Friday, June 24, 2016

ජීවිතය තුළින් ජීවිතය සොයා යාම...



                                                            මන්ගෙ ජීවිතේ තමන්ට හිතෙන විදියට ගත කරන හැම අතින්ම නිදහස් කොල්ලෙක් කෙල්ලෙක් ඔයාට හමු වුණොත් ඔයාල එයා හඳුන්වන්නෙ මොන නමකින්ද.. පිස්සෙක් නැත්තං පිස්සු කෙල්ලෙක්.. ඇත්තටම අපිට ඒ වගේ අය හම්බෙලා තියෙනවද.. සමහර විට ඔව් නෑ කියන අය අතර ආපෝ එහෙම උනුත් ඉන්නවද.. හීනෙන් තමයි කියන අයත් ඉන්නව.. හැබැයි මම ඉත්තේරුවෙන්ම දන්න එක දෙයක් තියෙයි.. ඒ තමයි අපි විහින් බැඳගෙන ඉන්න මේ බැඳීම් නැත්තං අපි හුරු වෙලා ඉන්න සිතීමේ රටාව අපිට වෙනස් කරගන්න පුළුවන්නං මං හිතන්නෙ ඒ වගේ කොල්ලෙක් කෙල්ලෙක් හමුවෙන එක අරුම දෙයක් නොවෙන්න පුළුවන්.  මම කියන්න යන්නෙ ඒ වගේ කතාවක්.. (කෝමත් මම කීවොත් මොකක් හරි පිස්සු කතාවක් ගැන හිංද ඒ ගැන ඒ තරං හිතන්න දේකුත් න)

Monday, June 13, 2016

“ඇය” වන්නට කැමති ඔහු සහ “ඔහු” වන්නට කැමති ඇය




"ඇය- ඇත්තටම මට දැනගන්න ඕන හැම දෙයක්ම තියෙන කෙනෙක්ට තියෙන හීන මොන වගේද කියල'..??

ඇය- කියන්න....??

ඔහු- මට මගේ අම්ම වගේ වෙන්න ඕන...

ඇය- මොකද්ද කිව්වෙ..??

ඔහු- මට.... මගේ... අම්ම වගේ වෙන්න ඕන..!! "

Monday, June 6, 2016

මකුළු මහත්මියකගේ පැමිණිල්ල..

කොසු පහර හරි සැරයි නෝනා
එක් සැනින් මුළු කැදැල්ලම
අතුගාල බිම ඇදල දමනා
අනවසරයෙන් තමයි
මම බැන්ඳෙ මගෙ ගේ
ඒ වුණත් මම කියා
වෙන කොහේ යන්නද...

අව් වැසි මහ සුළං පීඩා
ඉවස ඉවසා බැරිම තැනමයි