තීරු ලිපි එකතු කියන්නෙ මම සාමාන්‍යයෙන් කියවන ජාතියෙ පොත් නෙවෙයි. ඒකෙ තේරුම මම තීරු ලිපි වත්, තීරු ලිපි එකතු වත් නොකියවන කෙනෙක් කියල නෙවෙයි. කියෙවෙන්නෙ කලාතුරකින් වගේ තමයි. හරියට යාලුවෙක් එක්ක හවසකට පොඩියක් චිල් වෙන්න හිතුනම යාලුවගෙ බ්‍රෑන්ඩ් එකට මාරු වෙන්න ඉඩක් දෙනව වගේ. සාමාන්‍යයෙන් පත්තරයක් ගත්තම දේශපාලන ලිපි හැරුණාම අතේ රෝල් ආටිකල්ස් පවා කියවන මට තීරු ලිපි මඟ නොඇරීම තවත් හේතුවක්. විශේෂයෙන්ම මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ගෙ පැණි වළලු, මහාචාර්ය සුන්දර නිහතමානිද මැල් මහතාගෙ මානිගෙ තීරුව වගේම වෛද්‍ය බෝධිනී සමරතුංගගෙ සායනික සටහන් නොවේ කියන්නෙ එහෙම කියවපු තීරු ලිපි. ඒ අතරිනුත් පොත් හැටියට පළවුණ පැණි වළලු, සායනික සටහන් නොවේ වගේම ගයාන් අබේසිංහ ගෙ ඇස් තෙත් කළ මතක, රංජිත් කුමාර සමරකෝන්ගෙ හුස්ම ගන්න අකුරු වගේ තීරු ලිපි එකතුත් මගෙ පොත් එකතුව අතරෙ ඉන්නව.
කලාතුරකින් ස්ටවුට් ලෝලීන් හමුවෙනව වගේ වඩාත්ම හොඳ තීරු ලිපි වලට සුදුසු ලිපි බ්ලොග් අවකාශයෙ පළවුණත් බ්ලොග් අවකාශයෙන් මිදිල ඒව මුහුණු පොත වගේ ජනප්‍රිය අවකාශයකට එකතු නොවෙන්නෙ බ්ලොග්ස් වලටම ආවේණික ගති ලක්ෂණ බ්ලොග් රචකයන්ටත් තියෙන හින්ද කියල හිතෙනව. බයිට් විස්සක් තිහක් විතර වට කරන් පෙත්ත මොකද බිත්ත කැකිරියේ ටයිප් මියුසික් අස්සෙ ගල් බෝතලයක් බීල ඉවර කරනව වගේ නැතිව රෙස්ටොරන්ට් එකක අයිනෙ ටේබල් එක්ක හුළං පාරක් විඳින ගමන්, මික්ස් නට් ඩිෂ් එකක් ළඟ පාතකින් තියන් අයිස් කැටයකුත් දාපු විස්කි වීදුරුවක් සිප් කරන අතරෙ පොඩි සාද කතා ලතා වක් දානව වගේ ෆීල් එකක් බ්ලොග් වල තියෙනව කියල හිතෙනව.
බ්ලොග් අවකාශෙ වගේම මුහුණු පොතෙත් හිතවන්තියක් වෙච්ච ඩිලී පොත් කාවියගේ රෙකමදාරුවකට අනුව තමයි මට “නීල් විජේරත්නගෙ මගේ ඉරිදාව” හමුවෙන්නෙ. මීට කලින් කතුවරයාගෙ පොත් කියවල නැතත් රෙකමදාරුව විශ්වාස නිසා දෙපාරක් නොහිතාම ගත්තත්, ඒ ගත්ත එකේ පසු තැවෙන්න කිසි දෙයක් නෑ කියල හිතුණෙ පළවෙනි ලිපිය කියවල ඉවර වෙන්නත් කලිනුයි. අලුතින්ම හම්බුණ හොඳ සීතල ස්ටවුට් එකක් ඉක්මණට ඉවර වෙයි කියල බයෙන් කජු ඇටයකුත් හපන ගමන් උගුරින් උගුර රස විඳිනව වගේ ලිපියෙන් ලිපිය කියෙව්වෙ එදා මෙදා තුර පොතක් කියවන්න ගත්ත වැඩිම කාලය වැය කරමින්. පොත බිම තියන්න ලෝබ කමින්.
