වැව් බැම්ම
මතින් දිවෙන මාවතේ අතුරල තිබ්බ සිමෙන්ති වලින් තනාපු කැට වල යම් තරමක සිතල තෙත්
ගතියක් දැවටිලා තිබ්බ. ඒ උදේ වරුවම පිරිල තියෙන සීතල ගතිය හින්ද වෙන්න ඇති. ඉර
එළියත් වෙනදට වඩා සෞම්‍ය විදියට ඔහුට දැනුණෙ.
ව්‍යායාම් මංතීරුවක් විදියට සකස් කරල තිබුණ ඒ
මාවතේ එක් තැනෙක ඔහු බොහොම සාමාන්‍ය විදියට වාඩි වෙලා හිටියෙ ඒ වෙන කොටත් තැනින්
තැන පිහිටුවල තිබුණ බංකු වල වාඩි වි තමන්ගේ ම ලෝක වල සිටින පෙම්වතුන් ගැන
සැලකිල්ලකින් තොරව. තවත් මොහොතකින් තමන් වගේම මාවත දෙපැත්තෙ වාඩිලාගත්ත පෙම්වතුන් ගෙන්
මං තීරුව දෙපස පිරෙන වග ඔහු අත්දැකීමෙන් දැනගෙන හිටිය. වෙනසකට තිබුණෙ ඔහු තනිකඩයෙක්
වීම පමණයි. සමහර විට ඒ
තව මොහොතකට පමණක්
විතරයි.. ඒ හැගීම ඔහුව තෘප්තිමත් සිතුවිල්ලකින් පුරවා හැරිය. ඔහු උන්නෙ වැව් තලය
දිහාවෙම බලාගෙන. විටින් විට ඉල්පෙන, කැළතෙන, රැලි සරැළි නංවන වැව් දිය දිහාවෙම
බලාගෙන. අනිමිස ලෝචනයක හිරවෙමින්, ගැස්සි ගැස්සි, විටින් විට බඩ පපුව දාල යන
බයකුත් එක්ක. ඇත්තටම ඒ බයක්ම නෙවෙයි.. මද කෝල ගතියක්.. හා හා පුරා කියල වැව්
දියෙන් උඩට ඉල්පිල වැවේ සිහින් රැළි එක්ක ඒ මේ අත පැද්දෙන නෙළුම් මල වගේ ඔහුත්
උන්නෙ එකෙළ මෙකෙළ වෙමින්. අද ඔහු හිතං ඉන්නෙ ඇයට තමන්නෙ හිතේ මේ වැව තරම්ම ඈ
වෙනුවෙන් පිරිල තියෙන ආදරේ ගැන කියන්න.