරුද්දකි. පොඩි වුන්ට නිතරම මොනවා හෝ දෙයක් හපන්නට ඇත්නම් ඊට වඩා දෙයක් නැත. අප පොඩි කාලයේද එසේ වන්නට ඇත. එහෙත් අපට කන්නට ලැබුනේ වැඩිපුරම ගඩා ගෙඩිය. අදද ඒවායේ රස සුව දිවට නැහැයට  දැනෙන්නාක්  මෙනි. එලසින්ම අදද කොතැනදි හෝ ගඩා ගෙඩියක් දුටුවිට එය කා දමා ඉවරයක් කරන්නට දිව-කට නලියන්නේද මේ හින්දාම වෙන්නට ඇත.

Wednesday, September 10, 2014

වරද...

අලුත් වැස්සකට හිත පුරා
ගත තෙමාගත් බොල් පොළව
දිය කඩිති මඩ කඩිති ගත පුරා තියාගෙන
ආකාසෙට හිනාවෙන වෙලාවක
හිතේ හැටියට අයිස් වැහි  වතුරෙන්
සල්ලි නොගෙවම නාගත්ත
කුසුමා ඔති ගෙ කැහැටු කොල්ල අපේ ගේ ඉස්සරහ
වෙව්ල වෙව්ල හිනාවීගෙන

Friday, September 5, 2014

06 09 13 - 06 09 14

හුස්ම වැටෙනා වසක් ගෙවුණා
සතුටු කවි කතා අතරේ
මොහොතකට ජීවිතය රැදුණා...

එදා වගෙමයි
ළිහිණි කැල අදත් සරණා
අදත් නොවෙනස්
පහන් කන්දත් එහෙම තිබුණා...

Thursday, August 28, 2014

ආධුනිකයා- 02

රඹෑව.. ගෝනගම්පිටිය... මගුලයි... වේ බිල ඒ රෙද්ද හදන්නත් එපැයි... මොකාද දන්නෑ කොන්දොස්තර කම ලේසී කියපු පෙරේතය..
හය.. විස්ස.. කීයද විසි හයයි... හතලිස් පහයි.......................................එකසිය අසූ අටයි .......................................... හයසිය පනහයි.... මේ කීයද.... පනස් හතද.. තිස්හතද... මොන මගුලක් ලියලද මංද... ඉදකිං ඒක හරියට ලියාගන්න බෑනෙ... තිස්සත වෙන්නැ....

                                                        ******************

Monday, August 25, 2014

ස්මරණ 11- අපේ කිරිකොට් ii (බෝලේ...... පෙප්සි බෝලේ....)

                                                                  බෝලෙට බෑට්(????) එකෙන් පත බෑ කළ එය ගසක රැදුණු විට හෝ ඇළට වැඩී පහලට ගසාගෙන යන විටක හෝ යළි බෝලය පිටියට රැගෙන එන තෙක් ලකුණු සදහා කකුල් කඩා ගෙන දිවූ දිවිල්ල පාසලේදී සිදුනොවීය.  නමුත් ඊට වඩා වෙනස්  නීති  රීති හා වෙනස් ආකාර ක්‍රීඩා රටාවක් අප පාසලේ අනුගමනය කලෙමු. පාසල් විවේක වේලාවන්  සීමිත බැවින්  පිල් බෙදී ක්‍රීඩා කරන්නට තරම් හැකියාවක් අපට නොලැබුණි. එහෙත් එසේ නොකළා කියන්නටද අපට නොහැකිය.

Thursday, August 21, 2014

ආධුනිකයා.

වෙලාව හරි... යං නේද  චන්දරේ අය්ය...

හ්ම් යමං... ටිකට් ටික හරිද...

ඔව්... නැගල ඉන්න හැම කෙනාටම ටිකට් කැඩුව...

අද උඹ ගෙදර යනවද...??

ඔව් චන්දරේ අය්ය.. මාස එකාමාරක් විතරැති නෙ. තාම ගෙදර යන්න බැරිවුණා... අම්මත් ඇහුව ඇවිල්ල යන්න එන්න බැයිද කියල....

Monday, August 18, 2014

ස්මරණ 10 - සුද්දන් කිරිකට් ගසද්දී අප ක්‍රිකට් ක්‍රීඩා කළෙමු.

                                                                           "මෙලොව වාසය කරන සියල්ලෝම යමක් බලාපොරොත්තු වෙති. නමුත් සෑම දෙනාටම ඔවුන් ප්‍රාර්ථනා කරන ආකාරයේ දේවල්ම හමු නොවෙති. ඔබට අවශ්‍ය නිවෙසක් නම් ඔබට ඉඩමක් ලැබී යා හැක. තවකෙකුට ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරයේ වස්තුවක් ලැබී යා හැක. අපට අවශ්‍ය කාර්යය අපට ලැබෙන දේ අනුව ඉටුකර ගැනීමට අපි උත්සාහවන්තයන් විය යුතුය. සමහරුන් බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. නමුත් වෙහෙස වී ඒ සදහා වැඩ නොකරති. නැතහොත් තමුන්ට ලැබෙන දේ කපා ඔප මට්ටම් කර ගැනීමට නොසිතා එය ප්‍රතික්ෂේප කරති. දෛවය අප බලාපොරොත්තු වූ දේම අපට ලබා නොදෙයි. අපට ලැබෙන දේ අනුව පිරිමසාගැනීම ට අප උවමනාවන් එමගින් ඉටු කරගැනීමට අප ප්‍රඥාවන්ත විය යුතුය. ඉලක්කය සාක්ෂාත්  වන්නේත් අපට අවශ්‍ය ආකාරයටම අප කාර්යය නිම වන්නේත් එහි වටිනාකමක් අපට දැනෙන්නේත් එවිටය. සරලය. නමුත් ගැඹුරුය. තේරුම් ගැනීම අත්‍යාවශය ය."

Thursday, August 14, 2014

කවියක් නැති කවි හිතක්...

