අලින්ටයි
ළමයින්ටයි දගලන්නමයි හිත යනුවෙන් කියමනක් ඇත. එලෙසින්ම අතට අහුවෙන අහුවෙන දේ කටේ
දමාගෙන එහි රස හෝ සවි ශක්තිය බැලීමද මේ අයගේ පුරුද්දකි. පොඩි වුන්ට නිතරම මොනවා හෝ
දෙයක් හපන්නට ඇත්නම් ඊට වඩා දෙයක් නැත. අප පොඩි කාලයේද එසේ වන්නට ඇත. එහෙත් අපට
කන්නට ලැබුනේ වැඩිපුරම ගඩා ගෙඩිය. අදද ඒවායේ රස සුවඳ දිවට නැහැයට දැනෙන්නාක් මෙනි. එලසින්ම අදද කොතැනදි හෝ ගඩා ගෙඩියක්
දුටුවිට එය කා දමා ඉවරයක් කරන්නට දිව-කට නලියන්නේද මේ හින්දාම වෙන්නට ඇත.
වත්ත පුරා තිබුණේ පොල් වුවද වත්තේ ඇතැම් කෙරවල වල් වලට වන්නට විසල් ලදු කැලෑ තිබිණ. වත්තටම අයත් කොටස් වල ඇතැම් විට පොල් ගස්ද වට කරගෙන මේවා වර්ධනය වී තිබින. එහෙත් කුමක් හෝ කාරණයකට මේවා එළි පෙහෙලි කරන්නට වතු පාලනාධිකාරියට උවමනාවක් නොතිබ්බා සේම මේ අකුල් වල ඇති පොල් ගස් වල හැදෙන පොල් කඩන්නට හෝ උවමනාවක් නොවීය. එබැවින් ඒවා කැලේටම( වත්තෙ අයට) ඇරුනු අතර මේ සමහර අකුල් වල බර සාරෙටම තිබුනේ එරමිණියාය. ඉදහිට තැනක ඇඹිල්ල ගහක් දෙකක්, දං පදුරක් මෙන්ම පේර , අඹ, දොඩං, වෙරළු, සියඹලා, ජම්බු, වැලි අනෝදා, අනෝදා, ලාවුළු, මෙන්ම කොහිකිරිල්ල ද දමුණ ද තිබින.. එසේම වත්ත පුරා තැන් තැන් වල බිං පොල් ද කුඩා කුඩා පදුරු වශයෙන් හැදී තිබුණි. ඒ ඒ ගෙඩි ඵල ගන්නා වාර අපට කුමන ඉවකින් දැණුනා දැයි නොදනිමු. නමුත් අහවල් පදුරේ අහවල් තරමට ගෙඩි හැදෙනවා කියන්නත් ඒවා ඉදෙන කාලය අනුමානය කරන්නත් අපට හැකිවිය. එසේම කිසියම් බාහිර ආක්‍රමණයකට අදාල ගස් හෝ පඳුරු ලක් වී නම් එයද නොවලහා කියන්නට අපට හැකිවිය.
