Tuesday, October 14, 2014

ස්මරණ 12- බඩජාරියෝ ii...

                                                                         තාත්තා වත්තේ වැඩ කරන ගමන් ඊට අමතරව අයට ලබාගත් ලාස් අටක කුඹුරක් ද  දෙකන්නයටම වගා කළ නිසා අපට හාල් හි නොවීය. එබැවින් අම්මලා පෞද්ගලික වතුයායක අඩු පඩියට වැඩ කලද අපට තුන් වේලටම බත් කන්නට තරම් හාල් තිබිණි. ඉදහිට කාළගුණය හරස් වූ විටක කන්නයක දෙකක අස්වැන්න අඩුවුවද  සම්පූර්නයෙන් නොලැබි ගියා නොවේ. එහෙව් කාලයට කඩේ හාල් වලට මාසයක කාලයක් පමණ මුදල් වියදම් කරන්නට සිදුවුව ද වත්තේ පොල් වලට පිංසිදු වන්නටත් අම්මාගේ පිරිමැස්ම නිසාත් එය එතරම් බරට  නොදැනුන බව මට මතකය. එහෙත් කුඩාවුන් වූ අපට තුන් වේලටම බත් කෑම රිස්සුම් නොදෙන්නක් විය. එහෙත් එලෙස වූවා කියා ඉදහිට ගෙදර තම්බන ඉියාප්පයක් වණ්ඩුවක් හැලපයක් හෝ රොටියක් පුච්චා ගත්තා හැරෙන්නට අප ආහාරයට ගත් වෙනත් ආහාර වර්ගයක් තිබුණා නම් ඒ අහම්බයෙනි. උදේට කවදා හෝ දිනෙක පාන් ආහාරයට ගත්තා නම් ඒ කාගේ හෝ මළ ගෙදරක නැතහොත් නිවසින් බැහැරව ඉන්නා වෙලාවක පමණි. (පසු කාලයක අම්මා රැකියාවෙන් ඉවත්ව අප කුඩා කල වාසය කල නිවෙසද  කඩා වැටුණ පසු පාර අයිනෙන්ම තිබූ අප කුඹුරට- ඒ වන විට අප අයට කළ කුඹුර සින්නක්කර මිළදී ගෙන තිබුණි- නිවෙසක් තනා පැමිනෙන තුරු මේ පුරුද්ද මෙලෙසම තිබිණ.)

                                                                             එබැවින් අප බත් වලට අමතරව කඩෙන් මිළදී ගන්නා ලද යමක් ආහාරයට ගත්ත නම් ඒ අප ඉපැයීම් වලිනි. (පොල් හෝ පොල් ඉරටු ගා ලබා ගන්නා මුදල්) මේ කියන්නට යන්නේ එලෙස මර්සි දමා සොයා ගත් මුදල් වලින් අපේ බඩජහරි කම්  මකා ගත් අයුරු පිළිබවය .

                                                                            පාසල් යන දිනයන් හි හැර පාසල් නිවාඩු දිනයන් හි අම්මලා සමග හෝ ඊට පසුව රබර් කට්ටියට නො ගිය දිනයක අපට කරන්නට තරම් කාරියක් නොවීය. එබැවින් එවන් වූ නිදහස් වේලා වන් ගත කරන්නට නොයෙක් ක්‍රීඩාවන්හි නිරත වූවා සේ ම ඒ අතර තුරේ දී වැටෙන පොල් ගෙඩි වලට ද තරගයට මෙන් වග කීවෙමු. එලෙස එක් කර ගන්නා පොල් වැඩිහිටියන්ගේ මාර්ගයෙන් කඩය වෙත ගිය ද බොහෝ විට අපට බඩජහරි කම ඔළුවට ගැසූ පසු ඒ ඇහිඳින පොල් කෙටි මාර්ග ඔස්සේ කඩයට උස්සන යන්නට හෝ සත පනහක් රුපියලක් අඩුව අඹ කුඹුර වත්තේ තෙඹයාට දෙන්නට අපට සිදු විය. බොහෝ විට තෙඹේට මේ පොල් ලබා දුන්නේ ගෙඩි වැඩි වූ දිනක හෝ කරන්නට ම දෙයක් නොමැති වූ දිනක පමණි. අඹ කුඹුර වත්ත අක්කර සියයකට වඩා වැඩි පරවේණි භුක්තියක් තිබූ වලව් වත්තකි. මේ කියන තෙඹේ මහ වලව්වට ඉහළින් කොටසක නිවෙසක් තනා ගෙන සිටි ඒ පවුලේ සහෝදරයන් තිදෙනාගෙන් වැඩිමල් සහෝදරයා ය. ඔහු පදිංචි ව සිටි කොටස තිබූ යේ  වත්ත මායිමේ ය. ඒ කොටස ද අක්කර විස්සක් පමණ වන්නට ඇත. මේ හේතුවෙන් දෝ ඔහු කරගන ගිය හොර පොල් වෙළදාමට හොඳ කලක් ලබා තිබිණ. (මේ කියන තෙඹේ පිළිබදව ම පොස්ටුවක් ලබන සතියක දී ඉදිරිපත් කරමි) මෙලෙස තෙඹයා ට පොල් දෙන්නට සිදුවූයේ පොල් ගෙනයන්නට තරම් බර වැඩි වීම නිසා නොවේ... පොල් රැගෙන වත්තෙන් තෙඹයාගේ කෑල්ලට පැමිණ ඒ හරහා තෙඹයා ට නො පෙනී පොල් රැගෙන කඩයට යන්නට අපි ට හැකියාව තිබිණ. -මේ යන අතර තුරේ දී තෙඹ වත්තේ වූ පොල් වලට ද දුක නැතිව ම වග කියන්නට අපේ උන්ට හැකිවි ය. සමහර වෙලාවට තෙඹයා ගේ වත්තෙන් ම හොරෙන් කඩන පොල් තෙඹයාටම විකුණා (ගොඩෙන් උස්සල එහෙම වික්කෙ නෑ ලු ඔන්න) හිතේ හැටියට කඩචෝරු කා ඇති දවස් ද නෑ යැයි කියන්නට මට බැරි ය. - තෙඹයාගේ වත්ත පැන කඩයට යන පාර වැටෙන්නේ නැවතත් වත්තටම අයිති කොටසකිනි. බොහෝ වෙලාවට මේ කොටසේ කෙළවර පටන් ගන්නා අක්කර දෙකේ රබර් කෑල්ලේ මුරකාරයෙක් හෝ සුපිරින්ටෙන්ඩන්ට් වරයා සිටින බව අත් දැකීමෙන් දන්නා නිසා ය. එවිට පොල් බිම දමා දුවන්නට සිදු වේ. එය මහත් වූ පාඩුවකි. එබැවින් සුළු පාඩු නො තකා තෙඹයාට ම ඒ පොල් දී අඩුවන සත පනහ රුපියල ගැන නො සිතා ලැබෙන මුදලින් කඩචෝරු කන්නට අප පෙළඹී සිටියෙමු. එසේ වෙන පාඩු මගහරවා ගන්නට ය තෙඹයා ගේ පොල් වලට ම බැස්ටිය දෙන්නේ...


                                                                         මෙසේ ලබා ගන්නා මුදල් වලින් අපට කන්නට කියා දෙයක් එතරම් ම තිබුණා යැයි කියන්නට බැරි ය. එහෙත් එසේ වූවා කියා විවිධ විච්චූර්ණ කෑම ජාති ගැන නො දැන සිටි අපට ඒවා දිව්‍ය භෝජන වූවා කීම මදි කමක් නොවේ යැයි සිතමි.

                                                                        අපේ ප්‍රියතම ආහාරය වුණේ ගල් බනිස් ය. අඩු මුදලට ලැබෙන රස කැමකි ගල් බනිස්. ගල් බනිස් ගැන එක එක අය එක එක කතා කියයි. එහෙත් ඕවා අසන්නට අපට වෙලාවක් නොවී ය. එසේ කියූ මගේ මතකයේ හොදින්ම තැන්පත් වී ඇති එක් කතාවකි ගල් බනිස් හදන්නට ගන්නේ පරණ පාං ආදිය බවය. එහෙත් දෙය්යනේ කියා කිසි දිනෙක අපට වූ විනම්බෑසියක් නං නැත. මෙලෙස ම දූසමාන කතා තිබූ තවත් රස කෑමකි සව් බර ඒවායේ සව් කියා දෙයක් නැති බව ද ඒවා හදන්නේ පරණ පාං රොඩු බොඩු ආදිය දමා බවද සමහරු කීහ. එක් කණකින් අසා අනෙක් කණින් පිටවෙන ඕ වාගේ  කතන්දර නම් කවදාවත් අපට බාධාවක් නොවිණි. අප බැලුවේ රස හා බඩ පිරෙන ප්‍රමානය පමණි.

