Tuesday, July 26, 2016
Friday, June 24, 2016
ජීවිතය තුළින් ජීවිතය සොයා යාම...
තමන්ගෙ ජීවිතේ
තමන්ට හිතෙන විදියට ගත කරන හැම අතින්ම නිදහස් කොල්ලෙක් කෙල්ලෙක් ඔයාට හමු වුණොත්
ඔයාල එයා හඳුන්වන්නෙ මොන නමකින්ද.. පිස්සෙක් නැත්තං පිස්සු කෙල්ලෙක්.. ඇත්තටම අපිට
ඒ වගේ අය හම්බෙලා තියෙනවද.. සමහර විට ඔව් නෑ කියන අය අතර ආපෝ එහෙම උනුත් ඉන්නවද..
හීනෙන් තමයි කියන අයත් ඉන්නව.. හැබැයි මම ඉත්තේරුවෙන්ම දන්න එක දෙයක් තියෙයි.. ඒ
තමයි අපි විහින් බැඳගෙන ඉන්න මේ බැඳීම් නැත්තං අපි හුරු වෙලා ඉන්න සිතීමේ රටාව
අපිට වෙනස් කරගන්න පුළුවන්නං මං හිතන්නෙ ඒ වගේ කොල්ලෙක් කෙල්ලෙක් හමුවෙන එක අරුම
දෙයක් නොවෙන්න පුළුවන්. මම කියන්න යන්නෙ ඒ
වගේ කතාවක්.. (කෝමත් මම කීවොත් මොකක් හරි පිස්සු කතාවක් ගැන හිංද ඒ ගැන ඒ තරං හිතන්න
දේකුත් නෑ)
Monday, June 13, 2016
Monday, June 6, 2016
මකුළු මහත්මියකගේ පැමිණිල්ල..
කොසු පහර හරි සැරයි නෝනා
එක් සැනින් මුළු කැදැල්ලම
අතුගාල බිම ඇදල දමනා
අනවසරයෙන් තමයි
මම බැන්ඳෙ මගෙ ගේ
ඒ වුණත් මම කියා
වෙන කොහේ යන්නද...
අව් වැසි මහ සුළං පීඩා
ඉවස ඉවසා බැරිම තැනමයි
Friday, May 13, 2016
අවසන් කවිය ද අවසන්ය..
පිහාටුවක මුදු සැහැල්ලුව
හිතුමතේ උදුරාන
රිදෙනවැයි සිතු සිතූ තැන්
පිරිමදින විට නුඹ
නොමදැනුණ වග මුදු බවක්
නුඹට නොකීවේ මන්දැයි සිතමි..
නුඹෙන් දුර නික්ම යන්නට
අවැසි වූවද බොහොමයක් විට
නොමගියේ මන්දැයි
ආයෙ ආයෙත් සිතමි
සිත සිතා තැවෙමි
තවමත් නුඹටම ඇලී ඉන්නෙමි..
හිතුමතේ උදුරාන
රිදෙනවැයි සිතු සිතූ තැන්
පිරිමදින විට නුඹ
නොමදැනුණ වග මුදු බවක්
නුඹට නොකීවේ මන්දැයි සිතමි..
නුඹෙන් දුර නික්ම යන්නට
අවැසි වූවද බොහොමයක් විට
නොමගියේ මන්දැයි
ආයෙ ආයෙත් සිතමි
සිත සිතා තැවෙමි
තවමත් නුඹටම ඇලී ඉන්නෙමි..
Friday, May 6, 2016
පුස්තක ප්‍රේමය හෙවත් කෙල්ල අමතක විමේ කතා වස්තුව...
...එහෙනම් අදට
නියමිත දේශනය අවසානයි. ඊළඟ දවසේ අපි කව් සිළුමිණ...
මේ උඹ අර
වැඩේට යනවනෙ.. දර්ශන සර් ගෙ ලෙක්චර් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල තලයා මගෙ කණට
කුට කුටු ගාණව. ඇතුගල හොට් ප්ලේට් එකක් වෙලා ඒ රස්නෙ මෙහට්ටත් එනවද කොහෙද. ඔලුකට්ට
උඩට බිත්තරයක් දැම්මොත් ඔම්ලට් එකක් හැදුවැකි. මම මගෙ හම්පඩ ලේන්සුවෙන් දාඩිය
පිහිදන ගමන් හිතුව. එතකොටත් පන්තියෙ හිටපු අනික් උදවිය තමන්නෙ ආම්පන්න අනං මනං ටික
බෑග් වලට පැක් කරගන්න පටං ඇරං තිබ්බෙ. මෙච්චරක් වෙලා ඉදිකට්ටක් වැටුණත් ඇහෙන සයිස්
එකට තිබ්බ පංතිය මේ වෙද්දි විසාල
ගාලගෝට්ටියක් වෙන්න පටං ඇරං.. දර්ශන සරුත්
තාම කියෝනව. මුං යන්න තදියමේ දගලනව. අම්මප මුන්ට තියෙන තදියමක්. එහෙම හිතන ගමං මං
තලය දිහාට කණ දැම්ම.
