මේනකා මට මතකයි උඹෙ හිනාව
තනිය ඇවිදින් හොරකං කරන් ගිය
තනිය ඇවිදින් හොරකං කරන් ගිය
මම නැතත් ළඟ අපෙ සුවඳ සවියට ඉන්නැතී
සඳ තුරුළු කර නුඹ සුවෙන් නින්දේ ඉන්නැතී
මා නොමැති බව කේලමක් කියලා වෙන්නැතී
තනිය ඇවිදින් වී අටුව හෙව්වා වෙන්නැතී
සඳ තුරුළු කර නුඹ සුවෙන් නින්දේ ඉන්නැතී
මා නොමැති බව කේලමක් කියලා වෙන්නැතී
තනිය ඇවිදින් වී අටුව හෙව්වා වෙන්නැතී
පහුනු කන්නේ හේන පැත්තේ නොගිය එක දවසක
අනාරාධිතවම ඇවිත් තිබුණා තුන් දෙනෙක් කුඹුරට
වියැට ගෙඩියක් වත් නොම තියා බරු ගසා යායම
අටුව හිස් තිබ්බෙ ඒ හින්දමයි නොවෙයි වෙන තරහට...
අනාරාධිතවම ඇවිත් තිබුණා තුන් දෙනෙක් කුඹුරට
වියැට ගෙඩියක් වත් නොම තියා බරු ගසා යායම
අටුව හිස් තිබ්බෙ ඒ හින්දමයි නොවෙයි වෙන තරහට...
මේනකා මගෙ මායියා උන්දැ උන්නේ කිරි බරින්
ඈට විතරක් වී ටිකක් කෙටෙව්වා ණය බරින්
කියන්නට අමතක වුණා යැයි මා එක්ක විරසකෙන්
ඇයිද තනියෝ බින්දෙ ගේ උඹ මගෙ හුස්ම උදුරන්
ඈට විතරක් වී ටිකක් කෙටෙව්වා ණය බරින්
කියන්නට අමතක වුණා යැයි මා එක්ක විරසකෙන්
ඇයිද තනියෝ බින්දෙ ගේ උඹ මගෙ හුස්ම උදුරන්
මුදුන් යට ලීය ඇගෙ බද සිපගන්න ඇති ආදරෙන්
තුන්හිතක වත් නොම තියෙන්නැති ගන්න පණ උදුරන්
ඒ වුණත් මොන මොනවා වී දැයි දන්නෙ නෑ ඉතකින්
සඳ තබා තනියට ඇය නික්ම ගොස් තිබුණ ඒ විගසින්...
තුන්හිතක වත් නොම තියෙන්නැති ගන්න පණ උදුරන්
ඒ වුණත් මොන මොනවා වී දැයි දන්නෙ නෑ ඉතකින්
සඳ තබා තනියට ඇය නික්ම ගොස් තිබුණ ඒ විගසින්...
ප.ලි. --- මේ කවිය ලීවෙ පොඩි කතාවක් ලියන ගමන්. ඇත්තටම ඒකට පූර්විකාවක් වගෙයි මේක. ඒත එහෙම නොවෙන වගත් මේක නිකංම inspired කවියක් බවත් සලකන්න. බ්ලොග් එකට නොදාන්න හිටියත් මේ උණ විකාරෙන් තව දවස් කීයක් ඉන්න වෙයිද දන්නෑ කියල හිතුණ හන්ද ජංගමෙන් ඇවිත් අතාරිනව.
නාක නෑ... නියමයි මහියෝ
ReplyDeleteහම්මේ ශානු අක්ක වෙල්කං බැක් කීව ඇ...
Deleteස්තූතියි ස්තූතියි බොහොම ස්තූතියි....
බොහොම සංවේදියි! වල් අලියෙක්ගෙ රූපයක් දාපං.
ReplyDeleteවල් අලි කියල ජාතියක් නැ කියන්නෙ බං
Deleteහෙව්ව හෙව්ව හම්බුනේ නැනෙ
පංසල් අලි නං ඉන්නව හැක්
කොහොමත් දැන් ඉන්නේ "වන" අලිනේ හිටං.
Deleteමූ හොඳද බලපං.
Deletehttp://www.reuters.com/article/2008/03/20/us-srilanka-war-elephants-idUSCOL19752420080320
මනෝජ් ඉදල හිටල "වණ" අලිත් ඉන්නව "ලු"හොදේ...