උඹට කියන්නට බැරිව
ඉතුරු වුණ කවියක්
තියනවා තවම හිත කොණක
අකුරක් උඩ වැතිරෙන දිනය හිත හිත...

Monday, August 11, 2014

ස්මරණ-09- රබර් ගලවා සරුංගල් යැවීම.

                                                                      හැම කෙනාටම අනෙක් අයට කියන්නට කතාවක් තිබේ. සමහරුන් එය අන්‍යන්ට කියනා අතර සමහරුන් නිහඩව සිටී. මේ දෙවර්ගයේම අය තවත් කෙනෙක් කතාවක් කියද්දී අසා සිටිති. නැතහොත් තමන්නේ වාරය එනතෙක් ඉවසිලිමත් ව ද නොයිවසිලිමත් ව ද බලා හිදිති. එහෙත් කිසිවෙක්ට වත්  තමන්නේ කතාව පිළිවෙලකට ගලපා පැවසිය නොහැක. එසේ හැකි වුවද අවකාශයක් නැත. එකිනෙකට එකක් සම්බන්ධ සිද්ධි දාමයන් ඔවුන්ව පටලවති. ඉවසීම මනා සේ පුරුදු පුහුණු කළ තැනැත්තාට වුව මේ දුෂ්කර කාර්යයක් විය හැක. ජීවිතය පැටළුණ නූල් බෝලයකි. එහි එක් කෙළවරක් කිසිවකුගේ හස්තයේ ඇත. අනෙක් කෙළවර ඉන්නේ ඔබය මමය. පාලනය වන්නා හා පාලනය කරන්නා අතර සබදතාව රැකෙන්නේ ඒ අතර ඇති නූලෙනි. එය බිදී ගියහොත්...????? හරියට සරුංගලයක් මෙනි.

Friday, August 8, 2014

කන්‍යාවිය මමයි රීකන්ඩිෂන් කළ

බැලුවා පත්තරේ අම්මා තාත්තා
  තෝරා බැලුවේ නම් ලොකු තාත්තා 
කරකාරයට මා සරණට දෙන්න සිතා 
ජයට මගුල් මම හිටියේ නොකර කතා ..

Tuesday, August 5, 2014

ඔබේ ජංගම දුරකථනය සදහා හොදම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් කීපයක්... The Best Android apps for your Mobile

                                                                      හප්පේ...... ෆෝන් කට්ටක් එක්ක ඔට්ටු වෙවී ඉදල මම වින්ද දුකක්.. රූට්(Root) කරනව කියනෙක මෙච්චර අවුල්ද අය්යෝ... ඒත් තාම රූට් කරගන්නත් බැරි වුණා. කොච්චර ෂෝක්ද නේ... මේ පාර ස්මරණ නොලිය ඒකට ඔට්ටු වෙවී හිටිය. මොනා කරන්නද නේද... ඒ අව්වස්සෙ කොහොම හරි පෝස්ටුවක් කොටන්න කියල තමා මේ ට්‍රයි එක... අද නං අවන්හලෙන් දෙන්නෙ කතාවක් වත් කවියක් වත් වෙන දෙයක් වත් නෙවෙයි.. හුදී ජන හිතසුව තකා ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන රසික සහෘද ජනතාවට වැදගත්ම වෙන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්  (Android app)කීපයක්... ඒ වගේම මේ සියළුම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් මම පාවිච්චි කරල සහ දැනටත් මම පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්. ඒ හන්ද මේ එකක් වත් වෛරස් හෝ නුවුමනා යෙදුම්(Unwanted Apps) නොවන බව කියන්න ඕන.

Thursday, July 31, 2014

අහස සේ ඔබ අනන්තයි....

මං බයවෙයි...

ඒ දිලිසෙන ඇස්  මං දිහාම බලාගෙන...  මං රැව්ව... ඈ බය නැතිවම තවමත් මං දිහාම බලාගෙන..

මං බයවෙයි...

ඈ මට සත්තම දානව... මං හිනාවුණා...

මං බයයි...

ඈ ඇස් විසල් කරගෙන මගෙ ඇස් වලට එබුණ...

ඇයි... ඔයා වගේ මං නපුරු නෑ....

Monday, July 28, 2014

ස්මරණ 08- හොදම දේ දරුවන්ටයි- ii

                                                                කියන්නට දේවල් නම් එමට ඇත. නමුත්  පැවසිය යුතුයි කියා සියල්ලම කියන්නට යාමෙන් කියවන්නන්ට ලියා ඇති දේ එපා විය හැක. එහෙත් පසුගිය සතියේ  අදහස් සදහා ඉඩදී මා බලාපොරොත්තු වූ තරම් යහපතක් නුවූවත් කිහිප දෙනෙකුට  යම් තරමක මතකය අවදි වී තිබිණ. එබැවින් යම් සතුටක් මා එමගින් ලැබූ බව නොකියාම බැරිය. එහෙත් බයිසිකල් රිම්, ටයර්, පොල්පිති ගොන්නුන් ට වඩා යමක් මා බලාපොරොත්තු වූ බව නම් නොකියාම බැරිය. එබැවින් එදා ඇතිවූ හිඩැස  මකන්නට ඒ සටහන  මදක් දීර්ඝ කිරීමට සිතුවෙමි.

                                                               

Thursday, July 24, 2014

කට කහන කවි - දැන් සනීපද..?

අපි ජාති වාදී නැත  අපි හෙණ පොරවල්ය
කියනා උන් ළඟත් ජාතිවාදය තිබේ
මාලිංගට ප්‍රේම කර කෝලිට වෛර කරන්නේ ඒ හින්දාය..

අමරදේවයන් ශාස්ත්‍රීය යැයි සංකීර්ණ යයි කියයි
ජෝතිපාලයන් සරල යැයි අපූර්ව යැයි කියයි
මනුෂ්‍ය සන්තානයේ ඇති සංකීර්ණත්වය හන්දාම
ඔවුන් දෙදෙනාම පුරාවෘත්ත ගතව ඇත...