වත්තේ හැම ලදු
කැලෑවකම වැඩිපුරම තිබුනේ එරමිණියා බව මම ඉහතින් කිවෙමි. එබැවින්ම ඒවායේ අගයක් අපට
එතරම් නොතිබිණි. නමුත් එරමිණියා කාලයට සෑම සතියකම ඉරිදාට අපට වැඩ තිබුණි. දහම්
පාසල් තිබෙන්නේ ඉරිදාටය. සතියේ දවස් හතෙන් පහක්ම නගරයේ පාසලට යන අපට යළි නිවෙසට එන
අතර වාරයේ ගොදුරු කරගැන්මට හැකි ගහක ඵලයක් විනා හිතේ හැටියට ඒවාට වග කියන්නට
නොහැකි විය. එවන් වූ අවස්ථාවක් ලැබුණා නම් ඒ ඉරිදාටය. දහම් පාසල තිබුණේ ගමේ
පාසලේය. ඉස්කෝල වත්තේ හෝ ඒ අහල පහලක වත්
ගඩා ගෙඩියක් දකින්නට නොවූවේ ඉස්කෝලෙ යන අප වැනිම කොල්ලන්ට කුරුට්ටන්ට පිං සිද්ධ
වන්නටය. එහෙත් දහම් පාසල් ඇරි අප ගෙදර යන අතර මග විසල් ලදු කැලෑවක් හමුවේ. මේ
පාරෙන් යන්නට සිටින්නේ අප පමණි. එබැවින් මග දෙපස අපට කඩා ගන්නට වෙරළු දමුණ හෝ
එරමිණියා ඇති පදම් තිබේ. දමුණ කඩන්නට අපට
ගස් නගින්නට අපහසු බැවින් වෙරළු හෝ එරමිණියා අපේ ප්‍රධානම ආහාරයන් වී තිබිණ. නංගීද
මමද තිළිණියා බණ්ඩාරෙ සුජීවා( මේ අය ගැන මුල් කොටස් වලින් මා පවසා ඇත.) අපේ නඩයේ
වෙයි. වැඩුමලා මමය. මමද බණ්ඩාරේද වෙරළු කඩාගෙන එනතෙක් කෙල්ලන් එරමිණියා කඩයි. අපිව
හොයන්නට එන කෙනෙක් නැත. එබැවින් දහම් පාසල් ඇරීත් පැයක් දෙකක් යනතෙක් නිදහසේ ගඩා ගෙඩි සොයන්නට අපිට නිදහස තිබේ. තද දම්පාටින්
ඉදෙන එරමිණියා කඩන්නට ඇත්තේ තරගයකි. බොහෝ විට එරමිණියා අතු කිනිති පිටින් කඩා
ගන්නා අප නිවෙසට යනතෙක්ම ඒවා හපමින් යන්නෙමු. එහෙත් වෙරළු හෝ දමුණ සමව
බෙදාගන්නෙමු. අපට කවදාවත් ඒවා සදහා රණ්ඩු
වීමට අවශ්‍ය නොවින.
කොහිකිරිල්ල
ගාල් ඇති තරම් තිබුණද ඒවායේ ඵලදාව අපේ අවශ්‍යතා පිරිමහන්නට ප්‍රමාණවත් නොවීය. ඒවා
කන්නටම නොව බට තුවක්කුවේ උණ්ඩ ලෙස යොදාගැනීම නිසා
කොහිකිරිල්ල පැසෙන පමාවෙන් ඒවා අවසාන වේ.
ඇඹිල්ල ඕන තරම් තිබුණද කඩන්නට
අපහසුය. නමුත් මේ කුඩා කුඩා ඇඹුල් රස ගෙඩි
වලට හොද ඉල්ලුමක් තිබිණ. එබැවින් එරමිණියා කඩනවා සේම ඉවසිල්ලකින් පැය ගණන් ඇඹිල්ල
කඩන්නට අප පුරුදු වී සිටියෙමු. එසේම
ඇඹිල්ල දං කාල වලට අප අතර රණ්ඩු ද බහුල විය. එහෙත් උදෑසන රණ්ඩුවන උං සවසට කාවාඩි ගසන්නට හෝ
හැංගි මුත්තන් කරන්නට දෙගස් ගසන්නට එන්නේ
කිසිම පැකිලීමකින් තොරවය. අපට කිසි දෙයක් දිග්ගස්සාගන්නට අවශ්‍ය නොවිණ. අප සිටියේ
අපේම රාමුවකය. වත්ත පුරා කරක් ගසා කොහෙන්
හෝ දං ගෙඩි කිපයක් හොයා කටේ දමාගන්නා අප කට සම්පූර්ණයෙන්ම දම් පැහැ වන තෙක් දං
කන්නට ප්‍රිය කළෙමු. එහෙත් අපේ අවාසනාවට වත්තේ දං තිබුණේ සුළු වශයෙනි. පසු කලෙක මා
දං කන්නට අවස්ථාවක් ලැබුනද ඒවා දං තරං රසයෙන් තොරය.