Deleteමදාවී ස්තූතියි මචෝ... ආයෙ එඩිට් කරනවද කියල මේ කල්පනා කොලේ... බෑත් වගේ... හිහි
ස්තූතියි කෝම වුණත් මං වෙනුවෙන් මහන්සි වුණාට
මෙවන් ජීවිතත් අප සමාජයේ ජීවත් වෙයි
ReplyDeleteයැස්... ඇන් දිසිස් අ ටෘෘ ඉට්ටෝරි
Deletehmmm... වන අලින්ට වල් අලි කියන්න එපා කිව්වම ප්‍රශ්නේ විසඳෙයි කියලයි මම හිතුවේ
ReplyDeleteමේ ඊට කලිං කතාවක් අඩුම අවුරුදු විස්සකට පරන කතාවක්
Deleteඒ දවස් වල වන අලි නෑ වල්ලලි හිටියෙ හිහි
හිතට බරට තදට දැනෙනවා කතාවත් ඉක්මනින් දැම්මමා නම් .....
ReplyDeleteකතාවත් දානව මචෝ හුග දවසකින් උඹව දැක්කෙ
Deleteස්තූතියි ඈ
හිතට බරට තදට දැනෙනවා කතාවත් ඉක්මනින් දැම්මමා නම් .....
ReplyDeleteමොකද බොල මේ
Deleteඩබල් ඩ්‍රෑම් ගැහුවද
කතාවත් ලියපන්
ReplyDeleteලියමි.. ටික දවසකින් පබ්ලිෂ් කරමි
Deleteස්තූතියි මෙන්ඩො
සංවේදී රූප පේලියක් මැවුනා...
ReplyDeleteසමාන්තර සිතුවිලි තියෙනව එහෙනං හිහි
Deleteපූර්විකාව මෙහෙමනම් කතාවත් සුපිර්වෙයිනේ මචෝ ..........
ReplyDeleteමම සත්‍යම සංවේදි සිදුවීමක් ලියන්න කියලා හිටියත් කාලය මදි....
Deleteමට වෙලාව මදි වුනොත් මම ඒක උඹට කෙටියෙන් මේල් කරන්නම්..
කතාව ගැන නං තාම මං මොනවත් කියන්නෙ නැ.. හිහි
Deleteමේල් එක ඉක්මණට දාහන් බලන්න සමහර විට මොකක් හරි ගැටයක් ගහන්නතු පුලුවං වෙයි හිහි
අැත්තට ම මාර මාතෘකාවක්..... දෙපැත්තම හරි කතාවක්..... ඒ වගේ ම දෙපැත්තම වැරදි කතාවක්......
ReplyDeleteදෙපැත්තම හරියන්නත් දෙපැත්තම වරදින්නත් විදියක් නැ කුරුටුටො
Deleteඑහෙම හිතෙන්නෙ නැද්ද.. මේක අවුරුදු විසිගාණකට කලිං වුණ කතාවක්... ඒත් ඒ ගැන වැඩිය කියන්නෙ නැ ටිකක් ඉවසල බලන්නකො..
අර කිය්නෙ
සිදුවුණා එවිපතා නොදනිමි කාගෙ දොසා... නෙහ්
ස්තූතියි කුරුටු
ඒ සත්තුන්ට ජීවත් වෙන්න තියෙන කැලෑව මිනිස්සු අල්ලගත්තම උංට වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නෙ.
ReplyDeleteඅනේ මංද මේකෙදි කවුරු වැරදිද කියල. නමුත් වැඩි හරියක් මැරෙන්නෙ අලි තමයි.
අද වෙද්දි මැරෙන්නෙ නං අලි තමයි සමහර පිංතූර දැක්කම පව් කියල නෙවී පපුව දාල යනව...
Deleteමේ කතාවෙ හරි වැරැද්ද තීරනය කරන්න තාම කල් වැඩී ඒත් එහෙම කියල දේකුත් නැ හිහි
මේනකා මගෙ මායියා උන්දැ උන්නේ කිරි බරින්
ReplyDeleteඈට විතරක් වී ටිකක් කෙටෙව්වා ණය බරින්
කියන්නට අමතක වුණා යැයි මා එක්ක විරසකෙන්
ඇයිද තනියෝ බින්දෙ ගේ උඹ මගෙ හුස්ම උදුරන්
කදිමයි මහේෂයෝ
ජයවේවා..!
ස්තූතියි වර්ණයො
Deleteමහියෝ..කවිය ගැන කියන්න අවංකවම මට වචන නැත්තෙ පට්ට කියන වචනෙට වඩා වැඩි යමක් මගෙ ඔළුවට මේ අවස්ථාවෙ නො එන නිසායි.ඒත් ඊටවඩා ප්‍රශංසාවක් උඹට ලැබෙන්න ඕන.