Monday, July 21, 2014

ස්මරණ 07--හොදම දේ දරුවන්ටයි...


                                                                           මේ දිනවල වසල මුග්ධ වෙළෙන්දන්ගේ පූජනීය ස්ලෝගන් එක බවට පත්ව ඇත්තේ හොදම දේ දරුවන්ටයි... යන වචන කිහිපය ය වේ. වර්තමානය වන විට පවත්නා නෙක නෙක අරුමෝසම්  භාණ්ඩ, නෙක නෙක වර්ණ පාසල් උපකරණ මෙන්ම  විවිධ වූ ආකාර ක්‍රීඩා භාණ්ඩ අතර අතරමං වූ ළමා වියක් අපට නොතිබුණි. ඒ පිළිබද හිත කොණකවත් දුකක් නැත්තේ නූතන ළමා ලෝකය හා සැසදීමේදී කෙතරම් දුෂ්කරතා මැද  වුවත් අප සතුටේ උපරිමය බුක්ති වින්ද බැවිනි. තරගකාරීත්වය, සෝබනය, මෙන්ම අම්මලාගේ විබාගය(ශිෂ්‍යත්වය) වෙනුවෙන් වත් ඔවුන් අපව වෙහෙස නොකළෝ ය. එබැවින් අපට හිතුවක් කරන්නට මෙන්ම අපේ තීරණ අපම ගන්නට හැකි වටපිටාවක් නිර්මාණය වී තිබිණ.. යමක් පිළිබද නිසි තේරුමක් නොවී නම් හෝ යමක් පිළිබද තීරණ ගන්නට අප මුහුකුරා නෙවී නම් හෝ පමණි අප ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තේ.. පසු කලෙක සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සදහා සූදානම් වන කාලයේ වත් ඔවුන් අපට බාධා නොකළේය.

Thursday, July 17, 2014

ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා


                                                             
වෙලාව උදේ නමයත් පහුවෙලා... මම මහ වීදිය දිගේ ඇවිත් මුස්ලිම් පල්ලිය ගාවින් වැව රවුමට හැරුණ.. සතියෙ දවසක්  වුණත් වැව රවුමෙ  ඉදගන්න ඉඩක් හොයාගන්න එක ලේසි නෑ.. අමතර පංති වලට සහභාගි වෙන කොල්ලන්ට කෙල්ලන්ට පංති යන එකට වඩා වැඩ තියෙයි කියල මට හිතුණ. සමහර විට අපිටත් අපි පංති යන දවස් වල වැඩ තියෙන්න නැතෑ ..

Monday, July 14, 2014

ස්මරණ-06 ජීවන සටන (රබර් ඇට කොකෝ ඇට හා ඔට්ටපාලු)

                                                                        මේ කතාව ඕනෑවට වඩා දිග්ගැස්සෙන්නට පටන් ගත්තේ දෝ සිතෙයි. නමුත් කියන්නට ආ දේ අවසන් කල යුතුය. පසුගිය සතියේ කීවා සේ පොල් යන වචනයෙන් තොර ජීවිතයක් මෙහි නොතිබිණ. සෑම සියල්ලක් හාම බද්ධ වී තිබූ යේ පොල්ය. පසුගිය සතියේ පොල් ඉරටුව ගැන කීවත් පොල් අත්ත ඉවරයක් කරන්නට නොහැක විය. මේ වෑයම එයටයි.

                                                                        වත්තේ දිවි ගෙවූ සෑම කෙනෙකුටම පාහේ තිබූ දක්ෂතාවයක්  ලෙස පොල්ලතු විවීම අවිවාදයෙන් නම් කළ හැක. එහෙත් තරගයකට ඉදිරිපත්ව නිරවුල්වත්, පරිපූර්ණවත්, වේගයෙනුත් , පොල්ලත්තක් වියන්නට හැකියාව තුබූයේ අල්ප දෙනෙකුටය. එබැවින් සැම වසරකම පැවැත්වෙන අවුරුදු උළෙළ වල පැවැත්වූ පොල්ලතු විවීමේ  තරග වලින්  ජයග්‍රහණය කලේ  තුන් දෙනෙක්  නැතිනම් හතර දෙනෙකි.   පහුගිය වසර කීපය පුරාවටම අවුරුදු උළෙල කිහිපයකම පොල්ලතු විවීමේ ශූරතාවය අඛණ්ඩව ජයගන්නට හැකිවූයේ මගේ පුංචිටය. එනම් අම්මාගේ බාල නැගණියටය. 

Thursday, July 10, 2014

නුඹ නැතිදා.......



මා එක්ක
දිනෙක නුඹ
ඇවිද ගිය පාර දිග
තනිකමෙන් විඩාවී
ඇවිද ගිය එක් දිනෙක
අපි එකට ඉද උන්නු
තරහ වුණු යාළු වුණු
හසරැල්ල කදුලැල්ල
ආදරෙන් බෙදාගත්
රොබෝරෝසියා ගහ මුල
සීතල සිමෙන්ති බංකුව
හමුවුණා අද මට.........

Monday, July 7, 2014

ස්මරණ 05- ජීවන සටන ii

                                                                                     තිබු නොයෙකුත් රාජකාරීන් සහ බාරගත් වැඩ නිසා ස්මරණ සටහන් තැබීම සති දෙකකින් කල් ගියේ නොසිතූ විලසිනි. ඒ දෙසතිය තුළ ස්මරණ කෝ යැයි අසා කමෙන්ට් කල අය මෙන්ම මූණූ පොතට පණිවිඩ එවූ අයද බොහෝ ගණනකි. ඔවුන්ට තුති පුදන්නට මෙය අවස්තාවක් කරගනිමි. නැතහොත් මේ සතියද වෙනත් දෙයක් ඔබ්බවා නිකන් සිටීමට මා සිතා සිටි බැවිනි. පසුගිය කොටසේ දිගුවක් ලෙස මේ කොටස ඉදිරියට ගෙනයාමට සිදුවන නිසා රබර් ගැන කතා එතකින් තාවකාලිකව නවතමි. එහෙත් ඒ සම්බන්ධව බොහෝ අය දැක් වූ කැමැත්ත මෙන්ම ඉල්ලීම් නිසා මෙම කොටසින් පසු රබර් ගැන රබර් කතාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජීවන සටන හා බද්ධව සිටීම යෙහෙකි.