සියඹලා හැදෙන
කාලයට සියඹලා පොල්කට්ටක දමා ලුණු හා කොච්චි දමා ඇති තරම් කා කට හම ගසාගන්නා අප අඹ
හැදෙන කාලයට අඹ තලා කන්නෙමු. නැතහොත් අඹ තීරු තීරු වලට කපා මිරිස් හා ලුණු දමා
කන්නෙමු. බොහෝ විට මේ ක්‍රියාදාමයන් නවතින්නෙ වැඩිහිටයන්නේ ගෝරනාඩුවක් නිසා හෝ
අධික ලෙස ලුණු හා ඇඹුල් ආමාශ ගතවූ පසු ඇති වල තිබහ නිසා වතුර බොන්නට ගොස් සිදුවන අබග්ගයක්
නිසාය. (දන්නව ඇති නෙව මක්ක ගැනද මේ කියන්නෙ කියල) ජම්බු ද ගස් වලට නැග නිකංම
කනවාට වඩා ගෙදර ගෙනවිත් ලුණු මිරිස් හා කලවම් කර කන්නට අප ප්‍රිය කළෙමු. අනෝදා හෝ
වැලි අනෝදා අප කනවාට වඩා ගෙදර ගෙනවිත් දෙන්නේ අධික ලෙස පැණි රස ඒවා කන්නට අපේ
දිවවල් නොනැවුණ හන්දාම වෙන්නට ඇත. එහෙත් කන්නට පේර ගෙඩියක් වත් නැති කල ඕන දෙයක්
කන අපට මේවායේ පැණි රස නොදැනීමද අරුමයකි.
බිං පොල්ද අපේ
අවධානය අඩුවැඩිව දිනාගත් ගඩා ගෙඩි වර්ගයකි
එහෙත් පොළව මට්ටමේ වැලි තවරාගෙන හැදෙන මේවා කන්නට අපේ එතරම් කැමැත්තක්
නොවීය. මන්ද අතට අහු වෙන දේ එහෙම්ම කටට දමාගන්නට පුරුදුව සිටි අපට වැලි හැපීම ප්‍රිය
උපදවන්නක් නොවූ නිසාය. බිං පොල් කීවාට
මේවා වැඩිපුරම හැදුනේ රබර් වතු පුරාය. හපන්නට දෙයක් හොයාගන්නටම නැති කල කන්නට
පුරුදුව සිටි මේවායේ රසක් නැති යැයි කියන්නට කොහෙත්ම නොහැක. මන්ද සෑම පළතුරකටම
ඒවාටම ආවේණික මිහිරි රසයක් තිබෙන හන්දාය.
අපේ කැමට මේ
කිසිත් නැති බව දැණුන කල අප ගෙය පිටි පස්සේ අයාලයේ හැදී තිබූ රාජාල උගුල්ලා
කුඩා මුට්ටියක දමා තම්බා පොල් කැබලි සමග කන්නට පුරුදුව සිටියෙමු. තොපිට බඩේ
අමාරුව හදෝගෙන වරෙව්කො යනුවෙන් වැඩිහිටියන් නිතර ගෝළුගත්තදඅපට කවදාවත් හැදුණ බඩේ
අමාරුවක් නැත. ඒ තියා අපට උණක් හෙම්බිරිස්සාවක් කැස්සක් හැදුණද ඒ අවුරුදු ගානකට
සැරයකි. කිසියම් කාරණයක් නිසා අප ප්‍රතිශක්තිය- දරා ගැනීමේ හැකියාව ඉහල මට්ටමක
තිබුණි.
