Wednesday, February 3, 2016

නෙල්ලි 09 - ඈනුං යන නයිට් කඩ, මහ බඩගින්න සහ පොල්ලතු නයිට් කඩේ කෝපි එක...



                                                                       සුදු පාට නිදිබර නියෝන් එළි වේගෙන් වේගෙන් පහු වෙමින් තිබ්බ. අතරින් පතර නයිට් කඩයක කොළපාට නිල් පාට දිග එළිය පොලු වල එළිය මහ පාරෙ සලකුණු වෙලා තිබ්බෙ මහ පාරෙ කළු පාටයි නිල් කොළ එකතු වුණු අපූරු පාටකුයි හදන ගමන්. වෙලාව රෑ එකත් පහුවෙලා හින්දමද කොහෙද ඉ හිටල වේගෙන් පියාඹන දුර ගමන් සේවා බස් ඇර පාරම නිස්සද්දයි. හෙඩ් ලයිට් එක වත් ඩිම් කරන්නෙ නැතිව පැයට කිලෝ මීටර් සීයටත් එයා යන බස් වල හුළං පාර බයික් එක පාරෙන් එළියට විසි වෙන්න තරම් තදයි. රෑ මැද දැනෙන සීතල මකන්න ටී ෂර්ට් එකයි ෂෝටයි කොහෙත්ම ප්‍රමාණවත් නොවුණ හින්දමද කොහෙද විටින් විට අත් දෙකයි කකුල් දෙකයි වෙව්ලුම් කනව. ඊට සමාන්තරව දත් ඇදි දෙකත් කට කට ගාල වදින්නෙ සීතලේ තරම මේ තරං කියල කියන්න වගේ.

                                                                         
                                                                      
                                                                   එපා කරපු නිදිමත කඩ


                                                                        මළ ගෙදරක ගියත් රෑට කන්න විදිහක් තිබ්බෙ නැති එකට නං මං තරහෙන් හිටියෙ. ඒ හින්ද දැනුණ තරහත් එක්ක එකට එක්කහු විච්චි බඩගින්න සීතලත් එක්ක දෙගුණ වෙලා දැනෙන්න පටං ඇරං. බිස්කට් එක්ක ප්ලේන්ටි කියන්නෙ බඩගින්නට හොදම දේ නෙවෙයි ද කොහෙද. වේගෙන් වේගෙන් නයිට් කඩ දෙක තුනක්ම පහු වෙලා ගියත් ඒවැයි තිබුණ ඇල් මැරුණ නිදිබර ගතිය හින්ද ඒ කඩවල් දකිනකොටත් මට ඈනුම් යන්න පටං ගත්ත. දුටුගැමුණු හන්දිය මැද තියෙන හෝරා කණුවෙ කොළපාට එල් ඊ ඩී බලුප් දිලිසෙන ගමන් වෙලාව එකයි විස්සයි කියල කීව. පොලිසියත් පාස් වෙලා ගණදෙවි කෝවිල ළගින් පහලට යද්දි වැඩිවුණ වේගෙ තානායම වංගුවෙන් අඩුකරේ මැරෙනව නං බඩගින්නෙ මැරෙන්න බෑ කියල හිතුණ හිංදමයි. ඒ යන වේගෙන් ගියා නං රේල් පීලි වැටේ හැප්පිලා මලකඩ කාල තමයි මැරෙන්න වෙන්නෙ. ඉස්සරහට යද්දි රේල් ගේට්ටුවත් වහල. මොන මුලක්ද මංද. මේ මුල වහල නැති වෙලාවක් නෑනෙ. ටං.. ටං.. ටං.. ටං.. මහ මකබාවක්.. කන් දෙක කීං ගානව ඒ සද්දෙට.. උතුරු දුම්රිය මාර්ගය දිගේ ඇදි ඇදී ආව බඩු කෝච්චියක් හොස් හොස් දඩස් බඩස් හොස් හොස් දඩස් බඩස් ගගා ගාට ගාට කොළඹ දිහට්ට ඇදුණ. අපරාදෙ එහැ පැත්තෙ හිටිය නං අර වළල්ල දෙන හැටි බලන්න තිබ්බ. කෝච්චිය යනවත් එක්කම ගේට්ටුව ඇරුණ කියල මතක් වුණේ එහා පැත්තෙන් ආව වෑන් එකක් හෙන හයියෙන් දූවිලි කාගෙන යනව දැක්කම. ආයෙත් ඈනුමක් ඇරල නිදිමතේම මං බයික් එක ඉස්සරහට ගත්ත. කොහෙද දවල් වෙලාවක නං අස්ප රේස් එකක් වත් යන්න තිබ්බ.
                                                                            