Thursday, July 3, 2014

කවි ටොක්ක- කෙලෙස්

1.  සුභ නැකත් බැඳ
     පහන් පැළ වැඳ
     බුදු වදන් කොදුළ
     රැඩිකල් උපාසක
     බුදුන් අමතකව
     මදු ඔඩම් ගෙන මත්ව
     පුළුටු හපමින්
     චිරත් කල් වැජඹෙවැයි
     අසිරි ඇසුවේය....

Monday, June 30, 2014

ගුණාත්මක උපසිරැසි කරණයට යම් මග පෙන්වීමක්.

                                                            පහුගිය සතියෙ Revolver Rani චිත්‍රපටයට උපසිරැසි දීපු වෙලාවෙ කීප දෙනෙක්ම ඇහුව කොහොමද උපසිරැසියක් සිංහලට පරිවර්තනය කරන්න කියල. ඒ පිළිබදව ලිපියක් ලියන්නම් කියල පොරොන්දු වුණ හින්දයි අද මේ ලිපිය ලියන්නෙ.. ඉස්සරෝම කියන්න ඕන දෙයක් තියනව. ඒ තමයි මම මේ සම්බන්ධව ඉගන ගත් දෙයක් පමනයි ඔබට ඉදිරිපත් කරන්නෙ.. ඒ කියන්නෙ අන්තර්ජාලය තුල මට සොයාගත  හැකිවූ සහ මා විසින් ඉගන ගත් දේ පමණයි. එබැවින් මෙහි  යම් ගැටළුවක් ඇතිවුනොත් ඒ ගැන සැකයකින් තොරව මගෙන් අහන්න. මා දන්නා පරිදි කියා දීමට සූදානම්..

Friday, June 27, 2014

හැඩකාර යක්ෂණී...

                                                                     
කතාවට වගේ කියනව නෙ අපි ආදරේ අය අපිට ආදරේ නෑ කියල.. ඒ වගෙම තමා අපි ආදරේ කරන අය වුණත් වෙලාවකට අපිව තේරුම් ගන්නෙ නෑ. ඉතිං කොච්චර ආදරේ උනත් ඒ වගේ වෙලාවට පොඩ්ඩක් කේන්ති යනව නේද.. ඉතිං මං මේ කියන්න යන කතාව ඒ වගේ කතාවක්.. ආදරය වෛරය වගේම පළිගැනීම අපූරුවට දෘශ්‍යමාන වුණ කතාවක් . ඒ වගෙම තමා බල ලෝබය හිංද මිනිස්සු කොයි තරං ආත්මාර්ත කාමී වෙනවද තමන්ගෙ වාසියට මොනවද නොකරන්නෙ කියල හොදටම පෙන්වන කතාවක්.. ඒ වගෙම ධෛර්ය වන්ත ගැහැණියක් ගැන කතාවක්.

Thursday, June 19, 2014

After






බුදු පුදට පැමිණි දන
සුදු වතින් සැරහි ගෙන
මලුත් පඬුරුත් අතින් ගෙන
පිං පාට පුරවගෙන

Monday, June 16, 2014

ස්මරණ-04 ජීවන සටන

                                                                                  මා දන්නා කාලයක සිට මා අවට සාගරයක්  මෙන් පැතිර ඇති වත්තේ ආධිපත්‍ය යෙන් මිදෙන්නට සමත් වූ මිනිසුන් නැති තරම් ය. ඔවුන් ඒ තරමටම ඊට බද්ධව දිවි ගෙවති. ඉදහිට පවුලක පිරිමි දරුවෙක් යුද්ධ හමුදාවට බැදී රැකියාවක් කළා විනා වත්තෙන් එහා ගිය වෙනත් රැකියාවක් කළ අයෙකු සොයාගැනීමට වඩා කළු නික සෙවීම පහසු විය හැක. උපන් දා සිට ඔවුන්ගේ ආකර්ෂණය අවධානය තදින්ම ඇ බැ ගත්  වතු යායට එහා ලොවක් ඔවුන්ට දකින්නට උවමනා නොවූ බව මගේ අදහසයි. ඊටත් වඩා වතු යාය ඔවුන්ගේ ජීවිත වල පසුබිමෙන් ඇදුණු කළු හෙවණැල්ලක් මෙන් ඝණ විය. කිසි විටෙකත් එය ඔවුන් අත නාරිනවා සේ ඔවුන්ටද එය අතහැර ඉන් මිදෙන්නට හැකියාවක් නොවීය.