Thursday, April 28, 2016
හා හා ඉතිං පෝළිමට ආව නං.. හිත එපා.. හිත එපා.. අත දෙන්න..අත දෙන්න.. අත.. අත...
හිත එපා අතයි ඕන කිවම මෙන මොනව හරි හිතයිද මංද... හෙහ්.. කෝමත් අපි එහෙම නෙව වැල්වටාරං වලට දස්සයො.. අපේ රවි තුමා හැලපෙ උන්නහේගෙන් ඇහුව නං හිටගෙන නිදිකිරා වැටෙන උනුත් විරිත්ත විරිත්ත හරි ඒ කතා අහයි. හෙහ් ඒ තරං. හරි හරි ඒව පස්සට. මං මේ අත ඉල්ලුවෙ ගෙනියන්නවත් ඔතාගෙන යන්නවත් වෙන අටමගලෙකට නෙවී ආයිබංඩ. මේ දවස් වල අර වසන්ත කියල එකෙක් මේ බ්ලොග් අව්වස්සෙ කරක් ගහන වෙලාවෙ මේ වගේ වැඩක් වත් අපි කරන්න ඕන කියල හිතුණ. හ්ම් හ්ම් කතා ඇති හෙනං. දැං කියන්නංකො මොකටෙයි මේ අත ඉල්ලුවෙ කියල.
දැං ඔය බ්ලොග් මහත්තුරු නෝනල ඉන්නව නෙ ඒ මහත්තුරු නෝනල ඉතිං අලුතෙං බ්ලොග් කොටන්න පටං ගන්න උන්හේලට අත දෙන්න රුසියො නෙව. ඒ අවුවස්සෙ සමහරු හිත පුදන්න ගිහිල්ල ඇදගෙනත් නානව කියලයි ආරංචිය. හෙහ් හෙහ්. ඉතිං හිත පුදන්න ඕන නෑ අත පොඩ්ඩක් මෙන්න මේ අලුත් කොළු කෙලිත්තියන්ට (ඇත්තටම කීප දෙනෙයි අලුත් අය ඉන්නෙ. අනිත් බ්ලොග් මේ පෝස්ට් එකට ඇතුලත් කලේ ඒ ගැන නොදන්න යම් කෙනෙක් වේ නං යන්න. විසේසෙං අර වයලිං කාරය පරණ එකෙක් නොවැ.) දුන්න නං උනුත් ටිකක් දියුණු වෙයි නේ.. එහෙනං ඕං .....
Monday, April 18, 2016
අඳුර පැරදවිය හැක්කේ ඔබටමය. Child of the Dark- The Diary of Carolina Maria De Jesus
“...මම
මෙහෙට ආවේ මට අසනීප නිසා උපකාරයක් ඉල්ලන්න. ඔහේ මාව එක එක තැනට යැව්වා. මාත් ගියා.
එතැනින් මාව අර ඉස්පිරිතාලෙට යැව්වා. මා ළග තිබුණ එක්කොම සල්ලි එහාට මෙහාට යන්න
වියදම් වුණා.
මෙයාව ඇරන් යනවා.. සොල්දාදුවෙක් උගෙ තුවක්කුව මගෙ
පපුවට එල්ල කළා. මම උගෙ ඇස් දෙක දිහ බැලුවා.
මම දුප්පත් නිසයි මෙතෙන්ට ආවෙ. දොස්තර මසාල්ඩෝ ඩී
බැරෝසා පැමිණියා.. ඔහු අපේ නගරයේ ඉන්න බොරු පරිසර වේදියෙක්. ඔහු මෙහෙම කිව්වා..
පොලිස් කාර් එක්කට එන්න කියනවා
පොලිස් කාරයෝ ආපහු මාව මුඩුක්කුවට එක්ක ගිහින්
දාල සුභ සාධක ඒජන්සියේ ආපහු කලබල කළොත් කූඩුවට දානවා කිව්වා.
සුභ සාධක ඒජන්සිය
සුභ සාධනේ කාටද..? ...”
අන්ධකාරයේ දරුවා (පිටුව 48)
Monday, March 14, 2016
ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී....
ඉතිරි වී තිබු එකම හීනෙත්
තුට්ටුවක් ගෙන විකිණුවා
ඒ වුණත් අදටයි හෙටටයි මිසක්
ඇතිද අඩු ගාණෙ සතියකටවත්
ඇහෙන නෑහෙන තරමින්
යසෝදරාවිය මොනවද කියන්නී....
Wednesday, March 9, 2016
අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන...