                                                                        ගල් බනිස් ප්‍රමුඛ කරගන්නා අප ඒවා නැත්නම් ඤානකතා වලට ඊළග තැන දුන්නෙමු. කහ ම කහ පාට බනිසයක් වන් ඒවායේ උඩින් සුදු සීනි කිලෝ බාගයක් පමණ වත් ඥානකතා දුසිමක ඉස තිබුණි. හම්මේ රහ....
                                                                       මීට අමතරව විස්කිරිඥ්ඥා, සවුබර, හුලං විස්කෝතු, (ඇගිලි විස්කෝතු කීවෙත් මේවටද මන්දා) ලොන්ඩ පතුරු හෙවත් ගජූර්, ඉස්පන්චි ටී බනිස්, ක්‍රීම් බනිස්, කිඹුල බනිස්( වියානා රෝල්) රෝස් පාන්, ද පොඩි වන්ඩු, හෝ ඉදහිට දිනෙක පාන් ද රැගෙන එන්නෙමු. මෙසේ කෑම ජාති මිලදී ගන්නා අප කාසි කීපයක් හො ඉතුරු වුවහොත් මල් බිස්කට් , සීනි බෝල, සීනි මුරුක්කු, මුරුක්කු, ගල් ටොපි, බුල්ටෝ, ආදී එකී මෙකී නොකී ගන්නට හැකි තරම් බොහෝ දේ මිළ දී ගන්නෙමු. අනතුරුව වත්ත පැත්තට සංක්‍රමණය වන අප ගල්තලාවක්- මේ කියන ගල් තලාව වූයේ වත්තේ ය එහෙත් මායිම් ව තිබුනේ තෙඹයාගේ වත්තට ය.- මතට වී ගෙනා දේ කමින් කුරුම්බා කඩා බොමින් යකා නටන්නෙමු. එසේ ගෙනා කැම ජාති දවටන වල ඔතා තිබුණොත් තෙඹයාගේ වත්තට දමන්නෙමු. - මේ කියන ගල් තලාව අඩි විස්සකට වඩා උස ය. පිවිසිය හැක්කේ වත්ත පැත්තෙන් ම පමණි.- මෙසේ දමන දවටනයන් පාවී පාවී ගොස් තෙඹයා ගේ වහල උඩ රැඳෙන්නේ අප සිත් අමන්දා නන්දයට පත් කරමිනි.

                                                                       පාන් ගෙනා දවසක කලටිත් නැති පොලුත් නැති ඒ දෙකට ම අතර මැද ගෙඩි කඩා ගන්නා අප පාන් කෑවේ ඒවා සමග ය. එවිට දැනෙන රසය කියන්නට වචන නැති තරම් ය. එවන් අත් දැකීමක් විද ඇත්තෙකුට විනා අන් අයකුට එය තේරුම් ගැනීම දුෂ්කර යැයි සිතමි. මේ කාර්යය ට පොල් හොඳ වුව ද පෙර සඳහන් කරන බාගෙට පැසී ඇති පොල් වල ඇති ඉමිහිරි කිරි රස ඉන් නො ලැබේ... මෙසේ පාන් රාත්තලක් වත් එකෙකු ගේ බඩට නො යන දවසක් වූයේ නම් ඒ හාවා හ දැක්ක දවසක පමණි.(හාවා කවද්ද හද දැක්කෙ).


                                                                     මේ බඩජාරි වික්‍රමය අවසන් ව යළි නිවසට යන්නේ අම්මලා එන්න කිට්ටුව ය. ඒ යන්නේත් නිකම්ම නොවේ ගස් වලට ගල් ගසමින් වැටුණ පොල් ඇහිදිමින් ය. මේ වගේ වෙලාවට වත්තේ වීරයන් අප යැයි තරමට බඩ පිරී ඇත. (බොන්නම ඕන නෑ යකූ සිංහය බඩට එන්න) යළි නිවෙසට ගොස් උයා ඇති දේකටද අනලස්ව වග කියන්නට තරම් ලොකු බඩක් අපට තිබෙන්නට ඇත. නැතහොත් ඒ කන කෑමට බඩ පැලී මැරෙන්නට ඕනෑය. එහෙත් කොයි තරම් කැවත් අර කපුටන් වගේය. බඩගින්න නිරතුරුවම අපට වද දුන්නේ තෝ කන්නැද්ද යකෝ අසමිනි.

මෙසේ වික්‍රමයන් අතර වූ අලකලංචි විනම්බෑසි ගැන පසු දවසක ලියා තබන්නෙමි. එතෙක් ....,

102 comments:

  1. ලැබූ සම්මානෙට උණුසුම් සුබ පැතුම් මහියො!!

    පෝස්‍ට් එක කියවලා කමෙන්ට් කරන්නම් පස්සෙ. :D

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා බං - උඹ මේක ආයේ කියවන් නෑ..

      Delete
    2. ස්තූතියි ප්‍රියෝ.....
      2 විදානෙ මාත් එහෙම කියන්න කියල කට හදං හිටියෙ මෙන්න මූ යටින් එකක් දාල...
      ආයෙ වෙන මක්ක වත්නෙවී කමෙන්ටුවක් ඈ....
      හෙක් හෙක්

      Delete
  2. මචෝ.. මුලින්ම සම්මානයට උණුසුම් සුබ පැතුම්..

    ඊළඟට කාලයක් උඹ පේන්න නැතිව හිටපු නිසා වෙල්කම් බැක්.

    තුන් වෙනියට, කරුණාකරල ගිහින් කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට රිප්ලයි කරල වරෙන්!! (හිකිස්!)

    ReplyDelete
    Replies
    1. හිහි... ස්තූතියි මචෝ....
      පහුගිය දවස් වල පොඩ්ඩක් වයර් සෝට් එකක් තිබ්බ බං තාම තියෙනව ඒක... හිහි...
      මං කමෙන්ටු ටික දාන්නං අනිවා නොදා ඉන්නෑ....

      Delete
  3. අඩෝ මචන් කෑම වලට වැඩිය ලිපිය රසයි බන් ඉරටු මදින එක බොලාට නම් මර්සි උනාට කොහොමද කිලෝ එකහමාරක් දෙකක් මැද ගත්තොත්, ගමේ ගිය වෙලාවට අතේ සතේ නැති උනාම අවුරුදු කාලෙට දත කට පුට්ටු කරන මදිනවා බන් තාමත්. බුරුව ගහන්න හරි කැට ගහන්න හරි, අයි ඒ කාලෙට ඔය එක එක විකාර තාමත් ගමට එනවා, එකෙක් එනවා කට මාමා කියන්නේ, දාදු කැටයක් බමරේ වගේ කරකවලා ඕක අර ඉස්සර වතුර කලේ වාහන තරම් අලුමීනයම් බාජනෙකින් වහනවා, ඊට කලින් ඔට්ටු අරන් දිනපු එකාට එකට හතර ගානේ දෙනවා.

    අඩෝ මචන් ඉරටු මැදලා හඳුන්කූරු අඹරලා තව නොයෙක් දහම් ගැට කරලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා බන් තාමත්, ඔය අලයක් බතලයක් පොලට ඇදලා රටකජු ගෝනියක් එහෙම උස්සන් ගිහින් විකුනලා, එහෙම නාත්තන හේනේ බඩඉරිඟු ටික ගෙනත් පොලේ තම්බලා විකුනාලා.

    මේ දවස් වල ගමේ අංපිටිය පටන් අරන්, යන්න විදියක් නැහැ, එත් අන්තිම ගම්මදුවට නම් යන්නම ඕනා මොන ගැටේ හරි ගහලා. ගිහින් බෙර ගහලා ගිනි පාගලා එන්න ඕනා.

    මචෝ පාන් එක්ක ඔය කලටි පොල් වලට පොඩ්ඩක් එහා ගිය එක නම් ලොවෙත් වල්ලම පට්ට, පොල් ගහ වත්තට ගියාම ඕක තමා වැඩේ, එතකොට ස්ප්‍රයිට් පරදින වෑවර දෙක තුනකුත් තිබුනානම් පා වෙන්න පුළුවන්.

    ඉස්සර අපේ පොල් ගහ වත්තේ ගෙඩි කඩනවා ගහකට ගෙඩියයි ගාස්තුව. අපිත් අනුන්ගේ වතු වල කඩනවා කඩලා කඩේට අතහැරිලා උඹලගේ වැඩේම තමයි බන් කලේ. බොලගේ පොල්ගස් වටේට පොල් කොළ ඉති ඔතලා බාධක දාක නැද්ද හොර පොල් කඩන උන්ට, කටු කම්බිත් ඔතනවා බන් මේ දවස් වල නම්.

    //මීට අමතරව විස්කිරිඥ්ඥා, සවුබර, හුලං විස්කෝතු, (ඇගිලි විස්කෝතු කීවෙත් මේවටද මන්දා) ලොන්ඩ පතුරු හෙවත් ගජූර්, ඉස්පන්චි ටී බනිස්, ක්‍රීම් බනිස්, කිඹුල බනිස්( වියානා රෝල්) රෝස් පාන්, ද පොඩි වන්ඩු, හෝ ඉදහිට දිනෙක පාන් ද රැගෙන එන්නෙමු.//

    ඒ කලේ ජනප්‍රියම කාම සෙට් එක බන්, අදටත් කහට කොප්පයජ් එක්ක හුලන් විස්කෝතු ටිකක් හම්බ වෙනවනම්. කොහොමද? පොඟවගෙන කන කොට ආතල් එක.