Thursday, June 12, 2014

නෙල්ලි 07- බස් එකක්- සීට් එකක්- අම්මෙක්


                                                                       වෙලාව දහයාමාරට විතර ඇති... මං  පිං පාරට යන්න බලා‍ගෙන පොල්ගහවෙල  බස් ටෑන්ඩ් එක ගාව තියෙන කුරුණෑගල හෝල්ට් එක ළග හිටගෙන... ඒක පිරෙන්න සෙනග.. අවුවෙන් බේරෙන්න වෙන්නැති.. දවල් වෙන්න වෙන්න රත් වෙන ඉරත් එක්ක දාඩිය දාන්නෙ තරගෙට වගේ... මං ආයෙමත් බස් කිවු එක දිහා බැළුවෙ යන්තමට හරි රිංග ගන්න පුළුවන් තැනක් හොයාගන්න හිතං.. ඒ එක්කම වගේ බස් එකත් පල්ලිය පැත්තෙන් මතු වුණේ හිතට පොඩි සැනසිල්ලකුත් එක්කම වගේ කියල මට දැණුන. කොළඹින් ගමන පටන් ඇරන් මැදිරිගිරියෙන් ඉවර කරන්න බලාගෙන යන ලක්මාල් බස් එක පිඹගෙන ඇවිත් කීස් ගාගෙන  දුටුගැමුණු හන්දියෙ නැවැත්තුවා... කළු පාට  බැක් පැක් එකත් දකුණු උරිස්සෙන් එල්ලගන, පිටිපස්ස දොරෙන් බස් එකට නැග්ගෙ අමතර පංති වලට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් යන නංගිල තුන් දෙනෙක්ට නගින්න ඉඩ දීල. බස් එකේ ගමනාන්තයට මදක් මෙහාට වෙන්න යන මට කොහොමත් සීට් එකක් ලැබෙනව කියල මම අත්දැකීමෙන් දැනගෙන හිටිය. බස් එකේ ආසන පේලී කීපයක්ම හිස්. දොරළගම සීට් එකේ වාඩි නොවී ඊට ආසන පේළි තුනක් විතර ඉස්සරහින්  තිබුණ සීට් එක්ක වාඩි වුණේ පස්සෙන්ම ඉදගන්නවට වඩා මැද හරියෙන් ඉදගන්න කොට ගමනාන්තයට යනකම්ම ඉදගෙන යන්න පුළුවන් හින්ද . මගින් නගින ආබාධිත, වයොවෘද්ධ හෝ ගැබිණි මාතාවන් වගේ පාර්ශ්වයන් ගෙන් ගැටළුවක් නොවී අපහසුවක් නැතිවම ගමන අවසන් කරන්න පුළුවන්.

Monday, June 9, 2014

ස්මරණ-03

                                                                           පසුගිය සතියේ පුංචි පුංචි චෝදනා කිහිපයක්ම තිබුණේය.. ඒවා දෙස බැලීමේදී මට පෙනුනේ මා පටන්ගත් ආකාරය වැරදි වගය. නමුත් දැන් ප්‍රමාද වැඩිය. කියන්න ආදේ අහවර කළ යුතුය. නැතහොත් මේ යන ක්‍රමය කැඩීමෙන් ඉදිරියට ලිවීමේ ගැටළු ඇති විය හැකි යැයි මට සිතෙන නිසාය. එබැවින් ඉදිරියේදී යම් වෙනස් කමක් කරන තුරු ඉවසා මා හා රැදෙන මෙන් ඉල්ලමි.පසුගිය සතියේ කියන්නට ගිය දේ අවසන් කර මේ ලිවිල්ල හමාර කරමි එවිට මට යම් වෙනස් කමක් කළ හැකි යැයි හැගේ.
                                                                        ***********
                                                                           අප නිවසේ සිට බෝධිය කන්ද පසු කර මද දුරක් ගිය පසු කිරියම්මලා වෙසෙන ලැයිමට යා හැකි බව පළවෙනි කොටසින් කීවා ඔබට මතක ඇතැයි මා සිතමි. එබැවින් පසුගිය සතියේ පටන් ගත්  චරිත හදුන්වා දීම මේ ලැයිමෙන් අවසන් කරමි.

Thursday, June 5, 2014

ස්මරණ-02


                                                                       මතකය සෙමෙන්  වියපත් වෙයි...  ඊට සාපේක්ෂව අප ලබන අත්දැකීම් තුළින් පන්නරයක් නොලබන්නෙමු. උපතින්ම සමාජයේ හා  සංස්කෘතියේ කොටසක් වන අපට ඉන් මිදී ජීවත් විය නොහැක... මිනිසුන් මෙන්ම නොමිනිසුන් ද අප ගෙවන මේ සුළු කාලයේදී මුණ ගැසෙන්නේ අපට අවැසි නිසාම නොවේ.. අපට ඉන් මිදිය නොහැකි නිසාය...

Thursday, May 29, 2014

හීන මියැදී....

සිනා මල් පෙති දසත අතුරා
සුළඟටත් නුඹ සිනා සෙන්නා
හිතක ආදර හැඟුම් වපුරා
යොවුන් ආදර තනුව වැයුවා

Monday, May 26, 2014

ස්මරණ‍-01



                                                                කතන්දර කීම වෙනුවට අතීත ආවර්ජනයක් කිරීමට මා බොහෝ කල් සිට සිතා සිටියද වියවුල් මතකය නිතර මා පරාජයට පත් කලේ ලියා නිම කරන්නට සිතන සෑම දෙයම පස්සට ඇද දැමීමෙන් පමණක් නොව මා හට ඔච්චම්ද කරමිනි. අවසන අපිළිවෙල මතක සටහන් කීපයක් ලියා සිටින්නට අදහස් කලේ පිළිවෙලක් නැති ජීවිතේ පිළිවෙල සෙවීමට යාමෙන් නිරන්තරවම පරාජයට පත් නොවිය හැකි බැවිනි.. එබැවින් අදසිට ඇරඹෙන මේ සටහන් පෙළ මගේ ජීවිතයේ මා විසින් අත්දැක්කා වූද විටෙක මවිසින්ම අසා දැනගන්නා  ලද්දා වූද මතක සමුච්චයක එකතුවකි. ජීවිතයක් තුළ සිදුවෙන්නා වූ සියල්ලම එක් වරම හෝ කිහිප වරකට කියා නිමකළ නොහැක්කේ හැම විටම කාලය තත්පරයෙන් තත්පරයට අතීතයට අපව එකතු කරමින් මතකයන් නිරන්තරයෙන් සිත පුරවා දමන බැවිනි.

Tuesday, May 20, 2014

එන්න සඳ නුඹ පායලා.....