පිටු 258 ක රස පහකට බෙදපු “මගේ ඉරිදාව” හුඟ කාලයකින් අපූරු අත්දැකීමක් වුණේ හුඟ දවසකින් හමුවුණ සඟයෙක් එක්ක හවස් වරුවක නිවිහැනහිල්ලෙ වල් පල් ටිකක් දොඩන ගමං සීතල බීර උගුරක් ආමාශගත කරගනිද්දි දැනෙන්න ගන්න සොමි බර මත් බවක් ගත පුරා පැතිරෙනව වගේ අපූරුවක් දනවමින්.
සැරිසර නින්නාද, මඟ විසිතුරු, දැන හැඳුනුම්කම්, පතපොත ඇසුර, පන්දු පිටිය, විදිහට කොටස් පහකට බෙදල කෙටි කතා ශෛලියට හුඟක් සමීප සරල සුගම බස් වහරකින් පෙරළෙන “මගේ ඉරිදාව” අඩුත් නැති වැඩිත් නැති සන්තෘෂ්ටි දායක ආනන්ද ජනක මත් බවක් පුරවන බීර බඳුනක්. නිවි හැනහිල්ලෙ විඳින්න අවකාශයක් සපයා ගන්න පුලුවන් නම් වෙනස්ම වින්දනයක් ලබන්න පුලුවන් පොතක්.
මේ පොත කියවල ඉවර කරන්නත් කලින්ම කලේ කතුවරය ලියපු අනික් පොත් මොනවද කියල හොයල බලල ඕඩර් එකක් දාන එක. “එනවද යන්න මොහාලි” ඇර අනෙක් සංචාරාඛ්‍යාන කිහිපයම හොයපු හැම තැනකම වගේ තිබ්බ වුණත් “එනවද යන්න මොහාලි” නම් හොයාගන්නම වුණේ නැහැ. ඒ පොත් කීපයත් යථා කාලෙ තථා අයුරින් ලැබෙන්නැතැයි. එතකං “මගේ ඉරිදාවෙ” රස අතර කැලතෙනව.
කෘතිය - මගේ ඉරිදාව
කර්තෘ - නීල් විජේරත්න
ප්‍රකාශනය - සූරිය ප්‍රකාශකයෝ
පිටු - 258
මිල - රු.700.00
පොත් ද බියර් ද?
ReplyDeleteපොත් ද බියර් ද?
පොත් ද බියර් ද? හැක්...
දෙකම.... හැක්
Delete😃😃😃😃
මං මේකට කොමෙට් කොරන්නේ නෑ....
ReplyDeleteකොයිද ගෙහුං හිටියෙ?
ඔය කරල තියෙන්නෙ 😃😃😃
Deleteවැඩ වැඩී ඕසෙට නමිය එපා වෙලා ඉන්නෙ
මශේස් කයි කොලෙකුත් ගහනවකෝ හිටං...නිදි වගේ
Delete😂😂😂
Deleteකයි කොල වලට දස්සතාවක් නෑනේ හිටං 😂😂
අර වෑල්ඩිම් කවි පොස්ටුව හරහා තමා මේ අවන්හල නිතර යන එන තැනකට පාර කැපුනේ මහේස්. ඇත්තමයි තුන්හතර වංගියක් ඒක කියවන්ටම ආව
Deleteඒක නිසා දාපන් හු#$@! බම්. ඉඩ තීන වෙලාවක.........
Deleteඇත්ත ඇත්ත, මාත් අවන්හළට ඉස් ඉස්සෙල්ලාම ගොඩවැදිලා ආසාවෙන්ම කියෙව්වේ කවි මී මදු තමයි. මං දාපු කමෙන්ට් මං හිතන්නේ මහේෂ් තවම දැකලත් නෑ, ටිකක් පරණ පෝස්ට්, ඉතින් නොටිෆිකේෂන් එන්ඩ නැතුවැති. ඒ කවි හැබෑම මී මදු තමයි. :)
Deleteඒක නෙව පාටක ප්‍රතිචාර මූ තඹ දොයිතුවකට මායිම් කරනවද මං අහන්නෙ.... (පාඨක ලීව හරිය)
Deleteබ්ලොග් සහ ෆේස්බුක් අතර මේ සංසන්දනයට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. මෙතන තියෙනවා එතන නැති මොකද්දෝ එකක්. :)
ReplyDeleteපොත ගැන රසවත් සටහනට ස්තුතියි. තවම කියවන්න ඉතුරුවෙච්ච බර පොත් ගාණක් ගෙදර ගොඩගැහිලා තියෙද්දි තව තවත් පොත් ඒ ගොඩට එකතු කරගන්න හිතෙනවා මේ වගේ සටහන් නිසා. :D
ෆේස්බුක් අර හොල්ලල හොල්ලල කඩපු කෝක් එකක් වගේ. සංදර්ශනේ තියෙනකං හොඳයි. ඒත් බ්ලොග් ඒම නෑනේ.. බුකිය රීච් වෙන තරමට හොඳයි. බ්ලොග් වල ඒම අවුලක් නෑ.