    හාල් ටික කුඹුරෙන් හම්බ වෙනවා. පොල් ටික කුරුඳු ටික වත්තෙන්. එතකොට පැඟිරි ලන්ද වත්තේම කොටහක්. ඒ කාලේ මොනවාද බන් නොකළේ කුරුදු තලන එකත් පට්ට ආතල්, තලනවට වඩා කනවා, වත්තට පැන්නම කුරුදු කොළ කඩාගෙන නැට්ට හප ගගහා කොරපු සෙල්ලන්. කොම්පුටරේට බුකවන මේවා කියවන කොට ඇඩෙනවා බන්. සරීර කුඩුව මෙතන තිබුනට හිත තමාත් හරකෙක් පස්සේ එලවන් ගිහින් කුඹුරේ මඩ නාල වෑවරයක් කඩන් බීල දොළකින් නාල කපුටා කෑව ගේ කාපු කාලේට දුවනවා බන් සුටුස් ගාල.

    බොලාගේ ලිපිය කේ ජයතිලජ්කයන්ගේ චරිත තුනක් කතාව වගේ බන්, දිගටම ලියහන් සම්මාන පිට සම්මාන ගන්න ඇහැකි, ඒ දිනුමටත් සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ////අඩෝ මචන් කෑම වලට වැඩිය ලිපිය රසයි බන් //// ++++++++++++

      Delete
    2. ඉරටු ගාණ එක එහැටි වැඩක් නොවුණට ඉරටු ටික විකුනන්න නං පොඩි මර්සි යක් දානව... හෙක් හෙක් ඒක ඊළග කොටසකින් කියන්නං කො... මෙතන කියපුවාම ආයෙ ඕක කියන්න කම්මැලි හිතෙනව...
      මෙහෙත් ඉ්නව සොමී තාම ඉරටු ගාණ පොල් ඇහිදිණ ගව පාලනය අරක මේක කුලී වැඩ කරන අය... අපි පොඩි කාලෙ හැම දෙයක්ම සැහැල්ලුවට ගන්න හන්ද ඒ වින්ද අත්දැකීම් රහයි.. ඒත් දැං ටිකක්මෝරල බරක් පතලක්එනකොට මොකද්දෝ කියන්න බැරි අවුලක් හිතට එනව මචෝ....
      අර ස්ප්‍රයිට් ශේප් එකට වෑවරේ එන්නෙ කලටි වෙන්න ටිකක් කලිං ආයෙ එහෙම එකක් ගහල ලොද ටික්කුත් හපනකොට හම්මේ ....තියන ගතිය...
      මට නං තාම හම්බෙන පමාවෙන් ගල්බනිසයක් ඥාණ කතාවක් ලොන්ඩ පතුරක් හපනව... ඒක නිකං ඇබ්බැහියක් වගේ ඒ වගේ කෑම කාපු අපිට ටවුමෙන් මෙහෙට ආව එකේක කෑම ජාති පත්තියං වුනේ නැ බං...
      කුරුදු නං මෙහෙ නෑ කියල දන්නව නෙව ඒත් දවසක ඔය කියන්නැහෙ වැඩක් කරල බලන්න ආසයි... දවුල් කුරුදු නං තියේ ඒත් ඒව අරවගේ නෙවී නෙව...

      බොලාගේ ලිපිය කේ ජයතිලජ්කයන්ගේ චරිත තුනක් කතාව වගේ බන්/// ඒ තරං රහ නැති වුණත් උඹේ වචන ටිකම ඇති සොමී...
      ස්තූතියි මාව දිරිමත් කරනවට...
      ජයවේවා

      Delete
  4. හෙහ්! පවු බොල අර තෙඹයා. ඌරගෙ මාළු ඌරගෙ පිටේම කපනවා කියන්නෙ මේවට වෙන්ටැ. :D

    මම නම් පොඩි කාලෙ හිතන් හිටියෙ ගල් බනිස් හදන්නෙ ගල් වලින් කියලා. :D

    අලකලංචි ගැනත් ලියහන් මචෝ ඉක්මනට.

    ReplyDelete
    Replies
    1. එතකොට කිඔුල බනිස් හදන්නේ?
      බේබි ඔයිල් හදන්නේ?

      Delete
    2. එතකොට වල්ල පට්ටා ????

      Delete
    3. @ප්‍රියා තෙඹයට ඔයිට වඩා දේ කළා බං... දැං නං පවු කියලත් හිතෙනව.. ඒත ඒ මසුරු සිටානන්ට ඒ වගේ දෙයක් නොකල නං වැඩකුත් නැ.. හෙක් හෙක්...
      ගල් බනිස් ගැන නං අපේ නංග ඔහොම කියලතියෙනව.. හෙක් හෙක්...

      @ මෙන්ඩො ඒක නං ටිකක්බයානකයි නෙහ්... හිහි
      @ විදානෙ..
      ඒකං නිකං හොරර් පිලුවක් වගේ... මට මැවිල පේනව වලු වලු කපං යනව... ඔහැක්

      Delete
  5. සම්මානයට උණුසුම් සුභපැතුම්!! :D

    ReplyDelete
    Replies
    1. @බස්සි... එහෙනං මට වඩා ඔයාට සුභ පැතුම් ඔයා නෙව එක.... හෙක් හෙක්...
      @ විදානෙ... හා එකයි හූ දෙකයි... හී තුනයි....

      Delete
  6. තෙඹයා දන්නවනං සම්මානෙ අරං යයි පොල් හිලව්වට. උණුසුම් සුභ පැතුම් මචෝ. වැහි බිංදු පෝස්ට් එක අැතුලෙ විෂ් කලාට උඹ දකින එකක් නෑ කියලා එනකං හිටියෙ.
    මාත් ඉස්සර බස් එකේ ටිකට් ගංඩ කියලා අනික් කොල්ලංගෙත් සල්ලි එකතුකරගෙන හොරෙං ඇවිත් ටොපී කනවා තනියෙං...හුහ්... අහු උනානං ජනතා සම්මාන හම්බුවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විසිටර් ...
      ඒත් මං ඒ ගැන ඒ තරං හිතුවෙ නෑ බං හුගක් අය ඒකට ඉදිරිපත් වුනේ නෑනෙ... ඒකයි අවුල..

      මාත් ඉස්සර බස් එකේ ටිකට් ගංඩ කියලා අනික් කොල්ලංගෙත් සල්ලි එකතුකරගෙන හොරෙං ඇවිත් ටොපී කනවා තනියෙං///
      ඇම්ඩන් ල කියන්නෙ ඒ වගේ ඈයන්ට තමා... හෙක් හෙක්..අර කියන්නැහෙ අහු වුණා නං පැය බාගයක් වත් උඩ ඉන්න තිබ්බ

      Delete
  7. // කලටිත් නැති පොලුත් නැති ඒ දෙකට ම අතර මැද ගෙඩි කඩා ගන්නා අප පාන් කෑවේ ඒවා සමග ය. එවිට දැනෙන රසය කියන්නට වචන නැති තරම් ය. //
    මේ ගැනනම් ඉතින් කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. කාලම බන්න ඕන නේද චින්තක ය....
      හම්මේ එහෙම සැපක්... ලොවෙත් නෑ....
      හෙක් හෙක්

      Delete
  8. අඩේ සිරාවටා මරු බං. ජීවත් වෙනව කියන්නෙ ඕකට තමයි. අද කාලෙ, හෙට දවසෙ මොන ළමයටද ඔහොම ළමා කාලයක් හම්බ වෙන්නෙ. මට උනත් මෙච්චරම සුන්දර කාලයක් තිබිල නෑ. ඒත් අපේ අම්මලා, තාත්තලානම් මීට බොහොම සමාන්ත්‍ර ළමා කාලයන් ගෙවල තියෙනවා. තාමත් ඒ කතා කියනකොට කතන්දර අහන පොඩි එවුන් වගේ කටවල් ඇරගෙන අපි අහන් ඉන්නවා.

    උඹේ මේ ක්‍රමය මරු බං. දවසකුත් මං කිව්වෙ, "අපේ ගම", "උපන්දා සිට", කියවනවා වගේ.

    ReplyDelete
    Replies
    1. අපි විදෙව්ව ඒත් අපට ඒක දැනුන්නෑ ඒ විදවීමත් අපි දැක්කෙ වින්දනයක් විදියට... ඒකයි මේ මතක මේ තරං රහ...
      තාමත් ඒ කතා කියනකොට කතන්දර අහන පොඩි එවුන් වගේ කටවල් ඇරගෙන අපි අහන් ඉන්නවා///
      කවදහරි දවසකඅපේ පොඩි වුනුත් එහෙම අහන් ඉදි බං... මොනා කරන්නද ලෝකෙ වෙනස් නෙව...
      උඹේ මේ ක්‍රමය මරු බං. දවසකුත් මං කිව්වෙ, "අපේ ගම", "උපන්දා සිට", කියවනවා වගේ.///
      ස්තූතියි මචෝ ඇගයුමට... ඒත් ඒ තරං හොදයි කියල මට හිතෙන්නෙම නැ...
      මං තව මොඩනේට් වෙන්න ඕන...
      ස්තූතියි හොදේ

      Delete
  9. ඇඟිලි විස්කොතුවට මාත් මාර පෙරේතයි ඉස්සර , ලැබුවා වූ සම්මානයට ඉතසිතින් සුබපැතුම් ... ජය වේවා .

    ReplyDelete
    Replies
    1. මාර පෙරේතයි ඉස්සර///
      ඇයි දැං කන්නෙ නැද්ද අහුවුනොත්... ඉගුරු රසට හැපෙද්දි හම්මේ..... ඒ වගේ සනීපයක්...

      ස්තූතියි ඉවාන් අය්යෙ... ඒත් ඔයාත් දාන්න තිබ්බෙ එහෙම වුණං නං අපි නෑ... තරගයක් වුණාට තරගයක් තිබ්බෙ නැ එතන

      Delete
  10. ලිපිය එල ද බා..එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙන්ඩො...
      එළ ද බ්‍රා.....