අහල තියෙනවද බලන්න--
ඇයි නංගෝ මා අතහැර යන් කෝ
මා වෙලටයි යන්නේ
බාලොලියා බෝවිටියා කන්නෝ
නරක ළමෝ නංගෝ
එදා වගේ මා ඕලු නෙලාගෙන
එනවා සුදු නංගෝ
මා වෙලටයි යන්නේ
බාලොලියා බෝවිටියා කන්නෝ
නරක ළමෝ නංගෝ
එදා වගේ මා ඕලු නෙලාගෙන
එනවා සුදු නංගෝ
මට අද ඕලු එපා
බාලොලියා ද එපා අයියේ
මා ගෙදරම ඉන්නාං
බාලොලියා ද එපා අයියේ
මා ගෙදරම ඉන්නාං
ඒ බොරුවට මා විහිළු කළා නොවැ
තරහද මගෙ නංගෝ
රතට රතේ කජු පුහුලම් ඔබ දැකැ
සැඟැවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා වැඩි අය
එන්නැ මෙහෙන් නංගෝ//
තරහද මගෙ නංගෝ
රතට රතේ කජු පුහුලම් ඔබ දැකැ
සැඟැවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා වැඩි අය
එන්නැ මෙහෙන් නංගෝ//
ටික ටික සැඟැවෙනවා
එබිකම් කැරැ යනවා ආ..හා…
ඔබ දැකැ නොවැ අයියේ…
එබිකම් කැරැ යනවා ආ..හා…
ඔබ දැකැ නොවැ අයියේ…
පුහුල් හොරා නම් කරින් දැනෙන්නා කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව තොල් කළුවූයේ
කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ
යසයි යසයි නංගෝ//
සුදෝ ඔබේ දිව තොල් කළුවූයේ
කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ
යසයි යසයි නංගෝ//
එකක් කටේ වැටුණා
ටිකක් රහත් බැලුවා
ඔබගේ දත්ටික දම් පාටයි…
ටිකක් රහත් බැලුවා
ඔබගේ දත්ටික දම් පාටයි…
අහන්න කැමති නම් ගන්න මෙතනින්
මේකත් අහල තියෙනවද බලන්න....
මේ සංක්ෂිප්තව
ලියැවෙන සටහන් පෙළක් බැවින් බොහේ කාරණා හිතා මතාම මගහැර ඇත්තෙමි. ඒ කියවන්නාගේ
පසුව සදහා ය. බොහෝ අය ප්‍රමාණයෙන් දිග මෙන්ම චුවින්ගම් සටහන් වලට මනාපයක් නොදැක්වීම
හේතුවයි.
ගීත ද්වයට ස්තූතිය තඹරු බ්ලොගයට
. හි.හි... පිස්සු වැඩ... මටත් මතක් වෙනවා කොකෝවා ගාලේ අපේ අය්යා රිංගලා ඒවා කඩන් කෑවා....
ReplyDeleteපිස්සු වගේ නං තමා... හැබැයි පොඩි ලල් එකක් තිබ්බ... කොටින්ම කියනව නං ඒක ඇබ්බැහියක් වුණා...
Deleteහෙහ් හෙහ්
විස්තර මග අරින්නෙ නැතුව ලිව්ව නං තමයි අපි මනාප.ඔය පොල් වත්තෙ පැළපී එහෙමත් තියෙන්න ඇති නේද.
ReplyDeleteආයෙ මොනවද.... ඒ ගැන වෙලම ලියන්න වෙනව... ඒකයි අතඇරියෙ... හික්ස්
Deleteපැළපී කියන්නේ මොනවාද ?
Deleteපැලපි කියන්නෙ මකසි
Deleteඔය ඇහිදින්න බැවි වෙන පොල් තියෙනව නේද අන්න ඒව කාලයක් ගියාම පැලවෙන්න බලනව ඒපැලවෙදිදි අර ඇතුලෙ මදයක් හැදෙනව.... අන්න ඒ මදේට තමා පැලපි මදේකියන්නෙ... පැලපිය කියන්නෙ ළපටි පොල් පැලේට කියල කියන්නත් පුලුවං
මේවා කියවද්දී මට මතක් වෙන්නේ අපි කරපු ඔපරේසන් ගඩ ගුඩා :D, අහලා නැති සිදු බොල මේවා
ReplyDeleteගඩු ගුඩා නං අපේ අහ තිබ්බෙ නෑ සොමී.... මාත් ඔය සංදුව ඇහුවෙ මේ ළගකදි... ඉට පස්සෙ තමා මටත් ඔය මතකය ඇදිල ආවෙ... හිහි
Deleteසොඳුරු මතක.... අපූරු ලියැවිල්ලක්
ReplyDeleteඅමතක නැති මතක අමතක නොවෙන මතක...
