Thursday, August 28, 2014

ආධුනිකයා- 02

රඹෑව.. ගෝනගම්පිටිය... මගුලයි... වේ බිල ඒ රෙද්ද හදන්නත් එපැයි... මොකාද දන්නෑ කොන්දොස්තර කම ලේසී කියපු පෙරේතය..
හය.. විස්ස.. කීයද විසි හයයි... හතලිස් පහයි.......................................එකසිය අසූ අටයි .......................................... හයසිය පනහයි.... මේ කීයද.... පනස් හතද.. තිස්හතද... මොන මගුලක් ලියලද මංද... ඉදකිං ඒක හරියට ලියාගන්න බෑනෙ... තිස්සත වෙන්නැ....

                                                        ******************

Monday, August 25, 2014

ස්මරණ 11- අපේ කිරිකොට් ii (බෝලේ...... පෙප්සි බෝලේ....)

                                                                  බෝලෙට බෑට්(????) එකෙන් පත බෑ කළ එය ගසක රැදුණු විට හෝ ඇළට වැඩී පහලට ගසාගෙන යන විටක හෝ යළි බෝලය පිටියට රැගෙන එන තෙක් ලකුණු සදහා කකුල් කඩා ගෙන දිවූ දිවිල්ල පාසලේදී සිදුනොවීය.  නමුත් ඊට වඩා වෙනස්  නීති  රීති හා වෙනස් ආකාර ක්‍රීඩා රටාවක් අප පාසලේ අනුගමනය කලෙමු. පාසල් විවේක වේලාවන්  සීමිත බැවින්  පිල් බෙදී ක්‍රීඩා කරන්නට තරම් හැකියාවක් අපට නොලැබුණි. එහෙත් එසේ නොකළා කියන්නටද අපට නොහැකිය.

Thursday, August 21, 2014

ආධුනිකයා.

වෙලාව හරි... යං නේද  චන්දරේ අය්ය...

හ්ම් යමං... ටිකට් ටික හරිද...

ඔව්... නැගල ඉන්න හැම කෙනාටම ටිකට් කැඩුව...

අද උඹ ගෙදර යනවද...??

ඔව් චන්දරේ අය්ය.. මාස එකාමාරක් විතරැති නෙ. තාම ගෙදර යන්න බැරිවුණා... අම්මත් ඇහුව ඇවිල්ල යන්න එන්න බැයිද කියල....

Monday, August 18, 2014

ස්මරණ 10 - සුද්දන් කිරිකට් ගසද්දී අප ක්‍රිකට් ක්‍රීඩා කළෙමු.

                                                                           "මෙලොව වාසය කරන සියල්ලෝම යමක් බලාපොරොත්තු වෙති. නමුත් සෑම දෙනාටම ඔවුන් ප්‍රාර්ථනා කරන ආකාරයේ දේවල්ම හමු නොවෙති. ඔබට අවශ්‍ය නිවෙසක් නම් ඔබට ඉඩමක් ලැබී යා හැක. තවකෙකුට ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරයේ වස්තුවක් ලැබී යා හැක. අපට අවශ්‍ය කාර්යය අපට ලැබෙන දේ අනුව ඉටුකර ගැනීමට අපි උත්සාහවන්තයන් විය යුතුය. සමහරුන් බලාපොරොත්තු වෙති. ප්‍රාර්ථනා කරති. නමුත් වෙහෙස වී ඒ සදහා වැඩ නොකරති. නැතහොත් තමුන්ට ලැබෙන දේ කපා ඔප මට්ටම් කර ගැනීමට නොසිතා එය ප්‍රතික්ෂේප කරති. දෛවය අප බලාපොරොත්තු වූ දේම අපට ලබා නොදෙයි. අපට ලැබෙන දේ අනුව පිරිමසාගැනීම ට අප උවමනාවන් එමගින් ඉටු කරගැනීමට අප ප්‍රඥාවන්ත විය යුතුය. ඉලක්කය සාක්ෂාත්  වන්නේත් අපට අවශ්‍ය ආකාරයටම අප කාර්යය නිම වන්නේත් එහි වටිනාකමක් අපට දැනෙන්නේත් එවිටය. සරලය. නමුත් ගැඹුරුය. තේරුම් ගැනීම අත්‍යාවශය ය."

