Showing posts with label පාට නැති ජීවිත. Show all posts
Showing posts with label පාට නැති ජීවිත. Show all posts

Saturday, August 17, 2024

පා ගමන් වන්දනාව, දන්සැල්, ඇබ්බැහිකම් සහ නොහොබිනාකම්.

        

ඉටිපහන් දැල්වීම පිණිස

ඒ.
. මගේසා.. මගේසා.. අංගේ.. අංගේ .. අර.. අර නඩන්ද වාර ආකල්.. (පයින් එන අය) අපේ රියදුරා පෙන්නුවෙ අපහසුවෙන් වගේ ඇවිදන් එන කිහිප දෙනෙක්. පාවහන් නැතිව රිටක වාරුවක් විතරක් අතේ තියාගෙන, සියලු බඩු බර බැක් පැකයකට භාර දීල ඒ බරිනුත් හෙම්බත් වෙලා කොරගහමින් වගේ බොහොම වෙහෙසට පත් වුණ මුහුණින්, ඒත් සිනහවෙමින් හරියට රටක් රාජ්ජයක් දිනුව වගේ, සතුටින් සුරුවම දිහාට ඇදෙන අය දිහාවෙ බලපු මට ඒ මිනිස්සු ගැන ඇතිවුණේ ගෞරවයක්.

Tuesday, August 13, 2024

වෙහෙස නිවන දේශීය ඖෂධ, කටගැස්මට මාලු සහ අතිහිතේෂීවන්තයෝ

   

මරඳ මඩු සිද්ධස්ථානය

මේ
දවස් ටිකේම අපි ඉන්නෙ මඩු සිද්ධස්ථානයෙ තාවකාලික නවාතැනක. හරි විදිහට කියනව නං තාවකාලික කාර්යාලයක. අවුරුද්දෙ අනිත් දවස් වල මන්නාරම ඉදන් අපේ රාජකාරි කරන අපි මන්නාරම කාර්යාලය එක් නිලධාරියෙක් ට පමණක් සීමා කරල මඩු සිද්ධස්ථාන භූමිය වෙත විතැන් වෙලා ඉන්නෙ. හරි විදිහට බැලුවොත් මන්නාරම කාර්යාලයෙ එදිනෙදා රාජකාරි නිසි පරිදි සිද්ධ විය යුතු වුණත් නිලධාරීන් ගේ හිඟය නිසා වඩාත් වැදගත් සහ අත්‍යාවශ්‍ය ලෙස සලකලා මඩු සිද්ධස්ථාන භූමිය වෙත පැමිණිලා අපේ රාජකාරි සිද්ධ කරනව. (මඩු භූමියේ කටයුතු ගැන වෙනම ලිවිය යුත්තක් සහ මේ වගේ දුවන ගිරි සටහනකින් එය කළ නොහැකි නිසා ඒ ගැන පසුවට)

Saturday, October 28, 2023

කොල්ලා - Finally, The Worm Turns

          


             වැස්ස වහින්නට ඔන්න මෙන්න තිබියදී කඩයට ගොඩවුණා විතරය. ඔළුවට උඩිං ටක ටක ගා කැරකෙන ලොට ‌ෆෑන් කටුව කැරකුණේ හුළං ඕන නං සල්ලි දීපං කියන්නා සේ ය. හරියට කඩේ මුදලාලි වගේය. මුදලාලිත් ඉන්නේය. ඇති වැඩකුත් නැත්තේය. නැති වැඩකුත් නැත්තේය. මුදලාලි ඇතුවත් බැරිය. නැතත් අවුලක් නැත. ෆෑන් එකත් ඒ වගේය. මේ අංග දෙක හෝටලයට නොතිබුණා කියා වෙනසක් වන්නේත් නැති බව නම් විශ්වාසය. වැස්ස හින්දා ද කොහෙදෝ කඩේ ඇතුලේ තිබුණේ අමුතු උෂ්ණයකි. එළියේ සිසිලසක් රැදුණාට හෝටලය ඇතුලට එන්නට බැරිවා වාගේය. නැතිනම් කැමති නැතිවා වාගේය.

Saturday, October 14, 2023

ලොරියක්, උන්මත්තකයෙක් සහ පඹයෙක්

             


         ඒ වෙලාවේ වෙලාව හවස පහට විතර ඇති.  මම  වැඩ ඇරිලා ගෙදර යන්න බස් එකක් එනකන් බස් හෝල්ට් එකට වෙලා බලාගෙන හිටියෙ.  එතකොටම තමයි මම ඒ මනුස්සයව දැක්කේ.   හොඳට දැකලා පුරුදු මූණක් කියලා මට දැක්ක ගමන්ම හිතුනා. ඒත් මම එක පාරටම නිගමනයකට එළඹෙන්න හදිස්සි නොවී නිවිහැනහිල්ලේ වුණත් බොහොම කුතුහලයකින් ඒ මූණෙ අයිතිකාරයා දිහා බලාගෙන කල්පනා කළේ මේ කවුරු වෙන්න පුළුවන්ද කවද්ද මම මේ මනුස්සයාව දැක්කේ කියන එක ගැන.  පාර යන එන මිනිස්සු දිහා බල  බල ඒ අයට අත දික් කර කර අත දික් කරන ගමන් මැණික් කටුව ලඟින් අත හොල්ලමින්  අසරණ බව පෙන්වන ගමනක යෙදී හිටපු ඒ මුහුණුවර මට අමතක වෙන්න විදිහක් නෑ. එතකොටම තමයි මට ඒ මූණෙ අයිති කාරයා මතක් උනේ හරියටම කිව්වොත් කවුද ඒ වයසක මනුස්සයා කියලා අඳුර ගත්තේ. 

Monday, July 6, 2020

සාගින්න

               ඒ බස් නැවතුම ළඟ වූයේ  මාර  ගසක් පමණි.  කිනම් හෝ හේතුවක් නිසා දින ගණනාවක් තිස්සේ මුළු නගරයම පාළුවට ගිහිල්ලා ය. ඉඳහිට වාහනයක් දෙකක් යනවා ඇසුණත් ඔහු ඒ පිළිබඳ විපරම් කරන්නට නොගියේ ආණ්ඩුවේ මහත්තුරුන්ගේ ගුටියට බය හින්දාය.

Thursday, October 22, 2015

දෙකේ වඩේ අංකල් ගේ වඩය, මාකටින් සහ අපි..

                                                  වඩේ අංකල් හිටියේ(???) පොල්ගහවෙලය. එන් එස් බී බැංකුව ළගය. මෙයා ගැන නොදන්න කෙනෙක් පොල්ගහවෙල අහල ගං හතක වත් ඇතැයි හිතන්නට අමාරුය. ඒ තරං ෆේමස්ය. උන්නැහේගෙන් වඩයක් කෑවා හෝ නොකෑවා වෙන්නට පුලුවන. නමුත් මෙහෙම හාදයෙක් අසුවල් තැන අසුවල් වෙලාවට ඉන්නවා යැයි ඕනෑම කෙනෙක් දනී. හෙතෙම සුදුවුණ කටු රැවුලකින් ද නිතර හිනාවෙන මුත් හිනා නොවෙන මූණකින්ද , මදක් කළු සමක් ඇති, නිතරම නිල්පාට කොටු සරමක් හා සුදට  හුරු ෂර්ට් එකක් හදින මුස්ලිම් අයෙක් වුව හොදින් සිංහල කතා කල හැකි අපූරු මිනිසෙකි.