Tuesday, September 24, 2013

පඹයාණෝ....

දන්න මගුලක් නැති
සැමට සිනහ වෙති
අනුන්ගේ කුඹුරේ
තමන්ගේ වගේ
විසි හතර පැයම

Saturday, September 21, 2013

සඳවත

පෙනෙයි දිලෙයි සඳ
අහස අරා නැගී
දැනෙයි විදිමි මම
සඳ එලිය ගතට දැනි
පෙනෙයි එසැන සඳ

Monday, September 16, 2013

අහස නුඹ..




වැස්ස වගෙයි නුඹ විටෙක
කොහේදෝ ඉද ඇවිත් හිත උඩට වැටී
හිතම දියකර දමයි
මහා ඉඩෝරයකව විටෙක
හිතම පුපුරුවා දමයි
දනිම් මම් නුඹව

සබඳ....



අමතක කර ලන්න මා
හැර යමි දැන් ඔබව
මේ සමුගැන්ම මා බිද දමනු ඇත
තෝරා ගන්න ජීවිතය
මා නොමැතිව ජීවත් වන්න
මේ සමුගැන්ම ඔබව මට අහිමි කරනු ඇත
ජීවත් වන්න මා වෙනුවෙන්
මගේ ජීවිතයම ඔබට පිරි නමමි
මෙපමනක් කියමි
මේ සමුගැන්ම ඔබව ඔසවා තබනු ඇත
දිනෙක මා වෙනුවෙන් වූ කදුළු වියැලේවි

Saturday, September 14, 2013

සසර සහ මනුසත


එක දිගට සීරුවට
පේළියට කඩිසරව
දුර ඇදෙන කුහුඹු රැළ
යනු කොයිද නොදැනගෙන
දුර ඇදෙයි දුර ඇදෙයි

Wednesday, September 11, 2013

Monday, September 9, 2013

දුක

රූප පෙට්ටියේ
වෙනදේසි වෙන
ලාබම
භාණ්ඩය...

නුඹ

හඩන්නට උන් මට
ඇගිල්ලෙන්
ඇහැට ඇන
දෙවියන් දුන්

අන්ධ සාක්ෂිය

හැමදේම හැමදාම
දකින ඇස් වලට
නොපෙනෙනා දේ බොහොයි...
අදුරෙ අතපත ගාන
එළියෙ ඇවිදන් යන

ආදරය....

''විස්වාසා පරමා ඥාතී''
අවිස්වාසය නම් පවුර බිඳ 
විස්වාසය මතින් 
ගොඩනැගෙන 
පාලමක් මතින්

Friday, September 6, 2013

අහිමි කවිය....

අකුරු වැල් අතරේ
පද පේළි අස්සේ
ඇහින්දා මං ජීවිතය
සෙව්වා නුඹෙ ආදරය......
හොයන හොයන තරමට
මගෙ හිතත් රිදෙයි හරියට
නුඹට මං ලියපු
නුඹෙන් මං අහපු

අවන්හල.....

ළිහිණියෝ අහස් කුස සරනාතරේ
ලයිට් හවුසිය මළානිකව
සැදෑ අඳුරෙහි ගිලෙනා වෙලේ
අවන්හල කොණක හිඳ
බලා හුනිමි මම
සයුර දෙස...
රැළි නගන-රැළි බි‍දෙන
පෙන පිපෙන-පෙණ බිදෙන
එහිම අනන්තයෙන් හිත බිය වදින