Deleteස්තූතියි බස්සි
කෑළි වලට කඩල හරි කමක් නෑ. විස්තර මඟහරින්නැතුව ලියහන් මහී.
ReplyDeleteඋඹ ලියන ලියමනෙ කියවන්න අපහසු ගතියක් නෑ.!!
හ්ම්... මෙකෛන් හලපුව ගැන වෙනම ලියන්නංකො...
Deleteස්තූතියි මචෝ
ඉස්සර අපිත් වගකියපුවා තමයි ඔය
ReplyDeleteඅපි වෙග් උං එ්වට ෙකාච්චර මනාපද කියල තේරෙන්නෙ ඒ කාලෙ මතක් වෙද්දි නැද්ද මකසි...
Deleteහම්මේ ඒවගේ කාලයක්
මේ ගොඩක් එව්වා මම කාල නෑනේ...(((
ReplyDeleteදැං දිලිනිය මක්කද කාල නැත්තෙ...
Deleteඕනම නං එරමිනිය ඇමිල්ල වගේ දෙයක් වෙන්න ඇති... අනික්ව නංඕන තරං කාලඇති
අකුරට යනවැයි කියල
ReplyDeleteටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ල දෙන්නම්
පඳුරු අස්සෙ කුරුල්ලන්ට
ඔමරි කරනවා විතරයි
සිළිඳු ඉතින් දර කැඩුවද
මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්
ඉඳුණු කරඹ ගොඩාරියක්
මගේ ඔඩොක්කුවෙ තියනව
ටිකිරි අයියටත් දෝතක්
පුරවල දෙන්නම්
පුරවල දී තව මදි නං හිඹුටුත් දෙන්නං
නියම සිංදුවක්...ඇත්තටම ගැලපෙනම සිංදුවක්...
Deleteස්තුතියි සංචාරේ
අපිට වගකියන්න මෙච්චර ජාති තිබ්බෙනං නැහැ. අඹ, දඹ, පේර, සීනි පේර, ජෑම් පේර, තැම්බේරිය, ලොකට්, ලාඋළු, ඇඹිල්ල, නාරං, දොඩං, මොට්ටු වගේ ජාති කීපයක් තමයි තිබ්බෙ.
ReplyDeleteමට සීනි පේර නාරං වගේ ඒව මගැරිලනෙ...
Deleteඒ වුණාට මම කාලවත්නැති ඒව පරිකල්පන ඔය කාල තියෙන්නෙ...
විස්තර මග අරින්නෙ නැතුව ලියහන් සෙද්ද ..හැක් අපිත් මේ වගේ තමයි මොනවා හරි හැම වෙලේම කටේ දා ගෙන කනවා පට්ට බන් ...
ReplyDeleteජය
හිටුකො හිටුකොල ලියල දාන්න අර රවි අය්ය වගේ කියන්න යන්නෙ එකක් කියන්නෙ එකක්...
Deleteදැං වගේ අනං මනං අපිට තිබ්බෙ නෑ නෙව දොඹේ.. නැද්ද
මාහේනේ සිටියදී දං හා අැඹිල්ල කා අැත්තෙමි. දෙදාස් එකේ එහෙන් පිට ව එත්දී heart එක ගෙන එ්මට අමතක විය!
ReplyDeleteදෙදාස් එකේ එහෙන් පිට ව එත්දී heart එක ගෙන එ්මට අමතක විය////
Deleteආ හා දැං මට තේරෙනව ඇයි තනියට කෙල්ලන් ගැන හිතෙන්නෙ නැත්තෙ කියල.... හාට්එක අමතක වෙලානෙව
හෙක්හෙක්
ඇත්තටම මේ ගොඩක් පලවැල වර්ග බුක්තිවිඳීමේ අවස්ථාව මට හිමිවෙලා නෑ. ඒ ගැන මං හැමදාමත් පසු තැවෙනවා. ඇඹිල්ල ගෙඩියක්, වල් ඉඳි ගෙඩියක්, දඹ ගෙඩියක්, කෝන් ගෙඩියක් හැර වෙන එක ජාතියක්වත් අපිට හොයාගන්න තිබුනෙ නෑ.