      Delete
  11. හවස තේ බොන වෙලාවට මේ ලිපිය කියවන්නේ ඇගිලි විස්කෝතු ,ඤානකතා, ක්‍රීම් බනිස් ...අය්යෝ මන් ආස කෑම ජාති ඔක්කොම දාල... බඩගින්නේ බෑ :D ඤානකතා වලට නම් මම පුදුම ආසයි තාමත් කොහේ හරි කඩේක තිබ්බොත් ගෙදර අරගෙනමයි එන්නෙ මේකෙ තියන ආසම කෑම ජාති ටික කෑව වගේ තමයි ලිපිය හරි රහයි :)

    ReplyDelete
    Replies
    1. තාමත් කොහේ හරි කඩේක තිබ්බොත් ගෙදර අරගෙනමයි එන්නෙ ////
      හංසි මේ වගේ කෑම වල රහ දන්නෝ දනිති නැද්ද...
      හෙක් හෙක්...
      ස්තූතියි හංසි යෙ මාව අගය කළාට....
      ජයවේවා

      Delete
  12. බඩගින්නක් ආව බන් කාල එන්නම් :D

    ReplyDelete
    Replies
    1. හාකො... කාල එන්ටකො..... :D :D :D :D

      Delete
  13. මේ සම්මානේ කතාව මොකක්ද බන්. මම කීප තැනක දැක්කා. මොක වුනත් උඹට සුබ පැතුම්!!

    මහේෂ්...මම උඹේ මේ කතාවට හරිම කැමතියි. හරිම විවෘත, හෘදයාංගම ලිපි පෙළක්. ඔය කියන ජාති ඔක්කොම කාලා තියෙනවා මමත් ගජූර් හැර. ඒ මොනවාද...

    සව්බොරවා වල ඉස්සර නම් යම් තරමකට සව් ඇට තිබුනා. ලෑතර කියලා කෑමක් අහලා තියෙනවාද...අනික බිබික්කම්.

    උණු පානුයි, කලටි පොලුයි මගේ ප්‍රියතම ඉස්සර.

    ReplyDelete
    Replies
    1. //උණු පානුයි, කලටි පොලුයි මගේ ප්‍රියතම ඉස්සර.//

      හොරට කඩා ගත්ත පොල් ගෙඩියක් පත ගලකින් තලල ගත්තම තමයි පාං වල රස වැඩි

      Delete
    2. @ අරූ අය්ය...
      ඔයා නොහිටපු දවස් වල එකතුව කියල වෙබ් අඩවියකින් සංවිධානය කරල තිබ්බ ඉවෙන්ට් එකක්... ඔයා දාන්න තිබ්බෙ දැම්ම නං ලොවෙත් නෑ... එකම තමා...
      අපේ හුගක් අය ඒකට ඉිදිරිපත් වෙලා තිබ්බෙ නැ... ඒක හන්ද මට ඒක ඒ තරං දැනුන්නෑ අරූ අය්ය...
      ස්තූතියි හොදේ...
      ගජූර් කියන්නෙ ත් ලොන්ඩ පතුරු වලටම තමා ලොන්ඩ පතුරු නං දන්නව ඇති නෙව...
      ලෑතර කියන්නෙ කහ පාට ලොකු බිස්කට් වගේ එක්කට නේහ්...
      බිබික්කං අහල තියේ කාල නෑ....
      උණු පානුයි, කලටි පොලුයි මගේ ප්‍රියතම ඉස්සර.///
      ආයෙ මොනවද ඕනෙ ඕව තියේ නං... නැද්ද මං අහන්නෙ...

      @ විදානෙ....
      වත්ත අපේ නෙවී නෙ.. ඉතිං හොරට මයි කැඩුවෙ...
      මොනවද මංද අමුතු හොර රහක් නං තිබ්බ තමා...
      හෙක් හෙක්...

      Delete
    3. විදානේ.....අපි ඉස්සර 9.30 ෆිල්ම් එක බලලා එන ගමන් රෑට හොරෙන් පොලයක් කඩාගෙන බේකරියෙන් පාන් ගන්නවා.

      Delete
    4. මහේෂ්.......ලොන්ඩ පතුරු දන්නේ නැහැ. උඹ හරියටම හරි ලෑතර කහපාට රොටියක් සයිස් ලොකු බිස්කට් එකක්. කෑලි කඩලා විකුනුවේ. බිබික්කංවලට පොල් කේක් කියලාත් කිව්වා.

      Delete
    5. 9ග30 ට දැං කොහෙවත් පිලුම් පෙන්නන්නැති එකමයි හොද නැත්තං මේ වෙද්දි රත්ත කොල්ලගෙ වීස විතරක් නෙවී කෑම කාඩ් එකත් කපල...
      හෙක් හෙක්...
      ලොන්ඩ පතුරක පිංතූරයක් දාන්නංකො.... හෙක් හෙක්... අර බිස්කට් එකේ නම අමතක වෙලා හිටියෙ නැත්තං කාල නැතිව නෙවී ඒකත් එක් කරන්න ඕන...
      බිබික්කං පොල් කේක් සමානයි කියල දන්නව නං ඒකත්ලියල දානව...
      අය්යෝ මං හිතං උන්නෙ බිබික්කං පොල්කේක් කියන්නෙ කෑම දෙකක් කියල
      හය්යෝ

      Delete
    6. බිබික්කං හා පොල් කේක් කියන්නේ කෑම දෙකක් තමයි.. එක ලඟින් යනව.. ඒත් බිබික්කං වලට පොල් කේක් වලට වඩා ගොඩාක් පැණි හකුරු හා රටඉඳි මුද්දරප්පලං දානව. ආයෙ කියන්නෙ කෑල්ලක් කඩනකොට පැණි මිරිකෙන්න තියෙන්න ඕනි. දකුණේ වයසක අම්මල බිබික්කං හදන්න හොඳට දන්නව. එච්චර කළමනා දාන්න දැන් බැරි නිසා වෙන්නැති බිබික්කං යට ගිහින් පොල් කේක් උඩ ඇවිත් තියෙන්නෙ.

      තව එකක්. අපි පොඩිම කාලේ අපේ ගෙවල් ලඟ කඩයක් තිබ්බ ඒකට කිව්වේ 'නයිස්' කඩේ කියල. මොකද ඒ කඩේ විකුණන්න තිබ්බ අපි 'නයිස්' කියල කියපු පැණි රස පපඩමක් වගේ එකක් පපඩමටත් වැඩිය තුනියි හැබැයි පුංචි රබානක් විතර ලොකුයි. ඒ කාලේ සත පහට දෙකක්ද කොහෙද දුන්න. කටට දා ගත්ත ගමන් උඩ තල්ලෙ ඇලෙනව. මං සැරයක් කියල තියෙනව වගේ ඔය 'නයිස්' කියන නමනං අපේ උන් ලේසියට දා ගත්ත ඉන්ගිරිස් නමක් වෙන්න ඕනි. මට නිකමට හිතුන ඔය ලොන්ඩ පතුරුයි කිව්වෙ ඒවවත්ද කියල.. ඔය මන් කියපු වර්ගෙ දන්න එකෙක් ඉන්නවනම් කියපල්ල.

      Delete
    7. නයිස් දන්නවා බං....ඉස්සර දෙපැත්තකට වීදුරු ගහපු පෙට්ටියක නයිස් පුරෝගෙන සීනුවක් ගහගෙන යනවා. බොම්බයි මුටයි මෑනුත් යනවා. ඒ දෙන්නා ටයිමින් හදාගෙන තියෙන්නේ. වෙන වෙන වෙලාවල්වලට යනවට ලමයි කැමතියි. තව මතකද...පොලිෂ් කරපු උණ බම්බුවක කෙලවරේ පැණි රස පටියක් වගේ කෑමක් බටේ උඩ ඔතාගෙන...දූවිලි වදිනවාට පොලිතින් බෑග් එකකින් වහගෙන සීනුව ගගහා යනවා. සත දෙකට, තුනට, පහට ඒ ඒ ගානට අර ඔතලා තියෙන එකෙන් කඩලා දෙනවා. නම මතක නැහැ. නගරබද පැතිවල තිබුනා.

      උඹේ බිබික්කම් කතාව හරියට හරි!!

      Delete
    8. කලණ මිතු ස්තූතියි බිබික්කං කතාවට... මං කෝමත් දැකල වත් නැති කාල වත් නැති දෙයක් තමයි බිබික්කං...
      ලොන්ඩ පතුරු වෙනස්... මං මතක් වුනොත් ඊළග එකේ දාන්නං පිංතූරයක්... හොදේ...

      අරූ අය්ය කියන්නෙ ලොලිපොප් වල ආදාතමය ගැනද ඔය... දැකලවත් නෑ අය්යෝ... ආයෙ මොනවද වෙන...
      නයිස් වත් 2අහල නෑ නෙව සෙක් ඉතරක්

      Delete
  14. සුභ පැතුම් සාම්මානේට ...

    කැම විතරයි දැක්කෙ ,බේකරියෙන් පාන් හොරම් කරපු හැටි මතක් වුණා උණු පාන් මාර රසයි ,මං නම් කලටි කුරුම්බා එක්ක පැණි දලා කලා තියෙනවා මාර රසඑකට මං මේ කතා සැට් එකට මං නම් බොහෝම කැමැති ..

