Wednesday, December 31, 2014

2015 සුභ නව වසරක් වේවා..!!!

ලියා තබා ගන්න 
ඔබේ හදවතේ
අලෝකවත්ම කුටීරය තුළ
ඔබේ ප්‍රියතම වර්ණයන් ගෙන
එළඹෙනා සෑම දිනයක්ම
ඔබේ ජීවිතයේ
හොදම දිනයක්
බවට....



2014 කියන්නෙ මට නං පාර අයිනෙ ඉන්න ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් දැකල හැටට හැටේ පාගපු හෙල්මට් නැති බයික් කාරයෙක් වගේ.. හිතන්නත් කලිං ගිහින් ඉවරයි.. මට මතකයි සමහර වෙලාවල් වලට මම පොඩි පොඩි සිගිති ආතල් ගත්ත... හැම කෙනාම එහෙම කරන්න ඇති. නෑ කියන්න කාටවත් පුලුවන් කියල මම හිතන්නෑ... ඒ ඇරෙන්න  මම ඇත්තටම කියපු (මඩ වත් අපහාසවත් නෙවී පෝස්ට් ගැන මට ඇත්තටම හිතුණ දේ) සමහර දේවල් හන්ද සමහර අයගෙ හිත රිදුණ.. ඇත්තටම මම කාටවත් එහෙම අදහස් කරගෙන දෙයක් කියන්නෑ... මට හිතට දැනෙණ දේ අවංකවම කියනව.. එච්චරයි... තමන් දෙයක් භාර ගන්න විදිය අනුවයි හැම දේම වෙනස් වෙන්න... 

ඉතිං ඒ පහුගිය කතා  වලට යන්න කියල සුපුරුදු පරිදි මගේ හය්යෙන් ඔයාලගෙ පෙට්‍රල් වලින් මේ ගමන යන්නයි මගෙ බලාපොරොත්තුව...  නම් වශයෙන් කියන්න බැරි වුණත් මගෙ වියුණු සටහන ආරම්භයේ ඉදලම මා එක්ක හිටපු හැමෝටම බොහොමත්ම ස්තූතියි... මාත් එක්ක මේ කෙටි කාලය පුරාවටම හිටිය වගේ ඉස්සරහටත් ඉන්න කියල මම ආරාධනා කරනව... 

2015 නව වසර ඔයාලට වගේම ඔයාලගෙ පවුල් වල අයටත් අත මිට හිග නැති කුසගිනි නොම ඇති එළවළු හාල් පොල් පෙට්‍රල් ගෑස් මදි නොකියන්න ලැබෙන 
කෙල්ලො නැති කොල්ලන්ට කෙල්ලො හම්බෙන 
කොල්ලො නැති කෙල්ලන්ට කොල්ලො හම්බෙන
ගල් ඕන උන්ට ගලුත් පොල් ඕන උන්ට පොලුත් අඩු නැතිව හම්බෙන 
ශ්‍රී සුභ නව වසරක් වේවා.............!!!!!! 

Wednesday, December 17, 2014

පාට (ඇති/නැති) වැහි


උස්ව නැගි 
තුගු රුකෙක 
ඉහළම අතු රිකිලි යට
නර්තනයක්ය 
කණමැදිරි..,
පුංචි තරු ඇස් ටිකක්
වළාකුලක් යට 
වැස්සට තෙමෙන 
වෙලාවක...