                                                                          පොල්ගහවෙල මහජන බැංකුවට මෙහා අලුතෙන් දාපු ජිනපාල එක ඉස්සරහ පොඩි නයිට් කඩේ තාම ඇරල. මං වගේ කොහෙ හරි දඩාවතක යන බයික් දෙක තුනක් ඇර එතනත් හිස්. ඒත් අර ලොකුවට තියෙන නයිට් කඩ වල තියෙන නිදිමත හැදෙන කම්මැලි ගතිය මේ පොඩි කඩවල නෑ කියන එක මං අද්දැකීමෙන් දැනන් හිටිය. නයිට් කඩේ අයියයි අක්කයි අර ඉන්න කොල්ලො දෙන්න තුන් දෙනාට ප්ලේන්ටි දෙන ගමන්, එන්න මල්ලි.. මොකෝ සීතලයි නේහ්.. කියල ඇහුවෙ අදුනන කෙනෙක්ගෙන් අහනව වගේ. මාත් හීනියට හිනා වෙලා ඉස්සරහ පොඩි බංකුවක වාඩි වෙලා තේකක් බොමින් හිටිය කොල්ලෙකුටත් හිනාවක් දාගෙන ඌට ඉස්සරහ තිබ්බ බංකුවෙන් වාඩි වුණා. බිත්තර රොටී අං මනං කෑම ජාති ගොඩක් තිබ්බත් ඒව කන්නෙ නැති හංද පෑන් කේක් දෙක්කුයි ලැවරියා එක්කුයි කාල කෝපි එකක් ගෙන්න ගත්ත. ඒ කෝපි එකේ සුවට මට මතක් වුණේ නවගත්තේගම ඉදන් ආපු දවසක පාරෙ අයිනෙ තිබ්බ පොඩි නයිට් කඩේකින් හම්බුණ කෝපි එක. කෝපි එකත් බීල, බිල ගෙවල හිටං මීට අවුරුද්දකට හමාරකට කලිං බීව ඒ කෝපි එකේ සුව දිගේ ගෙදර එන්න ගත්ත.
                                                                             
                                                                       නවගත්තේගම ඉස්කෝලෙ ගාවින් දකුණු පැත්තෙ පාරෙ කිලෝමීටර් හය හතක් දුරට වෙන්න තිබ්බ මොකද්ද දේවාලයක වැඩකට අපේ ලොකම්මලයි පුතා හෙවත් අයිය එක්ක ගිහිං ඒ අදාල වැඩෙත් රාත්තිරියෙම ඉවර කරං ආව පාරෙංම ආපහු එන්න පටං ගත්ත. නවගත්තේගම ඒ ඉසව්ව ටිකක් අලි ගහණය වැඩි කැලෑවක් කියන එක මං හිතා මතාම අමතක කරේ අලි ගැන කතා කරා නං ඔය රෑ අයිය එක්ක එන එක බැරි වැඩක් කියල දන්න හිංද. වෙලාව රෑ දෙකත් පහුවෙලා. ඒ ආණමඩුව ගල්ගමුව පාර හදන කාලෙ. වලවල් වල වැටි වැටී ගැස්සි ගැස්සි ඇවිත් ආණමඩුව හරහා නොයා කෙටි පාරකින් දාල පුත්තලං පාරට ආවෙ දෙයියන්ට පිං දිදී. එදා සමහර විට අර කැලෑ පාරෙ අලි හම්බුණා නං මේ කතාව මීට වඩා වෙනස් වෙන්න තිබ්බ.
                                                                              
                                                                       රෑට කන්න කියල ලොකු අම්ම බැල දුන්න ලොකු ම ලොකු බත් එක කාල හිටියත් නිදිවරල හිටපු හිංදද කොහෙද ලොකු බඩගින්නක් තිබුණ. පොඩි පොඩි ටවුන් දෙක තුනක් පහු කරන් ආවත් කන්න තරං තැනක් හොයාගන්න දෙන්නටම බැරිවුණා. කෝම හරි නිකවැරටිය ටවුන් එකත් පහුවුණා. පාරෙ ඉද හිටල හම්බුණ කාර් එකක් වෑන් එකක් ලොරියක් ඇරෙන්න පාරෙ හිටපු එකම ජීවියො දෙන්න වුණේ අපි දෙන්න. ඉද හිටල තැනක තියෙන ගෙදරක හරි කඩයක හරි දාල තියෙන ලයිට් එකක් ඇරෙන්න පාරම කලුවරයි. අයියත් මට හේත්තු වෙලා නිදි. එයාට බයික් පදින්නත් බැරි හිදං ඇහැරවන්න හිතුවෙ නැති මාත් කම්මැලි කමේ බයික් එක ඇරං එනව. මාගල්ලෙ වැව හරිය පහුවෙලා ටිකක් විතර ඉස්සරහට එද්දි පොල්ලතු වහපු කඩයක් වගේ තැනක ලොරි දෙක තුනක් නවත්තල තියෙනව දැකල කඩයක් ද කියල බලන්න ස්ලෝ කරද්දි කඩේ පාස් වුණත් තේ කඩයක් කියල දැක්ක නිසා ආයෙම හරවගෙන ඇවිත් ඉඩ පාඩු තියෙන තැනක් බලල බයික් එක නැවැත්තුවෙ මහ රෑ පියාඹන වෑන් එකක් ලොරියක් මගෙ බයික් එක ඇරං යයි කියල බය හිතිල. මෙච්චර වෙලා නිදං හිටපු අයියත් ඉක්මණට ඉක්මණට බැහැල කකුල් හිරිවැටිල කිය කිය ඒ මේ අත ඇවිදිනව. මම කඩේ දිහාට යන්න ගත්තෙ කන්න පුලුවං මොනවද තියෙන්නෙ කියල බලන්න.