Thursday, August 14, 2014

කවියක් නැති කවි හිතක්...

උඹට කියන්නට බැරිව
ඉතුරු වුණ කවියක්
තියනවා තවම හිත කොණක
අකුරක් උඩ වැතිරෙන දිනය හිත හිත...

Monday, August 11, 2014

ස්මරණ-09- රබර් ගලවා සරුංගල් යැවීම.

                                                                      හැම කෙනාටම අනෙක් අයට කියන්නට කතාවක් තිබේ. සමහරුන් එය අන්‍යන්ට කියනා අතර සමහරුන් නිහඩව සිටී. මේ දෙවර්ගයේම අය තවත් කෙනෙක් කතාවක් කියද්දී අසා සිටිති. නැතහොත් තමන්නේ වාරය එනතෙක් ඉවසිලිමත් ව ද නොයිවසිලිමත් ව ද බලා හිදිති. එහෙත් කිසිවෙක්ට වත්  තමන්නේ කතාව පිළිවෙලකට ගලපා පැවසිය නොහැක. එසේ හැකි වුවද අවකාශයක් නැත. එකිනෙකට එකක් සම්බන්ධ සිද්ධි දාමයන් ඔවුන්ව පටලවති. ඉවසීම මනා සේ පුරුදු පුහුණු කළ තැනැත්තාට වුව මේ දුෂ්කර කාර්යයක් විය හැක. ජීවිතය පැටළුණ නූල් බෝලයකි. එහි එක් කෙළවරක් කිසිවකුගේ හස්තයේ ඇත. අනෙක් කෙළවර ඉන්නේ ඔබය මමය. පාලනය වන්නා හා පාලනය කරන්නා අතර සබදතාව රැකෙන්නේ ඒ අතර ඇති නූලෙනි. එය බිදී ගියහොත්...????? හරියට සරුංගලයක් මෙනි.

Friday, August 8, 2014

කන්‍යාවිය මමයි රීකන්ඩිෂන් කළ

බැලුවා පත්තරේ අම්මා තාත්තා
  තෝරා බැලුවේ නම් ලොකු තාත්තා 
කරකාරයට මා සරණට දෙන්න සිතා 
ජයට මගුල් මම හිටියේ නොකර කතා ..

Tuesday, August 5, 2014

ඔබේ ජංගම දුරකථනය සදහා හොදම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් කීපයක්... The Best Android apps for your Mobile

                                                                      හප්පේ...... ෆෝන් කට්ටක් එක්ක ඔට්ටු වෙවී ඉදල මම වින්ද දුකක්.. රූට්(Root) කරනව කියනෙක මෙච්චර අවුල්ද අය්යෝ... ඒත් තාම රූට් කරගන්නත් බැරි වුණා. කොච්චර ෂෝක්ද නේ... මේ පාර ස්මරණ නොලිය ඒකට ඔට්ටු වෙවී හිටිය. මොනා කරන්නද නේද... ඒ අව්වස්සෙ කොහොම හරි පෝස්ටුවක් කොටන්න කියල තමා මේ ට්‍රයි එක... අද නං අවන්හලෙන් දෙන්නෙ කතාවක් වත් කවියක් වත් වෙන දෙයක් වත් නෙවෙයි.. හුදී ජන හිතසුව තකා ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන රසික සහෘද ජනතාවට වැදගත්ම වෙන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්  (Android app)කීපයක්... ඒ වගේම මේ සියළුම ඇන්ඩ්‍රොයිඩ් යෙදුම් මම පාවිච්චි කරල සහ දැනටත් මම පාවිච්චි කරන ඇන්ඩ්‍රොයිඩ් යෙදුම්. ඒ හන්ද මේ එකක් වත් වෛරස් හෝ නුවුමනා යෙදුම්(Unwanted Apps) නොවන බව කියන්න ඕන.