ReplyDeleteඅර කියුවත් වගේ බ්ලොග් රෝලේ නම දැක්කම මම බයවුණා මම මක් කළාටද යකෝ මේ කියලා..අවහම නෙව තේරුණේ අලි හුටපටයක් කියලා..කතාවත් ලියහන්..
ස්තූතියි මචෝ මේක නිකං ලියවුන එකක් ඔහෙ දාල ඇරිය
Deleteකතාවත් ඉක්මනට කියන්නංකො ඉවසං හිටින්කො... හිහි
මඩ නේ.. මඩ... මං සාමාන්‍යෙයන් මඩ ගහනව අඩුයි හැබැයි ගහද්දිත් ලොරියක් විතර අන්ලෝඩ් කරනව හැක්
ආත්මාර්ථකාමී කතාවක් වෙන්න පුළුවන්.හැබැයි ඔය අලින්ට වඩා මිනිස් ජිවිත වටිනවා.හරියට ක්‍රියාත්මක වෙන අලි වැටවල් නැහැ.වග කිවයුතු නිලධාරීන් බිරි අලි වගේ ඉන්නවා.ජනතා නියෝජිතයෝ කියන උන් කොහොමත් සුදු අලිනේ.අසරණ මිනිස්සු අලින්ගෙන් බැට කනවා.
ReplyDeleteමිනිස් ජීවිත වටිනව ඇත්ත.. ඒත් මිනිස්සුන්ට වැඩිය අලි මැරෙනව මචෝ.. මිනිස්සු ඉක්මණට බෝවෙනව.. අලි ඉක්මණට වද වෙනව...
Deleteඒ ගැන අපි කතා නොකර ඉම්මු.. මොකද අලි සහ මිනිස්සු කියන්නෙ දෙගොල්ලක් නෙවී බං එක සමාන සත්ව කොට්ඨාශයක්
තනි අලියටත් සමහර විට මේ වගේම කතාවක් කියන්න තියනවද කියල කවුද දන්නෙ...
ReplyDeleteඇත්තමයි නේන්නම්.... ඒ සතාගෙ හිතේ තියන දුක කොයි වගේද දන්නේ නෑ ..අපි කාටවත් ඒ ගැන හිතිලම නෑනෙ ...නියමයි පරිකල්පන වෙනස්ම පැතිකඩකින් බලල
Deleteතනියට .... ඔව් තියෙන්නත් පුලුවං.. හංසිය කියන්නැහෙ ඒකත් වෙනස් පැත්තක් තමා...
Deleteහංසි... එකෙන්ම
මේ කවිය දැන් කියවන්නේ තුන්වෙනි පාරට වෙන්නැති කියවන්න කියවන්න ලස්සනයි. මහේෂ් අය්ය පහුගිය ටිකේ ලිව්ව විරහ කවි එක්ක බලද්දි මේ කවිය උඩින්ම ... ඒක නෙවේ කෝ කතාව??? ..ඉක්මනට දාන්නෝ ..............
ReplyDeleteස්තූතියි මචෝ අගය කළාට...
Deleteකවියට කතාව නං ටිකක් පරක්කුයි.. ඒත් හැකි ඉක්මණට දෙනව
ස්තූතියි ගොඩක්
දුක හිෙතන කවියක් මල්ලි. මේකෙදි දෙපැත්තම වගකියන්න ඕනි. අපි කැලැ එලි කරද්දි සත්තු අසරණ වෙනව. සත්තු ගම් වැදෙද්දි මිනිස්සු අසරණ වෙනව. මෙහෙම ඛේදවාචක කොයිතරම් ඇතිද?
ReplyDeleteමල්ලි ඒක සියුම්ව රිදෙන තැනක් බලල ගලපල. ඒක කියවන්නා තුල ශෝකයක් උපදින තරමට.
ඒත් ඔය දෙපැත්ත ගාණට බැලන්ස් කරන්න පුලුවං සුදු අලි ජාතියක් ඉන්නව නේද දිනිති අක්ක බලධාරීන් කියල... උන්නැහේල රාජකාරිය හරියට කරන්නෙ නැති එකනෙ අවුල...
Deleteස්තූතියි අක්ක.. මම මට දැනුන විදියටම තමා ගලපන්න උත්සාහ කලේ... අක්කල ඒක අගය කරනව කියන්නෙ මගෙ උත්සාහය යම් තරමක් සාර්තකයි කියල හිතෙනව..
ස්තූතියි ගොඩක්.. මාව දිරිමත් කරනවට
මේක මරේ මරු!
ReplyDelete