ReplyDeleteමං දඹ කාල නෑ... මට කෝන් අමතක වෙලා... සැක්...
Deleteඇයි යකෝ ඔය පැත්තෙ පළු වීර වගේව තියෙනව නේද..
ඇයි කරඹ...
හපොයි කන්න මාරම ආසයි මතකි වෙද්දිත්... අනික්ව කාල තිබ්බත් වීර මං කාල නෑ බං
ආසයි අප්පා ඒ කාලෙට... එරමිනියා කඩන්න ගිහින් තව පොඩ්ඩෙන් මම සර්පයෙකුත් කවා කන්නව දවසක්.
ReplyDeleteඑරමිණිය ගාල් වල සර්පයො ඉන්නව නං තම...
Deleteපොළංගු වැඩිපුරම...
අනික උං හුගක් එරමිණිය වලට දශ්ට කරල තියෙනව...
දැන් ළමයින්ට ඔය අත්දැකිම් නැහැ.. මම හිතන්නේ අපේ වයස්වල සැට් එක තමයි අන්තිමටම පාරේ ක්‍රිකට් ගැහැව්වේ, ටිං කැඩුවේ බට්ටෝ පැන්නේ ගුඩු විද්දේ ලියුම් ලිව්වේ ගඩාගෙඩි කෑවේ වැවේ පැනලා පිනුවේ ගස් නැග්ගේ ගුරැවරැන්ගේ ගුටි කැවේ.
ReplyDeleteඑල ද බ්‍රා
අන්තිමට ඔය දේවල් කලා වගේ සමහර දේවල් මුලින්ම කලෙත් අපි නේද මෙන්ඩො...
Deleteහිතාගන්න බැයිද ඒ මොන වගේ ඒවද කියල.....?????????????
නැතුව.නැතුව..ලිස්ට් එකක් තියනවා බං.
Deleteහෙක් හෙක්... ඒකනෙ ඒකනෙ... ඒ ගැන බුකියෙ හරි පොස්ට් එකක් දැම්මොත් මොකද..
Deleteඅනේ අප්පේ මුන් පුංචි සන්දියේ ඉඳන්ම මහා අලුගුත්තේරු වැඩ කරපු එවුන් වගයක්ද කොහේදෝ
ReplyDeleteහාහා එහෙම කියන්නෙපා... අපි බොහොම සාමකාමී(නාස්තිකාර) ගස් යක්කු ටිකක්...
Deleteඒතරං නරක වැඩ කොරේ නැතිව... ඉදල හිටල ගඩා ගෙඩියක් කෑව ඇරෙන්න..
හෙක් හෙක්
හිහික්
කොටස් වලට කඩා හෝ චුයිංගම් කෑලිම ලියනවා නං අගනේ යැයි යෝජනා කොලමි!
ReplyDelete^_^
හෙක් හෙක් ස්තූතියි සහන් අය්ය... මං තවත් මේ ගැල දෙයක් තියනව ලියන්නංකො...
Deleteස්තූතියි මේ පැත්තෙ ඇවිත් මාව අගය කරනවට
ඇඹිල්ල ගහක් අපේ ගෙදරත් තියෙනවා.. දං ,එරමිනියා, කන්න නම් ගමටම යන්න ඕනේ..
ReplyDeleteසොඳුරු මතකයක්..
එරමිනිය වලට වඩා දං ඇඹිල්ල හොදයි නැද්ද හා...
Deleteඅපි හැමෝටම තිබ්බ කාලයක්...
ඉස්කෝලේ අලුතින් හිටෝපු පොල් පැල ඉක්මනටම මැරුනේ ඇයි කියලා දන්නේ අපි තුන්දෙනක් විතරයි.. ඒ පොඩි කාලෙට මාව ගියා මහෙෂ්... අගේ ඇති සටහනක්...
ReplyDeleteජ ය වේ වා !!!