Deleteමටත් බුකියට වඩා බ්ලොග් තමා සෙට් අරකෙ කෝම හිටියත් කාන්දමට ඇදෙන යකඩ කෑල්ල වගේ මෙහට්ටම ඇදිල එන්නෙ ඒකයි 😃😃😃
මටත් පොත් ගැන නං ඒ තණ්හාව තියේ. කියවපු නැති පොත් හැටහුට හමාරක් තියෙද්දි තමා මේක අතට ගත්තෙ.
කියවල බලල කියන්ටකෝ. 😍😍
අඩේ කොමෙන්ට් කොරන්නේ නෑ කියන්නත් කොමෙන්ට් කරලා නෙව...
ReplyDeleteඇයි ඉතිං කොමෙන්ට් කොරන්නේ නෑ කියන්නත් කොමෙන්ට් කරලා කියන්නත් කොමෙන්ට් කළේ.
Deleteඒකනෙ නයා.. මේ ඔහේගෙ අඩවියත් සුද්ධබුද්ද කරලා ගත්තනම් හොඳ නැද්ද
Delete@නමී. ඔය ආයෙත් කොටල.තියෙන්නෙ 😂😂😂
Delete@නයා.. මංඥං නොකර ඉන්නවද. 😃😃😃
@ඔය ආයෙ කමෙන්ට් කරල.. 😃😃😃
හ්.. ඔව් මයි
Delete😃😃😃😃😃
Deleteමහේෂ්ගෙ හොඳම ලිපි තමයි අතීත ආවර්ජන සහ විචාර. මේකත් ඒ වගේම අපූරුවට ලියන තියනවා. පිංතූරෙ පංකාදු පහයි.
ReplyDeleteමෙහෙ ඉන්නවා ටැක්නිකල් අටවන මාටියෙක්. වැඩියම කරන්නෙ තැපෑලෙ ආපු, චීන යකඩ/සිලිකන් කෑලි කවර කඩන එක. ඒත් ඒක කරන්නෙ කලාවකට,හැමදාම අලුත් ස්ටුවුට්/බියර් එකක් කඩලා.
https://www.youtube.com/watch?v=adKocTFU7vQ
මහේෂ්ගෙ විචාරෙ එකම අඩුව, තීරුලිපි හොඳයි කිව්වෙ ඇයි කියල සාධාරණීකරනය/ ඉඟියක් නොකිරීමයි. එහෙම දෙයක් තිබ්බා නං වඩාත් හොඳබව මගේ හැඟීමයි.
ස්තූතියි ඇගයීමට බසූ.. බසූල නිතරම අගය කරන නිසා නෙව මේම හරි ලියන්න ට්‍රයි කරන්නෙ. 🙂🙂
Deleteඒ ලිංකුව බලන්න ඕන. මාත් හරි කැමති දෙයක් තමා හීනියට වගේ චිල් වෙන ගමං පොඩි වැඩක් පලක් කරනෙක. ඒකෙත් පොඩි ආට් එකක් තියේ. ස්ටවුට් එකක් ඒම තියෙද්දි ලියවෙන්නෙ නිකං වක්කඩක් කඩං ගලන වතුර පාරක් වගේ 😃😃😃
ම්ම්.. මේක දඩිබිඩියෙ ලිව්ව එකක්. වැඩිය වෙලාවක් ඇරං සැලකිල්ලකින් ලියන්න වුණේ නෑ. ඉතිං වෙනද වගේ හොඳට ලියන්න තරං හැටියක් තිබ්බෙ නෑ.
තීරු ලිපි ලියන අය පුද්ගලික අත්දැකීම් සමාජ සංසිද්ධි එක්ක මික්ස් කරල ලියන ගමං ලිපිය ඇතුලෙන් යම් පණිවිඩයක් හැඟීමක් දෙන්න උත්සාහ කරනව. නැත්තං යම් කිසි අවස්ථාවක් සිද්ධියක් ගැන සාකැස්මික විවේචනයක් කරන්න හදනව. නැත්තං පාඨකයගෙ හැඟීම් වලට ආමන්ත්‍රණය කරල යම් පණිවිඩයක් ඔළුවට කාවද්දන්න හදනව. ඒක බ්ලොගර්ල අපි නොකරන දෙයක් නේ . අපි සිද්ධිය ලියනව ඒකෙන් වින්දනයක් දෙන්න උත්සාහ කරනව පමණයි නෙ.
