උස්ව නැගි
තුගු රුකෙක
ඉහළම අතු රිකිලි යට
නර්තනයක්ය
කණමැදිරි..,
පුංචි තරු ඇස් ටිකක්
වළාකුලක් යට
වැස්සට තෙමෙන
වෙලාවක...
මේ දවස් වල අපි බිසී ලු ඈ.. (දන්නෝ දනිති ඉතිං) මාස ගාණකිං බුකියට ගියාම කිඹුලි අක්ක මට black and white අභියෝගය ලෝබ නැතිවම දීල තිබ්බ. මූණු පොතට ඒක අලවන ගමන්ම බ්ලොගටත් ඒකම අලෝල දැම්ම. නැත්තං මේකෙ දැකුළු මල් කඩල ඉවරයක් නැති වෙනව... දැං මූණු පොතේ මේක කියවපු ඈයො සද්ද දානව එහෙම නෙවී හරිද... ආයෙත් මේ වගේ අකල් පොද වැස්සකිං හම්බෙන කං ටටා කීව ඕං ඈ....
පිංතූරය අන්තර්ජාලයට එක් කල JEAN YVES JUGUET හට ස්තූතියි...
අකල් පොද්ද වැස්සක අනෝරා වැස්සකට වඩා මිහිරියාවක් ඇත. නැවුම් සුවඳක් ඇත.
ReplyDeleteජය පතමි.
ස්තූතියි මනෝ
Deleteජයවේවා
මිනි මිනි පොදේ ලා අදුරේ තෙමි තෙමි ගියදා
Deleteඉදහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා
ආසිරි මල් වරුසාවේ නැ අපි තෙමුනේ
වැහි සිරි බලන්නට ඔබ නැ අද කුඩ සෙවනේ
මිනි මිනි පොදේ...
මා හෙළු කඳුලැලි පුරවා වැහිකළු ඒවි
ඔබේ පාමුල මුතු වරුසා ඉසිරී යාවි ..
ගායනය - නිරංජලා සරෝජනී
ගී පද - ලුෂන් බුලත්සිංහල
ස්තූතියි ඇනෝ සිංදුවක් කියල වටිනකමක් එක් කලාට
Deleteජයවේවා
හිතට වැදුණු පද ටිකක්..!
ReplyDeleteකාලෙකිං මාත් අද තමා බ්ලොග් පැත්තෙ ආවෙ...
ස්තූතියි සංචෙ
Deleteකාලෙකිං හරි ආව නෙව
ජයවේවා
කෙනෙකුට පොද වැස්ස.. කෙනෙකුට අනෝරාවක්..ඒ වගෙම තව කෙනෙකුට සතුටට කාරණයක්.. අවන්හලටත් දේශපාලනේ නැතුව පොද වැස්සක් ගෙනාව එක ලොකු දෙයක්..ජය ශ්‍රී!
ReplyDeleteහිහි
Deleteමං සාමාන්‍යයෙන් දේශපාලනේට අකමැතී කියල දන්නව නෙව
ඒත් මේක දිහ හොදට බැලුවොත් කියපු දේට වඩා නොකියපු දේ දේශපාලන ගතියක් තියේ කියල හිතෙයි
ජයවේවා
එල ද බ්‍රා
ReplyDeleteපට්ට බ්‍රා
Deleteහිහි
ජයවේවා
අපිත් බිසිලූ ඈ. මේ නිකම් මුට්ටිය දාලා ගන්න ආපු ගමන්.
ReplyDeleteහිහි හැබැයි මුට්ටිය කුඩු වුනේ නං නෑලු
Deleteහිහි
ජයවේවා
ඔය එක එක පාට වැස්ස වල් නම් ඉතිං ලංකාවට අරුමයක්යැ... නේ? බුසි බුසි ගාන්නෙ.. ඇයි තව බබෙක්ද?
ReplyDeleteබුසි බුසි ගාන්නෙ.. ඇයි තව බබෙක්ද? පිස්සුද මෙයා
Deleteඔයාට එහෙමද ඈ... හෙක් හෙක්....