ඉස්තෝලෙ අපේ තිබ්බෙ අලි පේර ගහකුයි වෙරළු ගස් කීපයකුයි නෙල්ලි බිලිං ගස් කිපයකුයි විතරයි... අලිපේර වලට සර්ල මැඩම්ල දිට්ටි ලාගෙන ඉද්දි එක පාරටම ඒව අතුැරුදහන් වෙලවලු ඈ...
Deleteහෙක් හෙක්... දුක හිතෙනවඅප්ප එතකොට එයාලගෙ මූණු දැක්කම... හික් හික්...
ජයවේවා
ඔය ගඩාගෙඩි කෑම ගැන හුඟක් වර්ණනා තියෙන්නේ සිංහල කතා පොත්වලයි. මහේෂ් කියන හැම පළතුරක්ම වගේ මමත් කාලා තියෙනවා. නමුත් ඔය තරම්ම නිදහසේ නෙවෙයි. පොත්වල විස්තර වෙන සමහර පළතුරු ආගන්තුක වගේ දැනෙන්නේ එක්කෝ ඒවා පළාතට ආවේනික වීම වෙන්න පුලුවන් නිසායි නැතිනම් ඒවට කියන නම ප්‍රදේශයට ආවේනික වෙන්න පුලුවන් නිසායි වෙන්න ඕනේ.
ReplyDeleteපොත්වල විස්තර වෙන සමහර පළතුරු ආගන්තුක වගේ දැනෙන්නේ එක්කෝ ඒවා පළාතට ආවේනික වීම වෙන්න පුලුවන් නිසායි නැතිනම් ඒවට කියන නම ප්‍රදේශයට ආවේනික වෙන්න පුලුවන් නිසා///
Deleteබොහෝ දුරට මේක තමා කාරණය...
උදාහරණයක් විදියට අපි ජම්බු කියල කියද්දි උඩරට සමාර අය ඒවට දඹ කියල කියනව... සමහර පැති වලම කියන්නෙ දඹ කියල...
මේ වගේ තවත් ඒව තියෙනව ඒත් දැං නං මතක නෑ...
අපිට මේව කන්න ගොඩක් නිදහසක් ලැබුනෙ අපි හිටපු විදිහ හා ඒ පරිසරයහින්ද වෙන්න ඇති හෙන්රි අය්යෙ.............
හම්මේ.. ඔය ගස් ගල් අස්සෙ ගෙවපු කාලෙ මරු අප්පා. දැන් හැදෙන උන්ට කොහෙද එහෙම කාලයක් එන්නෙ. එරමිනි ගාල් අස්සෙ ගිහින් එලියට එනකොට අතපය දනව සීරිලා. ඒවගේද රස. දැන්නම් ටවුන් එකේ කොටු වෙලා දුක් විදිනව
ReplyDeleteදැන්නම් ටවුන් එකේ කොටු වෙලා දුක් විදිනව///
Deleteඒකටත් එක්ක මම තාම ඇඹිල්ල ගාල් අස්සෙ එරමිණිය අකුල් අස්සෙ දමුණගස් උඩ...
හෙක් හෙක්....
දැන් හැදෙන උන්ට කොහෙද එහෙම කාලයක්///
මේකට නං මේ සම්බන්ධව එකගයි
.
හප්පා මෙහෙමත් කෑමක්...හොඳටම පරක්කු උනා නේ කමෙන්ට් කරන්න. වැඩ ගොඩ වෙලා නිසා කියවන්නවත් වෙලාවක් නෑ
ReplyDeleteපරක්කු වුණත් ඇවිත් යනවනෙ... ඒක මට හයියක්...
Deleteපුලුවං වෙලාවට හරි ඇවිත් යනවට ගොඩක් ස්තූතිය...
ජයවේවා
මහ ඇඹිල්ල කියන්නෙ මොනවටද
Deleteබඩජහරියොම තමා :) සමහර ජාති මන් කාලා නැතෝ
ReplyDeleteසමහර ජාති මන් කාලා නැතෝ///
Deleteඔය දෙවනි පාරට ඕක ඇහුවෙ...
පොඩි උං එහෙම තමා අනේ...
දැං ලොකු වුනාට
හෙක් හෙක්...
ජයවේවා...........