                                                                           ඒක පොල්ලතු වලිං සෙවිලි කරල ටිකක් විතර ඉඩ පාඩු තියෙන්න කටු මැටියෙන් හදල පල දෙකට බාල තිබ්බ පොඩි කඩයක්. ඒත් හොද පිරිසුදුවට තිබ්බ නිසා දැක්ක ගමන් මගෙ හිතට ඇල්ලුව. කන්න මොනවද තියෙන්නෙ ඇන්ටි.. ලැවරිය, පෑන් කේක්, රොටී, බිත්තර රොටී........ කෑම ජාති ගොඩක නං දිගාරින්න ගත්ත කඩේ ඇන්ටි නං ලිස්ට් එක ඉවර කලේ  තව විනාඩි පහක් විතර ඉන්න පුලුවන් නං උණුවෙන් හැලපයක් කන්න පුලුවං. කියන ගමං. ඒත් එක්කම ආව ලොරි ඩැයිවර එයා ගත්ත කෑම බීම වල ගණං බේරල යන්න ගිය හංද ඉතුරු වුනේ මායි අයියයි ඒ කඩේ ඇන්ටියි විතරයි. හැලපෙකුත්  කමු කියන ගමංම මං උණු උණු ලැවරියක් ඇරං කටේ ඔබාගෙන එළියට ඇවිත් එළියෙ තිබ්බ පොඩි ප්ලාස්ටික් පුටුවක වාඩි වුණේ කකුල් දෙක දෙපැත්තටම දිගෑරගෙන පුටුවෙ ඉස්සරහ බාගෙට විතරක් පස්ස තියාගෙන පුටු ඇන්දට හොටම බරවෙලා. ඇට දැණුනෙ ඒ තරං මහන්සියක්. අයිය අර ඇන්ටිත් එක්ක මොන මොනවදෝ වල් පල් වගයක් දොඩනව ඇහුණත් ඒවට උත්තර බදින්න උවමනාවක් තිබ්බෙ නැති තරං. පුතාල කොහෙද කියල අහන ගමං අර කඩේ ඇන්ටි උණු උණු හැලප පිගානක් ගෙත් දුන්න. අයිය ඒ ඇංටිට ආගිය විස්තර කියන ගමං මට හැලප පිානේ බාගෙකට වැඩිය වග කියන්න පුලුවං වුණා. මොනවද බොන්නෙ බං.. අය්ය අහනව.. කෝපි.. මගෙ කෙටි උත්තරේ ඇන්ටිට හොදටම ඇති වෙන්න ඇති. කියපු පමාවෙන් මට කෝපි එකක් ලැබුණ. අපෙ ගමත් කෑගල්ලෙ අපේ නංගිල එහෙ හෙට්ටිමුල්ලෙ එහෙං තමා කෝපි ගෙන්නන්නෙ මෙහෙ බැදල කුඩු කරල ගන්නෙ .. ඇන්ටිගෙ පුරාජේරුව අහන ගමං මම කෝපි උගුරක් බීව... ෂහ්... ඇන්ටි කීවෙ ඇත්ත වෙන්න ඇති... ඇත්තටම කෝපි එක රහයි.. මම එහෙම කීවෙ ඇන්ටිගෙ හිත හදන්න නෙමෙයි. කෝපි එක ඇත්තටම රහට දැනුන හිංද. අතරිං පතර කෝපි කෑලි ත් හැපෙන්න ගත්ත හිංද ඇන්ටි කීවෙ බොරු නෙවෙයි කියලම හිතුණ.

                                                                        ආයෙත් ආව දවසක එන්නංකො තේකක් බීල යන්න.. කාපු බීපුවැයි සල්ලිත් ගෙවල ඇවිත් අයිය බයික් එකට ගොඩවෙණ  වෙන ගමං කඩේ ඇන්ටිට පොරොන්දු වෙනව බයික් එක රේස් කරන අස්සෙම මට ඇහුණ.  මාත් ඇන්ටිට හිනාවක් දාල හෝන් එක්කුත් ගහන ගමන් බයික් එක පාරට ගත්තෙ උඹ ආයෙ නිදියෑවොත් බයික් එක පල්ලෙ අතාරිනව කියල අයියට සැල් අරින ගමං..  මිනිහත් ලාවට වගේ හිනාවෙලා හා හා යමංකො කීවත් පාදෙණිය හංදිය පයින්නත් කලිං එයා ආයෙම නිදි. 

ප.ලි- අදාල කඩ දෙකෙන් එකක වත් පිංතූරයක් ළග  නැති නිසා ගූගල් ගෙන් ණයට ඉල්ල ගත්ත පිංතූරයක් තමා එබුවෙ. 

