පහුගිය සතියෙන් මේ වගේ ඉඩ තිබ්බ දවසක් මතකවත් නෑ.
පොඩි දවස් වල බස් එකට නැග්ගේ පෝළිමේ ඉඳලාය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් කරඳඩු උස්මහත් වන විට, නැතහොත් ඉකමණින් ලොකු වන්නට වුවමනා වූ කාලයේ පෝළිමේ හිඳ බසයට නැඟීම යම් ලැජ්ජාවකට කාරණයක් වූවා මෙනි. ඊටත් ඉඳගෙන යාමට වඩා බස් එකේ හිටගෙන යාමටද, පාපුවරුවේ යාමට ද, පා පුවරුවේ යාමට බැරිනම් එතැන සිටුවා ඇති ආධාරක කණුවට හෝ හේත්තු වී යාමටද ප්‍රිය කරන කාලයකි ඒ. එහෙත් අපට ඒ අවස්ථාවන් ලැබෙනුයේ කලාතුරකිනි. අපට වඩා ලොකු අයියලා බස් එකේ ඉන්නේය. එක වරම ඒ වයසට පහළ වූවා සේ සිටින ඔවුන් අපට කුඩා හෝ අවස්ථාවක් දෙන්නට කැමති නැත. මේ හුජ්ජ කොල්ලො එනව මෙතන ෆුට් බෝඩ් යන්න. යැයි අපව පන්නා ගනී. එහෙත් කාලයක් යන විට අපිත් සුදු දිග කලිසම් අදින නාහෙට නාහන අයියලා බවට පත් විය .පෙර සිටි අයියලා අපට කල දේවල්, අපේ පසු පෙළටත් අඩු හෝ වැඩි වශයෙන් සිදු වන්නට ඇත. අද නං මතක් වන විටත් සිනහා උපදවන ඒ දවස් වල නැටූ නාඩගම් හා ඒ අනතුරුදායක හැසිරීම් වල ආසාවකට හෝ යෙදෙන්නට හිතක් නැත. ඒ එවන් අනතුරුදායක හැසිරීම් නිසා පසු ගිය කාලයේ සිදුවූ අනතුරු ගැන මාධ්‍ය හරහා දැනුවත් වීමද නැතහොත් ක්‍රමයෙන් මුහුකුරා යාම නිසාදැයි කිව නොහැකි වුවත් නිකමට හිඳගෙන මිසක් හිටගෙන වත් යාමට එතරම් කැමැත්තක් නැත.