මතක් ඉතිරෙන ජීවිතේ
සබ නුඹ පමණයි සිතේ
සිනා මල් පෙති විසිරුණා
කදුළු වැහි දිය ඉතිරුණා
ඉන්න බෑ තව දුක දරා
එන්න ඔබ කොහෙදෝ ගියා.....

Saturday, May 17, 2014

හැබෑටම මේ වෙසක්මද ඈ.....?

                                                            කීප තැනකම වෙසක් පොහෝ දිනයත් ඒ නිමිති කොට ගෙන පැවැත්වෙන්නා වූ යම් යම් උත්සව ගැනත් යම් යම් කතිකාවන් ගොඩනගන්නට උත්සාහ දරා තිබෙණු දුටුවෙමි... එසේම වෙසක් ශ්‍රීය මේ යැයි කියමින් තැබුණු ලිපිද දක්නට ලැබුණි...(සොමියා  සෑම්  සිරා  තුශානි     ) එහෙත් පසුගිය වසර කීපය හා සසදන කල්හි වෙසක් සැමරීම ගැන බෞද්ධයාගේ යම් අලස බවක් හා (පසුගිය තෙවසරම වෙසක් මේ යැයි යන්න නොදුටු නිසාද කියන්නට සිතාගත නොහැක..) මන්දගාමීත්වයක් දුටුයෙමි.. එලෙසින්ම සංයමයෙන් හා ශ්‍රද්ධාවෙන් හැසිරිය යුතු දිනයක් අවිනීත අශික්ෂිත වීම කෙරේ නම් මා සෑහෙන මට්ටමකට කළකිරුණ වග නම් සදහන් නොකරම බැරිය.

Monday, May 5, 2014

MINI කවි


ශ්‍රද්ධාව
බෝ ගහක්..
පිළිමයක්
පංසලක්
දුටු සැණෙක
බාගෙට ඉස්සෙන
පස්ස....

Tuesday, April 22, 2014

මරණයක මළගම - 2


කලිං කොටසකියවන්න බැරි වුණාද... මෙතනිං යන්න


ආනේ..... අර බලන්නකො සුදේ.... ලස්සනට ඩෙකරේෂන් කරල හදල තියෙන අර වේවැල් ෆර්නිචර් ටික... ෂෝයි නේ...

නර්මදා ... අපි යන්නෙ මේ මළ ගෙදරක....වෙන කාගෙවත් නෙවී මගෙ තාත්තගෙ මළගෙදර... මේ දවස් ටිකට වත් ඔය විකාර ඔළුවන් අයින් කරගන්න බැයිද ....

මළ ගෙදරක යනව කියල හොස්ස එල්ල ගෙන යන්නයැ...

ඇයි දැං තමුසෙට ඕන බෑන්ඩ් ගහන්නද.... 

පුහ්.... මහලොකු තාත්ත.... මතකනෙ අපේ තාත්ත නැති වුණ වෙලාවෙ....

ඇයි මං මොකද්ද කරපු අඩු පාඩුව.... තමුසෙගෙ අර කුණු ලෝබ අය්යල මල්ලිල ටික එක සතයක් වියදං කරාද... ඔක්කම මම නෙවේද කරේ........... හුහ් මහලොකු වංසෙ.... හොදා කබල් ගාන්න..

Friday, April 18, 2014

මරණයක මළගම...

                                                     ඈත අහසේ සරනා වැහිළිහිණියන් දෙස බොහෝ වෙලාවක් තිස්සේ බලාගෙන හුන් ජයලත් මැණිකේ බර සුස්මක් පිට කලාය. දැන පැය දෙකක් තිස්සේ ම ඈ රෝහල් කොරිඩෝවේ වූ සිමෙන්ති කණුවකට බර දී ගත් ගමන් තාම එහෙමමය...  සාරි පොට දෑතට හිරකරගෙන ඈත අහසේ සරනා වැහිළිහිණියන් දෙස බලා වුන්නේ උන් දෙස බලා සිටීමට තරම් නිස්කාංසුවක් හිතේ තිබූ නිසා නොවේ.  වානේ බරුවක් තරම් බරට හිතට එබෙන්නට වූ තනිකම මකාගන්නට අවැසි යැයි සිතුණ නිසාය... ඒ හැගීමට ඈ බියවූ නිසාය.  බණ්ඩාර මහත්තයා අසනීප වී කීප දොහක් වූවත් මේ තරම් මරණාසන්න වූයේ නොවේ... එහෙව් එකේ හදිසියේම සිදුවූ මේ අබග්ගයෙන් ඈ හෙල්ලී ගොස් සිටියාය. නෙත් මානයේ සැරි සරමින් වුන් ළිහිණියන් රෑනෙන් එකෙක් හදිසියේම රැළ බිදගෙන ඈතට පියාඹනවා ඇගේ නෙතට හසුවිය.. ඌ පසුපස තත්පර කිහිපයක් තරම් යැයි හැගෙනා වෙලාවක් පැන්නූ අනෙකුන්, යළි කිසියක් සිදු නොවූවා සේ  නැවතත් පුරුදු පරිදිම අකාසය වටේ කරක් ගහන්නට විය.. නොබෝ වෙලාවකින්ම අර රැහෙන් මිදී පියාසර කල ළිහිණියා ඇගේ දර්ශන පථයෙන් මැකී ගියෙන් හිතට තවත් බරක් එක් විය... ඒ මන්දැයි සිතාගැන්මට තරම් නිනව්වක් ඇගේ සිතට නොවීය...

Friday, April 11, 2014

පුර පසෙක නොවී නුඹ අවපසෙක සද වුණා....


