Monday, February 21, 2022

ස්මරණ 20 - කැලෑ කුමාරිගේ කතා ii - පෝලිං, ජැක් සහ අක්කලා ගේ ආදරේ..

මේ වගේ ඉඩ තිබ්බ දවසක් මතකවත් නෑ.
 පහුගිය සතියෙන්           

            පොඩි දවස් වල බස් එකට නැග්ගේ පෝළිමේ ඉඳලාය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් කරඳඩු උස්මහත් වන විට, නැතහොත් ඉකමණින් ලොකු වන්නට වුවමනා වූ කාලයේ පෝළිමේ හිඳ බසයට නැඟීම යම් ලැජ්ජාවකට කාරණයක් වූවා මෙනි. ඊටත් ඉඳගෙන යාමට වඩා බස් එකේ හිටගෙන යාමටද, පාපුවරුවේ යාමට ද, පා පුවරුවේ යාමට බැරිනම් එතැන සිටුවා ඇති ආධාරක කණුවට හෝ හේත්තු වී යාමටද ප්‍රිය කරන කාලයකි ඒ. එහෙත් අපට ඒ අවස්ථාවන් ලැබෙනුයේ කලාතුරකිනි. අපට වඩා ලොකු අයියලා බස් එකේ ඉන්නේය. එක වරම ඒ වයසට පහළ වූවා සේ සිටින ඔවුන් අපට කුඩා හෝ අවස්ථාවක් දෙන්නට කැමති නැත. මේ හුජ්ජ කොල්ලො එනව මෙතන ෆුට් බෝඩ් යන්න. යැයි අපව පන්නා ගනී. එහෙත් කාලයක් යන විට අපිත් සුදු දිග කලිසම් අදින නාහෙට නාහන අයියලා බවට පත් විය .පෙර සිටි අයියලා අපට කල දේවල්, අපේ පසු පෙළටත් අඩු හෝ වැඩි වශයෙන් සිදු වන්නට ඇත. අද නං මතක් වන විටත් සිනහා උපදවන ඒ දවස් වල නැටූ නාඩගම් හා ඒ අනතුරුදායක හැසිරීම් වල ආසාවකට හෝ යෙදෙන්නට හිතක් නැත. ඒ එවන් අනතුරුදායක හැසිරීම් නිසා පසු ගිය කාලයේ සිදුවූ ⁣අනතුරු ගැන මාධ්‍ය හරහා දැනුවත් වීමද  නැතහොත් ක්‍රමයෙන් මුහුකුරා යාම නිසාදැයි කිව නොහැකි වුවත් නිකමට හිඳගෙන මිසක් හිටගෙන වත් යාමට එතරම් කැමැත්තක් නැත. 

Wednesday, February 9, 2022

ස්මරණ 19 - කැලෑ කුමාරි , කහ කුරුල්ලෝ, පාං බාග සහ කලම්බෝ රයිඩර්

මේ පිංතූර ඔක්කොම ගත්තෙ ශ්‍රී ලංගම බස් වියුණුවෙං. ලිංකුව මැද ඇති

        
1998 වසර විය යුතුය. පාසැල් වෑන් රියෙන් පාසැල් ගිය ගමන අතැර ගමෙන් ටවුමට යන බස් රථයේ පාසල් යන්නට පටන් ගත්තේ 98 වසරේ වග මගේ මතකයයි. 1998 මට කෙඳිනක හෝ අමතක නොවන මතකයක් ඉතිරි කළ වසරකි. මා හිතාදර චූටි මාමා ජයසිකුරු මෙහෙයුමෙන් අප හැර දා යන්නේ ඒ වසරේ ය. එහෙත් මේ කතාව ඒ ගැන නොවේ. මේ බස් කතාවකි. කොටින්ම කියනවා නම් ලංකාවේ හුදී ජනයා බස් ආගමක් සේ අදහන්නට පටං ගත්තේ මේ යුගයෙන් පසුව බව මගේ අදහසයි.

Wednesday, January 26, 2022

අලුත් ස්ටවුට් එකයි මගේ ඉරිදාවයි..


            තීරු ලිපි එකතු කියන්නෙ මම සාමාන්‍යයෙන් කියවන ජාතියෙ පොත් නෙවෙයි. ඒකෙ තේරුම මම තීරු ලිපි වත්, තීරු ලිපි එකතු වත් නොකියවන කෙනෙක් කියල නෙවෙයි. කියෙවෙන්නෙ කලාතුරකින් වගේ තමයි. හරියට යාලුවෙක් එක්ක  හවසකට පොඩියක් චිල් වෙන්න හිතුනම යාලුවගෙ බ්‍රෑන්ඩ් එකට මාරු වෙන්න ඉඩක් දෙනව වගේ.  සාමාන්‍යයෙන් පත්තරයක් ගත්තම දේශපාලන ලිපි හැරුණාම අතේ රෝල් ආටිකල්ස් පවා කියවන මට තීරු ලිපි මඟ නොඇරීම තවත් හේතුවක්. විශේෂයෙන්ම මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ගෙ පැණි වළලු, මහාචාර්ය සුන්දර නිහතමානිද මැල් මහතාගෙ මානිගෙ තීරුව වගේම වෛද්‍ය බෝධිනී සමරතුංගගෙ සායනික සටහන් නොවේ කියන්නෙ එහෙම කියවපු තීරු ලිපි. ඒ අතරිනුත් පොත් හැටියට පළවුණ පැණි වළලු, සායනික සටහන් නොවේ වගේම ගයාන් අබේසිංහ ගෙ ඇස් තෙත් කළ මතක, රංජිත් කුමාර සමරකෝන්ගෙ හුස්ම ගන්න අකුරු වගේ තීරු ලිපි එකතුත් මගෙ පොත් එකතුව අතරෙ ඉන්නව. 

Saturday, January 1, 2022

විශිෂ්ටයෙකු ගේ ආරම්භය - Pele Birth Of A Legend



Minor Spoiler Aleart

            පේලේ කිව්වම කවුද නොදන්නෙ.. නේද. පාපන්දු පුරාවෘතයක් වන ඔහු හෝ ඔහු සම්බන්ද සිද්ධීන් අලා නිර්මාණය වී ඇති චිත්‍රපට බොහොමයක් තියෙනව. වර්තමාන බ්‍රසීල ඇමතිවරයෙක් වන ඔහු 1958 දි, ඒ කියන්නෙ පේලේට අවුරුදු 16 ක් වෙද්දි, බ්‍රසීලය දිනාගත් ප්‍රථම පාපන්දු ලෝක ශූරතාවය බ්‍රසීලය වෙනුවෙන් දිනා දීමට ප්‍රබල කාර්යය භාරයක් සිදු කළ ක්‍රීඩකයා යි. 1958 බ්‍රසීලයට සුවිශේෂ වෙන්නෙ පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය විසින් ස්වීඩනය පරදවා ලබා ගැනීම විතරක් නොවෙයි. 1958 ලෝක ශූරතාවය තමයි යුරෝපියානු භූමියකදී යුරෝපීය නොවන රටක් පාපන්දු ලෝක ශූරතාවය දිනාගත් පළමු අවස්ථාව වෙන්නෙ.