මදාවිය නං කවිය අල්ලගෙන වගේ...
ජයවේවා
අපිත් බිසී , බොරුවට හරි , ඇයි යකෝ
ReplyDeleteඒක නොවැ ඉවාන් අයියේ නැත්නම් හරියන්නේ නෑ මේ වැඩේ... ;)
Deleteඒක වෙන්න ඇති හොයාගන්නත් නැත්තෙ දැං
Deleteහිහි
දිලිනියො ඒකත් එහෙමද හාකො ඈ
මං තලා....යි
එල ද බ්‍රා
ReplyDeleteමෙන්ඩි අයියගේ එක කුස උපන් තවත් සහෝ කෙනෙක්වත්ද? :)
Deleteපට්ට බ්‍රා නැතෙයි
Deleteමාත් ඕක මං අහන්න හැදුවෙ බං දිලිනියො
ජයවේවා
තුඟු තුර යට
ReplyDeleteතනි නොතනි මකනට
අහස් කුස දෙස බලනා
ලපටි තුරුහිසක් මත
භාවනාවකි,
"කටුසු හදවතක්...
අපූරුයි කවිය
Deleteමං හරි ආසයි මගෙ කවියකට රිප්ලයි කමෙන්ටුවක් වැටෙනව නං
ජයවේවා
එල එකක් සහෝ .....
ReplyDeleteස්තූතියි සහෝ
Deleteපින්තූරේ නිසා පදවැල් ටික තවත් දැනුනා කිව්වොත් හරි..
ReplyDeleteහ්ම් එහෙනං මගෙ කවිය වගේම චොයිස් එකත් සාර්තකයි වගේ
Deleteජයවේවා
මල්ලිත් සිරා පොරක්නේ!
ReplyDeleteහම්මේ මෙන්න රයිගං අය්ය අපේ අවන්හලට ගොඩවැදිල
Deleteසාදරයෙන් පිළිගන්නව මෙහෙට ඔයාව...
ඇයි අනේ එහෙම කීවෙ...
නියමයි මචං!
ReplyDeleteස්තූතියි මචෝ....
Deleteජයවේවා
මේ කවිය මම මූනු පොතෙන් කියව ගත්තා. ලස්සනයි කවි සිතුවිල්ල..
ReplyDeleteමේ ටිකේ වැස්ස ගැන නම් කතා කරන්න එපා.එකාසීරුවට අනෝරා වැස්සක් වහින්නේ.
හිහි
Deleteඔව් ඔව් ඔයාටත් ටැග් කලා ඒ හන්ද දකින්න ඇත්තෙ
මේක වෙන වැස්සක් හිහි
පද පෙළ කියෙව්වෙමි...අමුතුම තැනක නතර උනි. අර පින්තූරයේ දැරිවිගෙ සිනහව මොන තරම් අව්‍යාජ දැයි සිතුනි.
ReplyDeleteසැබැවින්ම මේ පැදියට එය තෝරාගන්නට හේතුවුනේද එයමය..
Deleteස්තූතියි සිරා අය්ය
මහේෂ්...........................
ReplyDeleteඅපිත් හැමදාම ඔය පොද වැස්සේ තෙමි තෙමි බලා සිටිමු...........................
වැඩිපුර නොතෙමී අපිම කුඩයක් හොයාගම්මු කුරුටු
Deleteහෙන නැති වැහි ප්‍රාර්ථනා කොරමු ඈ....
ReplyDeleteහා ඈ
Deleteහිහි
ඔබ එන්න..............
ReplyDeleteඔබ ඇවිත් යන්න එන්න ..................
නවතින්න එපා.................................................
:p :p
හා
Deleteනවතින්නෑ හොදේ
හිහි
ලස්සනයි ... ඒ වගේම අර්ථවත් ... හැමදේම සිතිවිලි වලින් පාට කරන්න පුළුවන් නම් මේ ලෝකේ ලස්සන තැනක් වේවි ...
ReplyDeleteහිතුවටම වැදගත් නෑ මචෝ කි්‍රයාත්මක වෙන්නත් ඕන
Deleteජයවේවා
දස්තූතියි හොදේ