                                                                             
 පැය බාගෙකට වැඩි වෙලාවක් තිස්සෙ මන්දාරම් කර කර තිබ්බ කුරුණෑගල අහස එක පාරටම මොර ගෙඩි වගේ ලොකු වැහි බිංදු වලින් ඇතුගල්පුරයට පහර දෙන්න පටන් ගත්තෙ හරි හෙමිහිට... ඒත් විනාඩි දෙකක් වත් ගෙවෙන්න කලින් ඇතුගල පේන්නැති වෙන තරමටම වැස්ස හයියෙන් වහින්න ගත්තෙ මාස ගාණක් තිස්සෙ නොවැහැපු එකටත් එක්ක වාඩුව අල්ලන්න වගේ... ක්ලාස් එකෙන් කලිං පැන්නෙ මහ මෝඩ කමකට කියල හිතුණෙ ඒ වෙලාවෙ... ෂොපින් කම්ප්ලෙක්ස් එකේ දෙවනි තට්ටුවවෙ පාර පැත්තට වෙන්න කඩවල් දෙකක් අතර තිබ්බ හිස් ඉඩකට වෙලා මං ඈතින් නොවුණත් හරි ඈත වගේ පේන ඇතුගල දිහා බලන් හිටිය... යාන්තමට ඡායාවක් වෙලා තියෙන ඒ රුවත් එක්කම මට මැවිල පේන්න ගත්තෙ නුඹෙ රුව.. අවුරුදු දෙකක් තරං ඈත අතීතෙක හිත කිමිදෙන්න ගද්දි මගෙ හිත පුරාම මැවුණෙ ඇගෙ රුව... ඔව් මීට අවුරුදු දෙකකටත් කලිං මාව දාල ගිය ඇගෙ රුව... දිලිසෙන ඇස්වලින් මං දිහා බලාගෙන මගෙන් සමුගෙන යන්න අහන නුඹෙ රුව... ඒ ඇස් එදා දිලිසි දිලිසි තිබුණෙ සතුටටද දුකටද කියල මට එදා තේරුණෙත් නෑ... අදත් නෑ.. ඒ ඇයි කියල මං තාම දන්නෙත් නෑ... කිසි දෙයක් කතා කරගන්න හිතක් නැතිව මගෙ අතින් නූල කඩාගෙන ඈතට පාවෙලා ගියපු සරුංගලයක් දිහා ඔහේ බලා ඉන්නව වගේ කිසි දෙයක් හිතාගන්න බැරිව මං ඔහේ එයා යන දිහා බලන් හිටිය... ඒ මූසල දවස අදටත් එක රූප රාමුවක් වත් නොඅඩුව මතකයි...

Friday, April 4, 2014

නෙල්ලි-05 මගෙ අමුතු කතා(ii)-- ඒලියන් බෑග්...


                                                                                  ලක්දාස් එකේ හිච්චි කෙල්ලො ටිකත් පහුකරන් වේගෙන් වේගෙන් ඇවිත් වැව රවුමත් පාස් කරන් වැව රවුමට හැරෙන තැන අලුතින්ම හදාපු මුස්ලිම් පල්ලියත් පාස් කලා... ඒ වෙලාවෙ තමා මට මතක් වුණේ අපි පංති එන්න පටං ගන්න කාලෙ මෙහෙම පල්ලියක් තිබ්බෙ නෑ කියල... මං ඒක තරිදුවට කිව්ව හම ඌ මරු උත්තරයක් දුන්න..(මා මිතුරාගේ අකමැත්ත නිසාම බොහෝ සිදුවීම් වාරණය කර ඇති බව සලකන්න)ඇත්තටම අපේ උන්නෙ එකමුතුව නං අංතිමයි කියල මට හිතුණෙ ඒ වෙලාවෙ... මොකද අපේ අය මෙහෙම උදව් කරනව අඩුයි නෙව.. පල්ලියත් පහු කරන් රහීම්ස් එක ගාවටම ඇවිත් මං තරිදුවගෙ මූණ දිහා බැලුවෙ ඒ පැත්තට යං කියල කියන්න වගේ... ඌ නිකං කරත්තෙට අහුවෙච්ච කජු ලෙල්ල වගේ මූණ හදාගත්ත හිංද මං ඒඅදහස අතෑරල දැම්ම... අපරාදෙ ගියා නං දාඩිය නිවෙනකං ඒසී එකට වෙලා ඉන්න තිබ්බ මගෙ හිත කීව... හ්ම්.... මාත් හූ මිටි තියන ගමන් තලය පස්සෙන්ම වැටුණ...

Saturday, March 29, 2014

මගෙ සුසුමක් වැදී වෙන්නැති දුවේ කළුගල හෙලවුණා...

                                                         
                                                        හැම අම්ම කෙනෙක්ම බලන්නෙ ඒ අම්මගෙ ළමයි කොහොමද අහස අල්ලන්නෙ කියල... ඒ දවස එනකන් ඒ අම්මල කොයි තරං ආසාවෙන් ඉන්නවද... ඒ දවස උදා වුණ අම්මල කොයි තරං සන්තෝස වෙනවද...ඒත් මොකක් හරි කරුමෙකට ඒ ලස්සන මොහොත ඒ රත්තරං නේත්තරා වලට දකින්න  නොලැබුණොත් කොයිතරං දුකක් දැනෙයිද....? මොන මොන දේවල් හිතෙයිද....? ඒ අත්දැකීම ඒක විදපු අම්මලම තමා දන්නෙ... මමත් එහෙම අම්මෙක්.....

Monday, March 24, 2014

සීමාවන්ට අභියෝග කළ දඟකාරිය......

                                                                                             
 ඔයාගෙ ආසාවන්ට ඔයාගෙ සංස්කෘතියම වැට බදිනව නං, ඔයාගෙ පවුලෙ අය ඔයාගෙ යාළුවො හිනා වෙනව නං කකුලෙන් අදිනව නං ඔයාට මොනව හිතෙයිද....? ජීවිතේ හැම දෙයක්ම සීමා සහිත වෙලා නං... නිදහස පවා සීමා වෙලා නං ඔයාට මොන වගේ හැගීමක් දැනෙයිද...? පවතින සමාජ ක්‍රමයට ඔයා විරුද්ධ වෙද්දි ඔයාට හැම කෙනාම හිනා වෙනව නං... ඔයව අධෛර්යට පත්කරන්න හදනව නං ඔයාට මොනව හිතෙයිද...? ඔයාගෙ ආදරයට හරි ඔයාගෙ යාළුවෙකුගෙ ආදරයට හරි සමස්ථ සමාජයම ගර්හා කරනව නං... ඒකට උදව් කරන අයව මහා වැරදි කාරයො විදියට සලකනව නං ඔයාට මොනව හිතෙයිද....?