66 comments:

  1. උබේ නිදිබර ගතිය මගේ ඇගටත් ආවෝ.. කෝපි එකක් කඩෙන් ගෙනල්ලා බොන්න හිතෙනවා කතාව අහපුවාම.. ඒත් කෝපි පට්ට ගන්නනේ..

    ReplyDelete
    Replies
    1. අපි වගේ හෝම් මේඩ් කෝපි බීහං මචෝ..
      ඒක ඇගටත් හොදයි හිතටත් හොදයි

      Delete
  2. පොල්හගවෙල තිබුනා ජංගම කඩයක්. ඒකේ රොටි තිබ්බා මාර රහයි දවසක් උදේ දෙකට විතර මම කැවා.. ප්ලේන්ටියකුත් ගහල..

    ReplyDelete
    Replies
    1. එහෙම කඩවල් කීපයක් තිබ්බ හැබැයි ඔය කියන්නෙ ඉස්ටේසම ඉස්සරහ කඩේ වෙන්න ඕන. උගෙ බඩු ටිකක් ගණං.
      ඒත් අවුලක් නං නෑ තමයි

      Delete
  3. මයියෝ කතාවනම් මරු .හැබැයි නිදිමතයි ..මම ගල් කෝපි හැර වෙන කෝපි වලට වැඩිය කැමැත්තක් නැත ...කෝපි බිව්වාම #කේ ආඩම්බර බලන්න වෙන නිසාය ...හැක් හැක්


    කෝපි ගසට කෝපි මලට කෝපි පරවියෙක්
    බමතෙයි පරවිය බමතෙයි
    නෙළුම් විලට නෙළුම් මලට බමර කුමරුවෙක්
    බමතෙයි කුමරුව බමතෙයි

    සුභ නැකතින් මා අතගෙන තිරික්කලෙන් ඔබ යනකොට
    ආල මගේ ආල මගේ ආල රත්තරන්
    ආල රත්තරන් කරවට මාල රත්තරන්
    කරවට මාල රත්තරන්

    ඈත එපිට පුංචි පැලේ හෙට ලා සඳ නැගෙන වෙලේ
    ආල නුඹේ ආල නුඹේ ලාතාවී
    දෝත පුරා මල් අරගෙන නුඹ නලවාවී
    අරගෙන නුඹ නලවාවී....

    ගායනය: සුජාතා අත්තනායක

    ReplyDelete
    Replies
    1. අපිනං ඉතිං ගල් ඇර වෙල දේ වලට වැඩිය කැමැත්තක් නැත.

      - බ්‍රෑන්ඩ් එක ගල් ‍-
      ස්තුතියි.

      Delete
    2. ප්‍රසා දැනුත් ගල් ගසා ඇති සැටියෙකි ....
      බ්‍රෑන්ඩ් එක නම් ගල් තමයි ..
      ස්තුතියි ...

      Delete
    3. @සිංදු
      ගල් කෝපි කියන්නෙ සංස්ථා ඉස්පැසල් ද සිංදුවො.. හැක්..
      විහිළුවට වගේ අහන්නෙ කොහෙන්ද බං මේ සිංදු හොයාගන්නෙ මේ සම්මක්කපේකට අහපුවා තියා අහන්න හිතපුවාද හැබෑටම මේ.. හිහි
      තැංකූ තැංකූ..

      ප්‍රසන්න අය්ය..
      සමකල නොහැකි රස නෙහ්..

      සිංදුවො
      එහෙමලු එහෙමලු
      හැක්

      Delete
    4. මයියෝ ගල් කෝපි යනු ....තණමල්විල පැත්තේ ඉතා සරුවට වැවෙන මල් වර්ගයකින් සාදාගන්නා කෝපි වර්හයකි ...මල් කුඩු කෝපි කුඩු සමග කවලම් කොට සදා ගනු ලැබේ ...ඉන් පසුව කෝපි පානය කරනා අකාරයට හෝ කිරිකෝපි ලෙස බිමට ගන්න ....හැක් හැක්

      Delete
    5. මයියෝ ගල් කෝපි යනු ....තණමල්විල පැත්තේ ඉතා සරුවට වැවෙන මල් වර්ගයකින් සාදාගන්නා කෝපි වර්හයකි ...මල් කුඩු කෝපි කුඩු සමග කවලම් කොට සදා ගනු ලැබේ ...ඉන් පසුව කෝපි පානය කරනා අකාරයට හෝ කිරිකෝපි ලෙස බිමට ගන්න ....හැක් හැක්

      Delete
    6. සින්දුව හදන්නෙ මහේෂයවත් අමාරුවෙ දාන්න. හැක්...

      Delete
    7. අප්පට සිරි සිංදු ඒකත් එහෙමද අහල තියෙයි ඒත් ගල් කෝපි කියනව කියල දන්නෙ අද වෙන්ට ඕන...
      කොමෙන්ටු දෙකක්ම දාල ඒ ගැන කීවට බෝම ඉත්තූතිි
      හිහි

      ප්‍රසන්න අය්ය..
      ආයෙ කොහෙද.. සිංදුවෙන් සිංදුවෙන් ගේම දෙන්නෙ හැක්

      Delete
  4. අම්මප මේ කතාව කියෝනකොට අපිටත් නිදිමත හැදෙනවනෙ.
    කොහොමත් ඔය ලොකු තේ කඩ වලට වැඩිය පොඩි තැන් පිරිසිදුවට තියෙනව වගෙම කෑමත් රසයි.