ඕක තමා මගෙ මතය. 🙂
පිංතූරෙ ගන්න සෑහෙන කට්ටක් කෑව ඉතිං. ස්තූතියි 😍
ලියන්නට වෙලාව යනවා ඉතිං කොහොමද කියවගන්නේ
ReplyDeleteමැරෙන්නට පෙර ලියා අවසන, ඉසිඹුවක් ගන්නටයි ඉන්නේ
මෙහෙම ලිපි නං අපිව නන්නත්තාර කරවන්නද ලියන්නේ
පොතෙන් මත් වෙන තරම කියවන පාඨකයෝමයි හොඳට දන්නේ
අපූරු කයි පොඩ්ඩඩවෙනද වගේම.
Deleteපුලුවන් තරං ලියමු පුලුවන් විදිහකට කියවමු. අපිට ඔක්කම කරන්න අමාරුයි නේ. 🙂🙂🙂
පුලු පුලුවන් විදිහට හැමදේම කරමු 😍❤️
අන්නේකයි!
Deleteඑපමණයි විය යුත්තේ.. 😃😃
Delete// බයිට් විස්සක් තිහක් විතර වට කරන් පෙත්ත මොකද බිත්ත කැකිරියේ ටයිප් මියුසික් අස්සෙ ගල් බෝතලයක් බීල ඉවර කරනව වගේ නැතිව රෙස්ටොරන්ට් එකක අයිනෙ ටේබල් එක්ක හුළං පාරක් විඳින ගමන්, මික්ස් නට් ඩිෂ් එකක් ළඟ පාතකින් තියන් අයිස් කැටයකුත් දාපු විස්කි වීදුරුවක් සිප් කරන අතරෙ පොඩි සාද කතා ලතා වක් දානව වගේ ෆීල් එකක් බ්ලොග් වල තියෙනව කියල හිතෙනව. // සම්පුර්ණයෙන්ම එකඟයි. පොඩි ෂොට් එකක් දැම්ම ජර්මන් යාගර් ටී . බිලා තියනවද ? උන්කරපු ඇල්කොහොල් තේ. සීත කාලෙට තමා වැඩිපුරම බොන්නේ
ReplyDeleteනෑ අජිත්තයියා. ලංකාවෙ ඕව නෑනේ. ඉතිං රහ බලන්නෙ වත් කෝමද..
Deleteමං හිතනව නියම ඇති කියල
ස්ටවුට්වලට අකමැත්තක් නෑ.
ReplyDeleteරාවලටත් කැමතියි
සා කට්ටක් බොමුතේ.. 😂😂
Deleteපොතක් මිලට ගත්ත කාලයක් මතක නැතිතරමින්, ලියවිල්ල අගෙයි මහා.
ReplyDeleteපොතක් කියවන්නත් ඉඩක් වෙන් කරගම්මු. හොඳ පුරුද්දක් නෙව 😃😃
Deleteගිනස් එක හොඳයිද? මං ආසයි අප්‍රසන්න තිත්ත නැති එව්වට.
ReplyDeleteස්ටවුට් කෝමත් ටිකක් තිත්තයි නෙ.
Deleteඅප්‍රසන්න නං නෑ.
රස කෝමත් සාපේක්ෂයි නිසා ඩ්‍රැක්ට කෝම වෙයිද දන්නෑ.
නමුත් සුප්ප ඩ්‍රින්ක් එක
හායි...
ReplyDeleteඔයා කාලයකට කලින් දාලා තිබුණු අදහසක් ඔස්සේ හොයාගෙන ආවේ...
සිංහල හෝඩිය ගැන ලිපියක් ලියලා තියෙනවාද???
එහෙම නැත්නම් එකක් ලියන්ටකෝ...
ආසයි ටිකක් ඉගෙන ගන්ට...
එහෙම ලිපි මාලාවක් ලියන්ඩ කාලෙකට කලින් අදහසක් තිබ්බා නමුත් දැන් නං එහෙම අදහසක් නැති තරම්. මොකද ගූගල් හෙව්වොත් ඕන තරං සිංහල ගැන ලිපි හොයාගන්න පුළුවන්.
Deleteමම කොයි කාලෙක දාපු අදහසක් ගැන ද දන්නේ කියන්නේ නේද ස්තුතියි මේ පැත්තෙ ගොඩ වැඩි වුණාට පුළුවන් නිතරම එන්න jaya