    ReplyDelete
    Replies
    1. //සුභ පැතුම් සාම්මානේට ...//

      සම්මානෙට සුභ පතල වැඩක් නෑ බොලේ ඕක ගත්ත එකාට සුබ පතපිය

      Delete
    2. ස්තූතියි සහෝදර....
      කැම විතරයි දැක්කෙ///
      යකෝ මේකෙ තිබ්බ එක අකුරක් වත් දැක්කෙ නැතෙයි... :D :D :D :D මගුලයි...
      හෙක් හෙක්...
      අඩේ බේකරියකින් නං උස්සල නෑ... ඒත් ඉස්කෝලෙ කැන්ටින් එකෙන් නං උස්සල තියේ...
      හෙක් හෙක්....
      බර බලන්න ඈ.... :D :D :D :D
      කලටි එක්ක සීනි තමා.. මොකද පැණි ගත්තොත් බඩු මාට්ටු අපේ අම්ම පැණි බෝතලේටඇහැ ගහන් හිටියෙ... මොකද අල්ලට හලං ලෙව කනව කියල...
      හිහි..

      @ විදානෙ...
      සම්මානෙට සුභ පතල වැඩක් නෑ බොලේ ඕක ගත්ත එකාට සුබ පතපිය///
      කාට කියන්නද...
      :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

      Delete
  15. ඔන්න මගෙනුත් සුබපැතුම් :-D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හොදේ...
      :D :D :D :D

      Delete
  16. සම්මානයට උණුසුම් සුබ පැතුම්...

    ගල් බනිස් කන්න ඉස්සර අපිත් හරිම ආසයි. කියලා තිබුන ඒවයි කීයෙන් කීයද අද කඩවල ගන්න තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. අල්ලපු වත්තේ පාත්තියෙන් කඩාගත්ත අමු මිරිස් කරලක් එක්ක තමයි ගල් බනිස් වැඩියෙන්ම රස.. ෂැහ්

      Delete
    2. ස්තූතියි තුශානි....
      සමහර දෙස්වල් නං තාම මෙහෙ හදනව.. ඒත් අර අරූ අය්යකියල තිබ්බ බිබික්කං ලෑතර වගේව නං නෑ...

      විදානෙ...
      හරක් මස් එක්ක මාස්මෙලොස් කාල තියනවද...

      Delete
  17. මේ ඔහේ ලියන්නේ මගේ කථාවද??

    එච්චරටම දැනෙනවා...

    ස්තුතියි මහේෂ්...

    සම්මානයට ප්‍රාත්‍රවීම ගැල සතුටුයි... දිගු ගමනකට සුභ පැතුම්..

    ජ ය වේ වා ර්‍ර්‍

    ReplyDelete
    Replies
    1. හැම වචනයකටම ස්තූතියි විදානෙ...
      ඒ විතරක් නෙවී තැනිං තැනිං එල්ලිල තියෙන රිප්ලයි කමෙන්ටු ටිකත් ඒ වගේමයි...
      පට්ට...
      සමාර විට 80 දශකයෙ අග භාගයෙ ඉපදුණ බහු තරයක ගෙ කතාව වෙන් ඇති නෙහ්...
      හෙක් හෙක්...
      ස්තූතියි සුභ පැතුමට
      ජයවේවා

      Delete
    2. මං මුලම බාගේ

      Delete
    3. එහෙම නං ඉතිං රජ ඇම්ඩන්ල සැට් එකේ වෙන්න ඕන...
      හෙක් හෙක්

      Delete
  18. උඹට FaceBook එකේදි නම් සුභ පැතුවා. නමුත් ඒ මදි. මහේෂ් උඹට ඊලඟ පාර පළමු ස්ථානයට පත්වෙන්නට ලැබේවා කියලා මම පතනවා.

    හරි. මේ කතා කියවලා මම හැමදාම හිතෙන් හිතන දෙයක් තමයි "යකෝ විශ්වාස කරන්නත් අමාරුයිනේ මූ කාලා තියෙන කට්ට," කියන එක. ඒ වගේම උඹ ඔය කියන කෑම ජාති, සව් බොර, ඥානකතා, ඉඟුරු ඇඟිලි, විස්කිරිඤ්ඤ වගේ දේවල් අපි පොඩි කාලේ නම් කඩවල්වල තිබුනා .අමුත් අපේ ළමයි පොඩි කාලේ ඒවා දකින්නවත් තිබුනේ නැති තරම් ඔය නෝනිස් බේකරිය, වගේ විශේෂ තැන්වල ඇර. සමහර විට ප්‍රදේශය අනුව මේ දේවල් වෙනස් වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. උඹට FaceBook එකේදි නම් සුභ පැතුවා. නමුත් ඒ මදි. මහේෂ් උඹට ඊලඟ පාර පළමු ස්ථානයට පත්වෙන්නට ලැබේවා කියලා මම පතනවා////
      ස්තූතියි හෙන්රි අය්ය... ඒත් මං අර උඩ අරු අය්යට කීව වගේ තරගයක්එතන තිබ්බෙ නෑ නෙව කොටිංම ඔයාල කව්රුවත් නැති තැනක ඒ දිනුමෙන් වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙම...
      මොනා වුණත් ස්තූතියි බොක්කෙන්ම...

      යකෝ විශ්වාස කරන්නත් අමාරුයිනේ මූ කාලා තියෙන කට්ට,///
      හෙන්රි අය්යඅපි සමහර වෙලාවට විදවනව සහ විදිනව කියන එක ගැන දන්නෙ නැතිව ඇති... (ඒ දවස් වල) සියළු විදීම් විදවීම් සමානුපාත වෙලා තිබ්බ කාලයක් ඒක... හැම කට්ටකම රහක් ඇර වෙන දෙයක් දැක්කෙ නෑ... සමාර විට ඒ කාලෙ හැටියට අනිකු හුග දෙනෙක්ට වඩා සතුටෙන් හිටිය අපි... ඒ මොනවත් වැඩි ආසාවක් නොතිබ්බ හන්ද වෙන්න ඇති නැත්තං අපි හිටපු සාවියෙ අපිටම සමාන වත්කම් ඇති අය හැර වෙන අය නොහිටපු හන්ද වෙන්න ඇති... ඒක කියන්න තරං තේරුමක් නැතත් අපි ඒ ඒ දවසට ජීවත් වුණා... ඒක සතුටක්... දුකකට වඩා....

      අපේ පැති වල නං තාම තියෙනව කුඹුරු වැඩ කාලෙට අනික් දවස් වලට වඩා වැඩියි... මොකද කට්ටියට තේ දෙන්න ගෙනියවනෙ...
      ජයවේවා

      Delete
  19. උඹ අරූව අනුකරණය කරනවාද???

    ReplyDelete
    Replies
    1. හී.... නැත.. ඒත් විදපු විදවපු දේවල් අමුවෙන්ම කියනව නං හොදයි කියල හිතුණ... ඒකයි මුල ඉදලම මෙහෙමම ලීවෙ...

      Delete
  20. උණු උණු පාන් කෑල්ලක් එක්ක කුරුම්බ කෑල්ලක් හැපෙනකොට තියෙන රස...වැඩක් නැහැ කියල.

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්... ඒක අමුතුම ආතල් එකක් නැද්ද උමේෂ්...
      කලටිත් නැති පොලුත් නැති මදත් එක්ක උණු පාං... හම්මේ දිවිය ලෝක රහ පරාදයි...

      Delete
  21. හොර පොල් කඩල විකුණලා පාන් ගෙනැත් කලටිත් එක්ක කාපු හැටි මතක් උනා මහේෂ්.ඒ රහට ගහන්න රහක් ආයෙ නෑ.දැනුත් මතක් වෙනවා.මොනවද ඉතිං උණු පාන් ගෙඩියක් දෙකක් උනත් කලටිත් එක්ක ඇඟට නොදැනී බස්සන්න පුළුවනි.ගල් ගිල්ලත් දිරවන කොලු වයසනෙ.

    ReplyDelete
    Replies
    1. වැඩිම රහ තියෙන්නෙ හොරෙං කඩල විකුණල ගන්න සල්ලි වලිං ගන්න පාං හොරපොල් එක්කම කද්දි නේහ්...
      හෙක් හෙක්....
      .ගල් ගිල්ලත් දිරවන කොලු වයසනෙ.////
      සිරාවටම ඒක නං ඇත්ත ම ඇත්ත කතාව...

      Delete
  22. අම්මප බං උඹෙ මේ ලිපි සෙට් එක කියවන කොට මනුව කිව්ව වගේ මටත් මතක් වෙන්නෙ උපන්දාසිට, අපේ ගම පොත් ටික..
    පව් බං අර තෙඹේ.. :D
    //ස්කිරිඥ්ඥා,සවුබර, හුලං විස්කෝතු,ඉස්පන්චි ටී බනිස්,ක්‍රීම් බනිස්,කිඹුල බනිස්,රෝස් පාන්,පොඩි වන්ඩු,//
    යකෝ දැන්නං යකෙක් කන්න බඩගිනියි..

    සම්මානෙට මං බුකියෙදි සුභ පැතුවා ඈ...