    මටනං කෝපි ගැන මතකයක් තියෙන්නෙ එකපාරක් ඇම්බැක්කෙ යනකොට පොඩි කොල්ලො වගයක් දීපු කිරි කෝපි දන්සලේ තමයි.

    ReplyDelete
    Replies
    1. පොඩි කොල්ලො හිංදද මංද මතක හිට්ටෙ හිහි
      ඇයි අප්පා කතාව දිග වැඩීද පුසන්න අය්යෙ
      පුළුවං තරං කොට කරල තමා ගත්තෙ ඒකෙන් වුනේ ටිකක් බොරිං වුණ එක විතරද මංද

      Delete
    2. දන්සල් වලින් බොන කෝපිවල තියෙන්නේ රොඩු විතරයිනේ.. ඒවා මෙලෝක රහක් නෑ..

      Delete
    3. පිස්සුද මල්ලි. කතාව දිග වැඩී නෙමෙයි තියෙන තාත්වික බවට.

      සිංහ, ගොඩක් තැන්වල එහෙම තමයි. ඒත් මේක ‍දුන්නෙ පොඩි කොල්ලො ටිකක්. වැඩිය ලොකුවට කරපු එකකුත් නෙමෙයි. ගමේ වැඩක් හින්ද හොඳට තියෙන්න ඇති.

      Delete
    4. සිංහ බ්‍රෝ..
      එහෙමත් නෑ ඇත්තටම හොද තැන් තියෙයි.. අරේවත් ැතිවම නෙවී ඒත් බොක්කෙන්ම කරන ඒව අනන්තයි

      ප්‍රසන්න අයිය..
      එහෙන්ං ඒ ඇති හිහි... මං හිතුව බෝරිං කියල

      පොඩි උංට බොන්න කරන්න උවමනාවක් නෑ නෙ නේහ් හිහි ඒ හිංද සල්ලි ඉතුරු කොරගන්න උවමනාවක් නෑ අනික ගෙමේව නං කෝමත් නැගලම යනව

      Delete
  5. නිදිමතක් නං දැනෙනවා යාන්තමට.......

    ReplyDelete
    Replies
    1. අයියට කෝපි එකක් දෙන්ටෙයි

      Delete
  6. , සුපිරි කතාව සහො,උණු උණු හැලප එක්ක කොපි නිදිමත කෙසේ වෙතත් බඩගින්නක් නම් දැනෙනවා වගේ

    ReplyDelete
    Replies
    1. යා.... හැලප හිංද බිල රුපියල් පන්සිය ගාණක් වෙලා තිබ්බ හෙහ් කෝම කෑමක් ද

      සාදරයෙන් පිළිගන්නව අවන් හලට

      Delete
    2. අම්මට සිරි මේක බඩක්ද???

      Delete
    3. ආයෙත් අහල...
      කෙට්ටුවට හිටියට කන්න පුලුවං මචං ඇඩ්ඩස් නැතිවෙන්ට හිහි

      Delete
  7. ඔය මහ රාත්තිරියෙ ට්‍රිප් ගිහින් එන ගමන් නිදිමතේම කනබොන තේ කෝපි අනම් මනම් වල අමුතු රහක් තියෙනවා තමයි

    ReplyDelete
    Replies
    1. හ්ම් හ්ම්.. සාකිගෙ කතාවත් ඇත්ත.. මොකද අර රෑ හීතලේ කට දැවිල්ලට මොනෙ හරි හපල කෝපියක් බීවම
      හම්මේ ඉතිං දිවිය ලෝක සැප බොලං

      Delete
  8. අයියෝ අයියෝ..
    කෑම ජාති ගොඩක් මතක් වෙලා කටට කෙල ඉනුව.
    මිනිස්සුන්ට ඔහොමත් කරනවද මම අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අපි කෝමවත් කරන් නෑ හැක්...
      මක්කෙයි මේ කොමේටු මකල
      ඒව ඔට්ටු නෑලු හිහි

      Delete
    2. මේක කියවල පෙරේත හිතුනු හින්ද, මම ඊයේ මාළු රොටි හැදුව.
      ඒකේ පින්තූරයක් දාන්න හැදුවේ, බැරි උන නිසා මකල දැම්ම.
      හ්ම්! හිතුව මදි කෑම මතක් කරල අපිව අසරණ කරන්න. තනියම හරි හදාගෙන කනව අපි! :)

      Delete
  9. රෑ විතරක් නෙමෙයි.කොහේහරි ගමනක් යනකොට මමනම් නවත්තන්නෙම පොඩි කඩේකමයි.ඒ කඩවල කෑමත් රහයි.මිනිස්සුත් හොඳයි.රෑ වෙලා කොළඹ එනවනම් මටත් තියනවා අනිවා නවත්තන ඔයවගේ කඩයක් විල්පත්තු හංදියට ආසන්නව.