අපි දෙන්න වාඩි වෙලා හිටියෙ මූණෙන් මූණ බලාගෙන. බොහොම පටු ඉඩක් තියෙන අවන්හල් මේසෙ උඩින් අත තියාගෙන. ඈ මගෙ මුදුගිල්ලයි සුළැගිල්ලයි පටල පටල මොකක් හරි කරනව. ඇත්තටම මොනවත් නැති වුණත් මොනා හරි කරනව කියල හිතන්න මම කැමති වුණා. ඈ උන්නෙ මොන මොනවද කියව කියව. ඒ කියවන ගමන් මගෙ ඇඟිලි දෙක අල්ලගෙන නටවන්නෙ අනිච්ඡානුගත හැගීමකින් වග ඒ මූණෙ පැහැදිලිවම ලියවිල තිබුණ. ඈ කියවන්නෙ මොනවද කියල මට පැහැදිලි හැගීමක් තිබුනෙම නැති තරං. ඇත්තටම ඈ කතා කරන්න පටං ඇරං විනාඩියක් යන්නත් කලිනුයි ඒ කියන දේවල් නෑහෙන්න ගත්තෙ. ඇත්තටම ඒ මං ඈට ආදරේ නැති හංද නෙමෙයි මම උන්නෙ ඇයට වශී වෙලා. හැමදාම නැතත් පුලු පුලුවං දවසක කොහෙ හරි ගිහිං රෑ කෑම ගන්න අපි දෙන්න පුරුදු වෙලා හිටිය. අද ආවෙත් එහෙම ගමනක්. අපි ඉස්සරෝම එහෙම ඇවිත් ඉස්සරෝම වාඩි වෙලා හිටිය තැන, ඒ අවන්හල් මේසෙ, ඒ විදියටම අදත් වාඩි වෙලා. ඒත් එදාට වඩා ඈ ගැන මගෙ හිතේ තිබ්බ හැගීම වෙනස් වෙලා. මං ඈට ආදරේ කරන්න පටං ඇරං. ඒක මහ පිස්සු කතාවක් වගේ දැනෙන්න පුලුවං බව මං පිළිගන්නව. ඒත් විස්වාස කරන්න ඈ ව විවාහ කරගනිද්දි මේ ලෝකෙ වඩාත්ම මගෙ වෛරයට පාත්‍ර වුණ කාන්තාව වුණේ ඇය. මං දන්නව ඒක ටිකක් දරුණුයි වගේ කියල ඒත් ඒක ඇත්ත. එහෙම කෙනෙක්ට අද වෙද්දි තමන්ටත් වඩා ආදරේ කරනව කියන්නෙ, ඒක ටිකක් ඕනවට වැඩී වගේ නේ. විස්වාස කරන්න මාව. ඇයට පුලුවන් වුණා සම්පූර්ණයෙන්ම ඈ තුල මාව අතරමං කරවන්න. කොටිංම කියනව නං එදා එක්ක අද බලද්දි අද වෙද්දි මාත් ඇයත් දෙනේනෙක් නෙවෙයි එක්කෙනෙක් කියල මට හිතෙන්න පටං ඇරං.
Wednesday, February 17, 2016
සමාවෙනු මැනවි සොඳුරිය.. මුදුව හිමිවූවේ ඇයට...
සෑම හිතකම
සියුම් රිදුමක් ඇත
කිසිම දවසක
නිමාවක් නොදකින
මහම මහ සතුටකට
පසුවත්
එකම එක මොහොතක
නැගී ආ හැකි...
Wednesday, February 3, 2016
නෙල්ලි 09 - ඈනුං යන නයිට් කඩ, මහ බඩගින්න සහ පොල්ලතු නයිට් කඩේ කෝපි එක...
සුදු පාට නිදිබර නියෝන් එළි වේගෙන් වේගෙන් පහු වෙමින් තිබ්බ. අතරින් පතර
නයිට් කඩයක කොළපාට නිල් පාට දිග එළිය පොලු වල එළිය මහ පාරෙ සලකුණු වෙලා තිබ්බෙ මහ
පාරෙ කළු පාටයි නිල් කොළ එකතු වුණු අපූරු පාටකුයි හදන ගමන්. වෙලාව රෑ එකත් පහුවෙලා
හින්දමද කොහෙද ඉඳ හිටල වේගෙන්
පියාඹන දුර ගමන් සේවා බස් ඇර පාරම නිස්සද්දයි. හෙඩ් ලයිට් එක වත් ඩිම් කරන්නෙ
නැතිව පැයට කිලෝ මීටර් සීයටත් එයා යන බස් වල හුළං පාර බයික් එක පාරෙන් එළියට විසි
වෙන්න තරම් තදයි. රෑ මැද දැනෙන සීතල මකන්න ටී ෂර්ට් එකයි ෂෝටයි කොහෙත්ම ප්‍රමාණවත්
නොවුණ හින්දමද කොහෙද විටින් විට අත් දෙකයි කකුල් දෙකයි වෙව්ලුම් කනව. ඊට සමාන්තරව
දත් ඇදි දෙකත් කට කට ගාල වදින්නෙ සීතලේ තරම මේ තරං කියල කියන්න වගේ.
Monday, January 25, 2016
අවර්ණ...
මරණය
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...
Tuesday, January 5, 2016
Friday, January 1, 2016
Subscribe to:
Posts (Atom)