Wednesday, March 19, 2014

නෙල්ලි-05 අමුතු කතා(i) - පේෂල්

                                                                                  ලෙක්චර් එක ඉවර වෙන වෙලාවත් පැනල... ඒත් සර්ට ඒ ගැන වගේ වගක් නැති පාටයි... ඉර අව්ව වැටිල ක්ලාස් එකේ වහලෙ රත් වෙලා ඒ රස්නෙ ඉස් මුදුනටම වදිනව...  මට එහායින් හිටිය නිසංසලා නිදිමතේම පත සයිස් ඈනුමක් ඇරිය...  ඒක දැකපු තරිදුව නිසංසලාගෙ පිට මැද්දට දේයි ගාල අත් පාරක් අතෑරිය... මූණ පරණ ටාට බස් එකකට අහුවුණ දෙහි ලෙල්ලක්  වගේ කරගත්තු නිසංසලා තරිදුව දිහ බැලුව....ඒ පාර ඌ මොකුත් දන්නෑ වගේ ඩෙස් එකට ඔළුව තියං නිදි... ඒ දිහා හිනා වෙවී බලං හිටපු මට තමා බැස්ටිය හම්බුනේ....’’මහේෂ් තමුසෙට ලැජ්ජ නැද්ද කෙල්ලන්ට ගහන්න.... ‘’’මේ මෙන මරාලයක්ද අප්පා... එහෙමෙයි කියල මොනව කරන්නද කියල හිතාගත්තු මම කරබාගත්ත... එහා පැත්තෙන් ඉදගෙන නාමලයයි ඉන්දිකයයි ඩෙස් එකේ ඔළුව ගහන් හිනා වෙනව... නෙද්දකිං මුං වගේ අපත යාළුවො සෙට් එකක්...

Friday, March 14, 2014

ගොදුර

ගොදුරක් සොයා
ඉගිල ගිය
ලිහිණි තෙම
විල් දියෙහි දගලන
මාළුවෙකු දැක
ගොදුරු ලොබින්
ඊසර වේගයෙන්
පහළට පැන්නේ
..
..

Tuesday, March 11, 2014

ලාභ මිනිසුන්ගෙන් වටිනාකම් අපේක්ෂා නොකරන්න....


                                                                                 
    මා බ්ලොග් ලොවට පිවිස මාස ගණනාවක් ගතවී ඇති මුත් මා හට අමතක නොවුණ මුත් අතපසු වූ යමක් ගැන තිරන්තරයෙන්ම මසිත පෙලුවේය... එහි ප්‍රතිඵලයක් ලෙස සටහන් වන මේ සිංහල අකුරු කීපය කුඩා කල පටන් මා සිතේ ජීවමාන සිතුවමක් ලෙසින් සිටින්නාවූ ඒ මිත්‍ර රත්නයට උපහාර පිණිස සටහන් කරන්නට සිතුවේ බැරි වීමකින් හෝ ඔහු මේ සටහන කියවන්න යැයි වූ ප්‍රාර්ථනාවද පෙරදැරිවය..

Friday, March 7, 2014

දෙබිඩ්ඩෙක්.....

කේඬෑරි ඉපල් බැ
මළකඩ යදමකින්
විහින් විලංගු ලා ගෙන
චපල සිතක් තුළ
සිරකරුවෙක්ය නුඹ
නිදහසක් අසන......

Tuesday, March 4, 2014

මහත්වරුනි.... මා නෙළු මල මට සිඹින්න දෙන්න.....

                                                           අහස ඉරත් එක්කං සෙල්ලමකය.... ඉර බෝලය මැද්දෙං තියාගෙන වලාකුළු පිහාටුවකටවල් වැද්ද නොදී එළවා දමා තම හයිකාරකම පෙන්නන්නේය..  ඒ හයිකාරකමේ රශ්ණියෙන් දැවෙන්නේ අපය... පොළෝ වාසී ප්‍රේමවන්තන්ය...රත්වූ හුළං ඇබිත්තක් හීං කෙදිරියක් නගාගෙන ඈතකට යන්න ගියේ චණ්ඩිකම් පාන හිරුගේ තේජසින් පීඩිතව උන් අපව තවත් පීඩාවට පත්කරමිනි. ගිනි අව්වෙන් දැවෙන ගසක, ඒ ගසේ හෙවණ යට ඈත් මාත් වාඩිවී හුන්නෙමු... මම ගසේම මුලක් උඩ හිදගෙන ගසට පිටදී හිදගෙන හුන්නෙමි... ඈ මදක් ඔබින් වූ කුඩා ගල් කුලක වාඩි ලා ගෙනය... දුර, ළගක සේ පෙනුණත් ඈ දුරය... අහසට පොළව සේය... හෝරා භාගයකටත් වඩා වෙලාවක් ම තිස්සේ ඈ නිසොල්මනේය... බර කල්පනාවකය... පුරා පැතිරී ඇති නිහඩතාවය බිද මන්නට රිස්සක් නැත්තා සේය... මම පොළව මස්තකයේ හිද, ළග මුත් දුරින් පේන ස දෙස බලාගෙනමය...  ජීවන පියගැටපෙළේ මට පිය ගැට තුනක් පමණ ඔබින් හුන් ස දෙව්දූ දෙස ලොබින් නෙත් අහකට යා නොදීම මා ඈ දෙස බලාගෙනය...
අවසන සවත පුරා පැතිරි නිහතාව බිද දැම්මාය....
Related Posts Plugin for WordPress, Blogger...