    ReplyDelete
    Replies
    1. හිහි...
      අගය කලාට ස්තූතියි ඈ....
      අඩේ බලපං ඇද යට සමාර විට යකෙක් ඇති හැංගිල...
      හෙක් හෙක්

      Delete
  23. මොකක්ද බං මේ සම්මාන කේස් එක?? මට හරිහැටි නිච්චියක් නෑනේ බං!!!!
    මොනවා වුණත් ඕං මොකක් හරි සම්මානයක් හම්බුණාන්ං අපෙකුත් සුබ පැතුම් ඈ!!

    //බොන්නම ඕන නෑ යකූ සිංහය බඩට එන්න//
    මහේශ් අය්යේ!! උඹේ කටේ ම්සුරං දාන්න වටිනවා බං මේ කියලා තියෙන එකට!!!

    උණු උණු පාං එක්ක කලටි-පොල්, මම ආසම කෑමක්!!! ඉස්සර පොඩි කාලෙ අපිත් ඉඳලා හිටලා එහෙම කාලා තියෙනවා!! ලොකු ලොකු හෝටල් වල ලොකු ලොකු ගණං වලට තියෙන අමුතු අමුතු කෑම වල වත් නෑ බං ඒ තරං රහක්!!!

    ReplyDelete
    Replies
    1. ලොකු ලොකු හෝටල් වල ලොකු ලොකු ගණං වලට තියෙන අමුතු අමුතු කෑම වල වත් නෑ බං ඒ තරං රහක්!////
      අම්මප යකෝ ඈ.... ඒක නං මසුරං කතාව...
      අපි කනව මිසක් බොන අය නෙවීනෙ නැද්ද ගයා... ඉතිං බොන්නඕන නෑ... හෙක් හෙක්...
      අරූ අය්යට දාල තියෙන කමෙන්ටුව බලාපං මචෝ තරහ නැතිව වස කම්මැලි බං ආයෙ කොටන්න ඕක..
      ස්තූතියි මචෝ අගය කලාට මාව... ජයවේවා

      Delete
    2. ඒකතුවෙං දීපු සම්මානෙ ද?? ඒකට ඉදිරිපත් වෙන කාලෙ නං දැක්කා. ඒත් ඉතිං මට ඒකට දාන්න තරං ලිවිල්ලක් නැති නිසා දැම්මෙ නෑ. ඊට පස්සේ බැලුවෙත් නෑ. ඒ නිසා දිනුවෙ ඔයා කියලා දැනං උන්නෙත් නෑ. ඒ ගැන සමාව!!!

      අපි නං බොයි ඔය දහජරාව!!! බොන ඒකාලා කැමතිත් නෑ බං අපි ඉන්න තැං වල බොන්න. බයිට් ටික අපේ බඩට ගියාම උන්ට බොන ගමං හපන්න බයිට් ඉතුරු වෙන්නෙම නෑ නේ!!!

      ගයා??? ඒ මොකාද අයියේ????
      මං පිරේ බං!!!

      Delete
    3. එකතුවෙන් දීපු එක තමා.... ඔන්න ඔහෙ දාන්න තිබ්බෙ බං...
      බයිට් ටික අපේ බඩට ගියාම උන්ට බොන ගමං හපන්න බයිට් ඉතුරු වෙන්නෙම නෑ නේ///
      දාන්ඩ පහක්... හෙක් හෙක් සිරා කතාව... අපේ උනුත් ඒම තමා...

      බොලාගෙ බ්ලොග මං දන්නව මචෝ..නම ගයාන් නෙව
      හෙක් හෙක්

      Delete
    4. හරි නේන්නං!!! ඔය දන්නේ යස අගේට!!!
      (මූණ-පොතෙත් අපි යාලුවො නේ බං ඉතිං!!!! ^_^  ^_^  )

      බලොග් ගෙට්ටුවක සෙට් වෙන්න පුළුවං වුණොත් අපි දෙන්නා බයිට් වලට දෙමු හවුලේ ගේමක් අෑ?? දාන්න තැපෑලෙං පහක්!! (අත දිග මදි. ඒකයි තැපෑලෙං)

      Delete
    5. ඔන්න දැම්ම පහක්...
      හෙක් හෙක්... අනිවා ඔය ප්‍රියා දේශ එහෙම සැට්ටෙද්දි බයිටෙට දෙන්න ඕන ගේමක් ආයෙ කස්ටියට බොන්න එපා වෙන්න... මොකද කියන්නෙ

      ඇයි බං තැපෑලෙන් එව්වෙ.. කවද එයිද දන්නෑනෙ.. සැක්...
      හිහි

      Delete
    6. සෙට් වුණොත් කිව්වෙ බං, මට ලේසියකට ඔව්වට එන්න වෙන්නෑනෙ!! :(
      අාවොත් අනිවා දෙනවා බැටේ!!! මහේශ් අයියත් මං එක්ක ඉන්න එක මට ලොකු හයියක්!!!

      තැපෑලෙං කිව්වේ බං ගුවං තැපෑලෙං (අපි ඒරෝ කොල්ලො හරී!!!) හරි ඊ තැපෑලෙං හරි බං. ඒවා ටිකක් ඉක්මං!!!

      Delete
    7. එන්න ට්‍රයි එකක් දීපං පිරේ මොකද තව කල් තියනව නෙව නැද්ද

      Delete
  24. මේ හොර තඩියා එක්ක කොමෙන්ටු දාපු කම්බ හොරු සෙට් එකත් නියමෙට කැපෙනවා. අනේද කියන්නේ...

    පුදුමයි... මෙහෙම කතා පාරදිගේ, මඩොල් දුව, කල්ලන්දුවේ මුතු කොල්ලය වගේ පොත්වලින් දැක්ක මිසක්..., ඉරිසියයි... මම හිතන් හිටියේ මම හෙන 'සිරා' කැලෑ පාලුවෙක් කියල. බලනකොට.. චඃ... විලිලැජ්ජාවයි!

    ස්තුතියි මේවා බෙදාගන්නවට

    ReplyDelete
    Replies
    1. හොරුන්නෙත් හොරු කම්බ හොරු කියනව නෙව උපේක්ෂා... හෙක් හෙක්....
      මම හිතන් හිටියේ මම හෙන 'සිරා' කැලෑ පාලුවෙක් කියල. බලනකොට.. චඃ... විලිලැජ්ජාවයි///
      ඒත් උපේක්ෂා කරල තියෙන සමහරදේ අපි කරලත් නෑ අනික තමා හුගක් අය ඉන්නව මේව කියන්න ටිකක් අකමැතියි... අපි ඔහෙ සැන්ටින් නැතිවමකියල දැම්මට...
      ස්තූතියි හොදේ.....

      Delete
  25. බඩජාරියා !! :D

    මේ ලිපි සෙට් එක එල.

    ReplyDelete
    Replies
    1. හී................................
      ස්තූතියි ඈ.............

      Delete
  26. ගෙදරින් වලි දාගෙන බෑන්ඩ් ගහපු කාලෙ ගල් බනිස් අපෙත් ප්‍රියතම කෑමක්. වියදමත් බොහොම අඩුයි...ගල්බනිසක් තනි බඩට හලලා වතුර ටිකකින් පෙගුවාම නැති වූ කායශක්තිය ඉක්මනින් ලැබුනා. බඩගින්නක් ලාවට දැනෙද්දි ආයෙත් වතුර ටිකක් බඩට හලන්නයි තියෙන්නෙ...මේ ක්‍රමය කීප වතාවක් කරමින් දවසක් ගත කරගන්න ගල් බනිස් අපිට සෑහෙන්න ඒ කාලෙ පිහිට උනා.

    ReplyDelete
    Replies
    1. ගල් බනිස් තමා අඩුවට ගන්න පුලුවං බඩ පිරෙන්න තියෙන හොදම දේ ගල් බනිසුයි කුරුම්බ වතුරයි...
      හෙක් හෙක්....
      සෑහෙන්න වටින වැඩ අපිකරල තියෙනවනේහ් හරිනං නොබෙල් ප්‍රයිස් එක දෙන්න ඕන අපි මේ කරන සොයාගැනීම් වලට...
      හී.........................

      Delete
  27. සවිබොර, ඥානකතා, මල් බිස්කට්, ඇඟිලි විස්කෝතු

    මේවට තියෙන බඩජාරි කම තාමත් ඇරිල නෑ.

    ReplyDelete
    Replies
    1. දකින දකින පාරට කෙල හලාගෙන ගිහිං කන්න පොරකන්නෙ ඉතිං කොහොම ඔය බඩජාරි කම් අඩු වෙන්නද එන්න එන්න වැඩි වෙනවම මිස

      Delete
  28. අම්මෝ, පොඩි කාලෙ මං කන්න කැමති කෑමම නෙ ලියල තියෙන්නෙ. ගල් බනිස්, සූකිරි බරෝ, හුලං විස්කෝතු. ඇඟිලි විස්කෝතු කියන්නෙ අර ඉඟුරු රහ එක නේද?

    කතාව ආයාසයක් නැතුවම කියවගෙන ගියා. රසවත්ව ගොතල තියෙනවා. මොකද්ද සම්මානෙ?