    ReplyDelete
    Replies
    1. සිරාවටම කටුසු ඒ මනුස්සයො ආයෙ බොරු ආඩම්බර දාන්නෙ නෑ ටක් ටක් ගාල ඕන දේ දෙනව විතරක් නෙවී හොදට කතාබහ කරනවත් එක්ක
      අනික පට්ට පිරිසිදුයි...
      විල්පත්තු හංදියෙ
      එහෙ මක්ක කොරන්නෙ බං

      Delete
  10. අර කියුවත් වගේ උඹේ නිදිමත ගතියයි මහන්සියි කියෝනකොට මටත් දැනුණා.. අයියා එකා පත බැවුනේ නැද්ද බොල බයිසිකලේ නිදාගෙන යද්දී?

    ඉස්සර (දැන් නම් නෑ..) මටත් තියුනා ඔය වගේ හිතට වැදිච්චි නයිට් කඩ කීපයක්ම.. එකක් ඉඳුරුව හරියේ ගාලු පාරේ.. තවේකක් ඇල්ල වැල්ලවාය පාරේ කරඳගොල්ල කිට්ටුව.. එතන නයිට් කඩ දෙක තුනක්ම තියුනා ඔය වගේ ලොරි නවත්තලා තේ බොන.. අනික කොළඹ බදුල්ල පාරේ කළුපහන නැත්නම් හාල්අටුතැන්න කිට්ටුව.. ඒක වෙනම කල්චර් එකක් වගේ බන්.. දැන් ඉන්න **න්නලා ගිනි කනවා මිසක් ඔය වගේ සුහදව රසට සරුවට තේකක් කෝපි එකක් දෙන්න හිතන්නේ නෑ..
    එක් ටැම්ගේ ෆිල්ම් එක මතක් උනා.. එකෙත් තියෙනවා ඔය වගේ නයිට් කඩයක්..

    යකෝ මළ ගෙවල් වල ගිහින් රෑ මැජ්ජාවේ තනියෙන් එන්න එපා මහසෝනා ගහයි තොට.. හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. හිහි.. කතාවෙ හොදද නැත්තං බෝරිං හින්දද නිදිමත හිහි
      බයික් එක රේසිං මොඩ්ල් එකක් ිදාගෙන මගෙ ඇගට හේත්තු වුණාම පිටි මුට්ටයක් තිබ්බ වගේ තමයි කොහෙ වැටෙන්නද...

      සිරාවට සමහර යිට් කඩ වල ගාණ විතරයි මේ ලෝකෙ රහක් නෑ. ඒකයි ඒ වගේව මගෑරල පොඩි පොඩි තැංම අල්ලන්නෙ
      එක්ටැම්ගේ මාත් වතාවක් බැලුව ඒත් කොහෙද ඕ වගේකක් මතක හිටින්නෙ හිහි

      මං තරං මහසෝනෙක් නෑ කළණෙ හිහි
      මෝහිණි තමා හම්බුනොත්

      Delete
  11. හිතේ මැවෙන්නම ලියලා තියනවා.
    අපි ගමේ එහෙම ගිහින් එද්දි තාත්තා එක්ක නයිට් කඩ වලට ගිහින් තිබුනට මොකෝ නිදිමතේ ඉන්න හින්දා තාත්තා අරන් දෙන එක කටේ ඔබාගෙන ආපහු ඇවිත් නිදාගන්න එක තමයි මම නම් කරන්නෙ.හි හී :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හන්චි...
      හිහි ඒ වගේ බෑ කට දැවිල්ලට මොනා හරි කාල උණුවට කෝපි එකක් ප්ලේන්ටියක් බොන්නම ඕ... මොනවද ඉතිං නිවං දැක්ක වගේ

      සාදරයෙන් පිළිගන්නව අවන්හල ට..

      Delete
  12. ලෙසටම ලියල.... කොහොමද බං බයික් එකේ බුදියෙන්නෙ? ඔය නයිට් කඩ වල කෑම ගිනි ගණන් නේද?

    ReplyDelete
    Replies
    1. හිහි ඉස්කෝතුයි සජ්ජො..
      මගෙ බයික් එක රේසිං මොඩ්ල් එකක් දන්නවනෙ ඒවැයි පස්ස උස්සල තියෙන්නෙ අරූ නිදාගත්තම ඉ්නෙ මගෙ ඇගේ නිකං පිටි මුට්ටයක් තිබ්බ වගේ. කොහෙ වැටෙන්නද. ඌ නිකං ගෑනි වගේ මාව බදාගෙන නිදාගන්නව මම බයික් එකයි ඌයි දෙන්නම ගෙනියන්න ඕන හිහි

      සමහර කඩ වල කෑම නං ගිණි ගණං තමා. ඒත් කලාතුරකිං හොද කක් දෙකක් සෙට්වෙනව

      Delete
  13. මටත් ආපු ලොකුම ප්‍රශ්නේ බයික් එකේ යද්දී නිදා ගන්නේ කොහොමද කියන එක...

    මමත් කෝපි වලට ගොඩක් මනාපයි...