    ReplyDelete
    Replies
    1. පොඩි සම්මානයක් අප්ප... එකතුව වෙබ් එකෙන් දුන්නෙ...
      ඇගිලි විස්කෝතු කියන්නෙ ඉගුරු රහඑකට තමා...
      ස්තූතියි නිල් මානෙල් අදහසක් එක් කළාට

      Delete
  29. ගල් බනිස්, විස්කිරිඥ්ඥා, ලොන්ඩ පතුරු හෙවත් ගජූර්, ගල් ටොපි, ලෑතර... අපිට ජීවිතේට දකින්නවත් ලැබුණෙ නැති කෑම ජාති.. :'(
    නියමයි ලිපිය.. ලැබුණු සම්මානෙටත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. දකින්නවත් ලැබුණෙ නැති කෑම ජාති.. :'( ////
      ඈ මචෝ තනි ඇහැට ඇඩෙනව නෙ....
      ඇත්තමද අශාන් කිව්වෙ....
      හය්යෝ සල්ලි....

      කමන් නෑ ඉස්සරහ දවසක කන්න හම්බුනොත් බලන්නකො රහ කෝමද කියල...

      සාදරයෙන් පිිළිගන්නව අවන්හලට.....
      ජයවේවා

      Delete
    2. ඔව්.. 1993දී ඉපදිච්ච එකේ පාපය.. :/
      මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක දිගේ මාත් ආවෙ මේ පැත්තට.. ජය වේවා! :)

      Delete
    3. තාම තියේ හොයාගන්නව නං මචෝ...
      හිහි...
      අවාරෙට පොල් වැටෙනව වගේ නැතිව දාහං මචෝ මං හෙන ආසයි තරු කතා වලට..
      ජයවේවා

      Delete
  30. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  31. අම්මෝ කිඹුලා බනිස්, ජෑම් පාස් එහෙම මාත් ඉස්සර මාර ආස කෑම. ගල් බනිස් ගැනනම් මතකයක් නෑ. ඒක ටී බනිස් වලට වඩා වෙනස් වෙන්නේ කොහොමද? මම තවත් ඔහොම ආස කෑමක් තමා සීනි පොල් කොහු. අම්මා එක්ක ඉස්සර හැම සෙනසුරාදාම පොලේ යනවා ඒවා කන්න :)

    ReplyDelete
    Replies
    1. ගල් බනිස් අක්කෙ ටී බනිස් වගේ නෙවී බරයි බනිස් හැඩය නිසා විතරයි රහ වෙනස් බර වෙනස් ගුරු පාට වගේ තනිකරම හුලං වගේ ටී බනිස් වගේ නෙවී ගල් බනිස් නං පට්ටයි...
      සිනි පොල් කොහු කීවෙ ??????
      ඇත්තටම අදයි ඇහුවෙ............... ඔය කියන්නෙ බොම්බ මොටයි ගැනද....

      Delete
  32. මගෙ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකෙන් තමයි පාර හොයාගෙන මේ පැත්තට ආවෙ.
    මොකද්ද මේ සම්මානයක් ගැන කියන්නෙ???

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      එකතුව වෙබ් එකෙන් පහුගිය දවසක අංශ කීපයක් යටතේ වර්ග කරල බ්ලොග් තේරුව...
      මටත් එකක් හමුබුණා... ඒක මචං...
      ස්තූතියි මෙහෙ ආවට....
      ජයවේවා

      Delete
  33. අදනෙ ගොඩ උනේ අවන්හලට.. බඩජාරියා 2 කියවල ආපහු එකත් කියවලා ඇවිත් තමයි මෙ කොමෙන්ටුව දාන්නේ.. බඩජාරියෝ.. මේක කියවද්දිනම් මගෙ කටට කෙල ඉනුව.. අපේ පලාතේ හැටියට අපිට හැමේකටම තිබ්බෙ තේ ගස්.. පොල් නෑ රබර් නෑ. හැබයි කෑම ජාතිනං අඩු නැතිව තිබ්බ. උම්ම්බල ඔය පොල් වතුවල දාපු හැම සෙල්ලමක්ම වගේ අපි දැම්මේ තේ වතු වල.. මොන එහෙකටද මංදා.. අපේ පැතිවල ඔය සමහර කෑම, පළතුරු වලට කියන්නේ වෙන නං.. සමහර ඒවා ඉන්ගිරිස් නම්. ඔය ඥානකතා වලට අපි කිව්වෙ රයිස් කියල, හුළං ඉස්කෝතු වලට කිව්වෙ බටර් ඉස්කෝතු කියල, මල් බිස්කට් වලට පැරල් කියල.. මල් පැරල් කියලත් කියනව.. ඇඹිල්ල වලටත් වෙන මොකක්දෝ ඉන්ගිරිස් නමක් කිව්ව දැන් මතක නෑ. එරමිණියයි කිව්වෙ අර පස්සෙ දාල තියෙන පින්තූරෙ එව්වටද? එව්වනම් අපේ පැත්තෙ තිබුනෙ නැද්ද කොහේද.. අපිට මොකුත්ම කන්ඩ නැති කාලෙට කාපු ජාතියක් තිබ්බ 'හිඟුරු' කියල.. පට්ට කටු ගාලේ ලස්සන පොඩි දම්පාට මලක් එක්ක පොකුරට හැදෙන්නෙ. තද දම් පාටට ඉදුනාම පට්ට රහයි. හැබැයි මුලු පොකුරම පුංචි ලොවි ගෙඩියකට වැඩිය පොඩියි.. කඩනවටත් පාඩුයි...ඒක නිසා කෝඩෙම ගහපු වෙලාවක විතරයි කන්නේ. අපිට ඉතින් වැඩියෙන්ම තිබ්බේ අඹ ජාතියි පේර ජාතියි තමයි. ජම්ඹුත් තිබ්බා කාලෙකට, තව තියෙනව චෙරිස් කියල ජාතියක්, චෙරි නෙවෙයි. පට්ට ඇඹුල්.. ඉදුනත් ඇඹුල යන්නේ නෑ. එතකොට බිලින්.. ඒත් ඒ වගේ. නැතිකමටම කනව චර චර ගාල.. හෙ හෙහ්. ඉඳල හිටල හම්බෙනව ජම්බෝල ගෙඩියක්, කොකෝව ගෙඩියක් එතකොට නෙල්ලි ගහක් එහෙම. ඒව පට්ට මාකට්. ශක්තිවන්තයෝ තමයි ජය ගන්නෙ.

    වැල වරකනං ඕසෙට.. මට මතකයි මං පොඩි කාලේ හිටපු ගෙදරක තිබ්බ වත්ත පුරාම කොස් ගස්. අපි එක එක ගස් බෙදන් හිටිය. හොඳ පැනි වරක ගස් අයියලට.. මං පොඩිම එකා නිසා මට තිබ්බෙ පොඩි වැල ගහක්.. දවසක් පණ්ඩිතය වගේ වැල ගෙඩියක් කඩන්ඩ නැගල, කඩන්ඩ කිව්වට වැල කඩන්ඩ බෑනේ, බාන්න ඕනෙ, මං ලණුවක් හෙම ගැට ගහල කපපි නැට්ට ලණුවට පහලින්. අපේ ගෙදර උන් තාමත් මට ඕකට හිනා වෙනව.. විස්වාස කරපන් මං ඒ ගෙදර හිටපු කාලේ උපරිම ගියෙ හෝඩියෙ පන්තියට විතරයි.. ඒ කියන්නේ අවුරුදු 5 කුත් නෑ මට ඔය සිද්දිය වෙනකොට. පොඩ්ඩක් හිතපං අද අවුරුදු 5ක පොඩි එකෙක් වැල ගෙඩියක් බාන්ඩ ගහකට නගීද කියල බෑව නැතා වෙනම එකක්..

    අම්මපා අද පොඩි උන්ගේ ජීවිත ගැන හිතනකොට හෙන දුකයි බං.. මං අපේ උන් දෙන්නවනං පුළුපුලුවන් වෙලාවකට එක්ක ගිහින් ඔයකට හෙම අතෑරල ඉන්නව පොඩ්ඩක් නටන්ඩ, මාළු පැටවු අල්ලන්ඩ.. ඒත් ඒක නිකන් මගේ හිතේ සැනසීමට කරන එකක් විතරයි..

    ආසාවෙන් කියෝනව.. දිගටම උඹේ බඩජාරි වැඩ ලියපං මලේ. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ආතල් කමෙන්ට් එක!!!!

      Delete
    2. අරූ.. ආතල්ම එක මේක නෙවෙයි..පොඩ්ඩක් බලාගෙන හිටියනං.. මං මේක කියෙව්වේ අහම්බෙන්..මහේෂ් ගෙ අවන්හලට අදමයි ගොඩ උනේ. මේ දවස් දෙකේ ෆුල් බිසී.. අවුල් වන්නට පෙර කියවනව.. ඊයෙ කොටස් 21යි. අද මේ වෙනකොට 43ත් ඉවරයි.. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච වෙලාවක මේ කොමෙන්ට් එක දැක්කෙ. අවුල් වෙන්ට කලින් විතරක් කියෝනවනං මෙලහැකටත් ඉවරයි. ඇයි ඉතින් කොමෙන්ට්ස් ටිකත් කියවන්න ඕනෙනේ. අතර මග කොමෙන්ට් නොකර ඉන්නෙ බොහෝම අමාරුවෙන්.. ඔන්න 48 කියවල ඉවර වුනාම දාන්නම් එකපාරම කොමෙන්ට් එකක්.. ජය ශ්‍රී!

      Delete
    3. කල්‍යාණ මිත්‍ර......උඹ මාර පොරක්නේ...ඒ මාගල ලේසියෙන් කියවලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමේ. අතරමග කමෙන්ට්ස් දාන එක ගැන මහන්සි වෙන්න එපා. නෝ වොරීස්!!

      Delete
    4. ///පොඩ්ඩක් හිතපං අද අවුරුදු 5ක පොඩි එකෙක් වැල ගෙඩියක් බාන්ඩ ගහකට නගීද කියල බෑව නැතා වෙනම එකක්..
      අම්මපා අද පොඩි උන්ගේ ජීවිත ගැන හිතනකොට හෙන දුකයි බං..///
      සිරාවටම කියනවනං, අද කාලේ පොඩි උං විතරක් නෙවෙයි, ඒ කාලේ දවසම වඳුරෝ වගේ ගස් උඩම උන්නු අපිටවත් දැං හරි හැටි ගහකට නැගගන්න මාර ගේමක් දෙන්න වෙලා බං. ගස් නගින හැටි මතකත් නෑ වගේ. ඒ තරං අමාරුයි!! පොල් ගස් නගින්න නං කොහොමත් දැං බෑ [මෙච්චර ඉක්මනට අපි නාකි වෙලා :-( :-( ]

      ///මං අපේ උන් දෙන්නවනං පුළුපුලුවන් වෙලාවකට එක්ක ගිහින් ඔයකට හෙම අතෑරල ඉන්නව පොඩ්ඩක් නටන්ඩ, මාළු පැටවු අල්ලන්ඩ.. ඒත් ඒක නිකන් මගේ හිතේ සැනසීමට කරන එකක් විතරයි.. ///
      හිතේ සැනසීමට හරි ඒ කරන දේ සෑහෙන්න වටිනවා කල්‍යාණ මිත්‍ර!!! අඩු තරමේ ඔයක් කියන්නේ මොකක්ද කියලා කොටිං ම නොදන්න මිනිස්සු තමයි දැං කාලේ වැඩිපුර ඉන්නේ!! ඒහෙව් කොට, ඔයාගෙ පොඩ්ඩො දෙන්නට පොඩි හරි අත්දැකීමක් දෙන්න ලැබුණෙ වාසනාවට!!!
      ඒ අාතල් දැං කාලේ හොයන්නත් නෑ. අපි ඒ විදිහට අාතල් ගත්තු ගම්-පලාත් වලට දැං ගියාට ඒ පරිසරය ඒ පැතිවලත් දැං නෑ. මුලු ලෝකෙම වෙනස් වෙලා කියලා දැනෙනකොට මාරම දුකයි!!!

      Delete
    5. කල්‍යාණ මිතු...
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට...

      ඥාණ කතා වලට වෙනත් නං තියෙනව කියල ඇත්තටමඅදමයි දන්නෙ... සමහර ඒවට නං වෙන වෙන නං කියනව කියල දන්නව... හෙක් හෙක්...
      ජම්බෝල බිලිං එතකොට නෙල්ලි බිලිං අනං මනං මට අමතක වෙච්ච ස්තූතියි මතක් කලාට...
      අපිත් ඉදල හිටල ඔය ශක්ති වන්තයන්නෙ කෙණහිලකම් වලටෙ නං අහුවෙනව.. ඒත් ගාණක් නෑ මොකද එතන නැතත් වෙන තැනක ඒ නතත් වෙන දවසක අපි ට කියල දන්නවනෙ...
      හිගුරු ගෙඩි නං අමුතු රහක් තමා තියෙන්නෙ ඔය ඉස්කෝලෙ එහෙම ගියාම විට කන්න නෑනෙ ඉතිං ඔය කොල ගෙඩි ඇරං විට කනව වගේ කනව ඒකෙත් පොඩි කික් එකක් තියේ...

      අර යටිං තියෙන පිංතූරෙ මා දං... දං වල ලොකු අය්ය... දං තරං රහක් නැති වුණත් නෑ මයි කියන්න බැ.. තේ වැවෙන පැති වල දං හැදෙන්නෙ නෑ මංහිතන්නෙ සීතල හන්ද...
      කැටකාල එහෙම කාල තියෙනවද... හෙක් හෙක්..

      ඒකනං ආතල්ම කොමෙන්ටුවක් තමා අරූ අය්ය... මට අර වැල ගෙඩිය බාපු හැටි කියද්දි හිනා ගියා... ඒ කාලෙ හැටියටඒ වගේ වයසක වුනත් ඒ වගේ දෙයක් වුණා නං මට දිව හපං මැරෙන්න වෙන්නෙ... හිහි
      මාත් කාලයක් හිතං හිටිය අරූ අය්යගෙ කතාව මුල ඉදං කියවන්න කොහෙද මේ මෙලෝ රහක් නැති වැඩ හන්ද ඒක හැමදාම පස්සට... සැක් ඉතරක්..

      @පිරේ උඹකියන වචන වලත් මාරඇත්තක් තියේ බං..
      සමහරක් හිතන් ඉන්නෙ අපි ඒ කාලෙ කරපු කියපු වැඩ ගැන කියනෙක හෙන ගොං ලැජ්ජ හිතෙන වැඩ කියල ඒත් ඒවි ආතල් එක බොක්කෙන්ම විදපු අපිට ආයෙ වෙන මොනාද නේද බං..
      මමත් දවසක මගෙ පොඩි උංට මං විදපු ඒවම නැතත් ඒකෙන් බාගයක් හරි අත්දැකීම් දෙන්න ට්‍රයි එකක් දානව...

      ජයවේවා..............!!!

      Delete
    6. පිරේ කවද්ද බං බොරු කිව්වේ!!
      ඒ දේවල් වල අාතල් නොදන්න පොශ් උං රැලක් අාශ්‍රය කරන්න වෙච්ච ඒකටත් වඩා මට නං සිරාවටම ලැජ්ජා හිතෙන්නේ මං ඉස්සර කරපු දේවල් දැං කරගන්න බැරි කම. හිතහංකො බං 30ක් වත් වෙන්න කලිං ගස් නලින්න බැරි නාකියෙක් වෙනවා කියන්නෙ මොන ලැජ්ජාවක්ද හම්මේහ් අෑ!!

      Delete
    7. ඔය පොස් පොස් උං ඉන්නව නේද ඕ කුං අපිට වඩා කබ්බො බං...
      ගණං ගන්න එපං

      Delete
  34. ආසාවෙන් කියෙව්ව. තාමත් කටට කෙල උනනව අර පානුයි පොලුයි ගැන කියනකොට.

    ReplyDelete
    Replies
    1. හිහි... පානුයි පොලුයි...
      සමහර අය නං මේක දක්කම හිනා වෙනව ් මොන ජාතියෙ කෑමක්ද කියල..
      ෙහක් හෙක්

      Delete
    2. හෙක් හෙක්... ඔව්ව ඉතින් කාලම බලන්න ඕනි. කිව්වට වැඩිය රහ නෑ. අද කාලෙ පොඩි එකෙක්ට ඕක කිව්වනම් බලතෑකි කට ඇදවෙලා කොර වෙලා යනහැටි. මුන්ට පින නෑ ඕවට.

      Delete
    3. හෙක් හෙක්... අද අම්මල දෙන්නෙත් හොදමදේ නෙව දරුවන්ට...
      ඉතිං මේව මගෑරෙනව... ඊට පස්සෙ ඒ දෙන හොදම දේවල් හන්ද හොස්පිටිතාලෙත් ළගින්න වෙනව...
      අද කාලෙ පොඩි එකෙක්ට ඕක කිව්වනම් බලතෑකි කට ඇදවෙලා කොර වෙලා යනහැටි///
      දාන්න පහක්...
      හෙක් හෙක්

      Delete
  35. //තෙඹයා ගේ වත්තෙන් ම හොරෙන් කඩන පොල් තෙඹයාටම විකුණා (ගොඩෙන් උස්සල එහෙම වික්කෙ නෑ ලු ඔන්න) හිතේ හැටියට කඩචෝරු කා ඇති දවස් ද නෑ යැයි කියන්නට මට බැරි ය// අන්න නියම වැඩේ..තෙඹයා කුම්මැහියෙක් නම් එහෙම කළාට අවුලක් නෑ...ලොල්...

    මාත් ආසයි ඥානකතාවලට...සව්බොර දැන් නම් එපාවෙලා..පුංචි කාලේ නම් සව්බොරයි පොතකුයි තියේ නම් ආයෙ වෙන මොනවද! තව අර සීනි ඇඟිලි/සීනි මුරුක්කු...අන්න එව්වට නම් සදාකාලික පෙරේතකමක් තියේ..:)

    මොකද්ද මේ සම්මාන කතාව..මචෝ මම මේ කාලෙකින් බ්ලොග් බලන්නේ..ඒ නිසා සමාවෙයන්..පහුවෙලා හරි මගේ උණුසුම් සුභ පැතුම් උඹට! තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා!! :)

    ReplyDelete
    Replies
    1. ඌ කුම්මැහියෙක් තමා බුවා ගැනත් වෙනම ලියන්නංකො...
      සව්බර නං කට්ටුය කන්න කැමති දෙයක් නෙවි තමා... මාත් කන්න වෙ දෙයක් නැති වුනොත් කන්නෙ සව්බර...
      තව අර සීනි ඇඟිලි/සීනි මුරුක්කු...අන්න එව්වට නම් සදාකාලික පෙරේතකමක් තියේ..:)///
      ආයෙත් අහල... හෙක් හෙක්

      ස්තූතියි තනි තරු...
      ජයවේවා

      Delete