    ReplyDelete
    Replies
    1. මගෙ බයික් එක රේසිං මොඩ්ල් එකක් දන්නවනෙ ඒවැයි පස්ස උස්සල තියෙන්නෙ අරූ නිදාගත්තම ඉ්නෙ මගෙ ඇගේ නිකං පිටි මුට්ටයක් තිබ්බ වගේ. කොහෙ වැටෙන්නද. ඌ නිකං ගෑනි වගේ මාව බදාගෙන නිදාගන්නව මම බයික් එකයි ඌයි දෙන්නම ගෙනියන්න ඕන හිහි///

      ඔන්න සජ්ජට දාපු කොමෙන්ටුවම කොපි පේස්ට් කලා
      අමනාප නෑනෙ..

      කෝපි තියෙන්න ඕන හෝම් මේඩ් ඉස්පැසල්.. කෝපි කෑලි හැපෙද්දි ඒ තරං ගතියක් තියේද ඈ

      Delete
  14. බොමුද තව කෝපි එකක්

    ReplyDelete
    Replies
    1. දෙන්නෙයි ගෙනත්
      හැක්

      Delete
  15. මරු...මටත් ඒ කඩේ හොයාගෙන යන්න හිතුන.
    කොපි බොන්නේ නෑ මන්..හැබැයි මන් රෑට කොහේ හරි ගිහින් එනකොට අම්මල එක්ක අරන් දෙන දෙයක් කාල ඉගුරු තේ බොනවා.

    ReplyDelete
    Replies
    1. ඉගුරු තේ එකත් හොදයි...
      මයියොක්ක පාරක් එක්ක එහෙම බොන්ට
      හැක් හැක්

      Delete
    2. බඩගිනි වෙලාවට ඕව මතක් කරන්නෙපා අයිසෝ..හිත මෙව්වා වෙනවනේ..

      Delete
    3. මේ මෙයා කිවුවට මයියොක්ක එක්ක ඉඟුරු බොන්න එපා හොඳද? විස වෙන්න පුළුවන්.

      මහේෂ්, මොකක්ද අනේ මේ ළමයට ඔහොම කියල තව ටිකෙන් හරි විනාසයක් තමයි වෙන්නේ.

      Delete
    4. ගිම්මි
      හයියෝ මට සාක්කි දෙන්න යන්න බෑ
      ඔය වැඩේ නං කොරන්න එපා මගෙ දෙයියෝ...

      මානවී
      කව්ද අයියො දන්නෙ මේ ගිම්මි කල ඒ ගැන දන්නැතෙයි කියල
      හුග දවසකින් දැක්කෙත් නෑ
      දැනටම සෙත්ත වෙලාද දන්නෑ

      Delete
  16. කොහොමද දන්නේ නෑ බයික් එකේ නිදා ගන්නේ.
    :-)

    කියවගෙන යන්න හිතෙන හොඳ ගලාගෙන යාමක් තියනවා.

    ReplyDelete
    Replies
    1. මගෙ බයික් එක රේසිං මොඩ්ල් එකක් දන්නවනෙ ඒවැයි පස්ස උස්සල තියෙන්නෙ අරූ නිදාගත්තම ඉ්නෙ මගෙ ඇගේ නිකං පිටි මුට්ටයක් තිබ්බ වගේ. කොහෙ වැටෙන්නද. ඌ නිකං ගෑනි වගේ මාව බදාගෙන නිදාගන්නව මම බයික් එකයි ඌයි දෙන්නම ගෙනියන්න ඕන හිහි///

      ඔන්න සජ්ජට දාපු කොමෙන්ටුවම කොපි පේස්ට් කලා
      අමනාප නෑනෙ.. - *2 හිහි

      සාදරයෙන් පිළගන්නව අවන්හලට සිදු අක්කා...
      බොහොම ස්තූතියි

      Delete
  17. නිකන් මැවිල පේන්න කතාව ලියල තියනව හොඳේ... ඒ ස්ටයිල් එකට ඔන්න ලයික් බටන් එක එබුව...හැබැයි නයිට් කඩ ගැන නම් මං දන්නෙ නෑ මචෝ...

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ
      යකෝ නයිට් කඩේකිං නොකාපු කට කටද්ද බං
      ආව නං මෙහෙ එක්ක ගොහිං කවන්ට හිහි

      Delete
  18. ඈ බං. බයික් එකේ නිදාගෙන අර බුවා ලිස්සලා බිමට වැටෙන්නේ හෙම නැද්ද? ජර්කින් එක නම් අනිත් පැත්ත අන්දං යන්නෙපා පු‍තෝ මොන හේතුවකටවත්

    ReplyDelete
    Replies
    1. බයික්වල නිදගනිද්දී ලිස්සන්නේ නැහැ හැබැයි එහාටයි මෙහාටයි වැනෙනවා.අත්දැකීම තියනවනම් එලවන කෙනාට දැනෙනවා පිටිපස්සෙ ඉඳන් යන කෙනා නිදි කියල. මමත් තාත්ත එක්ක බයික් එකේ උදේ පාන්දර කැම්පස් යද්දී හැමදාම වගේ නිදි .. පොඩ්ඩක් නින්ද වැඩිවෙලා වැනෙද්දී තමා තාත්තගෙන් සැරට බැනුමක් අහගන්නෙ ;)

      Delete
    2. මොන ජර්කින්ද හෙන්රි අය්ය. හිහි
      ඔයා අහපු ප්‍රස්නෙට උත්තරේ හංසිය දීල තියෙන හිංද මක්ක වත් කියන්නෙ නෑ ඔන්න..
      හංසෙ
      සෑහෙන්න එක්ස්පීරියන්ස් තියේ වගේ හිහි

      Delete
  19. මහේෂ් අය්යේ අපේ ගෙදරත් හදන්නේ ඔහොම කෝපි ගෙදරම වේලලා කුඩු කරලා වැඩි ඒවා විකුනනවත් එක්ක. :) අපිත් ඔය ට්‍රිප් යන දවස් වලට නම් නයිට් කඩ වලින් කනවා ඒ ඇර ඔයාල වගේ රෑ ගමන් නැහැනෙ .

    ReplyDelete
    Replies
    1. හිහි.. හෝම් මේඩ් කෝපි තමා මං කැමතිම
      ඒ වෙලේ බැදල ඒ වෙලේ කුඩු කරල බීපුවාම රහ
      හම්මේ..................
      රෑ ගමන් එකක් දෙකක් ගෙදර ඈයො එක්ක හරි යන්ට ඕන නැතුව බෑ හිහි

      Delete
  20. සීතල ඇල්ලුවාම ඉතින් ට්‍රිපක් යනකොට...අපි ඉතින් මූඩියක් කරකවනවා...

    ReplyDelete
    Replies
    1. බයික් එකේ යද්දි ඒක කොරන්න බෑ නෙව ඊටත් යන අනික් එකා බයික් පැදිල්ල දන්මෙ නැති කොට හිහි

      Delete
  21. අද තමා ඔන්න කාලෙකින් මේ පැත්තෙ ආවේ.. හම්මේ නෙල්ලි 9 වෙනි කොටස නෙහ් මේ.. මුල ඉදන් කියවන්න ගන්න ඕන නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවක :)

    ReplyDelete
    Replies
    1. වෙල්කම් බැක් කීවා...
      කියවනුට පුලුවන් වෙලාවක කියවල එන්ටකො හෙනං
      ජයවේවා

      Delete
  22. ගස්ලබ්බ නම් හාෆ්බොයිල් බිත්තර ආප්ප,බිත්ත්‍ර රොටී උණුවෙන් දෙනව නම් අරින්නෑ ලොවෙත්.. ඊටපස්සෙ තේ හරි කෝපි හරි එක නිවෙන්නෙ පිඹින ගමන් දුමක්... චැඃ.. අන්න ආතල්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල
      පොඩි කට දැවිල්ලක් එක්ක ඉගුරු දාපු ප්ලේන්ටියක් හරි කෝපි උගුරක් හරි උගුර දිගේ බහිනව කියන්නෙ
      ආයෙ මොකට වෙන සැප බං.. හැක් හැක්

      Delete
  23. රසම රස පොස්ට් එකක්... මේ කාලකන්නි දේසපාලනේ නැත්තම් අපේ රට කොයිතරම් සුන්දර නිදහස් රටක්ද කියල හිතෙන වාර අනන්තයි බන් මේ පොස්ට් කියවද්දී.

    ලොර නවත්තන කඩ තමයි ලංකාවේ තියන හොඳම කඩ මචන්.. බස් නවත්තන කඩ තමයි ලංකාවේ තියන අපාය සමාන සක්කිලි කඩ. ලොරි රියදුරන් ජීවිතේ භාගයක් ගතකරන්නේ මහපාරේ නිසා එයාල නවත්තන්නේ කෑම රසම කඩවල තමයි.

    ReplyDelete
    Replies
    1. ලොර නවත්තන කඩ තමයි ලංකාවේ තියන හොඳම කඩ මචන්.. බස් නවත්තන කඩ තමයි ලංකාවේ තියන අපාය සමාන සක්කිලි කඩ.///
      එකෙන්ම එකගයි... මොකද අත්දැකීම් තියෙන හිංද...
      දේසපාලුවො ගැන නං කතා කරල වැඩක් නෑ බං. මං ඒකනෙ අවන් හලට පොලිටික්ස් වැද්ද ගන්මෙ නැත්තෙ...
      ජයවේවා

      Delete
  24. බොලේ බයික් එකේ යන ගමන් නිදාගන්න මිනිස්සුත් ඉන්නවද? සිරාවටම අහන්නේ ඒක භයානක නැද්ද?

    ReplyDelete
  25. ඈ බොලන් පොල්ගහවෙලටම යනකන් හිටියෙ මොකෑ පොතුහැරින් හොදට කාලම යන්ඩ තිබ්බනෙ අපේ ගෙදෙට්ටම ඇවිල්ල..කඩෙන් කනව වගේද ගෙදරින් කද්දි...

    ReplyDelete